අවබෝධයෙන් නිවන් මග යමු
බෞද්ධකමේ පරමාර්ථය වන නිවන්සැප ලැබීම සොයන වැරදි ක්රියා වල මිනිසුන් බොහෝ පැටලී ඇත. අප බුදුරජාණන් වහන්සේ නිවන් මගයාමේ නිවැරදි ක්රියා මාර්ග කියා දී තිබියදී සමහර පුද්ගලයන් තමන්ගේ පැවැත්ම උදෙසා කාලෝචිත යැයි කියන ධර්ම දේශනා, ක්රියා මාර්ග හදුන්වා දීමෙන්, අනුගමනය කිරීමෙන්, වර්තමාන බෞද්ධ ගිහි පැවිදි දෙපක්ෂයම සංසාර ගමනේ අතර මං කරවන බව කිව යුතුය.
බුදු දහමේ පිලිවෙත වනුයේ අස්කිරීම මිස රැස්කිරීම නොවේ. අප බුදුරජාණන් වහන්සේ දේශණාකල දහම අනුව රැස්කිරීමෙන් සිදුවන විපාකත් අස්කිරීමෙන් ලබන සැනසීමත් සත්ය බුදු පිලිවෙත් අනුව කියා දුනහොත් මිථ්යා දුෂ්ඨිකයෙකු නොව සත්ය දකින අවබෝධ කරගැනීමට හැකි බෞද්ධයා වර්තමාන සුඛෝපබෝගී පහසුකම් ඇති පන්සල් අතහැරීම වැලැක්විය නොහැක්කක් බවට පත්වනු ඇත.
මේ හේතුව නිසාම පන්සලේ ප්රසිද්ධියෙන් තමන් වහන්සේගේ උගත්කම හා ප්රසිද්ධිය ආදායම රඳවා ගැනීමේ පරමාර්ථයෙන් බෞද්ධයාව පිනට හුරුකරනවා මිස කුසලය හදුන්වා නොදීමේ අවධානමකට පාත්රව ඇත.
සමහර පන්සල්වල බුද්ධං සරණං ගච්චාමි කියා ගිහියාව සමාදන් කලාට දෙවියන්ට පූජා වට්ටිය තබා කන්නලව් කරන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන්ය. බුදු සරණේ වටිනාකම ගිහියා දැන ගන්නේ නැත. පිංකම් මිස කුසලක් ක්රියා නැත. බොහෝ බෞද්ධයින් පිංකම් කරන්නේ ප්රසිද්ධියටය. ප්රසිද්ධ වීම තුළ ඇත්තේ ආශාවයි.
පින සහ කුසලය උදළු තලය සහ මිට වගේය. උදළු තලය තිබුනාට මිට නැතිව උදැල්ලක් වන්නේ නැතිබව සේම පිනක් නැතිව කුසලයක් අත්වන්නේ නැත. පින කල යුත්තේ අවබෝධයෙන්ය. කල යුතුම දෙය පමනක් අවබෝධකරගෙන කිරීමට බෞද්ධයා පෙළඹුනොත් පන්සලේ හාමුදුරුවන්ට අවශ්ය දේ කර ගැනීමට නොහැකි වන නිසා උගත් ස්වාමීන් වහන්සේලා කාලෝචිත අදට සුදුසු ක්රමය හදුන්වාදීමටද පෙලඹෙයි.
ලංකාවේ තිබෙන පන්සල් භාවනා මධ්යස්ථාන වල ප්රමාණයට ශ්රද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන්, සකෘදාගාමී, අනාගමී රහතුන් වහන්සේලා කොපමණ සිටිය යුතුද, මේ වෙනුවට මිනීමරුවෝ, ස්ත්රී දූෂකයෝ, මංකොල්ලකාරයෝ, ළමා අපචාරකයින්, මහජන දේපල සොරාකන දේශපා`ඵවෝ, නිදන්හොරු බිහි වන්නේ ඇයි ? හොද නරක කියාදෙන ආදර්ශමත්, වචනයට පමණක් ගෞරවණීය නොවන ස්ථාන හා පුද්ගලයින් නොමැති කම නිසාය. අද සැම ආගමකම සමහරක් පූජනීය ස්ථාන විශාල මහා පරිමාන ආදායම් ලබන මධ්යස්ථාන බවට පත්වී ඇත. ඕනෑම ආගමක දහම වනුයේ මිනිසා සුවපත් මාර්ගයට ගැනීම මිසක් විනාශකාරී මාර්ගයට පෙළඹීම නොවේ.
හො`ද නරක, යහපත අයහපත, පව පින, කුසල අකුසලය කියාදීම බුදු දහමේ ප්රතිපත්තියයි. අද අපට බුදු කෙනෙකු නැත. පිහිටට ඇත්තේ ධර්මය පමණයි. මෙය කියාදීමට සඝ සරණක් අපට ඇත.අද සමහරක් උගත් ප්රසිද්ධ ස්වාමීන් වහන්සේලා පැවිදිවී ඇත්තේ පාර්ලිමේන්තුවට යාමට, දේපල තමන් සතු කර ගැනීමට ව්යාපාර කටයුතු වැනි පෘතග්ජන පුද්ගලයින් කරන දේ කිරිමටයි. මේ හේතුව නිසා බුදු දහම නැතිවී නැත. බුදුදහම අනුගමනය කරන පුද්ගලයා විකෘති වී මං මුලාවී ඇත.
වර්තමාන මිථ්යා දෘෂ්ටික බෞද්ධකම නිසා කීර්තියට ප්රසංසාවට ප්රසිද්ධියට කැමති පෘතග්ජන බෞද්ධයා සංසාරේ අතරමං වන බව කණගාටුවෙන් ප්රකාශ කිරීමට සිදුව ඇත.
උප්පැන්න සහතිකයට පමණක් අප බෞද්ධවී ඇති ඵලය කුමක්ද ? එසේනම් අප කුමක් කල යුතුද ? ප්රථමයෙන් අපි අපගේ තුන්ලොවට අග්රවු ශ්රේෂ්ඨවූ සියළු සත්වයන්ට කරුණාව දැක්වූ අප බුදුරජාණන් වහන්සේව දැන ගනිමු. මේ ලොව බුදුවරුන් දහස්ගානක් ඉපදී ඇත. ඒ අතරින් දීපංකර බුදු රජානන් වහන්සේගේ කාලයේ බෝධිසත්ව පාරමීදම් පුරමින් සිටි සුමේධ නම් තාපසයාණන් හට රහත්වී පිරිණිවන් පෑමට අවස්ථාව ලැබූ අවස්ථාවේදී උන්වහන්සේ කල්පනා කලේ මම රහත්වී පිරිනිවන් පා සසර ගමන නවතා ගත්තත් භවයක ඉපදී විදින දුක නොතේරෙන සියළුම සත්වයින් හට එයින් මිදීමට අවස්ථාවක් නොලැබෙන නිසා මම බුදුකෙනෙකුවී සියලූ සතුනට මේ දුකෙන් මිදීමට පිහිටවිය යුතුයි සිතා, දීපංකර බුදුහිමි පාමුලේදී රහත්වීමට තිබූ අවස්ථාව පසුවට කල්තැබීය.
එතැන් සිට සාරාසංඛ කල්ප ලක්ෂයක් පමණ මේ ඉපදීමට හේතුව ඉපදී ඇතිවන දුකත්, දුක නැතිකර ගැනීමෙන් ලැබිය හැකි දේත්, දුක නැතිකර ගැනීමේ මාර්ගයත් බෝධිසත්ව අදහස් ඇතිව කිසිම අයෙකුගෙන් උපදෙස් නොලබා තමන් විසින්ම විද දැන, ඉපදුනු ඕනෑම සත්වයෙකු වයසට යෑම, ලෙඩවීම, මරණයට පත්වීම නොවැලැක්විය හැකි, දුකට හේතුවන කරුණු බව දැන මෙයින් මිදීමට අවශ්ය කරුණු තමන් වහන්සේ විසින්ම සොයා ගත් නිසා ‘‘බුද්ධ’’ නම් විය.
මේ සියලූ කරුණු කාරනා තමන් වහන්සේ විසින් දැන ඉගෙන ගෙන හේතු සහිතව අවබෝධකරගත් නිසා සම්මා සම්බුද්ධ නම්වූ සේක. සියලූ සතුන් කෙරෙහි අනුකම්පාව, කරුණාව, දයාව, මෛත්රිය ඇති ව බුදුවූ ඒ අප ශ්රී ගෞතම නම් වූ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේය.
මොකක්ද, ශ්රී ශ්රද්ධර්මය එය කාටද ? ප්රථිඵලය මොකක්ද කියල, උසස් මනසක් ඇතිව ලබන ආත්මය නිවැරදිව ගත කිරීමට නම් අප හරිදේ කුමක්ද ? වැරදිදේ කුමක්ද ? හරිදෙයින් සිදුවන දෙයත් වැරදි දේ කිරීමෙන් සිදුවන දෙයත් දැනගත යුතුය.
එසේ නැතිව කොපමණ භෞතික සැප සම්පත් අපට තිබුණත් ඒවා නිසිලෙස පරිහරණය කිරීමට දන්නේ නැතිනම් සිදුවන්නේ විනාශයක්. භෞතික සැප සම්පත් නිසිලෙස පරිහරණය කිරීමට නොදන්නා පෘතග්ජනයාට ඇතිවීමක් නැත. මෙවැනි පුද්ගයන් තුල ඇතිවන්නේ මිනිස් ජීවිතය විනාශ කරවන ආශාව වෛරය මුලාවයි.
හරිවැරදි නොදන්නා මිනිසුන් සංසාරයේ විදින දුක දැන ඔවුනට නිවැරදි දේත් නිවැරදිවන ආකාරයත්, නිවැරදි වීමෙන් ලබන ප්රථිඵලයත්, වැරදි සිදුවන ආකාරයත් වැරදි කිරීමෙන් ලබන විපාකත්, වැරැද්දෙන් මිදෙන ආකාරයත්, වැරදිදේ පව – අකුසලය යනුවෙන්ද, නිවැරදිදේ පින – කුසලය යනුවෙන්ද සියලූ සත්වයාගේ යහපත උදෙසා වැරදි දේ, නිවැරදි දේ නොදන්නා කමින් අපායගාමී වීමෙන් සංසාර ගමනේ ඉපදීමෙන් විදින දුක ගැන කම්පාවී අප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ උපමා, උපමේයන් ඇතිව දුන් අවවාද අනුශාසනා ශ්රී සද්ධර්මය ලෙස දක්වමු..
අපිදැන් බුදුන් කවුද ? උන්වන්සේ දේශනාකල ශ්රී සද්ධර්මය කුමක්ද ? එහි ඇත්තේ කුමක්ද ? යන්න මදක් විමසමු…… (අංගුලිමාල රහතන් වහන්සේ ගැන සිතන්න) කවුද මේ බෞද්ධයා, මොකක්ද මේ බෞද්ධ කම ?
අප බුදුන් වහන්සේ බුද්ධ වුනේ සිය`ඵ දෙය දැනගත් හේතුවෙන් … එවැනිම සමාන තේරුමක් ගෙනදෙන බෞද්ධයා බෞද්ධකම යන වචනයත් ගෙන බලමු.. බෞද්ධයා යනුවෙන් අදහස් වන්නේ අනවබෝධයෙන් තොර ඥානවන්ත බුද්ධිමතා යන්නය.
බෞද්ධ කමෙන් අදහස් වන්නේ අවබෝධයෙන් ගත කරන සංවරකමයි, උගත් කමයි – බුද්ධිමත්කමයි – සංවරකමයි – වැදගත්කමයි අතර විශාල වෙනසක් ඇති බව සිහි තබා ගන්න. කොපමණ උගත් කමක් තිබුණත් තේරුම් ගෙන අවබෝධයෙන් වැඩ නොකරන කථා කරන, සිතන අය බොහෝය. ඔවුන් නමට බෞද්ධ වූවත් බෞද්ධයා යන තේරුම ඔහුට ගැලපෙන්නේ නැත.
පිටතට වැදගත් කමක් පෙන්නුවත් ඔහුගේ හෝ ඇයගේ ඉදුරන් සංවර නොමැතිනම් ඔහු හෝ ඇය ලග බෞද්ධ කමක් නැත. මොවුන් බුදුදහමේ හ`දුන්වන්නේ බෞද්ධයින් ලෙස නොව මිත්යා දුෂ්ඨීකයින් ලෙසය. සුදු ඇන්දට, පන්සල් ගිියාට, මල් පහන් පූජාකර සිල්ගත්තාට, ධනය දානය පූජා කලාට විශේෂයෙන් චීවරයක් ඇගලා ගත් පමණින් බෞද්ධකමේ වත් බෞද්ධයෙකු යන තේරුමවත් ශාක්ෂාත් වන්නේ නැත. එසේනම් බෞද්ධකම තුලින් මිනිසෙකු බෞද්ධයෙකු වන්නේ කෙසේද ?
බෞද්ධයෙකු වීමට නම් අසංවරකමෙන් මිදුන සංවර පුද්ගලයෙක් විය යුතුය. නිරහංකාරකම, නිහතමානී කම නම්යශීලී භාවය නැතිකෙනෙකුට බෞද්ධයෙකු විය නොහැක.
බෞද්ධයෙකු වීමේ පළමු පියවර නම් ශ්රද්ධා වන්තයෙකු වීමයි. මාන්නය, අහංකාරකම, එකට එක කිරීමේ උඩගු කම ඇති අයට බෞද්ධයෙකු වීමට අපහසු බව කීවේ ඒ නිසාය.
ශ්රද්ධාවන්ත කම නම් ශීලවන්ත කමයි, ශීලවන්ත කම නම් සිත මුල් කරගෙන කය සහ වචනයේ නිවැරදි ක්රියාවයි. බෞද්ධයෙකුට ශ්රද්ධාවන්ත කම ඇතිවන්නේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි සත්ය දැන විශ්වාසයක් ඇතිවූ විටයි.
මෙසේ ත්රිවිධ රත්නයේ නොවෙනස් සත්ය ක්රියාවලිය හදුනාගන්නා බුද්ධිමතා වැරදිදේ කිරීමට ලැජ්ජා වනවා. වැරදි දේ කිරීමෙන් සිදුවන විපාකයට බය වනවා. මෙසේ පංච ඉන්ද්රීයන් සංවරව සිතට දෙන සංඥාවන් අනුව සිතෙහි දියුණුව ප්රඥාවන්ත කම නිසා පවෙහි අකුසලයෙහි ප්රතිඵලය තේරුම්ගෙන ලැජ්ජාබය ඇතිව ජීවත් වීමට ක්රියාවලිය සිදු කිරීමට විඥ්ඥානය කරුණු දීම නම් ශ්රද්ධාවන්ත කමයි.
මෙසේ සංවර ඉදුරන් ඇති සිත සොයනුයේ ඊළග නිවැරදි මාවතයි. එයනම් බෞද්ධයෙකු වීමේ දෙවෙනි පියවර වන බෞද්ධයෙකුවීමට සිදුකරන ධර්මතාවයයි. ධම්මානු ධම්ම ප්රතිපත්තියයි. නිවැරදි ක්රමයට අනුව ශ්රද්ධාවන්කම ආරක්ෂා කිරීමත්, වැඩි දියුණු කර ගැනීමට කටයුතු කිරීමත් වැරදි දේ නොකිරීමත්, තිබෙන වැරදි නිවැරදිකර ගැනීමත්ය. ධම්මානු ධම්ම ප්රතිපත්ති අනුගමනය කිරීම වනවා.
ත්රිවිධ පුණ්යක් ක්රියාවන දාන, ශීල භාවනා, සිදුකල යුතුය. දානයෙන් සිදුවන්නේ ආශාවෙන් ඉවත්වීමයි. ශීලයෙන් සිදුවන්නේ සත්යය දැනගැනීමයි. භාවනාවෙන් සිදුවන්නේ සිත සංවරවීමෙන්, සත්යය දැනගැනීමෙන්, සමාධියට පත්වීමයි. මෙසේ ත්රිවිධ රත්නය කෙරෙහි ඇතිවූ විශ්වාසය මත ගොඩනැගුනු ශීල වන්ත කම ඔබව ශ්රද්ධානුශාරී පුද්ගලයෙක් කිරීම තුලින් ප්රතිපත්ති අනුගමනය කිරීමෙන් ධම්මානුසාරී බුද්ධිමත් පුද්ගලයෙක් වීම ශ්රද්ධානුසාරීවීමත් ධම්මානුසාරී වීමත් බෞද්ධයෙකු වීමේ පළමු සහ දෙවන පියවරවල් බව කිව යුතුය.
දැන් ඔබ බෞද්ධයෙකු වී හමාරය. බෞද්ධයෙකු වූ ඔබ දැන්කල යුත්තේ බෞද්ධයෙකු වීමේ පරමාර්ථ වනුයේ නිර්වාණයයි, නිවන් සැපලැබීමයි. මොන්ටිසෝරිය සමත් බෞද්ධයා අවසාන උපාධිය දක්වා යා යුතුය. මරණ දැන්වීමට නිවන් සැප ලැබේවා කියා දැම්මාට නිවන් ලබන්නට බැරි බව දැන් ඔබට වැටහෙනවා ඇත.
ඒ ගමන් මාර්ගනම් සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය අනාගාමී මාර්ගය අරහත් වන ආර්ය මාර්ගයයි. බෞද්ධයෙකු වීමට පලමු පියවරවල් දෙක අනුගමනය කලාසේම ආර්ය මාර්ගය අනුගමනය කිරීමටද පිලිපැදිය යුතු කරුණු අටක් ඇත. එයනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
අරිඅට මග යනුවෙන් දේශනා කර ඇත්තේ බුදුරජාණන් වහන්සේ විසින් නිවන් මාර්ගය ශාක්ෂාත් කර ගැනීමට බුදු පිලිවෙත් අනුගමනය කරමින් සිටින ආර්යයන්ට. දැනගත යුතු, දැනගෙන පිලිපැදිය යුතු යහපත් ක්රියාමාර්ග අටයි. එයනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යාමට පෙර ඒ ස`දහා පිහිට විය යුතු ප්රධාන කරුණු හතරක් ඇත, ඒවානම්
1. කල්යාණ මිත්ර සේවනය (යහපත් ගුණ ගරුක අදහස් ඇති මිතුරන් ලැබීම* 2. සද්ධර්ම ශ්රවණය (නිවැරදි අවවාද අනුශාසනා අසන්නට ලැබීම) 3. යෝනියෝ මනසිකාරය – (අසන්නට ලැබෙන නිවැරදි දෙය නොකිලිටි පිරිසිදු මනසකින් අසා දැන ගැනීම) 4. ධම්මානු ධම්ම ප්රතිපත්තිය – (අසාදැනගත් නිවැරදි දෙය තමන් විසින්ම ප්රායෝගිකව පිළිපැදීම යන කරුණය)
බෞද්ධකම දැන බෞද්ධයෙකු වී බෞද්ධ පිළිවෙත් අනුගමනය කිරීමට පැහැදිලි කල ආකාරය සුළුවෙන් හෝ වටහාගත් බව සිතමි. බෞද්ධයෙකු වීමට වෙර දරන ඔබ මාර බාධක හදුනාගැනීමට මෙය සිහිතබා ගත යුතුය.
දුර්ලබ මිනිසත් භාවය විනාශකරන ලෝභකම ඔබ සිතතුල ඇතිවුනේ මට පමණක් කියන ආශාව නිසයි. රාගය ඇතිවුනේද ඒ ආශාව නිසාය. ද්වේශය ඔබතුල වැඩුනේ මමත්වයට හිමි ආත්ම ගෞරවය වැඩිකර ගන්නයි. මෝහය ඔබසිතතුල වැඩුනේ සැප නියතයි කියන මුලාව පෝෂණය කරන්නයි. බෞද්ධයෙක් වීමේදී සිදුවන්නේ ලෝභ ද්වේශ මෝහ ඉවත්වීමයි. මේජයග්රහණය ඉතාම දුක්සහිතයි.
වේදනාකාරී කටුකයි, බාධක අප්රමාණයි. මේ ජයග්රහණය ලබාගැනීමට වෙරදරන දා සිටම සතුරන් ඇතිවෙනවා ඒ සතුරන්නම් පෙර ආත්මභවවල සිටම ධර්මයට වෛරකරන අයයි.
මේ ගමන යාමට, පෙර පිං බලය අවශ්යම බව සිහිතබාගන්න. ඒ සතුරන් පවුලේම ස්වාමියා, බිරිද දරුවන් සහෝදරයින්, අම්මා, තාත්තා වීමටද පු`ඵවන, එයට හේතුව පෙරකල අකුසල් බලය නිසා ධර්මයට වෛරකිරීමයි. පිටතින් ඇතිවන බාධාවලට වැඩිය පවුලේ ඇතිවන බාධා ඔබට විශාල වශයෙන් දැනෙන්නේ තමන්ගේ කමට ඇති බැදීම නිසාය. මෙසේ මේ අය සතුරන් වන්නේ බෞද්ධයෙකු වීමට ප්රථම ආශාවන් වලට වහල්වීම නිසා කල දෙයින් ප්රතිලාභ ලැබූ අයට ඔබට මුලාව තේරුන පසු මධ්යස්ථ වූනිසා එම ප්රතිලාභ නොලැබුණ නිසාය. එම නිසා බුදු දහමේ සඳහන් වෙනවා විෂඝෝර සර්පයෙකුගේ වලිගයෙන් අල්ලාගත්සේ දැන මේ ගමන ගියේ නැතිනම්, බෞද්ධකම දැන බෞද්ධයෙකු විය යුතු බව ගිලිහී යනවා…
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood