හෙට දින දිනන වීරයන්ගේ විශ්ව ළමා දිනය අදයි…

දරුවා සුවිශේෂී චරිතයකි. ඔවුන්ගේ ගමන, විශ්වයේ මාර්ගය තීරණාත්මක පෙතකට විවර වනු ඇත.ආදරය රැකවරණය නිසි පරිදි ලබා දීම මත ම,අනාගත පූර්ණ පෞරුෂයකින් යුතු දරුවා නිමැවෙන බව අපි දන්නා කරුණකි.

 

මේ සමාජ ජීවියා වසර කීපයක් ගත වෙත්ම ,සමාජයේ වගකීම ලබා ගැනීමේ මං තලය වෙත අවතීර්ණ වීම සිදු වෙත්ම ,ඔවුන් මුල් කර ගෙන ගොඩ නැගිය යුතු පෞරුෂ ලක්ෂණ සංවර්ධනය කරා ගෙන යාම වැඩිහිටි පරපුරේ වගකීමක්.

දරුවා ස්වාධීන වීම

තීරණ ගැනීමේ හැකියාවන්ගෙන් සන්නද්ධ වීම

අන්‍ය අදහස් ගරු කිරීම

හොදින් සව්ද්න් දීම

යුතුකම් ඉටු කිරීම මෙන්ම

ආචාර හා සමාජ ධර්මතාවන්ට ගරු කරන්නෙක් වීම යන මේ ගුනාංග සදහා දරුවා හුරු කරවීම වැඩිහිටි පරපුරේ මූලිකම කර්තව්‍යක්.

බෞද්ධ ඉතිහාසයේ ද ළමා කාලයේදී ම මතු කරගත් කුසල් මහිමයේ ප්‍රතිඵල අපට ඉතිහාසගත කතා වස්තූන් මොනවාට පැහැදිලි කරයි.

බුදුන් වහන්සේගේ කාලයේ සඳහන් වන සෝපාක, සුනීත වැනි දරුවන් ලබා ගත් මාර්ගඵල අනුව ලමා කාලය තුල උපදවා ගත යුතු ශක්තීන් සඳහා වැඩිහිටියන් දරුවන් කෙරේ අවධානය ලබා දීම කොතරම් වටින්නේද යන්න පසක් කරයි.

එම නිදර්ශනයන් දරුවන් රැක බලා ගැනීම, ඔවුන්ට අවස්ථා ලබා දීම හා පෝෂණය කිරීම වැනි වැඩිහිටි කාරනා සදහා ඔවුන් යොමු කිරීමට සකස් කල මාවත් වැන්න.

පවුල් සංස්ථාවක් තුල දරුවා අසරණ නොවන සාමාජිකයෙක් විය යුතුය.අන්‍යෝන්‍ය සුහදශීලී භාවය…සිරිත් විරිත්..බෙදාහදා ගැනීම් සියල්ල හා පාරිසරික අනුගත වීම් පවා සකස් කර ගන්නේ දරුවකු තම පවුල් සංස්ථාව හරහාය.මේ ලෙස පවුලක් තුලින් ආදරය කරුණාව දයාව සමානාත්මතාවය සහ සහජීවනය වඩවා ගන්නා දරුවා සමාජයේ කුඩාම පවුල් ඒකකය වන තම පවුල තුලින් යහපත් පුරවැසියකු ලෙස සමාජ ගත වෙයි.

මෙසේ පවුල් සංස්ථාව තුල දරුවා සාර්ථක වුවද ,සමාජය දරා ගත් වැඩිහිටි සමාජයද දරුවා සාර්ථක ලෙස පිලි නොගන්නා තාක් යහපත් දරු පිරිසකගේ සමාජගතවීම් දැක ගත නොහැකිය.අනාගත සෞභාග්‍යසම්පන්න වීමට නම් දරුවා පෝශනය වියයුතු ආකාරයට ගෙන ඒම වැඩිහිටියා සතුය.විවිධ වූ සමාජ තල හා වෘත්තීන් නියෝජනය කරන්නා වූ වැඩිහිටියන් බාල පරම්පරාවේ අභිවෘද්ධිය පතා වගකීමෙන් කටයුතු කල යුතු බව අප වටහා ගත යුතුය.

ශිල්පීය මට්ටමේ කුසලතා සම්පාදනය කිරීමේ ගුරුවරයාද දරුවා ආකල්පමය වටිනාකමකින් යුත් පුද්ගලයෙකු ලෙස සමාජ ගත කිරීමේ වටිනාකම අවබෝධ කර ගත යුතුය. මෙලෙස සාර්ථක ලෙස දරුවා හැසිරවීමේ කලාව වැඩිහිටි පරපුරේ නිසඟ ශක්තීන් මතින් දියත් වේ නම්, උත්කෘෂ්ඨ වූ අනාගත සුභවාදී සමාජයක් දෘශ්‍යමාන වනු ඇත.විශ්ව ලමා දිනය වැඩිහිටි ධෛර්‍යයෙන් හා තෘප්තිමත් දෑතින් සංවර්ධනය කරා පියනගනු ඇත.

© Buddhist Brotherhood