බුදුදහමෙහි පුද්ගලයා විසින් කරනු ලබන සචේතනික සියලුම ක්‍රියාවන් මූලික වශයෙන්
කුසල
අකුසල
වශයෙන් ප්‍රධාන ප්‍රභේද දෙකකට බෙදයි.
කායික වාචසික හා මානසික යන තිදොරින් ප්‍රකටවන අතර එම ක්‍රියාවන්ගේ ගුණ විභාගය කුසලාකුසල විනිශ්චය ලෙස හැඳින්වේ. බුදුසමයෙහි මිනිස් හැසිරීම් ඇගයීමේ දී භාවිත කර ඇති යෙදුම් කීපයක් ම ධර්ම ග්‍රන්ථයන්හි දක්නට ඇත එයින් නිතර භාවිතා වන යුගල පද බොහෝයි ඒවා අතුරෙන් කුසල් අකුසල් යන යෙදුම් අතිශයින් වැදගත්ය.
කුසලය යන්නෙහි නිරෝගී නිවැරදි පිරිසිදු දක්ෂ යන අර්ථ ඇත .ඒ අනුව අකුසල් යන්නෙහි රෝගී වැරදි අපිරිසිදු අදක්ෂ යන තේරුම් ගැනීම් පුද්ගලයාගේ රෝගී කරවන සිත අපිරිසිදු කරවන වරද සහගත කරවන ක්‍රියා අකුසල ලෙසත් නිර්වචනය කරමු.
රාග ද්වේශ මෝහ ආදී මානසික දුබලතා නිසා සිත රෝගී කරවයි . සිත පාලනය කර ගැනීමට අපහසුයි. එවැනි රෝගී තත්ත්වයන් උදා කරන දුබලතා අඩුවීම නිසා සිත නීරෝගී වෙයි. වරදට පෙළඹීමේ හැකියාව පාලනය කර ගැනීම දක්ෂතාවයකි.
කුසල මූල හා අකුසල මූල යන පද ගැන දැන ගැනීම ඉතා වැදගත් . ලෝභ දෝස මෝහ යන තුන අකුසල මූල වන අතර ආලෝහ අදෝස අමෝහ යන කුසල අකුසල් මුල් වශයෙන් හැඳින්වේ .ඒ අනුව කුසල මූල පදනම් කොටගෙන කෙරෙන ක්‍රියා කුසල් ලෙස නම් කරමු .
බුදු දහම ධර්මයට අනුව පුද්ගලයා සංවර්ධනය යනු; යහපත් ආකල්පවලින් මිනිස් චිත්ත සන්තානය ශිෂ්ට සම්පන්න කරවීමයි. ආකල්ප සංවර්ධනය පිළිබඳව කරුණු දැක්වීම සඳහා බුදුසමය විවරණ කරන තිලක්ෂණ සංකල්පයේ අන්තර්ගතය දැනගැනීම වැදගත්ය. අනිත්‍ය හෙවත් අනිත්‍ය නම් හේතුඵල වශයෙන් හටගත් කිසිම දෙයක් සදා කල් නොපවතින බවයි . දුක් දොම්නස් සහගත පීඩාකාරී අතෘප්තිකර ගතිය… අනාත්ම නම් මමය මාගේ ය යනුවෙන් වෙනස් නොවන සදාකාලික ආත්මයක් වශයෙන් ගත හැකි යමක් නැති බවයි . මෙය ලොව හැම තැන පැතිර පවත්නා ලක්ෂණයක් වන අතර නියම විපස්සනාවට හා බෝධි ඥානය ට මග සැලසෙන්නේ ස්වභාව ධර්මයෙහි ඇති සියළු සංස්කාර වලත් ස්කන්ධවල පවත්නා මෙම විශ්ව ව්‍යාප්ත ලක්ෂණ ගැන මෙනෙහි කිරීමෙනි .
මෙම මූලික ලක්ෂණ තුන පිළිබඳව අවබෝධය බෞද්ධ ධර්මයෙන් සැලසෙන උසස් ම අධ්‍යාත්මික පරිපූර්ණත්වයට පිවිසෙන දොරටු විවෘත කරන යතුර සේ සැලකිය හැකිය.
භාවනාවෙන් ආශාව කෝපය වැනි කෙලෙස් නිසා ඇතිවන මානසික නොසන්සුන්තාවය නැතිවී යයි. නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ද මේ නිසා වැඩි වෙයි . එක අරමුණක සිත තබාගෙන සිටීමට පුරුදු වීම නිසා සිතේ ඇතිවන නොයෙක් වැරදි අදහස් නරක සිතිවිලි ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගැනේ . සිත විවිධ අදහස් නිසා විසිර යාම වැලකේ . විසිරයාම වැළකේ . ආශාව කෝපය වැනි ආවේග පාලනය කර ගනිමින් මානසික සන්සුන් තාවය වැඩි කර ගැනීමටත් , නිවැරදි තීරණවලට එළඹීමටත් , එමගින් සාර්ථක ජීවිත ගත කිරීමටත් , භාවනාව ඉවහල් වේ .
සිත දියුනු කර ගැනීමෙහිලා ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ තමා දෙසට අවධානය හා සිහිය යොමු කර තමාගේ සැබෑ තත්ත්වය අවබෝධ කරගැනීමයි.
තමා පිළිබඳ ඉතා සූක්ෂම වද , ඉතා සූක්ෂම ලෙස විග්‍රහ කරනයකින් බලා තමා තුළ තිබෙන නොමේරූ ගති ආශා සිද්ධි ඊර්ෂ්‍යා තරහ මද මාන ආදී මුලාවන් පෙනෙන්න පටන් ගනී.
එසේ දැකීමත් සමඟ ඒවා දුරු වෙයි. වැදගත් මනෝ විද්‍යාත්මක සත්‍යය රතන සූත්‍රයෙහි “සහාවස්ස දස්සන සම්පදාය” යන ගාථාවෙන් පැවසෙන පරිදි නිවැරදි වර්ධනය සඳහා මම ය …මාගේ ය …යන ආත්මවාදය හැඟුම ද සත්‍ය පිළිබඳ සැකය ද විවිධ දැරීමෙන් සත්‍ය අවබෝධ කළ හැකි ය. යන මුල් ආවද දුරු වී යාම අවශ්‍ය වේ .මේ අනුව බලන විට සියලු නරක දේ දුරු කිරීමටත් කුසල් තුලින් යහපත් දේ කිරීමටත් සිහිය නිබඳව පිරිසිදු වෙන් තබාගත යුතුවේ. යහපත් ආකල්ප වර්ධනය සඳහා උචිත පදනම එයම වෙයි.
මේ අනුව බෞද්ධ ජීවන රටාව ;
ආදී උසස් සාරධර්ම හා මනුෂ්‍ය ධර්ම පදනම් කරගෙන ඇත්තේ ය . වර්තමානයේ වියවුල් සහගත මනුෂ්‍ය සමාජයක් බිහිවී ඇත්තේ, ඔවුන්ට තමාටත් අන්‍යයන්ටත් ස්වභාව ධර්මයටත් හිතකර සාමකාමී ජීවන ශෛලියක් ගොඩනඟා ගැනීමට නොහැකි වී ඇති බැවිනි.
එවන් සමාජයක් සුවපත්පත්කිරීමේ ලා බුදු දහමෙන් ලැබෙන ආලෝකය ඉමහත්ය.
මේ දහම් කරුණු ඔබ වෙත ගෙන ඒමට බෞද්ධ සහෝදරත්වයෙන් අප ඔබ හා බැඳුණෙමු.