Temples of Sri Lanka

උතුම් උඳුවප් පොහෝ දිනය අදයි

උඳුවප් පොහොය වසර අවසාන පුර පසලොස්වක පොහෝ දිනයයි. කෘෂිකාර්මික ජීවිතයක් ගත කරන ගොවි ජනතාවට මෙම මාසය ඉතාමත් වැදගත් මාසයකි. ඊට හේතුව නම් මෝසම් වැසි බලාපොරොත්තුවෙන් මහ කන්නය වපුරන ජනයාට උඳුවප් මාසය භාග්‍ය ගෙන දෙන බැවිනි.

 

 

අප මහා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වය ලබා ගැනීම සඳහා වීර්යය දම් පුරන්නට යෙදුනේ ශ්‍රී මහා බෝධින් වහන්සේ පාමුල ය. දේවානම්පියතිස්ස රජ දවස දඹකොල පටුන වරායට සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ශ්‍රී ලංකාද්වීපයට එම ශ්‍රී මහා බොධීන් වහන්සේගේ අංකුරයක් වැඩම කරවීම සිදු වූයේ ද මෙවන් වූ උතුම් දිනක වීම මාසයට සුවිශාල වැදගත්කමක් එක් කරනු ඇත.

 

 

එමෙන්ම මෙම ශාසනික සේවාව කිරීම සඳහා සංඝමිත්තා තෙරණියත් සමඟ කුලවත් කතුන් රැසක් ද වැඩම කරන ලදී. සංඝමිත්තා තෙරණිය යනු පොසොන් පොහො දිනයක මෙරටට බුදු දහම රැගෙන ආ මිහිඳුනාහිමියන්ගේ සහෝදරිය මෙන්ම අශෝක අධිරාජ්‍යයාගේ දියණිය යි.

 

 

පූජනීය බෝ අංකුරය රන් පාත්‍රයෙහි ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද අතර, අනතුරුව අනුරාධපුර මහමුණ උද්‍යානයේ රෝපණය කරන ලදී. මෙම වෘක්ෂයෙන් මතු වූ බෝ අංකුර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ගෙන ගොස් බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය ව්‍යාප්ත කරන ලදී.

 

 

ඇය කැටුව ගිය පිරිවරට ලී වැඩ, කෘෂිකර්මාන්තය, දේශීය වෛද්‍ය විද්‍යාව වැනි විවිධ ශිල්ප හා විෂයයන් පිළිබඳ නිපුණයන් ඇතුළත් වූ අතර ඔවුන්ගේ විශේෂඥතාව ප්‍රදේශවාසීන් සමඟ බෙදා ගන්නා ලදී. එතැන් සිට මේ කුසලතා පරම්පරාගතව පැවත එන අතර මේ රටේ සංවර්ධනය සඳහා යොදා ගැනේ.

මේ සියලු කාරණා මේ ආකාරයට සිදු වනවාත් සමඟ ම දෙසැම්බර් මාසය හිමි තවත් වටිනාකමක් නම් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී ශ්‍රී ලංකාවට වැඩම කළ බවත්, ඉන් එක් සංචාරයකදී ආදම්ගේ කඳු මුදුන හෙවත් ශ්‍රී පාදය ලෙසින් හැඳින්වෙන කඳු මුදුනේ උන්වහන්සේගේ පා සටහන තැබූ බවත් ඉතිහාසගත වාර්තා වල සඳහන් වේ. ඒ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙනි. එතැන් සිට ශ්‍රී පාද වන්දනාව සෑම බෞද්ධයෙකුගේම අධ්‍යාත්මික ගමනක අනිවාර්ය අංගයක් බවට පත් විය. එම නිසා උඳුවප් පොහෝ දිනයෙන් සිරි පා කරුණා කිරීමෙහි සමාරම්භය ද සිදු වේ.

 

 

මෙසේ ශාසනික වටිනාකමකින් යුත් කරුණු කාරණා රැසක් සහිත වූ උඳුවප් පෝදා බැති සිතින් තෙරුවන් ගුන සිහි කරමු.

©Buddhist Brotherhood  

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

You might also like
en English
X
X