දහම් මග එළි පෙළි කරමු..
අපේ සිත කිලිටි වෙන උපක්ලේශයක් තමයි මදය. මදය කියන්නෙ, මත් වීම. මොකෙන්ද මත් වෙන්නෙ? මම නම් ලේසියෙන් මැරෙන්නෙ නෑ කියලා ජීවිත මදයෙන්, යෞවන මදයෙන් – තරුණකමින්, ආරෝග්‍ය මදයෙන් – ලෙඩක් නැතිව ඉන්නවා කියලා.
මත් වෙච්ච ජීවිතයක් තුළ තියෙන්නේ විනෝදය විතරයි.
ආරෝග්‍ය මදය, ජීවිත මදය, යෞවන මදය තියෙන එක්කෙනා බලන්නෙ ආස්වාදයක් විඳින්න විතරයි.
ඊට පස්සෙ අකුසල් කරනවා. මත් වෙලා ඉන්න කොට, තමනුත් මරණයට උරුම වෙච්ච සත්වයෙක් කියලා අවබෝධයක් නෑ… විනෝද වෙන්න නරක වැඩ කරන්න යමු’ කියලා කියන කොට එක පයින් එයා ලෑස්ති වෙනවා යන්න. ඇයි? මත් වෙලානෙ ඉන්නෙ.
මේ මත්වීම නැති කර ගන්න මොකක්ද කරන්න ඕන? මරණ සතිය වඩන්න ඕන.
මේ ජීවිතය බොහොම තාවකාලික එකක්. මරණ සතිය වඩල මේ ජීවිතයේ අස්ථීර බව සිහි කරන්න ඕන. ලෙඩ රෝගවලට ගොදුරු වෙච්ච එකක් මේ ශරීරය කියල සිහි කරන්න ඕන. යෞවන බව අවසන් වෙනවා මහලූ වීමත් එක්ක. නිරෝගී බව අවසන් වෙනවා රෝගී වීමත් එක්ක. ජීවිතය අවසන් වෙනවා මරණයත් එක්ක. එහෙනම් ‘අපට මත් වෙන්න දෙයක් නෑ’ කියල අවබෝධ කර ගන්න ඕන.
මදයත් එක්ක එන තවත් දෙයක් තමයි ප‍්‍රමාදය. ප‍්‍රමාදයෙන් ගැලවෙන්න නම් සතර අපා භය හිතන්න ඕන. ‘මම සතර අපායෙන් මිදිච්ච කෙනෙක් නෙමෙයි. මේ සංසාරෙ යන්න ඕන සතර අපායට දොරටු විවෘත කරගෙනයි.
මැරිල ගිහින් තිරිසන් අපායෙ උපන්නොත්, පේ‍්‍රත ලෝකයේ උපන්නොත් කවුරුවත් එනව ද බේරන්න?’
බුද්ධ කාලෙ හිටියා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ පෙරේතයෝ වෙච්ච අය. ගෞතම බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා. නමුත් මිනිසුන්ගේ ආයුෂ 20,000 තිබිච්ච කාලෙ පෙරේතයො වෙච්ච අය තවමත් පෙරේත ලෝකයේ. දැන් සාමාන්‍යයෙන් දානමාන දීල පින් දෙනවනෙ. පෙරේත ලෝකයෙන් මුදවන්න බෑ පින් දීලා. පින් දීම මෙහෙම එකක්. මම ඔබට උපමාවක් කියන්නම් තේරෙන්න.
හිර ගෙයක බඩගින්නෙ ඉන්නවා අපේ ඤාතීන් කවුරු හරි. අපි එ්ගොල්ලන්ට කෑම යවනවා. ‘ආ මෙන්න හදාගෙන ආව කන්න බොන්න’ කියලා ටිකක් යවනවා වරින් වර. හිරෙන් නිදහස් කරන්න බෑ අපට. අර බඩගින්න නැති කරන්න උදව් කරන්න පුළුවන්. ඇඳුම් නෑ. අපි ඇඳුමක් යවනවා මාසෙකට වතාවක්, අවුරුද්දකට වතාවක් ‘අඳින්න’ කියලා. හිර ගෙයින් බේරන්න බෑ.
අන්න එ් වගේ පෙරේත ලෝකෙන් අපට කෙනෙක් මුදවන්න බෑ. එකම දෙයයි කරන්න පුළුවන්. මෙලොවින් පින් දීලා, එ් පින්වලින් එයාට යම්කිසි සැනසිල්ලක් උදාකරවන්න පුළුවන්. නමුත් එ් පින් දෙන එක්කෙනත් කලක් යනකොට මැරිල යනවා. ඊට පස්සෙ ආයෙ එයාට පින් නැතිව යනවා. ආයෙමත් අර පෙරේත ලෝකෙ ඉන්න ඕන එයා. සමහරවිට අවුරුදු දහස් ගානක් ඉන්න වෙනවා.නිරයේ ගියොත් කිසිම බේරිල්ලක් නෑ. තමන් අතින් කෙරිච්ච ඔක්කෝම අකුසල් ටික මතක් කරල දෙනවා යමරජ්ජුරුවෝ. මතක් කරල දීල කියනවා ‘‘කරන්න දෙයක් නෑ. තමන් රැස් කර ගත්තු දේ දැන් ඉතින් විඳවන එකයි ඇත්තේ” කියලා. අන්න විඳවන්න පටන් ගන්නවා.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එ් ප‍්‍රමාදය හිතට කිලූටක්. දැන් ඔබට සිත අපිරිසිදු වෙන හැටිත් මම කිව්වා. එ්කෙන් හිත බේරගන්නෙ කොහොමද කියලත් පෙන්වා දුන්නා.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එ් අකුසලවලින් හිත බේරගත්තු එක්කෙනා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්නවා.බුදුරජාණන් වහන්සේ මේ ධර්මය කියා දුන්නේ නැත්නම් අපට කවදාවත්ම මේ හිත අකුසලයෙන් බේරල, කුසලයේ පිහිටුවා ගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. එ්ක ලෝකයේ කිසි කෙනෙක් නොදන්න බුදුන් වහන්සේ පමණක් පහදන සත්‍යයක්…
මේ දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!!!
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood