Temples of Sri Lanka

සාර්ථක ආර්ථික සංස්ථාවක්; බුදුදහමින්

ආර්ථිකය යන්න විමසා බැලීමේදී ආර්ථිකය යනු මිනිසා ජීවනෝපාය සකසා ගන්නා අකාරයයි. ඒ අනුව මිනිසාගේ ජිවනෝපායට අදාළ අහාර, ඇඳුම් පැළදුම්, නිවාස, වස්ත්ර සහ වෙනත් අවශ්යතා සපුරා ගන්නා ආකාරයද ඉතා වැදගත්. අර්ථිකයේදී සාකච්චා කෙරෙන්නේ නිෂ්පාදනය, පරිභෝජනය , ආයෝජනය, සංරක්ෂණය හා බෙදා හැරීම වුවද, සාර්ථක ආර්ථිකයක් ගොඩනගා ගැනීමට නම් මේ කාරනා සියල්ල සමබරව තිබිය යුතුය.

 

වත්මන් සමාජය දෙස අවධානය යොමු කිරීමේදී බොහෝ දෙනා තුල නිවැරදි ආර්ථික දර්ශනයක් තිබෙනවාද යන්න ගැටලුවකි. ඇතැමුන්ට මුදල් නොමැත. ඇතැමුන් මුදල් තිබුනද ඒවා නිසි ලෙස පරිහරනය කරන්නේ නැත. ඇතැමුන් මුදල් උපයන ක්රම නිවැරදි ද යන්නද ගැටලුවකි..
සාර්ථක ආර්ථික සංස්ථාවක් ගොඩ නගා ගැනීම කෙරෙහි බුදු දහමේ දැක්වෙන ආර්ථික දර්ශනයෙහි උපයෝගිතාවය විමසා බැලීම ඉතා ප්‍රායොගිකයි.

 

බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ මිනිසාගේ ඉමහත් වූ දුක වන්නේ දුප්පත්කම බවයි.
“දාළිද්දීයං පී දුක්ඛං ලෝකස්මිං කාම භෝගිනෝ “
මෙලොව ජිවත්වන පුද්ගලයාට යුතුකම් ,හා වගකීම් ඉටුකිරීමට ඇතිබව බුදු දහම පෙන්වා දෙයි. ඒ සඳහා මුදල් තිබිය යුතුය. ධන සම්පත් නොමැති විට මේවා ඉටු කිරීමේ නොහකියාවෙන් දුකට පත් වේ.
බුදු දහම පෙන්වා දෙනු ලබන ආර්ථික දර්ශනය සදාචාරය හා එකිනෙක බද්ධ වුවකි.
ධනය ඉපයීමේ පටන් පරිහරණය දක්වාම එය සදාචාරය හා බද්ධ කිරීම තුල එහි පැවැත්ම මනා සේ පෙන්වා තිබෙනවා.
ආර්ථික විද්යාවට අනුව නිෂ්පාදන කාර්යයේදී ශ්රමය අත්යවශ්ය වෙයි. ලාභය ගැන පමණක් සිතා ශ්රමය සුරාකෑමක් බුදු දහම කියා දී නෑ.
බුදු දහම පෙන්වා දෙන්නේ තරුණ වයසේදී ම ඉපයීම් සිදු කල කිරීම තුල සාර්තක තත්වයක් ගොඩ නගා ගත හැකි බවයි.
ප්රමාද වී ධනය ඉපයීම සාර්ථක ජීවිතයකට හේතු නොවන බව දහම විස්තර කරනවා.
“අචරිත්වා බ්රහ්ම චරියං-අලද්ධා යොබ්බනෙ ධනං
ජිණ්ණ කොඤ්චා ච ඣායන්තී-ඛීණ මචඡෙව පල්ලරෙ
අචරිත්වා බ්රහ්ම චරියං-අලද්ධා යොබ්බනෙ ධනං
සෙන්ති චායපාතිඛීණාච-පුරාණාති අනුත්ථුනං”
(ධම්මපදය,රාජ වග්ගය)

 

මෙම ගාථා දෙකෙන් කියැවෙන්නේ තරුණ කාලයේ දී ම බ්රහ්මචර්යාවෙන් ධනය රැස්කර ගත යුතු බවයි. එසේ නොමැති වූ විට මසුන් නැති දිය සිඳුනු විලක් අසල සුසුම් ලන කොස්වා ලිහිණියන් මෙන් සිටීමට සිදු වන බව පෙන්වා දී තිබෙනවා.
අද සමාජයේත් මෙවැනි උදවිය දැකගත හැකියි. තමාගේ තරුණ කාලය අකාලයේ ගෙවමින් සිට මහලු වියේ දී ඉතා දුක්ඛිත ජීවිත ගත කරන්නන් අපට කොතෙකුත් හමු වෙනවා.
නමුත් කළ යුත්තේ තරුණ වියේ දී ම යහපත්ව මුදල් ඉපැයීම සිදුකොට ධනය ඉපැයීමේ දී එම ධනය ඉපැයීම සිදු කල යුත්තේ කෙසේද ද යන්නත් බුදු දහම පෙන්වා දී තියනවා.

 

වර්තමානයේ ඇතැම් අය ධනය රැස් කරන්නේ අන් අය පීඩාවට පත් කරමින්. එසේ නොමැති නම්
නීති විරෝධී රැකියා වලින්.එසේත් නොමැති නම් අල්ලස් වංචා සහගත ක්රියා වලිනන්.
නමුත් බුදු දහම එසේ උපදෙස් අවවාද ලබා දී නෑ.එවැනි ධනය පුද්ගලයාට නුසුදුසුයි. එයින් ලබන සාර්ථකත්වයද ප්රතිපල විරහිතයි.
ධනය ඉපැයීමේ දී එය සිදු කළ යුතු ආකාරය ව්යග්ඝපජ්ජ සූත්රයේ මැනවින් විස්තර කරනවා.
“භොගා හොන්ති උට්ඨාන විරියගතා බාහාබල පරිචිතා
සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්දා”
(ව්යග්ඝපජ්ජ සූත්රය)
උත්සාහයෙන් බාහු බලයෙන් දහදිය වගුරුවා ධාර්මිකව මුදල් රැස් කළ යුතු බව එහි පෙන්වා දෙනවා.බෞද්ධ ආර්ථික දර්ශනය අනුව පුද්ගලයා ධනය රැස් කළ යුතු ආකාරය සිඟාලෝවාද සූත්රයේ සඳහන් වෙනවා.
ඒ අනුව….
භොගෙ සංහරමානස්ස බමරස්සෙව ඉරියතො
භොගා සන්නිචයං යන්ති -වම්මිකො චූපචීයතී
එවං බොගෙ සමාහත්වා-අලමත්ථො කුලෙ ගිහි
( සිඟාලොවාද සූත්රය)

 

මෙයින් අර්ථවත් වන්නේ බඹරකු මල නොතලා රොන් ගන්නා සේ ධනය ඉපැයීම සිදු කළ යුතු බවයි. එසේ රැස් කරන ධනය දිනෙන් දින දියුණු වන්නේ වේයන් විසින් බඳින ලද තුඹසක් මෙනි. මිනිසා ද මුදල් රැස් කළ යුතු වන්නේ අන් අයට කරදරයක් නොවන ආකාරයෙන්. ධාර්මිකව ධනය ඉපයීමට හැකි රැකිකියා රාශියක් බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
*කෘෂි කර්මාන්තය (කසියා)
*වාණිජ කටයුතු (වණිජ්ජා)
*පශු පාලනය (ගොරක්ඛෙන)
*හමුදා සේවය (ඉස්සත්ථෙන)
*රාජ්ය ස්වය (රාජ පොරිසෙන)
*ශිල්ප කර්මාන්ත (සිප්පඤ්ඤතරෙන) (ව්යග්ඝපජ්ජ සූත්රය)
මෙම රැකියාවන් ධාර්මික ලෙස උපයා සපයා ගත හැකි රැකියා වේ.
වත්මන් සමාජයේ ද මෙම රැකියා කොතෙකුත් ඇතත් ඇතමුන් යොමු වන්නේ ඉතා ඉක්මනින් මුදල් ඉපයීමට හැකි අධාර්මික අංශයට යි. වෙළඳාම යනු යහපත් රැකියාවකි නමුත් එය යහපත් ආකාරයෙන් සිදු කළ යුතුයි. එසේ නොමැති වූ විට වැරදි මාර්ගයට යොමු වෙනවා.

 

බුදුන් වහන්සේ මිනිසුන් ලෙස නො කළ යුතු වෙළඳාම් පහක්ද පෙන්වා දී තිබෙනවා.
1 සතුන් හා මිනිසුන් වෙළඳාම
2 අවි ආයුධ වෙළඳාම
3 විස වෙළඳාම
4 මස් වෙළඳාම
5 මත් ද්රව්ය වෙළඳාම ( වණිජ්ජා සූත්රය)

 

මෙම උක්ත රැකියාවන්ගෙන් සිදුවන්නේ අර්තයක් නොව අනර්ථයකි. වර්තමානයේ ද මෙම වෙළඳාම් දක්නට පුලුවන්. මස් වෙළඳාම නිසාවෙන් බොහොමයක් සතුන් ඝාතනය වනවා සේම, වහල් වෙළඳාම නිසාවෙන් මිනිසුන් පීඩා විදිනවා.
ඇතැම් කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා සේවයෙහි යොදවනවා. අවි ආයුධ නිෂ්පාදනය හේතුවෙන් මනුෂ්යයින්ගේ වැනසීම ඉබේම සිදුවන්නක්. යුද්ධ වලදී මිය යන පිරිස ඉහල යාම වැලැක්විය නොහැකියි. වස විස නිසාවෙන් මිනිසා මෙන් ම
පරිසරය ද විනාශ වනවා. එබැවින් මෙම අධාර්මික වෙළඳාම් ඉවත් කොට ධාර්මික අංශයෙන් මුදල් ඉපැයීම සිදු කිරීම මිනිසා තුල නිර්මානාත්මක වශයෙන්ම වෙනසකට භාජනය විය යුතු කරුනක්.
එසේම බුදු දහමට අනුව කිරුම් මිනුම් ආදියෙන් පුද්ගලයා රවටා වංචා කර වෙළදාම් කිරීම ප්රතික්ෂේප කර තිබෙනවා.
සමාජය දෙසට අවධානය යොමු කිරීමේ දී පෙනී යන කරුණක් නම් ආයතන බොහෝ සෙයින් ආර්ථික අර්බුද වලට ලක් වී තිබීමයි.
මෙයට හේතුවක් වන්නේ සේව්ය සේවක ගැටුමයි- ඇතමුන් අඩු වැටුපක් දී ශ්රමය සූරා කනවා. ඇතමුන් සේවක ප්රශ්න ගැටලු ගැන තැකීමක් නොකරයි. සමහර සේවකයන් ද නිසි ලෙස තම වගකීම ඉටු නො කරන අවස්ථා දැකිය බොහෝ දක්නට තිබෙනවා.මෙවැනි අර්බුද හට නො ගැනීමට මනා වූ යුතුකම් පද්ධතියක් සිඟාලෝවාද සූත්රයේ දක්වා තිබෙනවා.
මෙසේ යුතුකම් වගකීම් නිසි ලෙස ඉටු වීමෙන් ආයතනයක් රටක් දියුණු තත්වයක් වෙත ගෙන ආ හැකියි.සාර්ථක ආර්ථිකයක් ගොඩ නගා ගැනීමට නම් ධනය ඉපයීම පමණක් නොව ධන පරිහරණය මෙන් ම සංරක්ෂණය ද ඉතා වැදගත් කරුණක්. බුදු දහම මගින් ඒ සඳහා සාර්ථක මගපෙන්වීමක් සිදු කරනවා.බුදු දහම පෙන්වා දෙන්නේ ආර්ථිකය මෙන්ම ආධ්යාත්මය ද
සංවර්ධනය විය යුතු බවයි.

 

සිඟාලෝවාද සූත්රයට අනුව පුද්ගලයා උපයන ධනය තම අවශ්යතා සඳහා පමණක් නොව අන් අයගේ සුබ සෙත සඳහා ද යෙදවිය යුතු බව පෙන්වා දෙනවා.පුද්ගලයා මසුරකු නොවී, මුදල් පරිහරණයේ දී තම අවශ්යතා පමණක් නොව තම දූ පුතුන්ගේ ද මව් පියන්ගේ ද එමෙන් ම අන් අයගේ යහපතට යෙදවීමෙන් කටයුතු කිරීම යහපත් බව පත්තකම්ම සූත්රයේ සඳහන් වෙයි.
“අත්තානං සුඛෙති පීනෙති සම්මා සුඛං පරිහරති,
මාතා පිතරෝ සුඛෙති පීනෙති ,පුත්තදාරස්සකම්ම කාරපොරිසෙ
මිත්තාමච්චේ සුකෙති පීනෙති සම්මා සුඛං පරිහරති”
(පත්තකම්ම සූත්රය)
මේ අනුව ධන පරිභෝජනයේ දී පරාර්ථකාමී වෙමින්, පංච බලි සංකල්පයෙන් ,තමා
උපයන ධනයෙන් සංග්රහ කළ යුතු පිරිස් ද පෙන්වා දී තිබෙනවා.
අප සමාජයේ ද ඇතැම් විට ධනය බොහෝ ඇති නමුත් මසුරු පුද්ගලයන් බොහොමයකි.නමුත් ඔවුන්ගේ දියුණුව සාර්ථක දියුණුවක් නොවන බව බෞද්ධ දර්ශනයට අනුව සත්යක්.එබැවින් ආධ්යාත්මයද දියුණු වූ විට මේ තත්වයන් සමනය වෙයි.ව්යග්ඝපජ්ජ සූත්රයේ දී පුද්ගලයාගේ මෙලොව දියුණුවට හේතු වන කරුණු හතරක් දක්වා ඇත-ඒ අනුව
1 උට්ඨාන සම්පදා
2 ආරක්ඛ සම්පදා
3 කල්යාණ මිත්තතා
4 සමජීවිකතා

 

මෙහි ආරක්ඛ සම්පදාව හා සමජීවිකතාව ආර්ථික සුරක්ෂාවට ඉතා වැදගත් වේ. තම ධනය ආරක්ෂා කර ගැනීම මෙලොව දියුණුවට හේතු වනවා සෙම, අරපරිස්සමින් අවශ්ය දේ සඳහා මුදල් යෙදවීමද සමජීවිකතාවද ඉතා වැදගත්.
අද සමාජයේ ඇතැම් පුද්ගලයන් තම ධන ප්රමාණය ඉක්මවා වියදම් කරනවා.අනවශ්ය දේ සඳහා වියදම් කරනවා. තරගකාරිව අනෙකා ඉක්මවා යෑමට උත්සහ කරනවා.මෙහි
දි ඇතැම් විට ණය වෙනවා. එමගින් ආර්ථික සමබරතාවය ගිලිහී යනවා.
ඒ නිසා වැදගත් වන්නේ ආදායමට සරිලන වියදම සකස් කර ගැනීමයි.
මත් ද්රව්ය භාවිතය නිසාවෙන් සුරාවට සූදුවට ලොල් වීමෙන් තම ධනය විනාශ කර දුක්ඛිත ජීවිත ගත කරන්න වුන් අප සමාජයේ බොහෝවෙයි.

 

ඇතැමුන් තම දවසේ වැටුප වැය කරන්නේ මත් වතුරටය, සූදුවටය එම නිසාවෙන් තම පවුලේ ආර්ථිකය ද පිරිහී විශාල ලෙස ගැටලුවලට මුහුණ දෙනවා.පාප මිතුරන් හා එක් වීමද තම ධනය විනාශයට මහා හේතුවකි. බොහෝ දෙනා සුරා සූදුවට යන්නේ මිතුරන් සමගිනි. එමෙන් ම අලසකමද තම ධනය විනාශයට හේතුවකි එබැවින් සිඟාලෝවාද සූත්රයෙහි සඳහන් මෙම උපදේශයන් ආර්ථික සුරක්ෂාවෙහි ලා ඉතා වැදගත්.
ධනය පරිහරණය ඉතා බුද්ධිමත්ව සිදු කල යුතු දෙයක්.එසේ නොමැති නම් ආර්ථික සමබරතාවය ගිලිහී යයි.
එමෙන් ම බුදු දහමේ දැක්වෙන ආර්ථික ක්රියා දාමය සදාචාරය හා බද්ධ විමෙන් පවතින නිසා එය පුද්ගලයාගේ මෙලොව පරලොව දෙකෙහිම දියුණුවට හේතුවක් වන්නේය-එබැවින් වත්මන් සමාජය ද බෞද්ධ ආර්ථික පිළිවෙත් පිළිපැදීමෙන් ආර්ථික ගැටලු අවම කර ගනිමින් යහපත් සංවර්ධිත රටක් ගොඩ නැගිය හැකි ය.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X