දැහැමි දිවියට බුදු දහම

සිත, කය හා වචනය මනාව සංවරකොට ගෙන කෙනෙකුගේ ජීවිතය සාර්ථක භාවයට යොමුකර ගැනීම එතරම් අපහසුවක් නොවේ. මේ සඳහා බුදු දහමින් ලබාගත හැකි දායකත්වය සුළු පටු නොවේ. පෘථග්ජනයන් වශයෙන් අප කා අතරත් පවතින පොදු මිනිස් දුර්වලතා හේතුකොට ගෙන නොයෙකුත් වැරදි ක්රියා මාර්ගවලට පෙළඹීමට ඇති ඉඩකඩ බොහෝය.
අපිට අ​පේ ජීවිතය වෙනම එකක් ලෙස හා බුදුදහම වෙනම එකක් ලෙස ගන්නට ඉඩ කඩ තියේද…. සැබෑ බෞද්ධයාට ජීවිතයයි බුදු දහමයි දෙකක් නෙමෙයි එකක්.

 

ධර්මය තමන් බවට පත් වුනාම ධර්මය දකින්නේ තමාතුලින්මයි. සතර සතිපට්ඨානය ආර්ය අශ්ඨාංගික මාර්ගය වඩන කෙනෙක් වෙනම හමුවෙන්නේ නැහැ එය හමුවන්නේ ජීවිතය තුලින්මයි. එයාට ධර්මය පන්සලෙන්, ධර්ම ග්රන්ථ තුලින් හමුවෙන්නේ නැහැ. එය හමුවන්නේ එයාගෙම පැවැත්ම තුලයි. අන්තිමට අවබෝධ කරගන්නවා… බුදුරජානන් වහන්සේ ශ්රී සද්ධර්මය කියලා දේශනා කරල තියෙන්නේ තමාගෙම ජීවිතය කියලා. දුකත්, දුකට හේතුවත්, දුක නැති තැනත්, දුක නැති කිරීමේ මාර්ගයත් කියන වතුරාර්ය සත්ය ඉන් පසුව අවබෝධ කරගන්නේ බුදු රජානන් වහනසේ කී නිසාවත් ත්රිපිටකයේ තිබුණු නිසාවත් නෙමෙයි, තමන්ගේම අත්දැකීමක් නිසයි.
මෙහි මූලාරම්භය ජීවිතය. ජීවිතය ලෞකික පක්ෂයත්, නිවන ලෝකෝත්තර පක්ෂයත්, නියෝජනය කරනවා. මේ නිසා බුදු සමය හැම විටෙකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ ප්රායෝගික ක්රියා පිළිවෙළ පෙන්වා තියෙනවා.මේ අනුව සලකා බැලීමේදී බුදු දහම ඉතා හරවත් වූද, උසස් වූද, ජීවන මාර්ගයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

 

ප්රායෝගික ජීවිතයට බුදු දහම කියන්නෙම ජීවිතයේ යහපත උදෙසා බුදු දහම ඇසුරින් අනුගමනය කළ හැකි ක්රියා මාර්ගයක්. එබඳු ක්රියා මාර්ග රාශියක් පිළිබඳ උපදෙස් බෞද්ධ දර්ශනයේ අන්තර්ගත වෙනවා. ලෝකයේ ඕනෑම පුද්ගලයකුගේ ප්රායෝගික ජීවිතය සාර්ථකත්වයට පත්කළ හැකි බෞද්ධ සදූපදේශ අද ලොවට එකම පිළිසරණ, එකම පිහිට වන බව අනාවරණය වෙමින් පවතී.
ගිහි බෞද්ධයන් වශයෙන් ජීවත්වන අප සමාජ සම්මත මාර්ග වලින් කාම චර්යාවේ යෙදිය යුතුවේ. කාමයෙහි වරදවා හැසිරීම බුදුන් වහන්සේ වදාළ තවත් දුර්ගුණයකි. පුරුෂයෙකු හා ස්ත්රියක අතර ඇතිවන අනියම් ලිංගික සබඳතා කාම මිථ්යාචාර ගණයට වැටේ. ස්ත්රීන් හා පුරුෂයන් ගණිකා වෘත්තියේ නිරත වීම, පුරුෂයන් හා ස්ත්රීන් අනාචාර කටයුතුවල යෙදී සිටීම ඇතුළු පරදාර සේවනය ද වර්තමාන සමාජවල බෙහෙවින් සිදුවන්න කි. මේවා සිදු වීම පවුල් විසංවිධානයට ද හේතුවේ.

 

මිනිසා ගේ සමාජ පැවැත්ම විධිමත් ව පවත්වා ගෙන යාමට ආගමික වශයෙන් යම් උපාය මාර්ගයක් තිබිය යුතුය. ඒ උපාය මාර්ගයේ බෞද්ධ සම්ප්රදායට අනුව මූලික පියවර පංච ශීලය යි. විශේෂයෙන් බෞද්ධ අනන්යතාව ගැන සඳහන් කරණ විට පංච ශීලය අනුගමනය කිරීම වැදගත් වේ.
එය බෞද්ධ සදාචාර ධර්මවල මූලික පියවර ද වේ.
මනුෂ්යත්වයේ ශ්රේෂ්ඨ ගති ගුණ ප්රවර්ධනය කර ගැනීමෙහි ලා මෙලෙසින් පංචශීලය ප්රායෝගිකව ආරක්ෂා කර ගත යුතු ය. රටක් ආර්ථිකමය වශයෙන් සංවර්ධනය වූ පමණින් සමාජයක සුබ සිද්ධිය ළඟාකර ගත නොහැකිය.
මිනිසුන් තුළ ගුණ දහම් වගාවක් ඇති කර ගැනීම යි වැදගත් වනුයේ.

 

ඒ සඳහා පංචශීලය ප්රමුඛ වේ. මේ වෙසක් සමයේ අප කවුරුනුත් අදිටන් කරගත යුත්තේ පාපතර චේතනාවලින් විනිර්මුක්ත වී පංච ශීලය සුරැකීම මගින් දැහැමි ජීවිතයක් ගත කිරීම සඳහා කටයුතු කිරීම යි. බුදුන් වහන්සේට පුද පූජා පවත්වන ගමන්ම, උන්වහන්සේ දෙසා,
වදාළ ධර්මානුකූල ප්රතිපත්ති ඉටු කිරීම අපේ වගකීමක් කර ගත යුතු ය.රතිපත්ති ඉටු කිරීම අපේ වගකීමක් කර ගත යුතු ය.රතිපත්ති ඉටු කිරීම අපේ වගකීමක් කර ගත යුතු ය.
මෙත් සිතින්
© Buddhist Brotherhood