Temples of Sri Lanka

ඇසළ සඳ කිරණින් නිවේවා!!! භව දුක්

ලක්වැසි බෞද්ධ ජනතාවට සුවිශේෂ වූ පොහෝය දිනයක් ලෙස ඇසළ පුර පෝය දිනය හැඳින්විය හැකිය.

ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමයටයි. මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වීම ඊට විශේෂයි.

බෞද්ධ ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි ඇසළ පුන් පෝය දිනයේ දී සිදුව තිබේ.

🙏බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් තෙමසකට පසු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයෙහි දී පළමුවන ධර්ම සංගායානාව පැවැත්වීම සඳහා මූලික කටයුතු අරඹන ලද්දේද ඇසළ පුන් පෝදාය.

🙏මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහ සඟරුවන විසින් ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කර අරිට්ඨ කුමරා ඇතුලු ප්‍රධාන පිරිසගේ පැවිදි උපසම්පදාව සිදුවූයේ ද ඇසළ පුන් පෝදාකය.

🙏අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකය.

🙏මිහින්තලයේ කණ්ටක චෛත්‍යය වටා කරවූ අට සැටලෙන් පූජාව සහ දෙසැටක් රහතන් වහන්සේලාගේ මෙරට පළමු වස් එළඹීම සිදුවූයේ ද ඇසළ පුන් පෝදාය.

🙏සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකය.

🙏එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද අද වැනි ඇසළ පෝය දිනකය.

🙏ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

🙏තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

🙏කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

🙏විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසළ පොහෝ දිනටයි.

🙏දුටුගැමුණු මහරජතුමා විසින් රුවන්වැලි මහ සෑය ඉදිකිරීමට මංගල ප්‍රතිෂ්ඨාපනය සිදු කරන ලද්දේ ද එමෙන්ම විවිධ ප්‍රාතිහාර්ය මධ්‍යයේ එම රුවන්වැලි මහ සෑ රදුන්ගේ ධාතු නිධානය සිදුකරන ලද්දේත් ඇසළ පුන් පෝදාකය.

🙏 එමෙන්ම ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වනු ලබන ඇසළ පෙරහරේ ආරම්භය සිදු වූයේ ද ඇසළ පුන් පෝදාය.

මේ ආදී වශයෙන් බලනවිට බෝසත් සිරිත මෙන්ම අසිරිමත් බුදුසිරිතේ ද සම්බුද්ධ ශාසනයේ ද මෙරට ශාසන වංශ කථාවේ ද අසිරිමත් සිද්ධීන් රැසක් අනුස්මරණය කෙරෙන ඓතිහාසික දිනය ඇසළ පුන් පෝදාය.

ඇසල සඳේ සඳ කිරනින් භවේ අඳුර දුරුවේවා!!!

මේ ප්‍රාර්ථනය
බෞද්ධ සහෝදරත්වයෙන්…

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X