බෞද්ධ ඉගැන්වීමෙන් පරිසරය දකිමු.
පරිසරය යනු කුමක්ද …
අපි ජිවත් වන වටපිටාවේ ඇති සියලුම දේ පරිසරයෙහි අන්තර්ගත වෙයි .භෞතික පරිසරය හා සාමාජික පරිසරය ලෙස එය කොටස් දෙකකි .භූමිය ජලය ගින්න වාතය යන සතර භෞතික පරිසරය තුල පදනමයි .මෙම පරිසරය ඇසුරු කරගත් වෘක්ෂ ලතා, ඇළ දොළ ගංගා ආදී තවත් බොහෝ දේ පවතී.
සමාජයෙහි පරිසරය ගොඩනැඟී ඇත්තේ භෞතික පරිසරය ආධාර කරගෙනයි. මනුෂ්ය වර්ගයාට සමාජ පරිසරයක ප්රධානත්වය ලැබෙනවා. බෞද්ධ ඉගැන්වීම අනුව සියලුම සත්වයෝ එහි අන්තර්ගතයි . ඔමනුෂ්ය වර්ගයා ගේ විශේෂත්වය වන්නේ සංස්කෘතික පරිසරයක් ගොඩ නගාගෙන තිබීමයි.
භෞතික පරිසරය තුළ උපන් මිනිසා හැදුණු වැඩුණු එම පරිසරය තුළින් නව සොයාගැනීම් මගින් නොයෙක් දස්කම් දක්වන්නේ පරිසරය ඇසුරෙන් .මේ ආකාරයෙන් පරිසරය නිසා ස්වකීය දක්ෂතා දියුණු කර ගැනීම නිසාම තමාට අභිමත පරිද්දෙන් පරිසරය පාලනය කර ගැනීමට මිනිසා සමත් වෙනවා . නමුත් මිනිසා පරිසරය ආත්මාර්ථකාමී ලෙස ප්රයෝජනයට ගැනීමෙන් ඇතිකරගන්නා හානිය තේරුම් ගෙන නැහැ එහෙ විපාක වශයෙන් මිනිස් ජීවිත පොළොවෙන් වඳ වෙලා යන ආකාරයට වනතුරුම උග්ර තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
අසීමිත පරිභෝජනයට පෙළඹීම නිසා මිනිසාට ස්වභාවධර්මය විසින් ලබාදුන් පෘථිවි රසය රසයත් එම පෘථිවි රසයෙන් බිහිකළ වෘක්ෂ ලතා ආදියෙහි ආදියෙහි සරත්ව යත් අහිමි කරගත් අයුරු දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්රයෙහි දී බුදුරජාණන් වහන්සේ දැක්වූවා .අද ද ඒ එසේම සිදු වෙමින් පවතින්නක්.
හුණුගල් ලබාගැනීම වැනි අවශ්යතා සඳහා මුහුදු වෙරළ අසල පොළොව කැණීමෙන් කෙතරම් භූමි ප්රමාණයක් මුහුදු කා තිබේද….. මුහුදුබඩ බොහෝ ප්රදේශවල ගහකොළ ගෙවල් දොරවල් ඉඩකඩම් රාශියක් අද මිනිසාට අහිමි වී ගිහිල්ලා… හිතුමතයට මැණික් පතල් කැනීම වැනි ක්රියාවලින් තවත් ප්රදේශ මනුෂ්ය වාසයට නුසුදුසු වී තිබෙනවා. අක්රමවත් ලෙස වෙල් යායවල් ගොඩකිරීම හා ඇළ දොළ ගංගාවල වැලි ගොඩ දැමීම නිසා ජල සංසරණ ක්රියාවළිය විකෘති වීමෙන් ජලගැලුම් විපත් කෙතරම් සිදුවෙලා තිබෙනවා ද…. නොසැලකිලිමත් ලෙස පොළොව මතුපිට කුණු කසල ආදී අපවිත්ර දේ දැමීමෙන් මවක මෙන් සියල්ල ඉවසන මහ පොළොව මිනිසාට හානිදායක විෂබීජ කාරකයක් බවට පත්වෙලා තියෙනවා .
මිනිස් ජීවිත පවත්වාගෙන යාමට තුරුලිය වනපෙත් අත්යවශ්යයයි. ඒවා නැති වුනොත් භූමිය නිසරු කාන්තාරයක් බවට පත්වෙනවා . වැසි ජලය නිසි සේ නො ලැබී පොළවේ දිය සීරා සිඳීගොස් මිනිසාට අවශ්ය ධාන්ය බෝග නොවැවෙන පරිසරයක් බිහි වෙනවා .ගස් කොළන් කපා විනාශ කරන මිනිසා තමාට සිදු විය හැකි මේ විපාක වටහා ගන්නේ නෑ .තවත් අතකින් ඇළදොළ ගංගා ආදියට විවිධ අපද්රව්ය මුදා හරිනවා .එමගින් ජලය ජීවීන්ට අහිතකර විෂබීජ කාරකයක් බවට පත්කරනවා. එසේම මිනිසාගේ ආශ්වාස ප්රශ්වාස ක්රියාවලියට උදව් වන වායු ගෝලය කාබන්ඩයොක්සයිඩ් වැනි දෙයින් දූෂණය කොට තමාගේ ආයු කාලයත් කෙටි කර ගන්නවා.
බුදුන් වහන්සේ තුරුලිය වන පෙත්වල හා ඇළ දොළ ගංගා ආදීන්හි පාරිසරික අගය මැනවින් වටහා ගෙන, ඒවායේ මනා පැවැත්මට අවශ්ය අනුශාසනා කළා. පාරිසරික වටිනාකමින් යුත් තැන් ඇසුරු කිරීමට ප්රිය කළා. උන්වහන්සේ වැඩ විසූ ආරාමය පිහිටා තිබුණේ වේලුවන ජේතවන ජීවක අඹ වන වැනි රමණීය උයන්වල. භාවනාවෙහි යෙදෙන භික්ෂූන් වහන්සේලාට ආරණ්ය රුක්ඛමූල ශුන්යාගාර වැනි පාරිසරික අගයෙන් යුත් තැන් ඇසුරු කිරීමට උන්වහන්සේ උපදෙස් දුන්නා .
පරිසර පන් සංරක්ෂණය සඳහා අවශ්ය ආරාම උයන් වතු වැවීම නිතිපතා පින් වැඩෙන පින්කම් වශයෙන් සංයුක්ත නිකායේ වනරෝප සූත්රයේ දී බුදුරජාණන් වහන්සේ වදාළා.
සෙවණ දුන් ගසක අතු හෝ කපන තැනැත්තා මිත්ර ද්රෝහියෙක් ද්රෝහියෙකුගේ තත්ත්වයෙහිලා සැලකීමට බුදු බුදුදහමෙහි ඉගැන්වේ ජලයෙහි පවිත්රතාව ගැන බුදුරජාණන් වහන්සේ විශේෂ සැලකිල්ලක් දැක්වූවා. ජලය මත මලමුත්ර නොකරන ලෙස උපදෙස් දුන්නා .
මිනිසාට පරිසරයේ නිසල බව අත්යවශ්යයි නැතිව ගිය හොත් චිත්ත විවේකයක් ලැබිය නොහැකී.චිත්ත විවේකයක් ලැබිය නොහැකි පරිසරයේ නිසල බව නැති කරන විවිධ ශබ්ද නව තාක්ෂණයේ දියුණුවත් සමඟ බිහිවෙනවා.
ජනාධික ප්රදේශවල අධික ශබ්දයෙන් යුක්ත යන්ත්ර සූත්ර ක්රියාත්මක වන කම්හල් පිහිටුවීම වේලාව අවේලාව නොබලා ශබ්ද විකාශන උපකරණ ක්රියාකරවීම ඇතැම් විට පාසල් අධ්යාපන කටයුතුවලට පවා බාධා පැමිණෙනවා.
පරිසරයේ නිහඬතාවය බුදු බුදුදහමෙහි ඉතාමත් අගය කරන ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිස් වාසය කළ සුවිසල් ආරාම වල නිහඬතාවය ගැන එහි පැමිණි අය පුදුමයට පත් වෙලා තියෙනවා. අජාසත් රජතුමා දිනක් බුදුරජාණන් වහන්සේ හමු වනු පිණිස ජීවක අඹ වනයට පැමිණි අවස්ථාවේ එහි පැවති නිහඬතාවය රජතුමා තුළ විස්මයක් ඇති කළා. දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්රයෙහි ඒ බව සඳහන් වෙනවා. බුදුදහමෙහි සාමාජික පරිසරය වශයෙන් ගනු ලබන්නේ සියලුම සත්ත්ව වර්ගයන් පරිසරයෙහි මනුෂ්ය වර්ගයා මෙන්ම සෙසු සත්ව වර්ගයාට ජීවත් විය යුතු බවයි.
බුදු දහමෙහි ඉගැන්වෙනවා සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වෙත්වා යනුවෙන්.
සියලුම සත්ත්ව වර්ග වල හිත සුව පතන්නේ පරිසරය සියලුම සත්වයින්ට සුරක්ෂිත ස්ථානයක් බව තහවුරු කරනු පිණිසමයි .
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood