Temples of Sri Lanka

වසල ගති දුරලමු………

වසල යන වචනයෙහි අරුත හරි හැටි තේරුම් ගැනීමට අපට බොහෝ වටින්නේය .ඒ පිළිබඳව කරුණු විමසීමකදී එක් පුද්ගලයකු ඉදිරිපත් කළ පුවතකින් උදාහරණ ගෙන බලමු.

 

එය එක්තරා නිවසක සිදු වූ සිද්ධියක් වූ අතර ඥාති සම්බන්ධතාවයක් පවසා ගෙන ආ පුද්ගලයකුට නවාතැන් දීම නිසා එම නිවසෙහි සිදුවූ සොරකමක් ගැන විස්තරයක් කළ පියා මෙහෙමත් වසලයන් රටේ ඉන්නවා නොවේදැයි…. මව සමග පැවසූ බව මේ කථා වස්තුවෙන් කියවෙනවා. වසල යන වචනය තේරුම් ගැනීමට එම සිද්ධිය ඉවහල් වන බව එයින් පැහැදිලියි.

 

පැරණි ඉන්දියාවේ බමුණෝ වසල යන වචනය කුලහීනයා චණ්ඩාල යා යන අරුත් ගැන්වීමට යෙදූ ව්යවහාරයක් බවට පත්ව තිබුණා. එහෙත් බෞද්ධ සමාජයේ මෙම වචනය ව්යවහාර වන්නේ ගුණයෙන් හීන යන අරුත දීම සඳහායි සමාජ ද්රෝහී ක්රියාවල යෙදෙන ගුණ හීන පුද්ගලයා ධනයෙන් කුලයෙන් කෙබඳු පුද්ගලයෙකු වුවත් ඔහු වසලයකු වශයෙන් සලකා බෞද්ධ සමාජයෙන් කොන් කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ වසල සූත්රයේ දී මෙලොව පරලොව දුගති ගාමී වීමටත් හේතුවන පවිටු ගති ඇත්තා වසලයෙක් ලෙස වදාළේ මේ කරුණ නිසාමයි .

 

මිනිසා සමාජයේ ගර්හාවට භාජන වන හැම ක්රියාවක් ම කම කරන්නේ වැරදි කිරීම සඳහා ලජ්ජා බිය නැතිකම නිසයි
මේ ලැජ්ජා බිය දෙකම ලෝකයේ මනා පැවැත්ම සඳහා අවශ්ය ධර්ම දෙකක් නිසා ලෝකපාලක ධර්ම නමින් හඳුන්වනවා ලෝකපාලක ධර්ම සඳහා බිය නැතිකම නිසාම අපි සමාජයේ විවිධ මට්ටම් වලට අයත් පුද්ගලයින් නොයෙක් සමාජ විරෝධී අපරාධයන් සිදු කරන ආකාරය පුවත්පත් සඟරා වාර්තා ප්රවෘත්ති ප්රචාරයන් වලින් දිනපතා ම වාගේ දක්නට අසන්නට ලැබෙනවා.
අසන්නට දකින්නට ලැබෙන ප්රවෘත්ති වාර්තා අතර යම් වාර්තාවක් දෙස අපේ මනස මෙන්ම මසැස යොමුකර බලමු …

 

” පොලිස් වාර්තා අනුව මාසයේදී සාහසිකයන් අතින් මරුමුවට පත් වූවන්ගේ සංඛ්යාව 97 ki සන්කි සන්නද්ධ කොල්ලකෑම අසූවකි මීට අමතරව මඟ රැක සිට කොල්ලකරුවන් විසින් සිදුකර ඇති මංකොල්ලකෑම ගණන දාහතරකි ගෙවල් බිඳ භාණ්ඩ සොරා ගෙන යාමේ සිද්ධීන් 219 කි සාමාන්ය සොරකම් 127 කි.”

 

පොලිසියට වාර්තා නොකරන ලද සොරකම් හා මංකොල්ලකෑම් සංඛ්යාව ද මෙයට එකතුවූ විට දින තිහක් වැනි සුළු කාලයක් තුළදී රටේ සිදුවන අපරාධ සංඛ්යාව කෙනෙකුට මෙනෙහි කිරීමට හැකියාවක් ඇත
බුදුරජාණන් වහන්සේ වසල ගති වශයෙන් හැඳින්වුණු මෙබඳු අපරාධ ක්රියා අපේ සමාජය තුළ මෙසේ සිදු වන්නේ ඇයි මෙයට ප්රධාන හේතුව ඉහත සඳහන් වූ ලජ්ජා භය නැතිකම යයි වදාළා.
ඔබ වරදක් කිරීමට පෙළඹුණු විට ඔබ ගැන සිතා එය කිරීමට ලැජ්ජා විය යුතුයි ඔබ ඔබේ වයස උගත්කම දක්ෂතා ආදිය ගැන සිතා එම වරද කිරීම මගේ වයසට උගත්කමට දක්ෂතාවලට නොගැලපෙන නිසා නොකළ යුතු යැයි තීරණය කොට එම වරදින් මිදීම කළ යුතුම දෙයක්.

 

එසේම කිරීමට බිය ඇති කර ගත යුතුයි. කිසිම වරදක් රහසින් කළ නොහැකියි වරදක් කළොත් එය දැන ගන්නා පළමු පුද්ගලයා ඔබයි ඔබ විසින් සිය දහස් වර සිතින් පෙළඹවීම වන විට එය සැඟවීම නොව යළි යළිත් නොකිරීමට ඉටා ගැනීමයි කළ යුතු වන්නේ.
එම ආයති සංවරය උතුම් ගුණාංගයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ බුදු දහමෙහි මනා ලෙස උගන්වා තිබෙන හෙයින් ඔබට වසල ගති රාශියකින් මිදී සිටීමට හැකියාව ලැබෙනවා.

 

අනුන් හෙළා කතා කතාකිර කිරීම අනුන්ට පරුෂ වචනයෙන් බැන වැදීම බෞද්ධ සමාජය පිළිකුල් කරන වසල ගති. සුළු දෙයින් කිපී කනට පිලිකුල් වචන කියන්නන් සමාජයෙහි වෙසෙනවා එයට ලක්වන තැනැත්තා චිත්ත පීඩාවට ලක්වන බව ඔහු කෙසේවත් සිතන්නේ නැහැ මහත්මා ගති ඇත්තෝ කෙනකු බැණ වැදුණත් නොඇසුණා සේ නිහඬව ඉන්නවා
අප විසින් සමාජයට ඉටු කළ යුතු සමාජමය යුතුකම් පවතිනවා ඒවා පැහැර හැරීම සමාජයෙන් කොන් වීමට ප්රබල හේතු සාධකයක් වනවා සහ එය වසල ගතියක් බවට පත්වනවා
දෙමාපියන්ට සැලකීම බෞද්ධ සමාජය දරුවන් ගෙන් ඉටුවිය යුතු වැදගත් ම යුතුකමක් දෙමාපියන්ගේ උදව්වෙන් දියුණු වූ දරුවන් ඊට කෙළෙහි ගුණ සැලකීමට බැඳී සිටිනවා දෙමාපියන් මහලු වියට පත් ව අසරණ ව දුක් විඳිද්දී දරුවන් ඒ දෙස නොබලා අහක බලා ගනී ඔහු සමාජයෙන් නිග්රහයට භාජනය වනු නියත කරුණක් වසලයකු වශයෙන් සලකා බෞද්ධ සමාජයෙන් ඒ පුද්ගලයා කොන් කරනු ලබනවා

 

අපි පූජ්ය පක්ෂය භික්ෂූන් වහන්සේ විඳින දුෂ්කරතා තේරුම් ගෙන උන්වහන්සේට ගෞරව සත්කාර කිරීම බෞද්ධයන් වශයෙන් අපගෙන් ඉටුවිය යුතු යුතුකමක්
භික්ෂූන් වහන්සේලාට දොස් නගමින් එම යුතුකම පැහැර හැරීම බෞද්ධ කමට කරන නිගාවක් ..වසල ගතියක්
මෙබඳු වසල ගති සියල්ල හඳුනාගනිමින් උතුම් ගති ඇති කර ගනිමින් හොඳ බෞද්ධයෙක් ලෙස ජීවත් වීම මනා මනුෂ්යත්වයක ලක්ෂණයක් ….

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X