බුදු දහමෙන් ප්‍රකටවන මනුෂ්‍යත්වය…
බුදු දහම මුළු මහත් විශ්වයටම පොදු වූ දහමක් එවැනි දහමක් තුළින් දිස්වන මනුෂ්‍යත්වය පිළිබඳව අප විමසා බැලීම ඉතා වැදගත් දුල්ලභංච කියූ ආකාරයටම මිනිසත් බව ලැබීම ඉතා දුෂ්කර වූ කාරයක් එබඳු දුෂ්කර වූ මිනිසත් බව කෙසේ ගත කළ යුතු වන්නේ ද යන්න පිළිබඳව බුදුදහම නිරතුරු විමසා බලයි.
සත්ත්ව ප්ව ප්‍රජාව හා සසඳා බලන විට මිනිසා ඉතා උසස් තත්ත්වයක ලා සැලකේ එසේ උසස් වන්නේ අන් සත්වයාට වඩා උසස් මනසක් හිමි බැවිනි.
මිනිසා මිනිස් සමාජය තුළ ජීවත් වීමේදී එම ජීවිතය තුළ අනිවාර්යෙන්ම තිබිය යුතු වටිනා ගුණාංග දෙකක් පිළිබඳව බුදු දහමේ අවධාරණය කරයි එනම් “හිරි ඔත්තප්පියං ධනං” යන්නෙන් පැහැදිලි වන පරිදි ලැජ්ජා හා බය මනුස්ස ජීවිතය තුළ දක්නට ලැබේ නම් ඒ තුළින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් මිනිසකු දක්නට ලැබේ
මේ කියන ලද ලැජ්ජාව සහ බය යන දෙක දේවධර්ම වශයෙනුත් හඳුන්වයි පස්පව් හා දස අකුසල් යනාදිය කිරීමට ඇති ලැජ්ජාව හා බය මෙහිදී අවධාරණය කරයි ලැජ්ජා භය දෙක යම් මිනිසකු තුළ නොමැති නම් ඔහු තිරිසන් සත්වයකු හා සමාන තත්වයකට පත්වේ මෙම ගුණාංග සතු වන පුද්ගලයා තුළ සාරධර්ම සංවර්ධනයක් දැකිය හැක මිනිසා හා තිරිසන් සත්වයා අතර පවතින වෙනස වන්නේ ද මෙම සාරධර්ම පිළිබඳව පවත්නා වූ වෙනස්කමයි
සංස්කෘත සාහිත්‍යයේ එන ශ්ලෝකවල ද මේ පිළිබඳ ව කරුණු සඳහන් කරයි
බුදුරජාණන් වහන්සේ දෙසූ සූත්‍ර දේශනාවන් විමසා බලන විට එය තුලින් මිනිසත් බව ඉස්මතු කොට දැක්විය හැකි සූත්‍ර දේශනාන් කොතෙකුත් දැකිය හැක.
මංගල, පරාභව ,වසල, සිඟාලෝවාද, යනාදී සූත්‍ර දේශනාවලින් එය මනාව ස්ඵුට වේ. මංගල සූත්‍රය ගෙනහැර බලන විට මිනිසා සාමාජිකයකු හැටියට ඉටුකළ යුතු යුතුකම් රාශියක් පෙන්වා දෙයි
“මාතා පිතූ උපට්ඨානං” මව්පිය උපස්ථානය ඉතා වැදගත්ය තම කුඩා කල සිට ඇති දැඩි කළ හොඳ නරක කියා දී මඟ නොමඟ කියා දුන් දෙමව්පියන්ට සැලකීම දේශනාවෙන් පමණක් නොව බුදු හිමියෝ ක්‍රියාවෙන්ම ඔප්පු කළ සේක ඒ සඳහා කිඹුල්වත් පුරට ගොස් පියාණන්ට දහම් අවබෝධ කර වූවා සේම තව්තිසා දෙව්ලොවට වැඩම කොට මාසයක් බණ දේශනා කොට දහම් අවබෝධ කරවීමට කටයුතු කළ සේක
එසේම වසල සූත්‍රය තුළින් මිනිසා වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ තම තමන් කරන ක්‍රියාවෙන් මිස උපතින් නොවන බවද පෙන්වා දී ඇත
නජච්චා වසලෝ හෝති
නජච්චා හෝති බ්‍රාහ්මණො
කම්මනා වසලෝ හෝති
කම්මනා හෝති බ්‍රාහ්මනෝ
මේ අනුව බලන විට තමන් කරන ක්‍රියාවන් හෝ මනුෂ්‍යත්වය විද්ධමාන වන බව වසල සූත්‍රය ඇසුරින් පෙන්වා දී ඇත යමෙක් වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ තමන් කරන හොඳ හෝ නරක ක්‍රියාවලින් තුළ බව මෙයින් බුදු බුදුහිමියන් පෙන්වා දී ඇත
පරාභව සූත්‍ර දේශනාව තුළින් මිනිසාගේ පිරිහීමට හේතුවන කරුණු කාරණා රාශියක් දේශනා කර ඇත
ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම සුරා සොඬෙකු වීම සූදු කෙළීම යනාදී මනුස්සත්වය යටපත් කොට යමෙක් විනාශයට ගෙන යාමට හැකි කාරණා බව පරාභව සූත්‍රය හරහා සඳහන් වන කරුණු වෙයි ඒ තුළින් මිනිසත් බව විදහා දැක්වීමට සමත් කරුණු බොහොමයක් අඩංගු වී ඇත.
තමන් උපයා සපයා ගත් වස්තුව පළමු කොට තමන් භුක්ති විඳීමෙන් මවුපියන් තම දරුවන් යා තිත මිතුරන් දෙවනුවට සතුටු කළ යුතු බව දක්වා තිබේ මෙය තුළින් පෙන්වා දී ඇත්තේ මිනිසකු වශයෙන් සමාජයට යුතුකම ඉටුකළ යුතු ආකාරය යි
බුදු හිමියන් අසරණයින්ට සරණ වීම තුළින් තම මනුෂ්‍යත්වය ලොවට විදහා දැක්වූයේ ය පහත් යයි සම්මත කුලවල උපන් සුනීත සෝපාක වෙන්න තම ශාසනයට ඇතුළු කරගෙන ඔවුන්ට ද රජ දරුවන්ගෙන් පවා වැදුම් ලැබීමට සැලැස්වීම තුලින් තමන් තුළ ඇති කරුණාව ලෝකයාට පෙන්වා දී ඇත සතර දෙසින් ගලා බසින ගංගා වූ එකම දේ සාගරයට එකතු වූ පසු එය මුහුදු ජලය මිස ඒ ඒ ගංගා නාමයන්ගෙන් හැඳින්වීමක් වන්නේ නැත එසේ ම ඒ ඒ කුල වලින් බුදු සසුනේ පැවිදි වූ අය ඒ ඒ කුල නම්ගොත් වලින් නො අමතා බුද්ධ ශ්‍රාවකයා නමින් හැඳින් වීම තුලින් තමන් වහන්සේගේ මනුෂ්‍යත්වය ලොවට ප්‍රදර්ශනය කර ඇත
මෙලෙස බුදු දහම තුළින් ප්‍රකට කරන්නේ භෞතික සැප සම්පත් විඳිමින් යථාර්ථය අවබෝධ කරගෙන මේ සසර දුකින් එතෙර වීමට උත්සාහ කළ යුතු බවයි
සියල්ල අනිත්‍යයි .එහෙයින් තම තමන් උත්සාහවත් ව කටයුතු නොකොට තමන්ගේ විමුක්තිය සලසා ගත නොහැකි බව බුදුන් වහන්සේ සඳහන් කර ඇත
බුදුරජාණන් වහන්සේ මාර්ගෝපදේශකයෙක් පමණි එහි ගමන් කිරීම අප සතු වගකීමයි එය තමන් විසින්ම සකසා ගත යුතුය.ඒ සඳහා අවශ්‍ය මඟ උන්වහන්සේ පෙන්වා දී ඇත එහි යෑම කළ යුතු වන්නේ අප විසිනි එය අපගේ කාර්යයකි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood