පන්සිල් සමාදන් වූ ඔබ දැන් සිල්වතෙකු වී ඇත. ඒ ලෝක ව්‍යවහාරයට අනුවය. සත්‍ය වශයෙන්ම ඔබ සිල්වතෙකු වීමටනම් පංචසීලය කුමක්දැයි වටහාගත යුතුය.
පංචසීලය කුමක්දැයි වටහාගත් විට තෙරුවන් සරණ යාමට මග තෝරාබේරා ගතහැකිය. බුදු මග , දහම් මග මහා ශ්‍රාවක සඟරුවන යන මග වටහා ගැනීමට එය පහසුවක් වනු ඇත.
මේ පංචසීල ප්‍රතිපදාව බෞද්ධ දර්ශනයේ මූලිකම සරලම ක්‍රියාදාමයක් වුවද එය අනුගමනය කිරීම එතරම් පහසු නැත. මිනිසා නිතැතින්ම වැරදි දෙය අයහපත් දෙය වෙත නැමීමේ ප්‍රවනතාවය, හොද දෙය හා යහපත් දෙය වෙත යොමු වීමේ ක්‍රියාවලියට වඩා බොහෝ සෙයින් වැඩි බව බැලූ බැල්මට පෙනෙන දෙයකි එය මිනිස් සවභාවයයි.
තුන් කල් දත් බුදු නුවණින් ඉහත කිව් කරුණු අභිභවා යා හැකි මේ සීල ප්‍රතිපදාව පෙන්වා දී ඇත්තේ ඒ නිසාය. පළමු වැන්න “පානාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමී” යන්නයි. සතුන් මැරීමෙන් වෙන්වූ ශික්ෂා පදය සමාදන් වෙමි
කයින් සිදුවන පළමු වරද මේ ප්‍රාණඝාත අකුසලයයි. එය අකුසලයක් වන්නේ කෙසේද? සියලු සත්ත්වයෝම දඬුවමට බියය. මරණයට බියය. තමතමාගේ ජීවිත වලට ප්‍රියකරති. එහෙයින් තවකෙකුගේ ජීවිතය උදුරා ගැනීමට අකුසලයක් බවට පත්වේ.
මෙය අකුසලයක් බවට පත්වන අයුරු තවදුරටත් බුදු දහමේදී පැහැදිලිකරදී ඇත.
1.සත්ත්වවයෙකු වීම.
2.සත්ත්වවයෙකු බව දැනගැනීම.
3.මරණ චේතනාව.
4.උපක්‍රම යෙදීම
5.එයින් මරණයට පත්වීම.
ඉහත දැක්වු කරුණු පහ සම්පුර්ණ වීමෙන් ප්‍රාණඝාත අකුසලය සම්පූණ වේ.
කෙසේ වෙතත් මා තවකෙකුගේ ජීවිතය උදුරාගැනීමෙන් මුළු සමාජයකටම ලැබෙන්නේ සංහිඳියාවක් නොවේ. තරහව , වෛරය , කෝපය හෝ කැමැත්ත ( ඡන්දය ) ද්වේෂය , භය , මුලාව , නිසාද තව ප්‍රාණියකු නැසීමට ඉදිපත් වෙනු ඇත. ඒ කුමන අයුරකින් කුමන හේතුවක් නිසා වුවද පරපණ නැසීම නිසා ලැබෙන විපාක නොලැබී යමක් සිදුවන්නේ නැත. එයද දැනගැනීම ඔබට අවශ්‍ය බව මම දනිමි.
1.අල්පායුප්ක වීම ( අඩුආයුෂ )
2.ලෙඩරෝග ඇතිවීම.
3.ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවන දුක් බහුලවීම.
4.බියෙන් කල් ගෙවීම.
5.සතර අපායෙන් දුකට පත්වීම.
යනුයි මේ සියල්ල දැන හෝ නොදැන අපි පරපණ නැසීමෙන් වෙන්වීම නිසා හදවතට දනවන සිසිල අපමණය.
ධම්ම පදය බෞද්ධයන්ගේ හස්ථසාර ග්‍රන්ථයක් වන අතර එම ග්‍රන්ථයේ එන වග්ග විසිහයෙන් එකක් වන දණ්ඩවග්ගයේ එන මේ ගාථාවක් පැහැදිලි කර කියවා බලමු.
සබ්බේ තසත්ති දණ්ඩස්ස
සබ්බේ භාහන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
නහනෙය්‍ය න සාතයේ
සියල්ලෝම දඬුවමට නිසා මරණයට බියය. තමා උපමාවට ගෙන අනුන් විනාශ නොකළයුතුය. අනුන් ඝාතනය නොකරන්න. මෙහි කෙටි අරුතයි. මේ වැනිම කරුණු රාශියක් ධම්මපදයේ දණ්ඩවග්ගයේ සදහන්ව ඇත.
එවැනි වැදගත්ම සදහන් කළයුතු කරුණු වන්නේ මේ අකුසලයෙන් වෙන්වී සිල්වතෙකු වීමෙන් ලැබෙන ආනිසංස දැනගැනීමය.
උතුම්වු අනිසංස විසිතුනකි.
ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම.
ජව සම්පත්තියෙන් යුක්ත වීම.
මනාව පොළොවෙහි පිහිටන පියවර ඇත්තෙකු වීම.
රන්වන් පාට සිරුරක් හිමිවීම.
මුදු මොළොක් සිරුරක් ඇත්තෙකු වීම.
නිර්මල වූ පිරිසිදු පැතුම් ඇත්තෙකු වීම.
සුරවීර ගති ඇත්තේකු වීම
මහා බලවන්‌තයෙකු වීම.
නොපැකිල කිවහැකි වචන ඇත්තේකු වීම
ලොව හැමවිටම ප්‍රියමනාප කෙනෙකු වීම
පහකළ දොස් නැති නිදොස් කෙනෙක් වීම.
කෙනෙකුට කේළාම් කියා බිඳවිය නොහැකි පරිවාර ඇත්තෙකු වීම.
තැති නොගත් කෙනෙකු විම.
විනාශ කළ නොහැකි කෙනෙක් වීම.
අන් අයෙකුගෙ උපක්‍රම වලින් මරණයට පත් කළ නොහැකි වීම.
මනා පිරිවර සම්පත්තියෙන් යුක්ත වීම.
සුරූපි පුද්ගලයෙකු වීම.
මනා පෙනුමක් ඇත්තෙකු වීම.
අල්ප ආබාධ ඇත්තෙකුවීම.
ශෝක නැත්තෙකු වීම.
ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදු නොවීම.
දීර්ඝායුෂ ඇත්තෙකු වීම.
මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම.
මෙම ආනිසන්ස දැන දැනත් ප්‍රාණඝාතයේ යෙදෙන්නා මුලාවු පුද්ගලයෙකු බවත් එසේ නොවන්නා සොඳුරු සිල්වතෙකු වීමත් කොතරම් පුන්‍යවන්කයෙක්ද?
නැවත මෙවැන්නකින්ම හමුවෙමු
අභිධර්මාචාර්‍ය ඊ. ඉන්ද්‍රා විජයලතා වෙරළ
Photo by Pensiri Mahasutthikul (Thailand) featuring Devnaka Porage
© Buddhist Brotherhood