ආලෝකයෙන් සුදීප්ත දීපාවලිය….

 

ආලෝකයේ උත්සවයක් වන අතර එය හින්දු, ජෛන සහ සීක් විසින් සමරනු ලබන ප්‍රධාන උත්සවවලින් එකකි. මෙම උත්සවය සාමාන්‍යයෙන් දින පහක් පවතින අතර හින්දු චන්ද්‍ර සූර්ය මාසය වන කාර්තිකා (ඔක්තෝබර් මැද සහ නොවැම්බර් මැද) තුළ සමරනු ලැබේ. හින්දු ආගමේ වඩාත් ජනප්‍රිය උත්සවයක් වන දිවාලි උත්සවය “අධ්‍යාත්මික අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය, නපුරට එරෙහිව යහපත සහ නොදැනුවත්කමට එරෙහි දැනඋත්සවය් සංකේතවත් කරයි. මෙම උත්සවය සීතා සහ රාමා, විෂ්ණු, ක්‍රිෂ්ණා, දුර්ගා, ශිව, කාලි, හනුමාන්, කුබෙර යන අයට නිවාඩු දිනය සම්බන්ධ කරන තවත් බොහෝ කලාපීය සම්ප්‍රදායන් සමඟ සමෘද්ධියේ දේවතාවිය වන ලක්ෂ්මි සහ ප්‍රඥාවේ දෙවියා සහ බාධක ඉවත් කරන්නා සමඟ සම්බන්ධ වේ. යම් යම් ධන්වන්තරී හෝ විශ්වකර්මන්. තවද, එය ලක්දිවදී රාවණා නමැති යක්ෂයා පරාජය කර වසර 14 ක පිටුවහලේ සේවය කිරීමෙන් පසු රාම තම බිරිඳ සීතා සහ ඔහුගේ සහෝදරයා වන ලක්ෂ්මණ් සමඟ අයෝධ්‍යාවේ සිය රාජධානියට ආපසු පැමිණි දිනය සැමරීමකි.

ගම් දනව් සිසාරා දල්වන දහස් සංඛ්‍යාත පහන් ආලෝකයෙන්, සියලු ලංකාවාසීන්ගේ සිත් තුළ විශ්වාසය, සංහිඳියාව සහ ප්‍රඥාවේ ආලෝකය උදා වේවායි ප්‍රාර්ථනය මුදුන්පත් කරමින් සමරන දීවාලී දිනය අදයි…

ශ්‍රී ලංකාව ද සුවිශේෂි හැරවුම් ලක්ෂයක් පසු කරමින් දීර්ඝකාලීන ආර්ථික සහ සමාජීය වශයෙන් අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලවීම අරඹයා, ජනතාව විසින් නව බලාපොරොත්තු හා විශ්වාසයන් අත දරා සිටින අවදියක ලෙස මෙකී කාල පරාසයේ වූ දීපවාලී ආලෝකය සුපැහැදිලි නව්‍යකරණයක් වේවා යයි ප්‍රාර්ථනයයි…

මේ අතර යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට, අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් සඳහා කැපවීම අවශ්‍ය බව දීපාවලි දින විශේෂ පණිවිඩයයි.

ශ්‍රී ලාංකික
හින්දු භක්තිකයින් ඉමහත් හරසරින් සමරණ දීවාලි නැතහොත් දීපාවලී උත්සවය හින්දු‍ය් භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවය ලෙස හැඳින්වෙනවා.

හින්දු භක්තිකයන්ට අනුව දීපාවලි උත්සව සැමරුම වසර 35000 කටහ් පෙර සිට පැවත එන්නක්.

මෙම උත්සවය දින 5ක් පුරා පැවතෙන අතර මෙය පැවැත්වීමට පාදක වූ පුරාවෘත කිහිපයක්ම හින්දු ජනයා අතර ප්‍රචලිත වනවා.

විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් දීපාවලී උත්සවය සමරණවා.

මෙම උත්සවය තුලින් තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියළු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කළා.

මෙම ඉල්ලීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිකරගෙනයි. දිපාවලිය සැබවින්ම ආලෝක පුජාවකි.

නිවෙස් තුළ මෙන්ම නගර මුළුල්ලේ ම දහස් ගණන් පහන් දල්වා ආලෝකවත් කිරීම මෙම උත්සවයේ ප්‍රධානතම අංගයකි.

දීපාවලී උත්සවය ජාතික උත්සවයක් ලෙසත්, එය ලොව අඳුර නසා ආලෝකය උදා කරවන්නක් ලෙසත්, අඥානය නැති කොට ඥානය පහළ කරන උත්සවයක් ලෙසත් හින්දු භක්තිකයින් සලකනවා.

දීපවාලී උත්සවයෙන් ලැබෙන ආලෝකමත් පණිවුඩ පහක්

1 . දීපාවලී – ලොව අඳුර නසා ආලෝකමත් කිරීම නිවෙස් වලත් ගම් නගර වලත් දහස් ගණන් පහන් දල්වන්නේ මිනිස් ජිවිත වලද ආත්මික ආලෝකයක් ඇති කිරීමේ සංඛේතයක් ලෙසයි.

2 . ජිවිතයේ අයහපත පලවා හැර යහපත ලං කරගැනීම දීපවාලි උත්සවයේ විශේෂ අංගයක් වන්නේ හින්දු බැතිමතුන් විසින් මුලින්ම ගේදොර මනාව පිරිසිඳු කරගැනීම සිදු කිරීමයි.

මෙසේ අනවශ්‍ය දේ ඉවත් කොට නිවෙස් මනාව පිරිසිඳු කිරීම තුළින් එම නිසාත් නිවසේ වසන්නනන්ටත් පවිත්‍රතාවය ලඟා වන බව විශ්වාස කෙරෙනවා.

3 . ඉවසීම ප්‍රගුණ කිරීම සෑම දෙයකම කෙළවරක් ඇත.

රාමා දෙවියන්ගේ ජිවිත දැක්ම තුලින් පිළිබිඹු වන ඉවසීමේ ගුණය තම ජිවිත තුලින් මෙනෙහි කොට ප්‍රගුණ කරන්නට හින්දු භක්තිකයින් මෙය අවස්ථාවක් කරගන්නවා.

4. බෙදාහදා ගැනීම දිවාලි සඳහා විශේෂයෙන් පිළියෙළ කල රස කැවිලි නෑදෑ හිත මිතුරන්, අසල්වාසීන් ආදිය සමඟ බෙදාගැනීම තුලිනුත් මෙදින දුප්පතුන් සමඟ තමන් සතු දේ බෙදා හදා ගැනීම තුලිනුත් හින්දු භක්තිකයින් බෙදාහදා ගැනීම මේ විශේෂ දිනයේ සිදු කරන්නට අමතක කරන්නේ නැහැ.

5. දීපාවලී – ජිවිතයට නව ආරම්භයක් දීපවාලි උත්සවය සැමරීම සඳහා බැතිමතුන් අලුත් බඩු භාණ්ඩ වලින් නිවෙස් අලංකාර කිරීමටත් නව වස්ත්‍රාභරණ වලින් සැරසිමටත් ප්‍රිය කරනවා.

බොහෝ ව්‍යාපාරිකයින් නව ගිණුමක් ආරම්භ කිරීමද බොහෝ විට මේ දිනයේ සිදු කරනවා.

ඉතින් මෙදින ජිවිතයේ නවතාවයක් අතකින් ඔවුන් ජීවිතය අලුතින් අරඹන්නට මෙය විශේෂ දිනයක් කරගන්නවා.

හින්දු බැතිමතුන් මේ විශේෂ දිනයේ රාමා දෙවියන්ටත් සීතා දේවියටත් තම ජිවිත දුෂ්කරතා වලට නිසි ලෙස මුහුණ දී ඔවුන් ආශීර්වාද කර නිවැරදි මග පෙන්වන ලෙස යාතිකා කරනවා.

දීපවාලි උත්සවය තුළින් ඉස්මතු වන මේ වටිනා ක්‍රියාකාරකම් අප හැමෝගෙම ජිවිත වලට වැදගත් පණිවුඩයක් ගෙන එනවා නොවේද?

අපගේ ජිවිත වලටද නව එළියක් එක් කරගන්නට අපගේ සහෝදර හින්දු බැතිමතුන් සමඟ මේ උත්සවය සමරන්නට ආදරයෙන් එක් වමු.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood