Vesak Message from His Holiness the Dalai Lama

It gives me great pleasure to offer greetings to Buddhist brothers and sisters across the world celebrating Vesak (Buddha Purnima) today.
 Shakyamuni Buddha was born in Lumbini, attained enlightenment in Bodhgaya and passed away in Kushinagar 2600 years ago, yet I believe his teaching is universal and continues to be relevant today. Moved by a deep sense of concern to help others, following his enlightenment the Buddha spent the rest of his life as a monk, sharing his experience with everyone who wished to listen. Both his view of dependent arising and his advice not to harm anyone, but to help whoever you can, emphasize the practice of non-violence. This remains one of the most potent forces for good in the world today, for non-violence, motivated by compassion, is to be of service to our fellow beings.

In an increasingly interdependent world, our own welfare and happiness depend on many other people. Today, the challenges we face require us to accept the oneness of humanity. Despite superficial differences between us, people are equal in their basic wish for peace and happiness. Part of Buddhist practice involves training our minds through meditation. For our training in calming our minds, developing qualities such as love, compassion, generosity and patience, to be effective, we must put them into practice in day-to-day life.

Until relatively recently, the world’s diverse Buddhist communities had only a distant understanding of each other’s existence and no opportunity to appreciate how much we share in common. Today, almost the entire array of Buddhist traditions that evolved in different lands is accessible to anyone who is interested. What’s more, those of us who practise and teach these various Buddhist traditions are now able to meet and learn from one another.

As a Tibetan Buddhist monk, I consider myself an heir to the Nalanda tradition. The way Buddhism was taught and studied at Nalanda University, rooted in reason and logic, represents the zenith of its development in India. If we are to be 21st century Buddhists, it is important that we engage in the study and analysis of Buddha’s teachings, as so many did there, instead of simply relying on faith.

The world has changed substantially since the time of the Buddha. Modern science has developed a sophisticated understanding of the physical realm. Buddhist science on the other hand, has achieved a detailed, first-person understanding of the workings of the mind and emotions, areas still relatively new to modern science. Each therefore has crucial knowledge with which to complement the other. I believe that combining these two approaches has great potential to lead to discoveries that will enrich our physical, emotional and social well-being.

While as Buddhists we are the one’s upholding the Buddha’s teaching, but his message is relevant in our broader interaction with the rest of humanity. We need to promote inter-religious understanding by underlying the fact that all religions promote happiness of all people.  Also, in this time of serious crisis confronting the world, when we face threats to our health and we feel saddened for the family and friends we have lost, we must focus on what unites us as members of one human family. Accordingly, we need to reach out to each other with compassion, for it is only by coming together in a coordinated, global effort that we will meet the unprecedented challenges we face.

Dalai Lama

අති උතුම් දලයි ලාමා හිමියන්ගේ වෙසක් දින පණිවිඩය 
උතුම් වෙසක් දිනය සමරණ ලෝක වාසී බෞද්ධ සහෝදර සහෝදරියන්   වෙත මහත් සතුටකින් යුතුව මාගේ ශුභාසිංසනය පිරිනමමි.
මෙයින් අවුරුදු 2600 කට පෙර ලුම්බිණී යෙහි උපන් අප ශාක්‍යමුනී බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේදී උතුම් වූ බුද්ධත්වයට පත්ව කුසිනාරාවේදී පිරිනිවනට පත්වූ සේක. උන්වහන්සේගේ සනාතන දහම එදා මෙන් අදටත් යෝග්‍ය ඉගැන්වීමක් බව මම විශ්වාස කරමි. සම්බුද්ධත්වයෙන් පසුව උන්වහන්සේ ලෝක සත්වයාට මහත් දයානුකම්පාවෙන් යුතුව සිය අත්දැකීම තමා වෙතට එන සෑම දෙනාටම එකසේ ලබාදීම සඳහා ශාස්තෘන්වහන්සේ නමක් වශයෙන් ජීවිතයේ ඉතිරි වකවානුව ගතකලේය. උන්වහන්සේ විසින් වදාළ පටිච්ඡ සමුප්පාද ධර්මය සහ අවිහිංසාව යන දෙවැදෑරුම් සංකල්පයත් සරණ අවැසි කාහට උවද සරණක් වීමත්, අවිහිංසාව ප්‍රගුණ කිරීමත් යන ගුණයන් උන්වහන්සේ අවධාරනය කළ සේක. අද ලෝකයේ සමෘද්ධිය සඳහා අවශ්‍ය ප්‍රධානතම බලය වන්නේ දයාබරිත ගූණයෙන් වඩවාගත් අවිහිංසාව තුලින් ලෝකයට සේවය කිරීමයි.
ලෝකයේ අන්තර්සම්බන්ධතාවය වැඩිවී ඇති අද අපගේ ශූභසිද්ධිය සහ සතුට අනෙත් අයගේ අන්න්‍යෙන්‍ය සම්බන්ධතාවය තුලින් ඇතිවී ඇත. අප හට එකාවන් ව සිතන මානුෂික හැගීමක අවශ්‍ය බව පිළිගත යුතු බව මේ අභියෝගය කියාදෙයි. අප අතර නොයෙක් කුදුමහත් වෙනස්කම් ඇතත් සැම දෙනාටම සාමය සහ සතුට පිළිබඳව ඇත්තේ පොදු අපේක්ෂාවකි. බුදු දහමේ එක් අංගයක් වන්නේ භාවනාව තුලින් අපේ සිත් පුහුණු කිරීමයි. සන්සුන් සිතක් පුහුණුකර ගැනීමටත් ආදරය – කරුණාව – පරිත්‍යාගශීලි බව සහ ඉවසීම යන ගුණාංගයන් වැඩිදියුණු කර ගැනීම වඩා සාර්ථක වීමට නම් අප විසින් ඒවා දෛනික ජීවිතයේදී ක්‍රියාවෙන් කල යුතු වන්නේය.
සාපේක්ෂ වශයෙන් මෑතක් වන තුරුම ලෝකයේ නොයෙක් බෞද්ධ සමාජයන් තම තමන්ගේ රඳා පැවැත්ම ගැන ඇතිව තිබුනේ දුරස්ථ අවබෝධයක් වන අතර අප අතර තිබූ පොදු පරිත්‍යාගශීලි ගුණාංගයන් ගැන ප්‍රශංසා කිරීමට අවස්ථාවක් නොවීය. අද නොයෙක් දේශවල විකාශනය වෙමින් පවත්නා  සමස්ත බෞද්ධ සාරධර්ම සහ පිලිවෙත් ආදිය කෙරෙහි ඇල්මක් ඇති කවරෙකුට උවද සමීප විය හැකිය. තවද නොයෙක් බෞද්ධ වත්පිලිවෙත් අනුගමනය කරන – එවා කියාදෙන අප වැනි අය විසින් එකිනෙකා හට කියාදී අවබෝධ කරවිය යුතුව ඇත.
ටිබෙට් ජාතික හිමි නමක් වශයෙන් මට හැඟෙන්නේ මා නාලන්දා සම්ප්‍රදායට උරුමකම් ලබා ඇති බවයි. නාලාන්දා විශ්වවිද්‍යාලය ඉන්දියාව තුල අතිමහත් දියුණුවක් ලබා ඇත්තේ එහි තිබූ හේතුප්‍රත්‍ය සහ තර්කානුකූල බව මුල් කොට ගත් බෞද්ධ අධ්‍යාපනයත් – ඉගැන්වීමේ ක්‍රමයත් නිසාවෙනි. 21වැනි ශත වර්ශයේ බෞද්ධයන් වීමට නම් හුදෙක් විශ්වාසය මත නොයැපී ඒ වෙනුවට බෞද්ධ ඉගැන්වීම් අධ්‍යයනය සහ ගවේශනය කිරීම වැදගත් වේ.
බුදුන් වහන්සේගේ කාලයේ සිට ලෝකය කාලානුරූපිව වෙනස් වී තිබේ. නූතන විද්‍යාව මගින් භෞතික තලය පිළිබඳව සංකීර්ණ දැනුමක් ලැබ ඇත. අනෙක් අතට නවීන විද්‍යාවට තවමත් ආගන්තුක වූ විද්‍යාත්මක බුදු දහම තුලින් සිතෙහි ක්‍රියාකාරිත්වය සහ හැඟීම් පිළිබඳව ඉතා විස්තරාත්මක සර්වඥ වූ විවරණයක් ලබා දී ඇත. මෙම විද්‍යාත්මක විවරනයන් දෙකෙහිම පොදු අන්න්‍යෙන්‍ය වූ විශිෂ්ඨ  සම්බන්ධතාවය එකිනෙකා පෝෂනය වීමට ඉවහල් වී ඇත. මෙම සහ සම්බන්ධිත මහඟු දැනුම හා ශක්තිය තුලින් මිනිසුන්ගේ භෞතික – මානසික සහ පොදු සුවසහනය වඩා වර්ධනය කරගනු පිණිස නව සොයාගැනීම් වෙත වඩ වඩාත් මිනිසා යොමුවනු ඇතැයි මාගේ විශ්වාසයයි.
බෞද්ධයන් වූ අප මෙම ඉගැන්වීම් ජීවිතවලට එකතු කර ගනිමින් එම පණිවිඩය මුලු මහත් ජනතාවගේ පොදු යහපතට යොමුකිරීම අවශ්‍යය. මිනිසුන්ගේ සතුට වර්ධනය කරගැනීමට සිය`ථ ආගම් තුලින් ඉගැන්වෙන දහම අන්තර් ආගමික අවබෝධය තුලින් ශක්තිමත් කරගත හැකිය. එමෙන්ම මුලු ලෝකයම මුහුණ දෙමින් සිටින මෙම ව්‍යසනකාරී කාලයේදී අපේ සෞඛ්‍ය ගැන පමණක් නොව අපෙන් සමුගත් හිතාදර මිත්‍රයින් සහ ඔවුන්ගේ පවුල්වලටත් අපේ සංවේගය පල කරන අතර එකම මානව සංහතියක් සේ දැන් එකතුවීමට කල යුත්තේ කුමක්දැයි අප විමසා බැලිය යුතුය. ඒ අනුව අප එකිනෙකා කෙරෙහි අනුකම්පාවෙන් ලංවි සිය සේවය ලබාදිය යුතු වන්නේ එවැනි ව්‍යායාමයක මනා ගෝලිය සම්බන්ධිකරණයක් තුලින් අප මුහුණ දෙමින් සිටින මෙම බැරෑරුම් අවස්ථාව ජයගත හැකි බැවිනි.
දලයි ලාමා

 

Courtesy: His Holiness the Dalai Lama’s Official Website