බුදු දහම භක්ති ගෝචර ආගමක් නම් නොවෙයි. භක්තිය කියන්නේ ගෞරවය හා බය පදනම් කරගත් අවබෝධයෙන් තොර ඇදහීමක් ඒ අනුව ගතානුගතික අන්ධ විශ්වාසයන්ට පාරම්පරික ඇදහිලි වලට අර්ථ ශූන්ය වූ පුද පූජා වලට පදනම් විරහිත දෘෂ්ටියට බුදු දහමේ ඉඩක් ලැබෙන්නේ නැහැ.
බුදු දහම වූ කලී ශ්රද්ධාව හා ප්රඥාව පදනම් කරගත් අධ්යාපන දර්ශනයක් අපරිමිත ලෝ සතුන් අතර ජීවත්වන මනුෂ්ය දිව්ය බ්රහ්ම යන උපතින්ම පුණ්යවන්ත වූ හා බුද්ධිමත් වූ තුන් තුන්ලෝ වාසීන්ගේ අසහාය ගුරුවරයා වූයේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේයි
ඒ නිසාම තිලෝගුරු බුදු පියාණන් වහන්සේත් උන් වහන්සේ විසින් දේශිත ආර්ය සත්ය පදනම් කරගත් ශ්රී සද්ධර්මයත් ජාති ආගම් ගෝත්ර පක්ෂ දේශ කාල භේදයකින් තොරව සියලු ප්රඥාවන්ත මනුෂ්යයාට දෙවියන්ට බ්රහ්මයන්ට පරිපූර්ණ ජීවිතයක් පරිපූර්ණ චරිතයත් සහ පෞරුෂයක් ගොඩනඟා ගැනීමට හා සංවර්ධනය කරගැනීමට ඇති කරුණාව ප්රඥාව පදනම් කරගත් අර්ථයෙන් ධර්මයෙන් අධ්යාත්මික දියුණුවෙන් තමාටත් සමාජයටත් ආශිර්වාදයක් වන අර්ථවත් ජීවිතයකට මග පෙන්වන පරිපූර්ණ ජීවන දර්ශනයක් එයින් පෙන්වයි
වෘක්ෂ වන්දනාව ගොඩනැගිලි වන්දනාව ආකෘති වන්දනාව බුදුරජාණන් වහන්සේ කිසි විටෙක අනුමත කොට නැහැ ඒ බව ධම්මපදයෙහි එන” බියගුළු මෝඩ මිනිසුන් පර්වතවලට වනපෙත් වලට රුක්ගොමු වලට සුවිශාල වෘක්ෂ වලට ආයතන වලට බොහෝ සෙයින් වැඳුම් පිදුම් කිරීමට ආරක්ෂාව පැවැත්වීමට පුරුදු පුහුණු වී සිටින බවත් ඒවායින් කිසිම පල ප්රයෝජනයක් නොමැති බවත් අවධාරණය කොට තිබෙනවා”
ගතානුගතික අන්ධ විශ්වාස වලට පාරම්පරික ඇදහිලි හා පුද පූජා වලට බුදුදහමෙන් අවකාශයක් ලැබෙන්නේ නැහැ එහෙත් බෞද්ධයන් බෝධීන් වහන්සේට වෙහෙර වහන්සේට බුදු පිළිම වහන්සේට සැදැහැ සිතින් වැදුම් පිදුම් කරන බව එම ත්රිවිධ චෛත්යය ට මල් පහන් සුවඳ දුම් හා වෙනත් පුද පූජා පවත්වන බව ප්රසිද්ධ කරුණක් මේවා බුදුපියාණන් වහන්සේ විසින් ප්රතික්ෂේප කළ අර්ථ ශූන්ය භක්ති ගෝචර පුදපූජා ලැයිස්තුවට ඇතුළත් වේ ද යන්න ප්රශ්නයක්?
තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය අර්ථවත් අධ්යාපන දර්ශනයක් ඒ අනුව බුදු දහම හඳුන්වා ඒ අනුව බුදු දහමේ දැක්වෙන ආමිස පූජාවට ඇතුළත්වන ත්රිවිධ චෛත්ය වන්දනාව මල් පහන් සුවද දුම් පූජාව ගිලන්පස හා ආහාර පූජාව බෞද්ධ වත් පිළිවෙල වලත් ප්රතිපත්ති පූජාවට අයත් සීල හා භාවනා යන මූලික ප්රතිඥා දෙක හිත් අධ්යාපනික හා මනෝවිද්යාත්මක වැදගත්කමක් හා ප්රායෝගික වටිනාකමක් ඇතුළත් වන බව කිවයුතුයි නූතන අධ්යාපනය භාවිතා කරන හා අගය කරන විවිධ අධ්යාපන ක්රම ශිල්ප මීට වසර 2600 ට පෙර අපගේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් ඉතාමත් අර්ථවත් ලෙස ප්රායෝගික ලෙස භාවිත කළා
දේශනා ක්රමය ,සාකච්ඡා ක්රමය, ප්රශ්නෝත්තර ක්රමය, ක්රියාකාරී ක්රමය, අනාවරණ ක්රමය, පියවර පාඩම් ක්රමය ,පැවරුම් ක්රමය, කණ්ඩායම් ක්රමය, ශ්රවණ දෘශ්ය අධ්යාපන ක්රමය ,ඒ අතරින් ඉතා වැදගත් වන ප්රායෝගිකව භාවිත කළ කොටස්
මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ ශ්රව්ය දෘශ්ය අධ්යාපන ක්රමයට දේශනයක් නැතහොත් පාඩමක් සාර්ථකවීමට අවශ්ය ශ්රව්ය දෘශ්ය උපකරණ භාවිතා කිරීම ඉතාමත් වැදගත් අධ්යාපන ක්රම ශිල්පයක් මෙය ළදරු පාසලේ සිට උපාධිය පශ්චාත් උපාධිය දක්වා උපකරණ භාවිතය ද බෙහෙවින් ජනප්රියව තියෙනවා
අතීත ක්රම හා ලෝක ඉතිහාසය තුළ ඉතා සාර්ථකව ශ්රව්ය දෘශ්ය අධ්යාපන ක්රම භාවිත කළ ශ්රේෂ්ඨතම ගුරුවරයා තිලෝගුරු බුදුපියාණන් වහන්සේ බව අවිවාදයෙන් පිළිගත යුතුයි
රූප මානයෙන් ඔදවැඩීසිටි ඛේමා බිසවට අවබෝධ කිරීමේ දී ඇයට වඩා රූමත් රූප සුන්දරියන් දක්නට සැලැස්වීම නන්ද හිමියන් ට ධර්මය අවබෝධ කිරීමේ දී ට වඩා රූමත් රූප සුන්දරියන් දකින්නට සැලැස්වීම උපසේනගේ පිනුම් සංදර්ශනය නැරඹීමට සලස්වමින් සත්ත්වයාගේ සාංසාරික කරනම් ගැසීම පිළිබඳව දහම පැහැදිලි කර දීම පරිසරයේ දැකිය හැකි ගිනිකඳු මේඝ ගර්ජනා මහ වැසි ගංගා තුරු ලතා සුන්දර මල් ගොමු සිද්ධි දර්ශන අරමුණුකොට උපමා කොට ධර්ම දේශනා කළ අවස්ථා සූත්ර පිටකයෙහි බෙහෙවින් දකින්නට පුළුවන්
ඒ අනුව බුදු පියාණන් වහන්සේ සමීපයෙහි නොව උන්වහන්සේ සිහියට නගා ගැනීමට උපයෝගී වන බුද්ධ භාවිතා කිරීමේ චාරිත්රය බුද්ධ කාලය දක්වා ම විහිදී යන බව කිවයුතුයි
බුදුරජාණන් වහන්සේ නොමැති අවස්ථාවල උන්වහන්සේ වෙනුවෙන් ප්රධාන ආසනයක් වෙන්කර තැබීමට ඉඩ සාධක වශයෙන් දක්වන්නට පුළුවන්
බුදුපියාණන් වහන්සේ නොමැති අවස්ථාවල උන්වහන්සේ සිහියට නගාගෙන වැදුම් පිදුම් කිරීමටපහර දැක්වීමට අපගේ මහා සංඝරත්නය හා සිව්වනක් පිරිස භාවිතා කරන මුල්ම බුද්ධ සංකේතය හැටියට බෝධීන් වහන්සේ හඳුන්වන්නට පුළුවන්
බුදුපියාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි උන්වහන්සේ විහාරයෙහි නොමැති අවස්ථාවලදී දිනපතා උන් වහන්සේට වැඳුම් පිදුම් උපහාර දැක්වීමට එක් රැස්ව සිව්වනක් පිරිසගේ ප්රයෝජනය සඳහා උන්වහන්සේගෙන් යෝජනාවක් අනුව සැවැත් නුවර ජේතවන භූමියෙහි ශ්රී මහා බෝධීන් වහන්සේගේ පැළයක් රෝපණය කොට බුදුරජාණන් වහන්සේ වෙනුවට වැදුම්උතුම් කිරීමට සැලසීමෙන් ඒ බව ප්රත්යක්ෂය.
මේ අනුව සැදැහැවත් ප්රඥාවත් බෞද්ධයන්ට බුදුපියාණන් වහන්සේ සිහියට නගා ගැනීමට උපකාර වන බුද්ධ සංකේත හෙවත් දෘශ්යාදාර තුනක් ඇති බව පැහැදිධාර තුනක් ඇති බව පැහැදිලියි එනම්
කණිෂ්ක සමයේ බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරීමට පෙර බුදුන් වහන්සේ නිරූපණය කිරීම සඳහා බෝධි වෘක්ෂය චෛත්යය ඡත්රය ධර්ම චක්රය වැනි සංකේත භාවිතා කළ බව පැරණි බෞද්ධ කැටයම් හා චිත්ර වලින් සනාථ වෙනවා ඉහත දැක්වුණු සාධක අනුව බෞද්ධයන් විසින් බෝධීන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නේ දෘෂ්ය පූජාවක් හැටියට නොවෙයි බුද්ධ පූජාවක් හැටියට බෞද්ධයා වෙහෙර වහන්සේට වැඳුම් පිදුම් කරන්නේ ගොඩනැගිලි වන්දනාවක් හැටියට නොවෙයි බුද්ධ වන්දනාවක් සහ බුද්ධ පූජාවක් හැටියටයි
මේ නිසා බෞද්ධයා බුද්ධ ප්රතිමා වහන්සේට වැඳුම් පිදුම් කරන්නේ ප්රතිමා වන්දනාවත් ආකෘති වන්දනාවක් හැටියට නොවෙයි බෞද්ධ වන්දනාවක් බුද්ධ පූජාවක් හැටියටයි
ශ්රද්ධාවෙන් ප්රඥාවෙන් පොහොසත් බෞද්ධ ජනතාව ත්රිවිධ චෛත්ය තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සිහියට නගා ගැනීම සඳහා දෘශ්යාධාර හැටියට ගෞරවයෙන් භාවිතා කරන බව පේනවා බෞද්ධයා ඒ ත්රිවිධ චෛත්යඅභියස දී වැදුම් පිදුම් කරන්නේ ඒ දෘශ්යාධාර වලට නොවෙයි ඒ දෘශ්යාධාර ඇසුරු කරගෙන සිතට නැගෙන තිලෝගුරු බුදුපියාණන් වහන්සේට බව අප කවුරුත් හොඳින් තේරුම් කර ගත යුතුයි
පූජා වස්තු ඇසුරු කරගෙන සිදුකරන වැඳුම් පිදුම් බෝධි වන්දනා හා බෝධි පූජා ප්රතිමාව පූජා යනුවෙන් නම් කිරීම කිසිසේත් නොගැළපෙන්නේ ඒ චෛත්යයන් ගෙන මූර්තිමත් වන්නේ අපගේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ බවත් ඒ චෛත්ය අබියසදි සිදු කරන සියලුම වැඳුම් පිදුම් දෘශ්යාධාර අනුව බෝධි පූජා බුද්ධ පූජා වශ
යෙන් නම් කිරීම කිසිසේත්ම ගැලපෙන්නෙ නෑ
වැඳුම් පිදුම් බුද්ධ වන්දනාව බුද්ධ පූජා නමින් හැඳින් විය යුතු බවත් සැලකිය යුතුයි ඒ ත්රිවිධ චෛත්යය කරන සියලුම වැඳුම් පිදුම් හා පුද පූජා පහසුවෙන් අනුගමනය කළ යුතු ශ්රද්ධාව හා ප්රඥාව වැඩෙන සරල එකම ක්රමයක් අනුගමනය කර අවධානය යොමුකළ යුතුයි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood