Temples of Sri Lanka

ඒ ශ්‍රේෂ්ඨ නායකයාණෝ බුදුන් වහන්සේ ය

බුදුන්වහන්සේ උපන්නේ මනුෂ්යයන් අතර යි වැඩුණේ මනුෂ්යයන් අතර යි එහෙත් උන් වහන්සේ මනුෂ්යයන් තුළ පැවති කෙළෙස් කුණු තවරා ගත්තේ නැහැ උන් වහන්සේ තමන් පියුමක ට උපමා කොට දැක්වූයේ ඒ නිසයි ජලයේ හටගෙන ජලයෙහි නොගැටී උඩට මතු වී සිටින්නාක් මෙන් තමන් වහන්සේ ලෝකයා අතර උපත ලද නමුත් ලෝකය හා නොගැටී ජීවත් වන බව උන්වහන්සේ දැක්වූවා
ලෝකයෙහි එකිනෙකා අනුකරණය කරමින් යටිගං බලා පිහිනන ජනතාව දෙස බලා එය අනුකරණය නොකල උන්වහන්සේ ලෞකික ජීවිතයෙන් ඈත් වෙලා ඊට වඩා ශ්රේෂ්ඨ වූ ලෝකෝත්තර ජීවිතයකට පිවිස ඇති බව දෲශ්යමාන වන්නක්. ශ්රේෂ්ඨ පුද්ගලයාගේ ලක්ෂණය වන්නේ ගතානුගතික භාවයෙන් ඈත් වෙලා අලුත් දෙයක් සොයා ගැනීමයි ඒ අනුව බුදුරජාණන් වහන්සේ අලුත් මඟක් වූ මධ්යම ප්රතිපදාව සොයාගෙන එමගින් පරම සත්ය වූ නිර්වාණය අවබෝධ කරගත්තා

 

බුදුරජාණන් වහන්සේ සොයාගත් මෙම අලුත් පිළිවෙතත් අලුත් දහමක් නිසා උන්වහන්සේගේ කීර්ති ඝෝශය දඹදිව පුරා පැතිරෙන්නට වුනා බොහෝ බුද්ධිමත් හෝ උන්වහන්සේ ගැන තොරතුරු අසා ගෙන ආවා බොහෝ දෙනා උන්වහන්සේ දැකීමෙන්ම පැහැදුනා “මෙහි එන්න පැමිණීම බොහොම හොඳයි” වැනි ප්රිය වචන ඇසීමෙන්ම බොහෝ දෙනා පැහැදුනා පෙර නොඇසූ විරූ අලුත් ධර්මය අසා බොහෝ දෙනා පැහැදුනා ඇතැම්හු සසුන්ගත වුණා ඇතැම්හු බුදුදහම සැදැහැයෙන් වැලඳගත්තා මෙසේ ඇති වූ පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන කොටස් 4කින් යුක්ත වුණා මෙම සිව්වනක් පිරිසට අනුශාසකයෙකු වූ නිසා බුදුරජාණන් වහන්සේ සත්ථා යනුවෙන් හැඳින්වූවා

 

බුදුරජාණන් වහන්සේ තුළ වූ විශාරද භාවය හෙවත් කිනම් පිරිසක් ඉදිරියේ වුවත් නිර්භයව තර්කානුකූලව ධර්මය කියා දීමේ හැකියාව ආශ්චර්ය දැන එකල සිටි ශස්ත්රිය බ්රාහ්මණ ගෘහපති ශ්රවණ පණ්ඩිත පිරිස් වලට අයත් කිසිවෙකුට උන්වහන්සේගේ ඉගැන්වීම් තර්කයෙන් බැහැරවීමට නොහැක්කක් වුණා ශාස්තෘවරයකු වශයෙන් ක්රියා කිරීමේදී මෙම විශාරද භාවය නිසා උන්වහන්සේ පිළිබඳ පිළිගැනීමද වැඩි තත්ත්වයකට පත් වුණා

 

කිනම් පිරිසක් ඉදිරියේ වුවත් තමන් වහන්සේ තුළ පැවති ගුණ භාවයන්ට අභීතව ප්රකාශ කිරීමට උන්වහන්සේ සමත් වුණා එම ගුණ නවය පිළිබඳව අභියෝග කිරීමට කිසිවෙක් සමර්ථ වුණේ නෑ එසේම එම ගුණ නවය දත් අය එමඟින් බුදුරජාණන් වහන්සේගේ අනන්යතාවය සෙසු අයට පැහැදිලි කර දුන්නා

 

නව ගුණ පාඨය හැම බෞද්ධයෙකුට ම කටපාඩමින් කිව හැකි උනා උන් වහන්සේ හිතෙහි මවා ගන්නේ මේ පාඨයෙහි එන ගුණ නවය ඇසුරෙන් එනිසා බුදුන් වැඳී ම ට එම පාටය බෙහෙවින් යොදා ගන්නවා.
බෞද්ධයා බුද්ධානුස්සති භාවනාව සඳහා ද මෙම නව ගුණ පාඨය භාවිතා කරනවා එකෙක් බුදුගුණය සිහියට නගා ගෙන බුදුර ගුණය සිහියට නගාගෙන බුදු රජාණන් වහන්සේ ගේ ගුණ ශරීරය සිත්හි මවා ගෙන එයට සිත යොමු කරමින් බුද්ධානුස්සති භාවනාවේ යෙදෙනවා

 

බියක් උවදුරක් ඇති වූ විට මෙම බුදු ගුණ නවය මගින් බුදුරජාණන් වහන්සේ සිහි කිරීමට ද ධජග්ග සූත්රයෙහිදී උපදෙස් ලැබෙනවා එනිසා බෞද්ධයා උවදුරුවලින් ආරක්ෂා වීමට මෙම පාඨයෙහි එන බුදු ගුණ සිහිකරනව නින්දට යනවිට බුදු ගුන පෙරටු කරගෙන නින්දට පිවිසෙනවා ගමනක් යනවිට බුදුගුණ පෙරටු කරගෙන ගමනාරම්භ කරන ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකදීම පෙරටුව ගමන් කරන්නේ බුදුගුණ යි

 

මෙවන් සාධක පෙරදැරිව….උන්වහන්සේ කෙලෙස් වලින් දුරු වූ සේක කෙලෙස් නමැති සතුරන්නැසු සේක ලෝවැස්සන් පුදන සිව්පස ලැබීමට සුදුසු වන සේක රහසින්වත් පව් නො කළ සේක මේ නිසා උන්වහන්සේ අරහත් නම් වන සේක
උන්වහන්සේ චතුරාර්ය සත්යය තමන් විසින් ම මැනවින් අවබෝධ කරගත්හ දුක්ඛ සත්යයට අයත් දේ දැනගත්හ දුකට හේතුව තෘෂ්ණාව නැති කළහ නිවන් අවබෝධ කරගත්හ නිවන් මග ප්රගුණ කළහ මේ නිසා සම්මා සම්බුද්ධ නම් වූහ
උන්වහන්සේ විජ්ජා නමින් හැඳින්වෙන ඥාන අටක් ලැබූහ චරණ නමින් හැඳින්වෙන පිළිවෙත් පහළොවක් පිරූහ මේ නිසා විජ්ජාචරණ සම්පන්න නම් වූ සේක

 

උන්වහන්සේ සුන්දර වූ සෝවාන් වූ ආදී මාර්ග ඔස්සේ ගොස් සුන්දර වූ නිවනට පැමිණි හෙයින් සුගත නම් වන සේක
උන්වහන්සේ සියළු ලෝක පිළිබඳව සම්පූර්ණ දැනුමක් ලැබූ හෙයින් ලෝක විදූ නම් වන සේක.
තමන්ගේ සන්තානය හික්මවා ගෙන විවිධ විසම පුද්ගලයින්ගේ සන්තානයන් ද හික්ම වූ හෙයින් අනුත්තරෝ පුරිස ධම්ම සාරථි අනුත්තර පුරිසදම්මසාරථී නම් වූ සේක

 

ඒ භාග්යවතුන් වහන්සේ දේව මනුස්සානං සත්ථා නම් වූයේ කෙසේ ද උන්වහන්සේ දෙව්මිනිසුන්ගේ දෙලොව යහපත සඳහා අවශ්ය අනුශාසනා කළ හෙයින් දේව දේවමනුස්සානං නම් වූහ
ඒ භාග්යවතුන් වහන්සේ බුද්ධ නම් වූයේ කෙසේද චතුරාර්ය සත්යය අවබෝධ කරගෙන අනුන්ට ද අවබෝධ කරවූ හෙයින් බුද්ධ නම් වූ සේක සේක ඒ භාග්යවතුන් වහන්සේ භගවා නම් වූයේ කෙසේද උන් වහන්සේ කෙලෙස් බෙදලා වූ හෙයින් ද ඉතා භාග්යවන්ත වූ හෙයින් භගවා නම් වූ සේක

 

බුදු ගුණ අනන්තයි ඒ අනන්ත බුදු බුදුගුණ වල ඇතුළත් මෙම නව ගුණ ද අනන්තයි මෙම එක් ගුණයක් පොත් ගණනාවක් ලිවීමට තරම් පුළුල්… පොළොන්නරු යුගයේ විසූ ගුරුළුගෝමී පඬිවරයා අමාවතුර ලිව්වේ පුරිසදම්මසාරථී ගුණය වර්ණනා කිරීමටත්….. දඹදෙණිය යුගයේ දී බුද්ධපුත්ර හිමියන් පූජාවලිය ලිව්වෙ අරහං ගුණය වර්ණනා කිරීමටත්……
බුදුවරයකු විසින් කල්පයක් මුළුල්ලේ වර්ණනා කළත් කල්පය ගෙවී ගියත් බුදුගුණ නිමාවට පත් නොවන බව දක්වා ඇත්තේ බුදු ගුණ අනන්ත බව දැක්වීමටයි බුදුරජාණන් වහන්සේ ශ්රේෂ්ඨ ශාස්තෘවරයාණන් වහන්සේ වශයෙන් පිළිගනු ලබන්නේ මෙම ගුණ මහත්වය නිසාමයි.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X