ගුරු තනතුරට අග පත් බුදුන් වහන්සේ
ගුරුවරයා නම් වූ අර්ථ සම්පන්න වදන නිවැරැදිව ගැලපිය හැකි වන්නේ කවුරුන් උදෙසාදැ’යි විමසීමේ දී එය ට සැබවින්ම අර්ථ සම්පන්න වූ පුද්ගලයාණන් වූ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා බව අදහස් දැක්විය හැකිය.
උන්වහන්සේ උත්තරිතර ගුරු පදවියෙහි විනිවිදභාවය මනාව අර්ථසම්පන්න කළ උතුමන් වහන්සේ ය. එම නිසාම උන්වහන්සේට මග්ගඤ්ඤු, මග්ගක්ඛායි, මග්ගජින,යන නම් සමූහයක්ම භාවිත කොට ඇත.
ගුරු භූමිකාව තුළ සැරිසරන්නා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තකු විය යුතුය. එවිට ඔහු රඟ දක්වන භූමිකාව කදිමට කළ එළි සේ දැක්විය හැකි වනු ඇත. උට්ඨාන වීර්යය උපස්ථම්භනය කරගෙන කවරෙකුට වුව තමන් බලාපොරොත්තුවන ක්ෂේම භූමිය කරා ළඟා විය හැකි බව බුද්ධ චරිතයෙන් මනාව පැහැදිළි වෙයි. ස්වකීය ඤාණයෙන් අවබෝධ කරගත් ලොව පරම සත්‍යය අන් අයට දේශනා කිරීමට බුදු හිමියෝ කිසිවිටකත් පසුබට නොවූ සේක.
ඍග්, යජුර්, සාම, අථර්වන්, වේදයන්හි පරතෙරට ගිය බමුණන් ඔවුන් දැනගත් දහම පිරිසිඳ නොවැදෑරූවේ නිවැරැදි ගුරුවරයකු ගේ භූමිකාව රඟ නොදක්වමිනි. එහෙත් බුදු රදුන් අනද හිමියන්ට දේශනා කළේ තමන් වහන්සේගේ ධර්මයෙහි කවර තැනකවත් ගුරු මුෂ්ටි නොමැති බවයි. සැක හැර සියල්ල දැන ගන්නා ලෙසයි. උන් වහන්සේ තුළ විද්‍යාමාන වූ යථාවාදී තථාකාරී ගුණය නිසා එකළ විසූ බොහෝ අන්‍ය ලබ්ධිකයන් උන්වහන්සේට ගරු කළා පමණක් නොව උන්වහන්සේ ගුරු තනතුරෙහිලාද තබා ගත්හ. එමෙන්ම අවවාදයට වඩා ආදර්ශය උතුම් කොට බුදුන් වහන්සේ නිතරම සැළකූහ. උන්වහන්සේ තුළ වූ උතුම් මානුෂික ගුණාංග වන මහා කරුණාව, මහා ප්‍රඥාව , ඉවසීම වැනි අසමසම ගුණ සමුදාය ශ්‍රාවකයාගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් විය.
සමාජය මැනවින් අවබෝධ කරගත් බුදුන් වහන්සේ, සමාජගත පුද්ගලයන් අතර දක්නට ලැබෙන විවිධ මට්ටම් හතරක් පෙන්වා වදාළහ.
යමක් කී පමණින් අවබෝධ කර ගන්නා
යමක් දෙතුන් වතාවක් කීමෙන් අවබෝධ වන්නා
යමක් බොහෝ වාර ගණනක් කීමෙන් අවබෝධ වන්නා
යමක් බොහෝ වාර ගණනක් කීව ද අවබෝධ කර නොගන්නා
සමාජය නමැති තක්සිලාව, මෙවැනි පුද්ගලයන්ගෙන් ගහණ ස්ථානයක් බව බුදුරදුන් මැනවින් අවබෝධ කරගත් නිසාම, උන් වහන්සේට දහම උපාය කෞශල්‍යයෙන් අවබෝධ කරවීමට හැකියාව ලැබිණි.
කොතරම් පාඩම් කළත් මතකයේ නොපවතින චුල්ලපන්ථක පොඩි හාමුදුරුවන්ට පැවැදි ජීවිතය පිළිබඳ කළකිරුණු අවස්ථාවේ දී බුදුරදුන් අනුගමනය කළ ක්‍රමෝපාය අති සුන්දරය. කට පාඩම් කිරීමෙන් අවබෝධ නොවන යථාර්ථවාදී දර්ශනයක් කිසියම් අභ්‍යාස මාලාවක් තුළින් අවබෝධ කරවීම මගින් බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් වූ ගුරු තනතුර වටහා ගැනීමට ප්‍රමාණවත් නොවන්නේ ද?
පන්ති කාමරයට පිවිසෙන ගුරුවරයා ශිෂ්‍යයා පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබිය යුතු ය.
වර්තමාන ගුරු පරපුර උදෙසා බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානය කදිම ආදර්ශයකි. තමා ළඟට එන ශිෂ්‍යයා දැනුම, ආකල්ප, කුසලතා, වලින් සන්නද්ධ කිරීමේ කාය්‍ය¡භාරයේ සුවිශාල වගකීමක් ගුරුවරයා සතුව පවතී. ඒකඍති මාර්ගයෙන් ග්‍රහණය කර ගත හැකි සිසුන් වර්තමාන සමාජ සන්දර්භයෙහි විරලය. එහෙත් කාර්ය දක්ෂ ගුරුවරුන් ශිෂ්‍යයා යහපත් පරමාදර්ශ කරා ගෙන යෑමට සිතන්නේ නම්. බුද්ධ චරිතයෙන් පාඩම් උගත යුතු වන්නේ ය.
බුදුරජාණන් වහන්සේ උපමා ආශ්‍රය කරගෙන ඉතා ගැඹුරු දහම් කරුණු අවබෝධ කර වූ අවස්ථා ජාතක පාළියෙන් හමුවේ. මරණය පිළිබඳ අනවබෝධයෙන් පැමිණි කිසා ගෝතමියට නොමළ ගෙයකින් අබ මිටක් ගෙන එන්න යැයි දේශනා කිරීමෙන් සමාජයෙන්ම ඇයට මරණය නමැති සර්ව සාධාරණ ධර්මතාවය අවබෝධ කරවීමේ ගුරුහරුකම කොතරම් චමත්කාරජනකද?
අංගුලිමාල, ආලවක යකුන් වැනි දාමරික නොසන්සුන් නොමඟට ගිය සිසුන් සුමඟට ගත්තේ දයාව, කරුණාව, මෛත්‍රීය වැනි උදාර මෙවළම් භාවිතා කරමිනි.
බුදුන් වහන්සේගේ දේශනා බොහොමයක් මෙහෙයවා ඇත්තේ කරුණු හතරක් මත පිහිටා ය.
1. අත්තඡ්ක්ධාසය, – තමාගේ කැමැත්ත මත
2. පරඡ්ඣාසය – අනුන්ගේ කැමැත්ත මත
3. පුච්ඡාවසික – අසන ලද පැනයට පිළිතුරු වශයෙන්
4. අට්ටුප්පත්තික – යම් හේතුවක් මුල්කරගෙන
මෙම චතුර්විධ මූල ධර්ම වලින් ඉමහත් ඵලදායි ශ්‍රාවක සමුදායක් ඇතිකරගත හැකි බව සිහිකළ යුතුය. සාර්ථක ගුරුවරයෙක් ද මෙම ක්‍රම ශිල්ප අනුගමනය කිරීමෙන් තමා ගේ දේශනාව නිවැරැදිව ශ්රාවකයාට සංනිවේදනය කිරීමට මඟ පාදගත යුතුය.
කිසිවකින් අන්තයට නොගොස් මධ්‍යම ප්‍රතිපදාවේ පිහිටා අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා, වශයෙන් පුරුදු පුහුණු කළ යුතු ක්‍රම පෙන්වා දුන් අතර එමගින් ඉලක්ක සපුරාගත හැකි බවත් ඔප්පු කොට පෙන්වා වදාළහ.
බුද්ධ දේශනාව මෙලොවටත් පරලොවටත් සුව ගෙන දෙන්නකි. නිවැරැදිව යමෙක් මේ දහම තුළ ජීවත් වන්නේනම් බුද්ධත්වය නමැති උත්තරීතර පදවිය කරා වුවද ළඟා විය හැකි ය.
ඒ සඳහා උන්වහන්සේ පංච බුද්ධ කෘත්‍ය අනුගමනය කළහ. අපද කාල සටහනකට ජීවිතය හැඩ ගසා ගන්නේ නම් ජීවිතයෙන් උපරිම සේවාවක් කළ හැකි ය. ගුරවරයාගේම පාඩම මත ශිෂ්‍යයා සීමාකරන එයම විභාගයට ලියූ කල ලකුණු වැඩියෙන් දෙන ගුරුවරුන් වෙසෙන සමාජයක විචාර බුද්ධියට බුදුන් වහන්සේ කිසිවිටකත් මඟ නොවැසුහ. එක් එක් මතයන්හි පිහිටා ක්‍රියා කරනවාට වඩා ස්වකීය අවබෝධයට ප්‍රමුඛත්වය දී ක්‍රියා කළ යුතු අයුරු කාලාම සූත්‍රයේදී පෙන්වා දී වදාළහ. මජ්ක්‍ධිම නිකායෙහි විමංසන සුත්‍රයේදී විචාර බුද්ධියට හා පර්යේෂණයට මඟ පෙන්වා දී තිබීම විශිෂ්ට ගුරුවරයකුගේ් උදාර ලක්ෂණයකි.
කාලජේදය නිවැරැදිව භාවිතා නොකොට අනවශ්‍ය මාතෘකාවලට කාලය ගන්නා ගුරුවරුන්ට මනා පාඩමක් බුද්ධ චරිතයෙන් පෙන්වා දී ඇත. එක් ශ්‍රාවකයෙක් බුදුන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුර මෙහිදී විමසා බැලීම සුදුසු ය. ලෝකය සදාකාලික ද? ලෝකය අනන්ත වූවක්ද, ජීවය හා ශරීරය එකක්මද? මෙම ප්‍රශ්නවලට බුදුරදුන්ගේ පිළිතුර වූයේ නිහඬතාවය යි. ඒ මන්ද ඒවා විරාගයට නිරෝධයට හා සැනසීමට හේතු නොවන බැවිනි. එයින් පැහැදිලි වන්නේ, බුදුන් වහන්සේ අනවශ්‍ය දේ වලට කාලය වැය නොකළ බවයි.
බුද්ධ චරිතය පුරා දක්නට ලැබෙන සියලු සංසිද්ධි තුළින් පැහැදිලි වන්නේ උන්වහන්සේ අසම සම වූ ගුරුවරයෙකු බවයි.
බොහෝ සූත්‍ර දේශනාවන්ගේ අවසානයෙහි දක්වන ශ්‍රාවක අදහස් වලින් ඒ බව තහවුරු වේ.
අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම සෙය්යථාපි භො ගොතම නිකුජ්ඡිතංවා උක්කුජ්ඡෙය්ය පටිච්ඡන්නංවා විවරෙය්ය මූල්ලස්සවා මග්ගං ආචික්ක්යෙය්ය ….
වැසී තිබුණු යමක් යම්සේ විවෘත කොට හෝ දක්වන්නේ ද මුලා වූවෙකුට යම් සේ මඟ කියා දෙන්නේ ද ඇස් ඇත්තෝ රූප දකිත්වා යි අඳුරෙහි යම් සේ තෙල් පහනක් දල්වන්නේ ද ඒ වූ පරිද්දෙන් මට සත්‍යය ප්රත්යක්ෂ විය. අවබෝධ විය යනුවෙන් ධර්මාවබෝධයට පිළිපන්නවුන් කළ පී‍්‍රති වාක්‍ය වලින් පැහැදිලි වෙයි.
උමේ අනුව බුදුරජාණන් වහන්සේට අසිරිමත් ගුරුවරයා යන යෙදුම ඉතා යෝග්‍ය බව තේරුම් ගතහොත් නිවැරැදි ගුරුවරයකු වීමට ඔබටද මඟ පෑදෙනු ඇත.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood
ඡායාරූපය Pensiri Mahasuttikul