පුදමු මේ කුසුම්…
මල් පූජා කිරීම තුලින් අපට සුගතියට පත්වෙන්නට හැකියාවක් තියෙනවා.
චිත්ත ප්‍රසාදයෙන් යුතුව කරන පුද පූජාවන් සුගති පැවැත්මක් සකසා දෙන්නට හේතු වන නිසාම යහපත්වූ ප්‍රතිඵල තිබෙනවා…
සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම, බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම, දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම, සිත එකග කරගැනීමට හැකිවිම, ප්‍රාර්ථනා පරිදි නිවනට හේතු විම, ලෙඩ රෝගවලින් වැලකිම, අන්‍යන්ට වඩා බලගතු විදසුන් ප්‍රඥාවක් ලැබීම, වචනය බොහෝ දෙනා ප්‍රිය භාවයෙන් පිලිගැනීම ආදී අනුහස් නම් ලැයිස්තුවක් වුනත් ඔබට ලබාගන්නට හැකිවේවි.
මේ දේවල් එකින් එක නොකියන්නේ පැවැත්මක් වර්ණනා කරන්නට සිත නොනැමෙන නිසාමයි… මේ දේවල් සොයාගෙන මේ වන විට ලැයිස්තුගත වී තිබෙන්නේ එක් එක් චරිත කතා වලින්මයි. කෙසේ නමුත් යහපත් දෑ කරන විට යහපත් ප්‍රතිඵලත් අයහපත් දෑට ඒ හේතුවෙන් අයහපත් ප්‍රතිඵලත් ලැබෙනවා යන්න ඔබට වටහාගන්නට අපහසු නැතිව ඇතිනේ. නේද?
ඉතින් මේ වන විට මිනිසත් භවයක් ලබාගෙන පිනට දහමට ලැදි සිතක් තිබේ නම් ඒ සසර පුරා මේ ආදී වශයෙන් පින්කටයුතු වල නිරතවූ නිසාම බව තෝරාගන්නටත් සිතාගන්නටත් ඔබට අපහසු නැතිව ඇති. එහෙත් පින්කම් ආදී යහපත් දෑ විවේචනය කරමින් කුකුස් කරමින් තර්ක වාද කරමින් පහත් කරනවා නම් ඒ අයහපත්වූ සිත අනුව සකස් වෙන්නේ අයහපත් භවයක්මයි.
ඒ නිසා ඇලීමෙන් පිනෙහි නිරත වීම තුල සුගති පැවැත්මත්, ගැටීමකින් පිනක නිරත වීමෙන් හෝ පිනක් නොකර සිටීමෙන් දුගති පැවැත්මත් හිමිවන බව හේතු ඇතිව දැනගැනීමට අප්‍රමාදී විය යුතුයි.
ඉතින් සැබෑ අනුහස හඳුනාගැනීමට ප්‍රඥාවන්ත විය යුතුයි. මල් පූජාවෙන් සැබෑ ඵලයන් වන සතර මඟ සතර ඵල ලබා ඒ මාර්ග ඵලයන්ගේම අනුහස ලැබගන්නට ඔබට ප්‍රඥාවම ලැබේවා යැයි මෙත් සිතින් සෙත් පතමි! එසේ නම් මල්පූජාව කිනම් අරුත් ඇතිව සිහිකරමින් සිදුකරන විට කුමන මට්ටමකින් නිවනට ලං විය හැකිදැයි පෙනේ…
මල් පුජාවේ ආනිශංස…
සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම,
බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම,
දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම,
මල පරවෙන සේ පරවන මේ කය…
මලක් කියන්නේ බොහෝම කෙටි කාලයක් ලස්සනට ප්‍රාණවත්ව සුවඳත්ව වර්ණවත්ව තිබී පරවෙලා මියැදිලා කුණු වෙලා යන දෙයක්… මෙය…
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood