මෙලොව වෙසෙන සෑම සත්වයෙකු ම ගෙවෙන සෑම නිමේෂයක ම උත්සහ ගන්නේ සතුටින් සිටීමටයි. සතුට පරම ධනය යැයි බුද්ධ භාෂිතයේ පවා ඇගයෙන්නේ ඒ නිසාවෙනි. එහෙත් මෙ කියන ධනය සෑම කෙනෙක් ළඟ ම හෝ සෑම මොහොතක ම හෝ නොපවතියි. එසේ ම මේ ධනය මැනීමට නිශ්චිත මිනිතයක් හෝ ඒකකයක් ද නැත. එහෙත් මේ ධනය ලොව සෑම තැනකින් ම සොයාගත හැකි ය. එසේ නම් එය සොයාගත හැකි මඟ අපි දැනගත යුතු වන්නෙමු.
ඔස්කාර් සම්මානිත නළුවෙකුට වඩා තුංමංහන්දියක රඟපාන වීදී නාට්‍යයකරුවෙක් සන්තකයේ මෙම පරම සතුට පිරිතිරෙන්නට තිබිය හැක. මොනාලිසා සිත්තම් කළ ඩාවින්චිට වඩා, වෙසක්පතක සිතුවමක් කුරුටු අඳින කුඩා දරුවෙක් සතුටින් ඉපිලෙන්නට ඉඩ ඇත. ඒ නිසාවෙන්, අප අවධානය දිය යුත්තේ මේ පරම ධනය සොයා ගැනීමේ මාර්ගය දැකීම සඳහා ය.
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ලෝක සත්වයාට සතුට සොයාදීමේ ‘සතුටුපලක්’ ඉදිවන්නට නියමිත ය. ලොව ප්‍රථම පාලි සහ සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථාන පරිශ්‍රයෙහි, එනම් හෙයියන්තුඩුව ග්‍රාමයෙහි ඉඳිවන මෙම සතුටුපල නම් ව ඇත්තේ ණමබාමබ ්ය්චචසබැි ඍැඑරු්එ නමින් ය. එහෙයින්; සන්තුෂ්ටියේ ප්රතිසත්කාරතාවය මේ ඔස්සේ මෙරට ප්රජාවත් – ඉනික්බිති ලෝකවාසී සියලු සත්වයින්ටත් හිමිවන්නේ කෙලෙසින් දැයි අපි දැන කියා ගැනීම වඩා යහපත් ය.
Kundun යන වචනයෙන් හැඳින්වෙන්නේ ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ ය. ලොව ඇතැම් නිරීක්ෂණ – සමීක්ෂණ කලින් කලට ලොව සතුටින් ම සිටින මිනිසුන් මේ මේ අය යැයි නම් තැබුව ද, මගේ සියැසින් මා දුටු ‘ලොව සතුටින් ම සිටින මිනිසා’ වන්නේ ශුද්ධෝත්තම 14 වන දලයි ලාමා හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ ටිබෙටයට පමණක් නොව මුළු මහත් ලෝකයට ම අධ්‍යාත්මික නායකයෙක් ලෙස සබුහුමන් ලද, ‘ශුද්ධෝත්තම’ යනුවෙන් පූර්වාමන්ත්රණය ලබනා ලොව එකම බෞද්ධ භික්ෂූන් වහන්සේ ය.
අලුත උපන් කිරිකැටියෙකු හය හතර නොදත් වියේ කාට කාටත් පානා කිරි සිනහව ලොව අව්‍යාජත්වයෙන් යුතු නිර්මල සතුටේ සංකේත රූපය යැයි මට හැඟේ. ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ සතුට ද එබඳු නිර්මල නිර්ව්‍යාජත්වයක් ප්‍රකට කරන අයුරු මම අත්විඳ ඇත්තෙමි. එහෙයින් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සංකල්පනාවක් මත ගොඩනැගුණු පාලි සහ සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය පිහිටි පරිශ්‍රයේ, අභිනවයෙන් ඉදිකෙරෙන ණමබාමබ ්ය්චචසබැි ඍැඑරු්එ මධ්‍යස්ථානය අනාගත ශ්‍රී ලංකාවේ සුවිශේෂී ම ස්ථානයන්ගෙන් එකක් වනු නොඅනුමාන ය.
පසුගිය දා මෙම සුවිශේෂී ඉදිකිරීමේ ශෛල ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මහෝත්සවය පැවැත්වුණ අතර, ආරම්භයේ පටන් ම එහි තේමාගත ‘සතුට’ නිසි ලෙස ම අරුත්ගැන්වෙනු මා දුටුවේ එහි මුල් ගල් තැබීම වෙනුවෙන් කැඳවා තිබූ ප්‍රධානාරාධිතයා ගෙනි. ලෝකයේ මිලියනාධිත ප්‍රඥාවන්තයන්ගේ සහ සැදැහැවතුන්ගේ නොමද ගෞරවාදරයටත්, ලොව ප්‍රධාන පෙළේ සියලුම රාජ්‍යයන්හි ඉහළතම සම්භාවනාවටත් පාත්‍ර වූ අතිඋතුම් ලින්ග් රින්පොචේ මාහිමියන්ගේ සුරතින් මුල්ගල් තැබුණ
Kundun Happiness Retreat මධ්‍යස්ථානයෙන් නුදුරු අනාගතයේ ජනගත වන සතුට අපේ දිවයින ද අතික්‍රමණය කරමින් ලෝක සාමයට සහ වාර්ගික සහජීවනයට ද මහඟු පිටිවහලක් වනු නියත ය.
එම මුල්ගල් තැබීමේ උත්සවය වචනාර්ථයෙන් ම සන්තුෂ්ටියෙහි අර්ථපූර්ණ වූවේ යැයි මම පැවසූවේ අතිඋතුම් ලින්ග් රින්පොචේ වැඩම කරවීම නිසා පමණක් නොව, ප්‍රදේශවාසී සියයක් දූ දරුවන් විෂයෙහි අධ්‍යාපන උපකරණ බෙදාදීමත් – මරණයට කැපව සිටි ගවයන් දෙදෙනෙකු උදෙසා අභය දානය ලබාදීමත් එදින ඊට සමගාමීව සිදුකෙරුණු බැවිනි. එසේම ආචාර්ය දමෙන්ද පෝරගේ මැතිදුන් හා ආචාර්ය ශර්මිලා මිල්රෝයි මැතිණියගේ සුරතින් අති උතුම් ලින්ග් රින්පොචේ හිමියන් ට මැණික් වලින් නිමවු උන්වහන්සේගේ ඡයාරූපයක් පිළිගන්වන ලදී.
ශුද්ධෝත්තම 14 වන දලයි ලාමා වහන්සේගේ අනාගත සුබවාදී දර්ශනයෙන් අනුශාසනා ලබන ‘පාලි සහ සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ‘ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මැතිඳුන්, මේ දිවයිනේ සහ ලොව පුරා වෙසෙන ‘සතුට සොයා යන ගවේෂකයන්‘ උදෙසා මාර්ගෝපදේශන සැපයීමට – නවතාවයෙන් යුතු, යාවත්කාලීන පද්ධතියක් මත මනා සැලසුමකින් යුතු ‘විශ්වීය සතුටුපලක්‘ නිර්මාණය කිරීමේ දුර්ලභ මෙහෙවරට පුරෝගාමී වී සිටින්නේ ය.
‘සතුට පරම ධනය’ යැයි පැවසූ කියමන පසුකොට අප තවත් අඩි කිහිපයක් ඉදිරියට පැමිණ ඇතැයි මට සිතේ. ‘සතුට පරම ප්‍රතිකාරයයි’ යනු එහි තත්කාලීන නිර්වචනය යැයි Kundun Happiness Retreat මධ්‍යස්ථානය නුදුරු ඉදිරි දිනෙක මුළු මහත් ලෝකය වෙත ම සනාථ කොට පෙන්වනු නොඅනුමාන ය.
© Satipatthāna Magazine