Temples of Sri Lanka

දහමට පිවිසෙමු

ලෝකය වේගයෙන් නවීන විද්‍යාවේ දියුණුව කරා ගමන් කරමින් සිටි. අභ්‍යාවකාශය වෙත ගොස් නොනැවතුණු මිනිසා සඳතරණය කළේය. එයින් නොනැවතුණු ඔහු ලෝකයේ ඔනෑම තැනකට ක්ෂණිකව යාමට හැකි තාක්ෂණයක් නිපදවා හමාරය.

හැකිලූ අතක් දිගහරින්නට පළමුව ලොවම සුනු විසුණු කළ හැකි අවි නිපදවන්නටද ඔහු සමත්වී ඇත.

මේ ගැන තවදුරටත් පවසමින් ඔබ වෙහෙසට පත්කරන්නේ කුමකටද? නමුත් මේ වේගයෙන් දිව යන නවීන විද්‍යාවෙි දියුණුව කෙළවර කොතැනකද  කවදාද, කිව හැක්කේ කාටද?

ලොව මේ දියුණුව කරා දිවගොස් ඇත්තේ සාමය,සදාචාරය,සන්හිදියාව,ආධ්‍යාත්මික සුවය, මේ සියල්ල අතරමග අතහැර දමාය. ඒ නිසා නවීකරණයෙන් ලැබෙන සුව,පහසු, අභිබවා මා මුලින්ම හැඳින් වු සාමය  සදාචාරය ආදි වූ අප කළන මිතුරන් අතහැර දමා ආ නිසා එන අනිටු විපාකයන්ට අපට මුහුණ දිමට සිදුවී ඇත.

මා මෙය කීවිට එය එසේ නොවේ යැයි කිමට සමතෙක් ලොව නැතැයි මා අවධාරණය කරන්නේ ඔබට එය සිකා බැලීමට ඉඩදෙමිනි.

අද උදාවී ඇති ලෝක අර්බුදය හමුවේ තාක්ෂණය නිරුත්තර වී ඇත ලෝකයා හඬා වැළපෙමින් කළයුත්ත සිතා ගත නොහැකිව අතරමන් වී ඇත.

දහම් පිපාසාව දැඩිසේ ලොව තරණය කරමින් සිටි මිනිසා කළ අතපසුවීම් ගැන වැළපෙමින්, අත ඇති මුදල්, දොර කවුළු වලින් එළියට විසිකරමින් හඬා වැටෙන අයුරු දැක වැළපෙන්න එපා යැයි මම ඔබට අවවාද කරමි, ඉන් ඵලක් නැත.

අපි දහමට පිවිසෙමු. සාමය, සදාචාරය, සන්හිදියාව, ආධයාත්මික සුවය නම් වූ නළණ මිතුරන් අප වෙත කැඳවා ගැනීමට අපහසු නොවනු ඇත.

ඔබ බාල තරුණ මැදිවියේ ඔනෑම වයසක කෙනෙක් විය හැක කම් නැත.

“සබ්බේ සත්තා භවන්කු සුඛිතත්තා” නම් වූ ලොව සනසන අමා දියදයර ගලා යන සදහම් ක්ෂෙම භූමියට පිවිසෙමු.

පළමුව “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස”  ඔබ මේ පාඨය එක්වරක් නොව සිය දහස් වාරයක් සමහර විට දස දහස් වාරයකට වඩා කියවා ඇත.  සමහර විට එයට වඩා වන්නටත් පුළුවන දෑත නලළ මත තබාගෙන කියවන්නටත් ඇත. සමහර විට එකවරක්වත් නොකිවූ කෙනෙක් වන්නටද පුළුවන කම් නැත, ඒත් එහි අරුත පහදාගමු.

එවිටය මේ දහම් සුවය හදවතට දැනෙන්නේ, මනසට සිසිල දැනෙන්නේ. එහි අර්ථය නම්,

ඒ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා යන්නය. තවදුරටත් පැහැදිලිව තේරුම් ගන්න මහා පුණ්‍යවන්ත වු , අති පුජනීය වූ , තමන්ට හෝ අන්‍යයන්ට අවැඩ වන පවුකම් නම් වූ  කිසිදු කටයුත්තක නොයෙදෙන,විශ්වයේ ඇති සියල්ල අතටගත් නෙල්ලි ගෙඩියක රසය වැටහෙන්නා සේ තම නුවණින්ම මහා ප්‍රඥවෙන්ම අවබෝධ කරගත්, බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

මෙය හොදින් මනසෙහි දරාගෙන පිවිසෙන්න තවත් ඉදිරියට යන්න අපි තිසරණ සරණ යමු.

බුද්ධං සරණං ගච්ඡාමි!

ධම්ං සරණං ගච්ඡාමි!

සංඝං සරණං ගච්ඡාමි!

පළමුව බුද්ධං යනුවෙන්ද දෙවනුව දුතියම්පි යනුවෙන්ද තෙවනුව තතියම්පි යනුවෙන්ද  බුදු සමිදු ගියමග යමි. උතුම් වූ ශ්‍රී සද්ධර්මය සරණ යමි. සැරියුත්, මුගලන්, ආනන්ද කාශ්‍යප ආදි අසූමහ ශ්‍රාවකයන් වහන්සේලා අනුව යමි. මනසින් පැහැදිලි කරගන්න. එය පහසු නොවනු ඇත මග නොදැන කෙසේ යන්නදැයි ඔබ සිතනු ඇත ටිකක් ඉවසිලිවන්ත වෙමු මම ඔබට උදවු කිරිමට සුදානම්ය.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගමන් මග හඳුනා ගන්නට නම් යම්තරමින් වත් බුදුගුණ දැනගත යුතුය. එහෙත් බුදුගුණ කිවහැක්කේ තවත් බුදුකෙනෙකුට බවත් එය කල්පයක් පුරා දේශනා කළත් කල්පය අවසන් වන මුත් බුදුගුණ අවසන් නොවන බවත් බණ පොතෙහි සදහන් වන බව අසා නැතුවා වන්නටද පුළුවන.

ධර්මයේ ගුණයද  උතුම් සඟ ගුණයද අනන්තය…

එසේ හෙයින් අප පියවරෙන් පියවර ඉදිරියට යාමේදී ඔබට බුදු මග, දහම් මග මහ සඟ ගමන් මග, පැහැදිලි වනු ඇත.

ඒ සදහා පන්සිල් සමාදන් වෙමු….

  1. පාණාති පාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි!
  2. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි!
  3. කාමෙසු මිඡ්චාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි!
  4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි!
  5. සුරාමේරය මඡ්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි!

ඊළගට ඉදිරිපත් කිරිමේදී නැවත මා ඔබට සහය වන්නේමි.

 

අභිධර්මාචාර්‍ය ඊ. ඉන්ද්‍රා විජයලතා වෙරළ

Photo by Pensiri Mahasutthikul (Thailand) featuring Devnaka Porage

© Buddhist Brotherhood

You might also like
en English
X
X