Temples of Sri Lanka

සත් හට සෙත් දෙන ඒ..අසිරිමත් මග

සියලු සත්වයෝ දඬුවමට තැති ගනිති. එමෙන් ම මරණයට බියවෙති. සියලුම සත්වයෝ තමාගේ ජීවිතයට පිරය කරති.
මාතෘ ගර්භයේ කළල රූපයේ පටන් පිළිවෙලින් වැඩෙන, ඉපදෙන්නට සිටින, ඉපදෙන, යළි ක්රමයෙන් වැඩෙන මැරෙන තුරු ජීවිතය ගෙන යන සියලු සත්ත්වයන්ගේ එකම අපේක්ෂාව ජීවත්වීමයි.
ඒ අපේක්ෂාව කුමන ක්රමයකින් හෝ බිඳවැටීමට අකැමැත්තක්, භීතියක් , ත්රාසයත්, එක් වනම ඇති වන්නක්.
මෙම විශ්වයේ උපදින සත්වයන් කෙදිනක හෝ මරණයට පත්වීම ඒකාන්ත සිද්ධියක්. එම ස්වභාවික සිද්ධාන්තය පෙනි පෙනී කිසියම් ජීවියෙක් තවත් ජීවිතයට වධබන්ධන කරන්නේ, කරවන්නේ හෝ අනුබලයක් දෙන්නේ නම් හෝ එය මහා පාප කර්මක්. මිනිසුන් වශයෙන් අමනුෂ්ය ක්රියාවකි. මානව අයිතියක් නැතිකිරීමකි.
 
ආත්ම දෘෂ්ඨිය ඇති බැවින් රහත් නොවු සෑම සත්වයා ම දඬුවම ඉදිරියේ ත්රාසයට, භිතියට, නැසීමට බිය වන්නේ ය. ‘සබ්බේ සත්තා’ සියලු සත්වයෝ, යන වචනයෙන් ගම්යමානවන සත්ත්ව ලෝකය සංඛ්යා වශයෙන් ගණනය කළ නො හැකි වුව ද, මනසට ඒකකයක් වශයෙන් ගත් කල කරුණාව, මෛත්රිය යන උතුම් චෛතසික මාර්ගයෙන් අධ්යාත්මය විවෘත කළ හැකි වන්නේ ය. එය කළ හැකි වන්නේ සත්පුරුෂ ගුණ ඇති මිනිසාට පමණයි.

 

තණ්හාව ,ක්රෝධය, මාන්නය යන අකුසල හැඟීම් නිසා සංවෘත වන සිතකින් සියලු සත්වයෝ සුවපත් වෙත්වා යන වචනය කොපමණ කීවත් අර්ථයක් වන්නේ නැත.
සිතක් පවිත්රවීමට තණ්හාව, ක්රෝධය, මෝහය යන අකුසල මූලයන් තද සේ යටපත් කිරීමට හෝ මුලින් ම සිද බිඳ දැමිය යුතු වන්නේ ය. සෝවාන් මාර්ග චිත්තයට පෙර පවත්නා සමාජමය වශයෙන් ජීව ලෝකයට උපරිම සේවාවක් සිදුකරන්නේ නම් ලෝභාදි අකුසල මූලයන් තදංග වශයෙන් හෙවත් මෛත්රි චේතනාවට අනුකූල වශයෙන් යටපත් කළ යුතුවේ. එසේ නොව පරාර්ථ සේවය මිථ්යාවක් ම වන්නේ ය.

 

සමස්ත මානව පරපුර ම අධිතණ්හා ජාලයේ වෙළී අන්යෝන්ය වශයෙන් ආශ්රය, නිශ්රය, භජනය, පයිරුපාසනය කරන්නේ වංක චේතනාවෙන් නිසා වන්නාවු කරදර හිරිහැර, අතුරු ආන්තරා යුදබිය, මරණ බිය,අපමණ ය. සත්ත්ව හිංසාව සෙසු අකුසලයන්ට වඩා දරුණු විපාක දෙන මහා පාප කර්මයකි.

 

“පාණාතිපාතො භික්ඛවේ ආසෙවිතො, භාවිතො බහුලීකතො නිරය සංවත්තනිකොහොති. කරච්ඡානයොනි සංවත්තනිකො හොති, පෙත්තිවිසය සංවත්තනිකොහොති. යො සබ්බලහුසො පාණාතිපාතස්සවිපාකො මනුස්සභූතස්ස අප්පායුක
සංවත්තනිකොහොති.”

 

මිහිමත ප්රාණීන් හටගැනීමත්, මනුෂ්ය ප්රාණීන් ඇතිවීමත්, කාල පරිච්ඡේද වශයෙන් තීරණය කිරීමට නොහැකි අතර මෙතෙක් පියවර තැබු සත්ත්ව පරම්පරාවේ ඉතා දරුණුතම විපාක දෙන පාපකර්මය වූයේ සත්ත්ව හිංසාව බව ප්රත්යක්ෂ වන්නේ ය.
වර්තමාන මානව පරපුර විශ්ලේෂණය කිරීමේ දී මිනිසාට මුහුණ පාන්නට සිදුවන අතිභයානක ව්යසන, කරදර අවුල් වියවුල් ළඟාවන්නේ ප්රාණඝාතය මූලික කරගෙන ය.

 

අප බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් මෙම අවිහිංසාව පුරුදු පුහුණු කොට සත්වයාගේ ම යහපත සඳහා පාණාති පාතා වේරමණී ශික්ෂා පදය මතු මත්තෙහි නිවන් සුවයට පෙරමග පියසටහනක් වශයෙන් පනවා වදාළා.
එම ශික්ෂණය, ඉවසීම,අධිෂ්ඨානය, යථා ලාභයෙන් ලබන සන්තෝෂය ආදි පවිත්ර චේතනාවන්ට මහෝපකාරි ය.
මානව ශිෂ්ඨාචාරයේ පදනම වන්නේ ද පරම අවිහිංසා ධර්මය බව ඓතිහාසික වාර්තාවලින් ප්රත්යක්ෂ වන්නේ ය.අප බුදුරජාණන් වහන්සේ ජෛන මහාවීර, කොන්ෆියුසියස් ආදී මහා දර්ශනිකයන්, චින්තකයන්, උත්තමයන් මානව පරපුරේ පැවැත්මට අදාළව ආදර්ශයෙන්, දේශනයෙන් මහෝපකාරී වූයේ පරම අවිහිංසාව මූලික කරගෙන ය.

 

සමාජමය වශයෙන් පුද්ගලාන්තර සමගිය ගෙදරක පවුල් ජීවිතයේ පටන් ගම් නියම්ගම් ප්රදේශ නගර දේශ දේශාන්තර ලෝක, ලෝකාන්තර සමස්ත විශ්වය ම ඒකාබද්ධව භෞතික සංයුක්තයක් වශයෙන් මෙන් ම අධ්යාත්මික ශක්තියක් වශයෙන් ද අවිහිංසා ධර්මය උතුම් වන්නේ ය. සත්වයෙකුගේ සංසාර පැවත්ම ජාති, ජරා, ව්යාධි මරණාදී මහා දුක් ජාලයකට හේතු කාරක වන්නේ ය. එසේ නම් සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී ව ජීවත්වීමට ද සසරින් එතෙරව සදාකාලික නිවනින් සැනසීමට ද ප්රාණඝාත අකුසලයෙන් වෙන්වීමට උත්සාහ ගන්න.

 

සෙනෙහසින් ඔබවෙත ආමන්ත්රණයක්…..

 

සහෝදරත්වයෙන් එක්වෙමු! 
© Buddhist Brotherhood
You might also like
en English
X
X