බොදු නිවස හැඩ වෙන වත් පිලිවෙත්
ආගමක් දහමක් අනුගමනය කරන අය තම තමන් අදහන ආගමට අනුකූලව නිවසේ කටයුතු සංවිධානය කර ගැනීම සාමාන්‍ය පුරුද්දක් වෙනවා. දවසේ වැඩ ආරම්භ කිරීම අවසන් කිරීම පවුලේ සාමාජිකයන් අතර සතුටින් සමාදානයෙන් සිටීම ආගන්තුකයන් කෙරෙහි පවතින පිළිවෙල ආහාර පාන ගැනීමේ සිරිත් විරිත් මේ සියල්ල සකස් වෙන්නේ ආගමික සිරිත් විරිත් පදනම් කරගෙන ඒ අනුව. බෞද්ධයන් වන අපගේ නිවෙස් වලත් කටයුතු සංවිධානය වන්නේ බුදු දහමට හා බෞද්ධ සිරිත් විරිත් වලට අනුකූලව.
හිරු නැගෙන තුරු නොනිදා අලුයමින් අවදි වී දත් මැද මුහුණ කට සෝදා ගනිමින් අපේ පිළිවෙත් ආරම්භ කිරීම බෞද්ධ නිවසක සිරියාවයි.
දවස ආරම්භ කරන්නේ නිවසේ තෙරුවන් වදින ස්ථානය පිරිසිදු කර පහනක් දල්වා බුදුරජාණන් වහන්සේට පැන් බඳුනක් පූජා කිරීමෙන්. උදෑසන දෛනික කටයුතු පවා අප කරන්නේ ගුවන් විදුලි යන්ත්‍රයෙන් විකාශනය වන ආගමික වැඩසටහන් වල වලට සවන් දෙමින් .අනෙකුත් කටයුතු කරමින් පිරිත් ඇසීම කළත් ධම්ම චින්තාව චින්තාවට සවන් දෙන විට එයටම අවධානය යොමු කිරීම වැදගත්. අපි එයින් ඉගෙනීමක් මෙන්ම සැනසීමක් ලැබීමට පුරුදුව සිටිනවා.
අපේ කුල පරම්පරාව අතීතයේ ඉඳන්ම පැවතගෙන එන සිරිතක් තමා දිවා ආහාර බුද්ධ පූජාව පැවැත්වීම. අදත් එය සිදු කරනවා .එයින් සිදු වෙන්නෙ අප සඳහා පිළියෙළ වූ ආහාරය ප්‍රථම වරට බුදුරජාණන් වහන්සේට වෙන් කිරීම. අද බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටියත් අපි බුදුගුණ සිහිකරමින් බුද්ධ පූජාව පවත්වනවා .
දවසේ දෛනික කටයුතු අවසන් කරන්නෙත් ආගමික වත් පිළිවෙත් අනුගමනය කරමින් . හවස් භාගයේ එළවළු පැළ මල් පැල ආදියට සහතු කළත් ඒ අතරම සන්ධ්‍යා වන්දනාවට අවශ්‍ය තෙල් මල් ආදිය පිළියෙල කරගන්නවා. අප හවස තෙරුවන් නමදින්නේ ආහාර ගැනීමට පෙර. රාත්‍රී ආහාරය පිළිවෙල වූ පසු සියලු දෙනා මුහුණ සෝදා දෑත් දෝවනය කරගෙන කලින් පිළියෙල කරගත් මල් පහන් ආදිය පූජා කරලා සාමූහික වන්දනාවේ යෙදෙන වන්දනාව අවසානයේ ටික වේලාවක් මෙත් වඩා පිරිත් සූත්‍රයක් සජ්ඣායනා කර දෙවියන් සහිත ලෝකයාට පුණ්‍යානුමෝදනා කරනවා අවසානයේ මවුපියන්ට වඳිනවා නින්දට යෑමට පෙර ද මෛත්‍රී භාවනාව කිරීම අපේ පිළිවෙතක් ලෙස පවත්වාගෙන ඇවිත් තියෙනවා.
පවුලේ සැමට උදේ සහ දිවා ආහාර එක්ව ගැනීමට ලැබෙන ඉඩකඩ ඉතාමත් අඩු නිසා හැකි සෑම විටකම රාත්‍රී ආහාරය ගන්නේ එකටමයි. ආහාර ගන්නා අවස්ථාවට දෙමාපියන් අප සමග සුහද ලෙස අවශ්‍ය කතා බස් වල යෙදෙනවා. මුඛයෙහි ආහාර තිබියදී කතා නොකිරීමට අප හුරු වෙලා තියෙන්නේ.
ආහාර අනුභව කිරීමට පෙර අප අනුගමනය කරන උතුම් සිරිතක් තමයි ආහාරයෙන් ඉතා සුළු ප්‍රමාණයක් හෝ අනුන්ට ලබාදීම බොහෝවිට අපි දානයකදී ස්වාමීන්වහන්සේලා කරනවා වගේ එක් භාජනයකට ආහාර ස්වල්පය බැගින් දමා සතකුට දෙනවා. එසේ නැතහොත් සතකුට කෑමට හැකි වන ස්ථානයකට තබනවා එයින් අප කරන්නේ බත් සරලුවක් වත් දන් දීමේ සිරිත අනුගමනය කිරීම
බොහෝ දාට අපි ආගමික වැඩ වලටම වෙන් කරගෙන තියෙනවා පවුලේ සියලු දෙනාට පොහෝ දින එකට මට සිල් සමාදන් වීම අපහසු වන බැවින් දින වෙන්කරගෙන වරින්වර සිල් සමාදන් වීමට . අපි පුරුදු වෙලා ඉන්නවා එසේ නොහැකි වූ බොහෝ දිනයන්හි විහාරස්ථානයට ගිහිල්ලා තෙරුවන් වැඳ බණ අසා පැමිණීමට.ඒක අපි සිරිතක් විදියට කරනවා.
ආගන්තුකයෙක් අපේ නිවසට ආවොත් එහිදී එහිදී කටයුතු කරන්නෙත් බෞද්ධ සිරිත් විරිත් වලට අනුකූලව. ඇතැම් විට අපගේ නිවසට ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා අප උන්වහන්සේලා වඩා හිඳුවන්න සුදු පිරුවටයක් එලා අසුන්වල හිදුවා තොරතුරු කතා බහ කරන්න දණගසා වැඳීමෙන් අනතුරුව අවස්ථානුකූලව අපි දැහැත් ගිලන් ප්‍රසාදය පිළිගන්නවා .
ස්වාමීන් වහන්සේ එහි වැඩ වෙසෙන කාලය තුළ උස් අසුන්වල හිඳ ගන්නේ නැහැ උන්වහන්සේ ආපසු වඩින්නට සූදානම් වූ විට වැද අවසර ගන්නවා.
හිතවත් ආගන්තුකයකු පැමිණි විටද සුහදව පිළියෙල කරගත් දෙයින් සංග්‍රහ කරන අතරම කිසිම විටෙක මත් වතුර දුම්වැටි ආදියෙන් සංග්‍රහ කරන්නෙ නෑ .
අප වන්දනා කරන අවස්ථාවෙහි ආගන්තුකයා සිටි නම්, ඔහු බෞද්ධයකු නම් වන්දනාවට සහභාගි කරවා ගන්නා අතර ඔහු පැමිණීම වන්දනාවට බාධාවක් කර නොගනිමු. පැමිණීම කිසිදු ආකාරයකින් අපට හිරිහැරයක් ලෙස ක්‍රියා නොකරන අතර ඔහු ආපසු ගමන් කරන විට් සමු ගැනීම අපේ සිරිතයි .
උත්සවයක් වැනි අවස්ථාවකදී පමණක් නොවෙයි සාමාන්‍ය කටයුතු වලදී විධිමත් බව ආරක්ෂා කිරීම අපේ පිළිවෙතයි. ආහාර පිසින කාමරයේ පවා උපකරණ තබා ඇත්තේ කිසියම් උපකරණයක් පරිහරණය කළහොත් එය තිබූ තැනින් ම ආපසු තැබීමට පුරුදු වී සිටින්නේ මවුපියන් ගෙන් ඇති ආදර්ශය නිසාමයි .
ඒ නිසාම ඉතා පිරිසුදුව තබා ගැනීමට අප සියලු දෙනාම උනන්දු වෙලා උත්සහවන්ත වෙලා නිවස ගෙමිදුල ගෙවත්ත ළිඳ වැසිකිලි ආදී සෑම තැනක්ම ප්රශංසාත්මක හා පිරිසිදුකම ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීම බෞද්ධකමේ ලක්ෂණයක් බව අපි ඉගෙන ගෙන තියෙනවා.

මෙත් සිතින්
© Buddhist Brotherhood