ජාතියකට මඟ පෙන්වන පැරැණි භාවිකථනයෙන් යුත් ස්ථානයක්; රෞද්‍ර පෙනුමෙන් යුත් දෙවිවරුන් අනුශාසනා කරන; එමෙන් ම එක් වදනකින් කෙනෙකුගේ ඉරණම වෙනස් කළ හැකි ස්ථානයක් පිළිබඳ ව සිතන්න.
ටිබෙට් බුදු දහමේ ගැඹුරු ම තැන එවැනි ස්ථානයක පිහිටා ඇත : නෙචුන්ග්; ආරාමයකට වඩා එහා ගිය පූජනීය ස්ථානයක්. නෙචුන්ග් යනු, පූජනීය ආරාම ආයතනයක් වේ. බලගතු අරක්ෂක දෙවියකු සහ ටිබෙටයේ ප්‍රධාන රාජ්‍ය භාවිකථිකයා ලෙස සේවය කරන මානව මාධ්‍යක් ලෙස හැඳින්විය හැකි ය. ආධ්‍යාත්මික අධිකාරියේ සහ දේශපාලනික මඟ පෙන්වීමේ මෙම අද්විතීය අභිසාරීතාව සියවස් ගණනාවක් පුරා නෙචුන්ග්, ටිබෙටයේ ජනතාවගේ ජිවිතයේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්කර ඇත.
දිවැස් කියන්නන්ගේ භාවිකථනය
දලයි ලාමා වහන්සෙගේ දිව්‍යමය මාලිමාව
නේචුන්ග්ගේ ගුප්ත බවේ හරය වන්නේ ඔරකල් ය. එය කුටෙන් හෙවත් භෞතික පදනමක් ලෙස සැලකිය හැකි මිනිස් මාධ්‍යකි. මෙම පුද්ගලයා ප්‍රපංච ලෝකය සහ සියුම් ආධ්‍යාත්මික ලෝක අතර සෘජු සරණියක් වන අතර, අනාවැකිමය උපදෙස් සහ මඟ පෙන්වීම ලබා දීම සඳහා තාවකාලික ව බලවත් දෙවියකු ඔවුන් හා ආත්මීය ව සම්බන්ධ වී ඇත. සියවස් ගණනාවක් තිස්සේ, ටිබෙටයේ ආධ්‍යාත්මික සහ දේශපාලන නායකයා වු ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ ඉන්දියාවේ ධර්මසාලාහි පිහිටි මධ්‍යම ටිබෙට් පරිපාලනය සමඟ ගන්නා තීරණාත්මක කාරණා සම්බන්ධයෙන් පවතින පිළිවෙතක් වන නිරන්තරයෙන් නෙචුන්ග් (ඔරකල්) සමඟ සාකච්ඡා කිරීම පුරුද්දකි. මෙය හුදෙක් වාසනාව පිළිබඳ අනාවැකි කීම නොවේ. ඔරකල්ගේ අනාවැකි “රජයේ තීරණ ගැනීම” , “රාජ්‍යයේ හදිසි කාරණා සම්බන්ධයෙන් බුද්ධිමය සම්පත් දායකත්වය සැපයීම” සහ “14 වැනි ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ සඳහා ආරක්ෂාව සහතික කිරීම” සඳහා අත්‍යවශ්‍ය යැයි සැලකේ.
දෙවිකෙනකු ආත්මීය ව සම්බන්ධ කර ගැනීමේ චාරිත්‍රය පුරාණ වූත්, තීව්‍ර වූත් සම්ප්‍රදායක් වන අතර, එහි මූලයන් ස්වදේශික බොන්පෝ පිළිවෙත් දක්වා දිවයයි. එරට විචිත්‍ර ගීතිකා, චාරිත්‍රානූකූල නර්තන, තූර්ය වාදන, නිරවද්‍ය සංකේතාත්මක හස්ත අභිනයන් සහ ඔරකල් කැඳවීම සඳහා බලවත් මන්ත්‍ර (පූජනීය ශබ්ද) ඇතුළු විස්තීර්ණ පුජාවක් ඇතුළත් වේ. ආවේශය අතරතුර, දේවාත්මය තම මානසික ප්‍රවාහය කුටෙන් වෙත බලහත්කාරයෙන් ප්‍රක්ෂේපණය කරයි. මෙම ක්‍රියාවලිය ඉතා අවශ්‍ය වන අතර, එම ආවේශයෙන් ඉවත් වී සාමාන්‍ය ජිවිතයට එළැඹීමට දිගු කාලයක් අවශ්‍ය වේ. මෙම මහත් වු කැපකිරීම එවැනි පුජනීය භුමිකාවක් සඳහා අවශ්‍ය අතිමහත් ආධ්‍යාත්මික විනය සහ ශාරිරික විඳදරා ගැනීම අවධාරණය කරයි.
නේචුන්ග්: දේවත්වය සහ කලාව හමුවන තැන
නේචුන්ග් හි භෞතික ම ය ප්‍රකාශනය වන්නේ එහි ආරාමය යි. එය ඓතිහාසික ව ටිබෙටයේ ලාසා නගරයට ආසන්නයේ පිහිටා ඇති අතර, දැන් ඉන්දියාවේ ධර්ම ශාලාවේ ප්‍රතිෂ්ඨාපනය කර ඇත. මෙම ආරාම සංකීර්ණය ගොඩනැඟිලි එකතුවකට වඩා වැඩි යමක් ය. එය විශ්වීය රාජධානියක් ලෙස විස්තර කෙරේ. පැරැණි ගුරුවරුන් සහ තාන්ත්‍රික දෙවියන් නිරූපණය කරන, එහි බිතුසිතුවම්වල සිට කුළුණු වටා දඟර ගැසුණු සර්ප ආත්මයන් සහ මකරුන්ගේ එතරම් පැහැදිලි නැති සිතුවම් දක්වා සෑම ව්‍යුහයක් ම, සමස්ත ලෝකයක් සහ රේඛීය ඉතිහාසයක් සමඟ ඉතා සුක්ෂම ලෙස සිතුවම්ගත කර ඇත.
ආරාමයේ මළුවට ඇතුළුවන විට ඔවුනගේ ප්‍රාථමික ආරක්ෂක දෙවියා වන පෙහාර්ගේ පරිවාර දෙවිවරුන් 200 කට ආසන්න සංඛ්‍යාවක් නිරූපණය කරන බිතුසිතුවම්වල පුළුල් ගැලරියක් දැකගත හැකිය. එල්ලා වැටෙන සම්වලින් යුත් මනුෂ්‍ය හා අමනුෂ්‍ය ශරිර හා රුධිර ගංගාවක පාවෙන මිනිස් සිරුරු කොටස් මෙම බිතුසිතුවම් වලින් නිරූපිතය.
පෙනෙන පරිදි භයානක වුවත් මෙම කලා කෘති කම්පනයක් ඇති කිරීම සඳහා ම නොවේ. ආරාමයේ තාන්ත්‍රික සම්භවයට පැහැදිලිව ම සම්බන්ධ භයානක පෙනුමක් සහිත වු මෙම සිතුවම් බුද්ධත්වය කරා යන මාවතේ පුහුණු වන්නට උපකාර වන බලවත් මෙවලම් ලෙස සැලකිය හැකි ය.
ආරාමය තුළ ම වාස්තු විද්‍යාත්මක ප්‍රගතිය සැලසුම් කර ඇත්තේ විශ්වීය ගමනක් ලෙස ය. පෙහාර්ගේ පිරිවර සේනාවෙහි කෙළවරකින් පටන්ගන්නා ගමන ඕනෑම අමුත්තකු ව සෘජුව ම ගෙන යන්නේ පංච ස්වෛරී ආරක්ෂකයින් වෙත වන අතර, එහි කෙළවර පෙහාර් ඔහුගේ රුදුරු තේජසකින් යුක්තව වැඩ සිටිනු දැකිය හැකි ය.
ධර්මයේ ආරක්ෂකයින් : පෙහාර් ග්යැල්පෝ සහ දොර්ජි ඩ්‍රැක්ඩන්
ඔරකල්ගේ ප්‍රකාශ පිටුපස බලවත් ආරක්ෂක දෙවියකු සිටින අතර, ප්‍රධාන වශයෙන් දොර්ජි ඩ්‍රැක්ඩන් බොහෝ විට නෙචුං චොග් යොං ලෙස හැඳින්වේ. ඔහු පෙහාර් ග්යැල්පෝගේ බලවත් පිරිවර තුළ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සේවය කරයි. “නෙචුං දෙවියා” සමහරවිට වැඩිමහලු පෙහාර්ට සමාන ලෙස දැකිය හැක්කේ බොහෝ විට ඔහුගේ දරුණු අමාත්‍ය ප්‍රකාශනය වන දොර්ජි ඩ්‍රැක්ඩන් ඒ තුළින් මතුවන බැවිනි.
පෙහාර්ගේ පෙළපත ඉතා පැරැණි වන අතර, එය අටවැනි සියවස දක්වා දිව යන අතර, සම්යේ ආරාමයේ පදනම වේ. පුරාවෘත්තයේ සඳහන් වන්නේ ගෞරවනීය තාන්ත්‍රික ගුරු පද්මසම්භව පාලනයට යටත් ව පෙහාර් බාටා හෝර් හි වයඹ දිග ප්‍රදේශයෙන් පැමිණි බවත්, ගෞරවනීය තාන්ත්‍රික ගුරු පද්මසම්භව විසින් යටත් කරගත් බවත් ය. මෙම යටත් කිරීම විනාශකාරී ක්‍රියාවක් නොවන අතර, එය පූජනීය දිවුරුමකින් සැදි බැඳීමක් වූ අතර, එ මඟින් පෙහාර් සියලු බෞද්ධ ආරක්ෂක දේවතාවුන්ගේ ප්‍රධානියා බවට පත්කිරීම සිදු විය. පසුව පෙහාර්, විශේෂයෙන් දොර්ජි ඩ්‍රැක්ඩන් හරහා, දලයි ලාමාවරුන්ගේ ප්‍රධාන ආරක්ෂකයා බවට පත්වු අතර, ඔහුගේ දිවුරුම ඉටු කිරීම සඳහා නේචුන්ග් දිවැසිවරයා හරහා ප්‍රකාශ විය.
නෙචුං චොග් යොං (දොර්ජි ඩ්‍රැක්ඩන්) එක් මුහුණක් සහ අත් දෙකක් ඇති, ගතික රණශූර ඉරියව්වකින්, හිස් වැස්මක් සහ කොඩිවලින් සැරසී සිටින රෞද්‍ර ස්වරූපයක් ගන්නා රතු පැහැති පිරිමි රූපයකින් නිරුපණය කොට ඇත. ඔහු සාමාන්‍යයෙන් දකුණු අතින් හෙල්ලයක් ද, වම් අතින් ලැසෝවක් ද අල්ලා ගෙන සිටින අතර, බොහෝ විට බාධකවලට එරෙහි ව ඔහුගේ බලය පෙන්නුම් කරමින්, දිග ඇදුණු මිනිස් රූපයක් මත සිටගෙන සිටියි. ඔහුගේ සුවිශේෂී වූ හිස් වැස්ම මිනිස් හිස්කබලේ සැරසිලිවලින් සරසා ඇති බර රවුම් රන් මුද්ද, අද්විතීය ලෙස ටිබෙට් සහ මධ්‍යම ආසියානු සම්භවයක් විදහා දක්වයි.
පිටුවහල් දිවියේ උරුමය වු විපත්ති මැද පැවැත්ම
විසිවැනි සියවසේ මැද භාගය ටිබෙටයට දැවැන්ත ඛේදවාචකයක් ගෙන ආවේ ය. 1949 චීන ආක්‍රමණයෙන් පසුව ටිබෙටයේ මුල්ම නේචුන්ග් ආරාමය සම්පූර්ණයෙන් ම විනාශ වී ගියේ ය. කෙසේ වෙතත් නේචුන්ග් හි අසමසම වැදගත්කම එහි අඛණ්ඩතාව සහතික කළේ ය. අද වන විට වත්මන් නේචුන්ග් අනාගත වක්තෘන් වහන්සේලා තුබ්ටන් න්ගොඩප්, ඉන්දියාවේ ධර්ම්සාලාහි නැවත ස්ථාපිත කරන ලද නෙචුන් ආරාමයේ සිට මෙම වැදගත් සම්ප්‍රදාය දිගට ම කර ගෙන යන අතර, ටිබෙට් ජනතාවට මෙම ආධ්‍යාත්මික ජීවනාලිය නොබිඳී පවතින බව සහතික කරයි.
ටිබෙටයේ ඇති දැනට අර්ධ වශයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද නේචුන්ග් ආරාමයේ චීන පාලනය යටතේ දැඩි සීමාවන්ට මුහුණ දෙමින් භික්ෂූන් වහන්සේ අතළොස්සක් පමණක් සිටින බව වාර්තා වුව ද, ධර්ම්ශාලාවේ නේචුන්ග් ආරාමය නැවත ස්ථාපිත කිරීම ටිබෙට් බෞද්ධයින් සඳහා එහි කල් පවතින වැදගත්කම අවධාරණය කරයි. එය ටිබෙට් බෞද්ධයින්ගේ අධ්‍යාත්මික හා සංස්කෘතික මූලයන් සමඟ එම වටිනාකම් ආරක්ෂා කරගනිමින් අනුව අනුවර්තනය විමේ හැකියාව පෙන්නුම් කරයි.
කඩතුරාවෙන් එපිට : ඔරකල් සහ පාරිභාෂික වචන අවබෝධ කර ගැනීම
ඔරකල් හෙවත් කුටෙන් යනු, ටිබෙට් ආධ්‍යාත්මික ජීවිතයේ බුද්ධිමය කොටසකි. අනාගතය පුරෝකථනය කිරීමට පමණක් නොව ආරක්ෂකයකු ලෙසත්, රෝග සුව කරන්නකු සහ මඟ පෙන්විය හැකි සම්පතක් ලෙස ද ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වන්නේ බුද්ධ ධර්මය සහ එහි ප්‍රායෝගිකත්වය ආරක්ෂා කිරීමයි.
“නේචුන්ග්” යනු, සුවිශේෂී ටිබෙට් පදයක් (ඨබ්ි ක්‍යමබට) බවත්, එය “නිසිනා” හෝ “නිචීනා” වැනි සංස්කෘත පද සමඟ පටලවා නොගත යුතු බවත් සැලකිල්ලට ගැනීම වැදගත් ය. මෙම සංස්කෘත පද ප්‍රධාන වශයෙන් හින්දු ආගම තුළ අර්ථ දක්වා ඇති අතර, පහළින් පවතින, පහතට යොමුවුන, පහත යන අර්ථය ඇති අතර, ටිබෙට් නෙචුන් හා සම්බන්ධ සෘජු බෞද්ධ අර්ථයක් නොමැත.
ඒ හා සමාන ව ජපන් නිචිරන් බුද්ධාගම හෝ පියෝ ලැන්ඩ් (ඡමරු ඛ්බා) නියාන්ෆෝ පිළිවෙත් වැනි අනෙකුත් බෞද්ධ සම්ප්‍රදායයන්ගෙන් අදාළ සංකල්ප ටිබෙට් නේචුන්ග් සමඟ කිසිසෙත්ම සම්බන්ධ නොවේ. මෙම වෙනස බුදු දහමේ පුළුල් වු අති විශාල සහ පොහොසත් විවිධත්වය ඉස්මතු කරයි.
නොනැසී පවතින උරුමය
නෙචුන්ග් ටිබෙට් ජාතිකයන්ගේ නොසැලෙන දරා ගැනීමේ හැකියාව, සංස්කෘතික අඛණ්ඩතාව සහ ඔවුන්ගේ අද්විතීය සංස්කෘතික අනන්‍යතාව ය තුළ ආධ්‍යාත්මික හා ලෞකික අධිකාරියේ ගැඹුරු ඒකාබද්ධතාවයේ ප්‍රබල සංකේතයක් ලෙස පවතී. පස්වන ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ විසින් එහි සම්භවය සහ උපාය මාර්ගික ආයතනිකකරණයේ සිට පිටුවහල් කිරීමෙන් පසු නැවත ස්ථාපිත කිරීම දක්වා වූ නේචුන්ගේ අඛණ්ඩ පැවැත්මෙන් පෙන්නුම් කරන්නේ ආගමික ආයතන අඛණ්ඩ ව පරිණාමය වන සහ අනුවර්තනය වන ගතික ආයතන බවයි. එය ජීවමාන සම්ප්‍රදාය යක් ලෙස පවතින අතර, අවතැන් වූ ජනතාව සඳහා තීරණාත්මක නැංගුරමක් සපයන අතර, ස්වයංනිර්ණය සහ ඔවුන්ගේ අද්විතීය උරුමය සංරක්ෂණය සඳහා ඔවුන්ගේ කල් පවතින අභිලාෂයන් සංකේතවත් කරයි.
© සතිපට්ඨාන සඟරාව