කාලීන සමාජයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විවිධ වූ සංස්කෘතික සම්ප්‍රදායන් සහිත කණ්ඩායම් අතර වර්ධනය වී ඇති අතිශය සමීප සම්බන්ධතාවය යි. පෙරදිග හා බටහිර අතර ප්‍රායෝගික ව සිදුවන මෙම අන්තර් සංස්කෘතික සබඳතාවල මෙම නව වර්ධනය ආගම හා දර්ශනය කෙරෙහි විප්ලවීය බලපෑමක් ඇති කර තිබේ. පෙරදිග ජනයාගේ න්‍යායයන් සරල විශ්වාසයේ මට්ටමෙන් ඔබ්බට නොගිය බැවින් ඔවුන්ට අර්ථානුකූල ව කිසිදු දර්ශනයක් තිබිය නොහැකි යැයි බටහිර ජනයා සිතූ යුගයක් තිබුණි. එබැවින් ඔවුහු බටහිර දර්ශන අධ්‍යයනයට පමණක් සීමා විය. තවත් ආකාරයකින් සලකා බලන විට ආගමික බලධාරීහු අන්‍ය ආගම් සමග සන්නිවේදනය කිරීමට බිය වූ අතර, එවැනි අන්තර් සන්නිවේදනයක් තම ආගම්වලට අනතුරක් විය හැකි බව සැලකූහ. නමුත් වර්තමානය වන විට ආගම් සහ දර්ශනයන් අතර අන්තර් සන්නිවේදනය හා අන්තර් අධ්‍යයනය වැළැක්විය නොහැකි සහ එය නූතන සමාජයේ සාධකයක් බවට පත්ව තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ආගම් සහ දර්ශනයන් පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයන් සඳහා නව ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී. මෙම ක්‍රියාවලිය තුළ ආගම හා දර්ශනය, බුදු දහම හා සාංදෘෂ්ටිකවාදය අතර සමානකම් පිළිබඳ සැලකිය යුතු කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු ව තිබේ. එසේම බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් මෙම සංකල්ප සාකච්ඡා කිරීමේ දී, වඩාත් සැලකිලිමත් විය යුතු බව සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ම බුදුදහම සහ සාංදෘෂ්ටිකවාදය අතර පවතින මූලික වෙනස්කම් පිළිබඳ අවබෝධයෙන් යුතු ව කටයුතු කළ යුතු ව තිබේ.
බුදුදහම ඒකායන පරමාර්ථය සත්‍ය අවබෝධ කර ගැනීම ය. එම ධර්මයේ උත්කෘෂ්ටභාවය අවබෝධ කොටගත හැක්කේ නිරන්තර අධ්‍යයනය සහ භාවිතය තුළින් පමණි. ලෝකය පිළිබඳ බුදු රජාණන් වහන්සේගේ දැක්ම, උන්වහන්සේගේ ධර්මය යථාර්ථවාදී එකක් බව අවධාරණය කරයි. සත්‍ය, ලෝකයේ ස්වභාවය සහ එහි වසන්නන්ගේ ස්වභාවය අවබෝධ කර ගැනීම බුදු රජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම වේ. කෙසේ වෙතත් බුදුදහම මතවාදී ව කිසිවක් සඳහන් නොකරන අතර, හුදෙක් විශ්වාස කිරීම වෙනුවට අවබෝධ කරගත යුතු ය යන අර්ථයෙන් කරන ලද ප්‍රායෝගික දහමකි. බුදුදහම අන්ධ විශ්වාසය පිළිනොගනියි.
ඇතැම්හු බුදුදහම ආගමක් මෙන් ම දර්ශනයක් ලෙස ද සලකන නමුත් එය මූලික වශයෙන් මැදුම් පිළිවෙත මත පදනම් වූ ජීවන ක්‍රමයකි. එබැවින් එය සාමාන්‍යයෙන් පිළිගත් අර්ථයෙන් ආගමකට හෝ දර්ශනයකට හෝ වඩා යමක් ඇති බව මෙහි සඳහන් කළ යුතුය. මෙම ඉගැන්වීම මිනිසාට ඡීවිතයේ ගැටලු තේරුම් ගැනීමටත්, තමා පිළිබඳ සත්‍යයට මුහුණදීමටත් උපකාරී වේ. භෞතික හා ආධ්‍යාත්මික දේවලින් සැඟවී සිටීම හෝ මගහැරීම, නැතහොත් තාවකාලික මානසික සහනය සඳහා පුද්ගලයා සනසවමින් පෝෂණය කිරීම හෝ බුදුදහමේ අරමුණ නොවේ. එය මිනිසා මෙලොව සියලු දුක්වලින් ස්ථීර හා සම්පූර්ණ විමුක්තිය කරා යොමු කරවීම බුදුදහමේ මුලික අරමුණ වෙයි.
‘සාංදෘෂ්ටිකවාදය’ නම් ව්‍යාපාරය ආරම්භ වූයේ 1914-1918 අතර කාලයේ යුද්ධයෙන් කෙටි කලකට පසුව ය. දෙවන ලෝක යුද්ධය ඉංග්‍රීසි භාෂාව භාවිත කරන රටවලට දැඩි සේ බලපාන ලද බැවින් මෙම ව්‍යාපාරය ජර්මනිය සහ ප්‍රංශයේ අතිශයින් ජනප්‍රිය විය. මෑත වර්ෂ වලදී ‘සාංදෘෂ්ටිකවාදය’ :න්‍ැ්බ-ඡ්මක ී්රඑරු* යන වචනය ප්‍රධාන වශයෙන් ම ජීන්-පෝල් ශාත්රේගේ කෘති හරහා ජනප්‍රිය භාවිතයක් අත්පත් කොටගෙන ඇත්තේ ය. ශාත්රේ යනු අදේවවාදී සාංදෘෂ්ටිකවාදයේ ප්‍රමුඛතම ප්‍රංශ නියෝජිතයා ය.ිඊැසබට ්බා භදඑයසබටබැි’ හාික්‍රසඑසුමැ දf ෘස්කැජඑසජ්ක ඍැ්ිදබ’ යනු ඔහුගේ ප්‍රධාන දාර්ශනික කෘති වන අතර, බොහෝ දෙනා ඔහු හඳුනන්නේ ඔහුගේ නාට්‍ය සහ නවකතා ඔස්සේ ය. සාංදෘෂ්ටිකවාදී ක්ෂේත්‍රය තුළ ‘සාංදෘෂ්ටික’ිෑංසිඑැබ‘’ යන වචනය ඩෙන්මාර්ක් ජාතික ලේඛක, දාර්ශනික හා දේවධර්මවාදී ීදරුබ ණසැරනැට්රා (1813-1855)ගේ චින්තනයේ පුනර්ජීවයක්, අර්ථ නිරූපණයක් සහ අනුවර්තනයකි.
එය සරලම ආකාරයෙන් සලකා බලන කල ණසැරනැට්රා තම කෘති තුළ මුලික වශයෙන් මතු කරන ලද්දේ ‘ මිනිසාගේ ජිවිතයේ අර්ථය කුමක් ද? මානව පැවැත්මෙන් ගත හැකි තේරුම කුමක් ද? මානව සිදුුවීම්වල තේරුම කුමක් ද යන ගැටලු ය’.
මෙම අවස්ථාව වන විට අපි අපගේ බියජනක නිදහස අභිමුඛ ව සිටිමු. ලෝකය පිළිබඳ අපගේ දැක්ම පිළිබඳ සහ ලෝකයේ ජීවත් වන ආකාරය තෝරා ගැනීමට අපට පූර්ණ අයිතියක් ඇති බව හඳුනාගනිමින් කෙනකු තම ජීවන රටාව තෝරා ගැනීම සඳහා මඟ පෙන්වීම් සොයා ගත හැකි කිසිදු ක්‍රමවේදයක් නැත; තෝරා ගැනීමෙන් වැලකී සිටීමේ ක්‍රමවේදයක් ද නැත; එසේම තෝරා ගැනීම් හේතු කොටගෙන හටගන්නා ප්‍රතිඵල මූලික ව ගන්නා තීරණ වලින් මිදීමට ද කිසිදු ක්‍රමයක් නැත.
සාංදෘෂ්ටිකවාදය විසින් සංසිද්ධිවල ක්‍රමවේදය යොමු කරනු ලබන්නේ දැනුවත්භාවය, සැලකිලිමත් භාවය සහ නිදහස වැනි ප්‍රධාන සදාචාරාත්මක න්‍යායයන්ට තර්ජනාත්මක වන තේරීම් සහ තීරණ යන මානව සංසිද්ධීන් වෙත ය. ඒ අනුව සාංදෘෂ්ටිකවාදය සාම්ප්‍රදායික චින්තනයන් විසින් නොසලකා හරින ලද දාර්ශනික න්‍යායයන්ට සහ ආචාරධර්ම භාවිතයට යොමු වූ ගැඹුරු මාතෘකා පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලදී.
බොහෝ සමාජ තුළ සහ ඒවා අතර දක්නට ලැබෙන යුද්ධ ගැටුම් සහ කලකෝලාහාල සාංදෘෂ්ටිකවාදය උපතට දායක වූ ප්‍රධාන සාධක කිහිපයකි. යුරෝපයේ විනාශකාරී බිඳවැටීම නාසි බලයේ භයානක අත්දැකීම් මෙන් ම ප්‍රංශයේ යටත් කර ගැනීම ජනතාව තම දැක්ම සහ වටිනාකම අර්ථ විරහිත දැයි සිතන තත්ත්වයට පත් කළේ ය. ඔවුන්ට සහ අපට ජීවත්වීමට ඇති ලෝකය තවදුරටත් යුක්ති සහගත පරීක්‍ෂණයකට ලක් කළ හැකි බවක් නොපෙනේ. ඒ වෙනුවට, අවබෝධ කරගත නොහැකි විශ්වයක ජීවත් වන්නේ කෙසේ ද යන්න පිළිබඳ අහඹු විශ්වාසයන්ට පමණක් අපට කියා දිය හැකි බව පෙනේ.
දුකින් පීඩිත ජීවිතයේ නිශ්ඵලභාවය, අඛණ්ඩ දුක් විඳීම, ගිලිහී යන සතුට, මරණය, දිරාපත් වීම සහ රෝගාබාධ කළකිරීමට හේතු විය. අර්ථ විරහිත ජීවිතය මිනිසා අර්ථවත් ජීවිතයක් තුළින් විසඳුමක් හෝ මානසික තෘප්තියක් හෝ සොයා යාමට පෙළඹවීය. ඊටත් අමතර ව යුරෝපීය රටවල් මිනිසාගේ පුද්ගලිකත්වයේ විනාශයට කාර්මිකරණය හමුවේ මුහුණ දුන්හ. කාර්මීකරණය තුළ මිනිසා කිසියම් ක්ෂේත්‍රයක කොටසක් බවට පත් වූ අතර, එමඟින් තම කැමැත්ත පරිදි ජීවත්වීමේ අරමුණ පිළිබඳ ඇති අදහස අහෝසි කොට ගත්හ.
ඒවන විට බටහිර දියුණු රටවල් අධික සුඛෝපභෝගී පහසුකම් භුක්ති වින්ද නමුත් ඔවුන් සතු ධනය හෝ සුඛෝපභෝගී ජීවිත පිළිබඳ හෝ සෑහීමකට පත් නොවීය. එබැවින් අසහනයට පත් වූ මනස සන්සුන් කර ගැනීම සඳහා දාර්ශනික විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කරන ලදී.
බුදු දහම බිහි වූ පසුබිම ඊට සමාන වූයේ එම කාලය තුළ ද සත්‍ය පිළිබඳ ස්වයං අවබෝධයක් සොයමින් සිටි බැවිනි. බුදුන් වහන්සේ තම පර්යේෂණ තුළින් එදා පැවති පොදු ආගමික භාවිතයන් පිළිබඳ මැනවින් දැන සිටියහ.
ඒ බව ධම්මපදයේ මෙසේ සඳහන් වෙයි.
බහුං වේ සරණං යන්ති – පබ්බතානි වනානි ච
ආරාම – රුක්ඛ – චෙත්‍යානි – මනුස්සා භයතජ්ජිතා
නෙතං ඛො සරණං ඛේමං – නෙතං සරණ මුත්තමං
නෙතං සරණමාගම්ම- සබ්බදුක්ඛා පමුච්චති
‘බියට පත් වු මිනිසුන් බොහෝ දෙනා කඳු, වනාන්තර, ආරාම, රුක ් සහ චෛත්‍ය යන දේ සරණ කොට පිළිසරණ කොට ගනිති. එහෙත් මෙය ආරක්ෂාකාරී සරණක් නොවේ; මෙය උතුම් සරණක් නොවේ; මෙවැනි සරණක් ආශ්‍රය කිරීමෙන් සියලු දුකින් නිදහස් නොවේ.’
(ධම්මපදය 188/187)
බියෙන් විඩාවට පත් වූ මිනිසුන් කඳු, වනාන්තර, ගස් සහ පූජනීය ස්ථානවලින් දිව්‍යමය වූ ආරක්‍ෂාවක් පතති. මෙලෙස මුළු ලෝකය ම පාලනය කරන නොපෙනෙන දිව්‍යමය බලවේග පිළිබඳ ජනතාව විශ්වාස කළ බව අපට පෙනෙයි. චාරිත්‍ර වාරිත්‍ර සහ යාතු කර්ම යනු, එවැනි නොපෙනෙන බලවේගයන්ගේ නියෝග පිළිපැදීමට මිනිසා ආගමික ව බැඳ තබන සාම්ප්‍රදායික ක්‍රම විය. බ්‍රාහ්මණ පූජකවරු දෙවියන් නැමැති දිව්‍යමය බලයේ නියෝජිතයන් ලෙස පෙනී සිටියහ. කුලභේදය තුළ කඩ කළ නොහැකි නීති රීති තිබුණි. අඩු කුලවල පුද්ගලයන්ට දැනුම ලබා ගත නොහැකි වූ අතර, වරප්‍රසාද ලත් කණ්ඩායම්වලට විශිෂ්ට දැනුමෙන් සමන්විත වීමේ අයිතිය හිමි විය. මෙවැනි පරිසරයන් තුළ බුදුරජාණන් වහන්සේ දුක නිවීමේ මාර්ගයක් සෙවුහ. උන් වහන්සේගේ දේශනාවට අනුව මිනිසා යනු, ඔහු තමන් විසින්ම නිර්මාණය කර ගන්නා ලද දෙයක් මිස, වෙන කිසිවක් නොවේ. එය සාංදෘෂ්ටිකවාදයේ මූලික ම ධර්මය යි. එය මිනිසා යන්ත්‍රයක් මෙන් සැලකීමට දරන උත්සාහයන් සහ දැකීම්වලට එරෙහිව කරන විරෝධතාවකි.
එනම් මිනිසා යනු ක්‍රියා සහ ප්‍රතික්‍රියාවන්ගේ එකතුවක් පමණක් ලෙස සැලකීමට එරෙහි ව මතුවන විරෝධතාවකි. මෙයින් අදහස් වන්නේ දාර්ශනික න්‍යාය ක්ෂේත්‍රයේ දී සාංදෘෂ්ටිකවාදය යාන්ත්‍රිකවාදයට සහ ස්වභාවවාදයට එරෙහි ව නැඟී සිටින බවයි. බුදු දහම මෙම සංකල්පය වඩාත් ගැඹුරින් විමසා බලයි, උන්වහන්සේගේ ඉගැන්වීම්වල හරය ඉදිරිපත් කරන ධම්මපදයේ මෙසේ සඳහන් වෙයි:
“ඔබ ඔබේ ම ස්වාමියා ය; ඔබ ඔබේ ම ඉලක්කයයි; ඔබ ඔබේ ම අරමුණයි; එබැවින් රථාචාර්යවරයෙකු හෝ දඟකාර අශ්වයකු හීලෑ කරන්නාක් මෙන් ඔබ ඔබ ව පාලනය කර ගන්න”
අත්තා හි අත්තනො නාථො
අත්තා හි අත්තනො ගතී
තත්වා සන්නමයන්තනං
අස්සං භද්‍රං ව වාණිජො (ධම්මපදය 380)
බටහිර දාර්ශනිකයන් පුද්ගලවාදයේ මෙම වැදගත් ම සාධකය අත්හැර දමා ඇත. සාම්ප්‍රදායික දාර්ශනික ක්ෂේත්‍රයේ මානව පුද්ගලත්වයට නිසි තැන නොලැබුණ ද, බුදු දහම පුද්ගලත්වයට අවධානය යොමු කරමින් දුකින් මිදීමටත් උපත, ජරාවට පත්වීම, ව්‍යාධිය සහ මරණය ආදී නියත සංසිද්ධිවලින් මිදීමටත් මාර්ගයක් සොයා ගැනීම අවධානය යොමු කළේ ය. ධම්මපදය ඒ බව මෙසේ සටහන් කරයි.
යො ච බුද්ධං ච ධම්මං ච -සංඝං ච සරණං ගතො
චත්තාරි අරිය සච්චානි – සම්මප්පඤ්ඤාය පස්සති
දුක්ඛං දුක්ඛසමුප්පාදං – දුක්ඛස්ස ච අනික්කමං
අරිඤ්චට්ඨංගිකං මග්ගං – දුක්ඛුපසමගාමිනං
එතං ඛො සරණං ඛෙමං – එතං සරණමුත්තමං
එතං සරණමාගම්ම – සබ්බ දුක්ඛා පමුච්චති
(ධම්මපදය 190, 191, 192)
යමෙක් නිවැරැදි අවබෝධයෙන් බුදුන්, දහම්, සඟුන් යන තෙරුවන් සරණ ගොස් චතුරාර්ය සත්‍යය මනා නුවණින් දකී ද; දුක සහ දුක හටගන්නා හේතුව ද, දුකින් මිදීම සහ දුක සන්සිඳවීම පිණිස පවතින ආර්ය අෂ්ඨාංගික මාර්ගය දකී ද; මෙය වනාහී ආරක්ෂාකාරී සරණ ය; මෙය උතුම් සරණ ය; මෙවැනි සරණක් ආශ්‍රය කිරීමෙන් සියලු දුකින් මිදෙයි. මෙවැනි සරණක් සොයන තැනැත්තා මඟින් ඇතිවන පීඩාවන්ගෙන් මිදෙයි. මන්ද යත් ඔහුගේ සිත ජිවිතයේ අනිත්‍ය ස්වභාවයන් කෙරෙහි අනවශ්‍ය ලෙස බිඳී නොපවතින බැවිනි. ඔහු ඒවා අවසාන සත්‍යය ලෙස නොසලකයි.
සමකාලීන මාක්ස්වාදී දාර්ශනිකයන් පවසන්නේ සාංදෘෂ්ටිකවාදීන් කනස්සල්ල සහ කලකිරීම් පිළිබඳ පැහැදිලි කිරීමේ දී එය පටු මානසිකත්වයකින් කරනු ලබන බවයි. ඇල්බට් කැමූ ඤ්කඉැරඑ ක්‍්පම% මාක්ස්වාදයට විරුද්ධ දැක්මක් ඉදිරිපත් කරන්නෙකි. ඔහු ඉදිරිපත් කළ පරිදි සාංදෘෂ්ටිකවාදය අරගලයකි. එය ඉඩම් හිමියන් හා ගොවියන් අතර ධනපතියන් හා පීඩිතයන් අතර, හෝ ඒකාධිපති පාලනයකට එරෙහි අරගලයක් නොවේ. එය මිනිසා තම ආත්මය හෝ මනස සමඟ කරන්නා වූ අරගලයකි. මිනිසා ජීවත් වන්නේ සමාජයක තනි ව නොවෙයි. එබැවින් ඔහුට ජීවිතයෙන් ඈත් විය නොහැකිය. කැමූගේ ප්‍රධාන අදහස වූයේ මිනිසාගේ පැවැත්ම පවා අරගලයක් බවත් ඔහු මරණය, දක්වා ම එම අරගලයෙහි නිරතවන බවත් ය. මෙම අර්බුදයට විසඳුම බුදු දහමෙන් ඉදිරිපත් කෙරේ. ‘කෙනෙකුගේ හොඳම ආරක්ෂකයා තමා ම ය. මීට වඩා හොඳ ආරක්ෂකයෙක් කවුරුන් ද ? යමෙක් තමන් විනය කර ගනී නම් ඔහු ඉතා සුළු පිරිසකට පමණක් උරුම වන්නා වූ රැකවරණයක් අත්පත් කරගනී’.
අත්තා හි අත්තනො නාථො – කො හි නාථො පරො සියා
අත්තාන ව සුදන්තෙන – නතං ලභති දුල්ලභං
(ධම්මපදය 160)
‘තමාට තමා ම ය පිහිට වන්නේ; අන් කවරෙක් නම් පිහිට වන්නේ ද, තමා විසින් ම මැනවින් දමනය වූ විට දුර්ලභ වූ පිහිට ලබන්නේ ය.’
පැවැත්මේ යථාර්ථය අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන්නේ ස්වයං විනයක් හෝ ආත්ම සංයමයක් හෝ වේ. මෙය ලේ වැගිරීමකින් තොරව මානව ගැටලු විසඳීමට ඇති එකම මාර්ගය යි. එය රජ්‍යයක ආර්ථික හා සාමාජීය අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි වෙනස් කළ හැකි ය. ඇමෙරිකානු සාංදෘෂ්ටිකවාදී දාර්ශනික ඩබ්. ඒ. ලුජ්ෆෙන් ඤඋග ්ග ඛමවචයැබ% ද මානව ජීවිතයේ අර්ථය පිළිබඳ කතා කරන විට ආගමික විසඳුමකට එකඟ වෙයි.
මාක්ස්වාදී දේශපාලනික ආර්ථික රාමුවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන සාංදෘෂ්ටිකවාදය පවසන්නේ මිනිසාගේ සතුරා ධනවාදය හෝ ඒකාධිපතිවාදය හෝ නොව ඔහු ම බවත් ය. විමුක්ති මාර්ගයයේ කොටසක් ලෙස සම්මා ආජීවය කෙරෙහි බුදුරදුන් දැක්වූ අවධානය තුළින් පුද්ගලයකුගේ, කණ්ඩායමකගේ සහ ජාතීන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවීමට අවශ්‍ය මූලධර්ම උපයෝගී බවයි.
නූතන සමාජය රැකියාවක් හෝ වෘත්තියක් හෝ යනු මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙස පහසුවෙන් නිර්වචනය කර ඇති අතර විශාල ආදායමක් උපයන තාක් කල් ඕනෑම කර්මාන්තයක් හෝ වෙළෙඳාමක් හෝ සාධාරණීකරණය කරයි. රැකියාව තුළ ඇති සේවය සැලකෙන්නේ රැකියාවේ අතුරුඵලයක් හෝ ඔවුන්ගේ ආදායම වැඩි කර ගැනීමේ මාර්ගයක් ලෙස ය. කෙසේ වෙතත් විමුක්ති පුද්ගලයකු මෙම පිළිවෙළ ප්‍රතිවිරුද්ධ කරයි. ඔහුට ආදායම යනු අන් අයට සපයන සේවයක ප්‍රතිඵලයක් පමණි ඔහුට රැකියාවක හෝ වෘත්තියක හෝ වටිනාකම රඳා පවතින්නේ එයට සම්බන්ධ මුදල් ප්‍රමාණය මත නොව සපයනු ලබන සේවයේ හෝ උපකාරය අගය මත සහ ඒ වෙනුවෙන් ලැබෙන මානසික තෘප්තිය මතය ජීවිතය පිළිබඳ මෙවැනි දැක්මක් සාක්ෂාත් කර ගත හැක්කේ ජීවිතය තම විමුක්ති මාර්ගයේ අංගයක් ලෙස සලකන කෙනකුට පමණි.
හෙසේ ඤ්‍යැිැ% සහ ලුප්ෆෙන් ඤඛමවචයැබ% ඇතුළු, සාංදෘෂ්ටිකවාදීන් අවධාරණය කරන්නේ ‘අන්‍යන්ගෙන් වෙන්වීම’ ඤ්කසැබ්එසදබ% මිනිසාගේ සතුට විනාශ කරන අතර ම එය අඳෝනා, අනුකම්පාව, බිය, කලකිරීම, පීඩාව සහ හිස් බව ද ඇති කරන බවයි.
සමාජය පුද්ගලයකුගෙන් කරන ඉල්ලීම් එතරම් ම බලවත් වන අතර, ඔහු ඒවායින් කිසිවක් ඉවසීමට බැඳී නැත. කෙනෙකු අන්‍ය වීමට මූලාශ්‍රය වන්නේ සමාජය යි. පන්ති වෙනස්කම් තිබුණ ද, නොතිබුණ ද සමාජය පවතී. එබැවින් ධනවාදී හෝ සමාජවාදී හෝ වුවත් අත්‍යවශ්‍ය සමාජය පවතියි. නිෂ්පාදන රටාව කුමක් වුවත් අන්‍ය වීමේ ගැටලුව ඕනෑම සමාජයක පොදු සාධකයකි. මාක්ස්වාදය යෝජනා කරන්නේ ධනවාදී නිෂ්පාදන රටාවෙන් මිනිසා ආරක්ෂා කර ගන්නා ලෙසයි. වෙනස් ම මඟක් ගන්නා බටහිර ධනවාදය යෝජනා කරන්නේ ඒකාධිපතිවාදයෙන් මිනිසා ආරක්ෂා කරගන්නා ලෙසයි. මෙහිදී අවශ්‍ය වන්නේ තවත් දේශපාලන විසඳුමක් නොව ස්වයං අවබෝධය යි. එබැවින් මිනිසා තමාගේ ගැලවීම සහ ස්වර්ගය තමන් ම බව පැවසීම සාධාරණ නිගමනයකි. සමකාලීන බටහිර රාජ්‍යයන් ආධ්‍යාත්මික අර්බුදයකට මුහුණපා ඇත්තේ මේ නිසා විය හැකිය.
මෙලෙස සාංදෘෂ්ටිකවාදය මිනිසා පිළිබඳ ඉතා වැදගත් කරුණු සමාජයට ඉදිරිපත් කරයි. සාංදෘෂ්ටිකවාදීන් කිසිදු ආගමක කර්තෘවරුන් නොවූව ද ඔවුන් නිතර නඟන ගැටලු සහ විසඳීමට උත්සාහ ගත් ගැටලු දෙස බලන විට ඒවායේ කිසියම් ආධ්‍යාත්මික ස්වභාවයක් පෙන්නුම් කරයි. ජීවත්වීමේ අරමුණ කුමක්ද යන ගැටලුව සාංදෘෂ්ටිකවාදීන්ගේ අරමුණ පැහැදිලි කරයි. එහි අරමුණු තාර්කිකත්වයට අනුකූලව පද්ධතියක් ස්ථාපිත කිරීම නොවන අතර, පුද්ගල පැවැත්මට විසඳුමක් සැපයීම බැවින් සමකාලීන සමාජ පරිසරයේ ස්වභාවය හේතු කොට ගෙන සාංදෘෂ්ටිකවාදය වේගයෙන් පැතිර යයි. බුදු දහම මෙම අත්‍යවශ්‍ය ගැලවීමේ මාර්ගය ස්වයං විනය හා ස්වයං තීරණ තුළින් සපයයි. ධම්මපදයේ සඳහන් වන පරිදි,
සුසුඛං වත ජීවාම – උස්සුංකෙසු අනුස්සුකා
උස්සුංකෙසු මනුස්සෙස්සු – විහරාම අනුස්සුකා
තෘෂ්ණාවෙන් පෙළෙන ජනතාව අතර තෘෂ්ණාවෙන් තොර ව අපි සැප සේ වෙසෙමු. තෘෂ්ණාවෙන් පෙළෙන මිනිසුන් අතර තෘෂ්ණාවෙන් තොර ව අපි වෙසෙමු.
සුසුඛං වත ජීවාම – යෙසං තෝ නත්ථි කිඤ්චනං
පීතිභක්ඛා භවිස්සාම – දෙවා ආභස්සරා යථා
“අපට කිසිවක් නැති බැවින් අපි සැප සේ වෙසෙමු. ආභස්සර දිව්‍ය ලෝකයේ දෙවියන් මෙන් ප්‍රීතිය ආහාර කොට ගෙන අපි වෙසෙමු.”
(ධම්මපදය ථ 199, 200)
එබැවින්, අපි වෛරයෙන් පිරුණු උදවිය අතර මෛත්‍රියෙන් සතුටින් ජීවත් වෙමු. වෛරයේ ගොදුරු බවට පත් වූවන් අතර, වෛරයෙන් තොරව ජීවත් වෙමු.
ඒ අනුව අපි ලෙඩ රෝගවලින් තොර ව, රෝගාතුර වූවන් අතර සතුටින් ජීවත් වෙමු. රෝගාබාධවලින් පීඩිත මිනිසුන් අතර රෝගවලින් තොරව වෙසෙමු.
එසේම අපි, කාමයෙන් තොරව, කාමයෙන් පිරුණු අය අතර සතුටින් ජීවත් වෙමු. කාමයට ඇබ්බැහි වුවන් අතර කාමයෙන් තොර ව වෙසෙමු. එබැවින් අපි සතුටින් ජීවත් වෙමු. කිසිවක් අයිති නැති අපිට කිසිවක් අපේ යැයි කිව නොහැක. කිසිවක් ම ආශා නොකරමු. ප්‍රීතියෙන් පෝෂණය වන දිව්‍යමය අභ්‍යන්තර දෙවියන් මෙන් ජිවත් වෙමු.
බුදුදහමෙහි දී මිනිසාට අභ්‍යන්තර දුකින් මිදීමේ මාර්ගය පෙන්වා දී ඇත. දුකින් නිදහස් වීම පවතින්නේ තණ්හාව නොමැති විට පමණි. මෙම අභ්‍යන්තර සංසිඳීම අවබෝධ කර ගන්නා තැනැත්තා උතුම් ම පුද්ගල සතුට ලබනු ඇත. නිර්වාණය යනු, එම සංසිඳීමයි. ධම්මපදයේ සඳහන් වන පරිදි,
රාගය වැනි ගින්නක් නැත
ද්වේශය වැනි අපරාධයක් නැත
කය වැනි දුකක් නැත
නිවන වැනි උතුම් සාමයක් නැත.
© Satipatthāna Magazine