Temples of Sri Lanka

බෞද්ධ ජීවන අවශ්‍යතා ….

බුදුදහමින් ඉගැන්වෙන්නේ මියගිය පසු ලබා ගත යුතු විමුක්තියක් ගැන නොවේ. මිය යාමට පළමුව ජීවත් වෙද්දී අප ලබාගත යුතු විමුක්තියක් ඇති බව බෞද්ධ දහමේ ඉගැන්වීමයි.

මේ භවයේදී විමුක්තිය නොලබන අය වුවත් වෙනත් ඉදිරි භවයකදී හෝ විමුක්තිය ලැබිය යුත්තේ ද ජීවත් වන අවස්ථාවේදී මයි. ජීවත්වීමට ජීවත්වන කාලය ඉතා වැදගත් වෙයි .

ජීවිතය ජීවත් විය යුතු හැටි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් අංගයක් ලෙස විස්තර කිරීමට තරම් අවශ්‍ය වන්නේ ඒ නිසාමයි. සම්මා ආජීව යනුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි එන පස්වන අංගයෙන් බෞද්ධයා ස්වකීය ජීවිතය හැඩ ගසා ගත යුතු ආකාරය උගන්වා තිබෙනවා ජීවන අවශ්‍යතා සපුරා ගන්නා පිළිවෙළ අනුව පුද්ගලයාගේ ජීවිතය හැඩ ගස්වා ගන්නට පුළුවන්.

පැවිදි ජීවිතයේ මූලික අවශ්‍යතා හතරක් සිව්පසය වශයෙන් දක්වා තිබෙනවා ආහාරපාන

වස්ත්‍ර
නිවාස සහ
රෝගී වූ විට බෙහෙත්
සිව්පසයට අයත් වෙනවා .

මේවා ගිහි පැවිදි කාහට වුවත් අවම වශයෙන් ලබා ගත යුතු මූලික මිනිස් අවශ්‍යතා .පැවිදි පක්ෂය දානය සෙවීම් එහිලා නිෂ්පාදනයේ යෙදෙන්නේ නැහැ .ගිහියන්ට තමන් වෙනුවෙන් පමණක් නොවෙයි පැවිදි පක්ෂය වෙනුවෙනුත් නිෂ්පාදන කාර්යයෙහි යෙදීමට සිදු වෙනවා .

ඒ නිසා කලින් සඳහන් කළ මූලික අවශ්‍යතාවන් ට අමතරව තවත් අවශ්‍යතා කිහිපයක් තිබෙනවා නිෂ්පාදනයෙ හි යෙදීම සඳහා උපකාරී වන රැකියාවක හෝ වෘත්තියක යෙදීම සඳහා අවශ්‍ය ශිල්පීය අධ්‍යාපනය තවත් එකක් .කායික මානසික සෞඛ්‍යයත් කායික මානසික වෙහෙස නිවා ගැනීම සඳහා තිබිය යුතු විවේකය හා විශ්‍රාම යත් ඒ අතරට අයිති වෙනවා.

කවර ආකාරයකින් හෝ රැකියාවක් කිරීම හෙවත් වෘතියක යෙදී ම බෞද්ධකම නොවේ. ධාර්මික වූත් අසාහසික වූත් කාර්යයක් ඒ සඳහා තෝරා ගත යුතුයි .ශ්‍රමය වැය කරන හා බෞද්ධ සදාචාර ධර්ම වනසා නොදමන රැකියා ධාර්මික රැකියා වශයෙන් බෞද්ධ ඉගැන්වීම් වල අවධාරණය කෙරෙනවා . උට්ඨාන වීර්යයෙන් දෑතේ මහන්සියෙන් හා දහඩිය හෙළීමෙන් උපයා උපයාගන්නා ධනය ධාර්මික බව පෙන්වා දෙනවා .කායික මානසික ශ්‍රමය වැය නොකොට අලස ව සිටීමෙන් තමන් වෙනුවෙන් අනුන් මහන්සි වීමෙන් උපයන ධනය බලාපොරොත්තුවීම බෞද්ධකම නොවේ.

බෞද්ධ සදාචාර ධර්මයන්ට පටහැනි වෙළඳාම පහකින් බෞද්ධයා ඈත්විය යුතුයි

ආයුධ වෙළඳාම
සතුන් හෝ වහල් වෙළදාම
මස් වෙළඳාම
විෂ වර්ග වෙළෙඳාම
මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වෙළඳාම

බෞද්ධයාට අනුගමනය කිරීමට සුදුසු රැකියා ක්ෂේත්‍ර පහක් සූත්‍ර ධර්ම වල සඳහන් වෙලා තිබෙනවා

ගොවිතැන
ගව පාලනය
වෙලදාම
ආරක්ෂක සේවා
රජයේ සේවය හා වෙනත් ශිල්ප කර්මාන්ත

බෞද්ධ ගිහියාගේ නිත්‍ය ශීලය ට පස්පව් දුරලීම හා පන්සිල් පන් සිල් පද ආරක්ෂා කිරීම ඇතුලත් වෙනවා ඒ නිසා රැකියාවක් තෝරා ගැනීමේදී මෙම මූලධර්ම රැකගැනීම ගැන සැලකිලිමත් විය යුතුයි

ධාර්මික රැකියාවක් වුවත් සැහැසි ලෙස කරන අවස්ථා අද සමාජයේ දක්නට ලැබෙනවා නිදසුනක් ලෙස එලවලු වෙලදාම ගන්නට පුළුවන් එය ධාර්මික රැකියාවක් එහෙත් හොර තරාදි පඩි ආදිය යොදාගෙන කිරුම් මිනුම් වල යෙදෙමින් එළවළු වෙළඳාම් කිරීම සැහැසි කමක්

ඒ නිසා එය අද මෙවැනි සාහසිකම් ශ්‍රම දායකයා සම්බන්ධයෙන් ස්වාමිවරුන් විසින් ද පාරිභෝගිකයා සම්බන්ධයෙන් වෙළඳුන් විසින් ද පරිසරය සම්බන්ධයෙන් බොහෝ මිනිසුන් විසින් ද කරලා තියෙනවා ඒ නිසා මේ සැහැසිකම් දුරලා බෝග රැස්කර ගැනීම පිළිබඳව බුදුදහමේ උපදෙස් රැසක් තියෙනවා

ලාභය එකම අරමුණ කරගෙන වෙළඳාමෙහි හෝ වෙනත් ව්‍යාපාරවල යෙදීම නිසා සැහැසි කම් රාශියක් සිදුවෙනවා . හොර තරාදි හොර පඩි වැනි වැරදි කිරුම් උපකරණ යොදා ගැනීම බාල නො වටිනා ද්‍රව්‍ය වටිනා අගනා දෑ ලෙස පෙන්වා රැවටීම බොරු ප්‍රචාර මගින් පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය වෙළඳාම සෞඛ්‍යයට අහිතකර දෑ එසේ නොවන බව ප්‍රචාරය කිරීම බොරුවට භාණ්ඩ හිඟයක් මවා පාමින් අධික ලෙස භාණ්ඩ මිලට විකිණීම ආදී වෙළඳුන් පාරිභෝගික ජනතාව ගසා කන සාහසික ක්‍රමයකි.

සූත්‍ර දේශනාවන් වල මේ සම්බන්ධයෙන් සවිස්තර ව කරුණු ඉදිරිපත් වෙනවා .ඉතාම ධාර්මික රැකියාවක් පවා ලාභය අරමුණු කරගෙන කරන්නට යෑම නිසා මිනිසුන් පීඩා විඳින ආකාරය දැක ගන්නට තියෙනවා. රෝගීන්ට නොසැලකිලිමත්ව ප්‍රතිකාර කරන වෛද්‍යවරයා කරන්නේ සැහැසිකම පාසලේ පංතියේ දී ඉගැන්විය යුතු කරුණු නූගන්වන ගුරුවරයා කරන්නෙත් සැහැසි කමක්. සැහැසි කමක් .වෛද්‍ය වෘත්තිය හා ගුරු වෘත්තිය කෙතරම් උසස් ධාර්මික රැකියා වුවත් මෙසේ කටයුතු කරන වෛද්‍යවරයා හෝ ගුරුවරයා ඒ උසස් වෘත්තීය කෙලෙසන්නක්.

වෘක්ෂ ලතා කෙරෙහි දැක්විය යුතු ආකල්පය සම්බන්ධයෙන් ඇති බෞද්ධ ඉගැන්වීම් එක් නිදසුනක් වශයෙන් සළකන්නට පුළුවන්. ගස් කැපීම වන වැනසීම නිසා අද සිදුව ඇති හානිය පැහැදිලියි. පොළොව ඛාදනයට ලක්වීම කාන්තාර පැතිරීම උෂ්ණත්වය වැඩිවීම ඉන්ධන හිඟ වීම ස්වභාවික සුන්දරත්වය වැනසීම සත්වයින්ට වාසස්ථාන අහිමි වීම නිසා සත්ත්ව ජීවිතයට තර්ජන එල්ල වීම ඉන් කිහිපයක්. සෙවන ලබාගත් ගසක අත්තක් හෝ කඩා දැමීම මිත්‍රද්‍රෝහී වෙනවා. උයන් වතු වැවීමට වගාවට වන රෝප සූත්‍රයෙහි උගන්වනවා. මේ ඉගැන්වීම් ගැන පමණක් සිතා බලා ක්‍රියා කිරීම වුවත් සිය පාරිසරික ප්‍රතිපත්තිය අනුගමනය කිරීම සඳහා ගැලපෙනවා .

තමා උපයා ගන්නා දේ දැහැමිව ලබාගත් දේ නම් පමණයි .මිනිසාට සැබෑ තෘප්තියක් ලැබිය හැකි වන්නේ එමඟින් අධාර්මිකව සාහසිකව කොතරම් දෑ ලැබී තිබුනත් නීතියෙන් හා සමාජයෙන් හැංගී සිටීමටත් තමා වරදකරුවෙකු බව තමාගේම සිතෙන් සිතීමටත් සිදුවන නිසා එය දන්නෙකුට කිසිවිටෙක සැබෑ තෘප්තියක් හා සහනයක් ලැබිය හැකි නොවේ .

නිරවද්‍ය සුවය, අත්ථි සුඛ සමග ලබමින් බෞද්ධයා මෙසේ ස්වකීය අවශ්‍යතා සපුරා ගනී.

සහෝදරත්වයෙන් එක්වෙමු !

© Buddhist Brotherhood

You might also like
en English
X
X