Temples of Sri Lanka

බුදුන් වහන්සේගේ අගය කිරීමට ලක් වූ සිතීමේ හා විමසීමේ නිදහස …

සත්යාවබෝධය මගින් බුද්ධත්වය ලැබීමට මානසික නිදහස අවශ්යම දෙයක් .විවිධ මතයන්හි එල්ලී එය තුලින් ලෝකය දෙස බලන්නාට කිසි කලෙකත් සත්ය සත්යය සොයා ගත නොහැකි .

 

ගෙට ඇතුළුවීමට යන මිනිසා ගෙය වටා පිහිටි පවුර දිගේ දුවන්නාක් වගේ මිත්යා ලබ්ධිකයාට පේන්නේ තමා ගත් මිථ්යා ලබ්ධිය නැමැති පවුර පමණයි. ඔහුට ඉන් මිදිය නොහැකි නිසා සත්ය නමැති මැදුර සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
අප විසින් ම ගොඩනඟා ගත් මිථ්යා ලබ්ධි නැමැති පවුරු බිඳ දමා නිවන් මග නැමැති ගෙය තුලට පිවිසීමට අප ඉටා ගත යුතුයි. නිවන්මග වශයෙන් බුදුරජාණන් වහන්සේ දැක්වූයේ විචාරවත් බුද්ධියයි .අවිචාරවත්ව ගතානුගතික අදහස් අනුව කටයුතු කරන්නාට කනවැල අල්ලාගෙන පාර සොයන අන්ධයන් සමූහයක් හා සමාන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්නා.

 

එසේ අවිචාරවත් නොවී යෝනිසෝ මනසිකාරයෙන් නුවණ මෙහෙයවා කටයුතු කිරීමෙන් මෙලොව සම්බන්ධයෙන් පැන නගින සියලු ගැටලු විසඳා ගෙන නිවන් අවබෝධ කිරීම සඳහා අවශ්ය මාර්ගය පහදා ගත හැකි ආකාරය උන් වහන්සේ ලොවට හෙළි කළා ..
තමන් වහන්සේ ගැන හා ධර්මය ගැන විචාරාත්මක වීමට බුද්ධිය මෙහෙයවීමට බුදුරජාණන් වහන්සේ ඉඩකඩ සලසා දුන්නා. මෙය ශාස්තෘවරයකු වශයෙන් බුදුරජාණන් වහන්සේ තුළ දක්නට ලැබෙන විශේෂිත වූ ලක්ෂණයක් ..බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ ඇවිත් බලන්න යනාදී විවෘත ඇරයුම කින් ..ශ්රාවකයින් මුලා කොට තමන් වෙත තබා ගැනීම ට බුදුරජාණන් වහන්සේට අවශ්ය වුණේ නැහැ .උන් වහන්සේ සත්යාවබෝධය කළ කළේ ගුරුවරයෙකුගේ උපදෙස් නොලබා විචාරශීලීව සත්ය සොයා යාමෙන්…
අන්ය ආගමිකයන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා පැහැදී තෙරුවන් සරණ යෑමට කැමැත්ත පළ කළ විට උන් වහන්සේ පළමුකොට කරුණු පහදා දී ඊට අනුමැතිය දුන්නා. උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව කළ විවරණය අසා පැහැදිලා, උන්වහන්සේ සරණ යාමට අවසර ඉල්ලුවා එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා …
“මහා සිටුවරය, සිතා පිරික්සා බලා සරණ යන්න ඔබ වැනි ප්රසිද්ධ පුද්ගලයන් මා දැක මා සරණ යන විටත් නිඝණ්ටයන් දැක ඔවුන් සරණ යන විටත් මේ තෙමේ දුටු දුටුවන් සරණ යන්න එකෙයි දෝෂාරෝපණයට ලක්විය හැකි නිසා සිතා පිරික්සා බලා කටයුතු කිරීම ඉතා යෝග්යයි” යන්නයි …

 

බුදුරජාණන් වහන්සේට ගරු කරන නිසා හෝ උන්වහන්සේ උගන්වන නිසා හෝ යමක් නො පිළිගන්නා ලෙස වදාළේ මෙසේය ..
මහණෙනි අපගේ ශාස්තෘන් වහන්සේ ගරු කළ යුත්තෙකි එනිසා ශාස්තෲ ගෞරවයෙන් මෙසේ කියමු උන්වහන්සේ උගන්වන නිසා මෙසේ කියමු ප්රකාශ කරන්නහු ද එසේ නැතිව ඔබ දැනගෙන අවබෝධ කරගෙන යමක් ප්රකාශ කරන්නේද ස්වාමීනි දැනගෙන අවබෝධ කරගෙන ප්රකාශ කරමින් භික්ෂූන් වහන්සේලා කීහ.

 

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ දෙසූ පමණින් පිළි ගනු සඳහා නොවේ. විචාරශීලීව බුද්ධිමත්ව අවබෝධ කර ගනු සඳහා ය. අන්ධ විශ්වාසයෙන් යමක් පිළිගැනීම උන්වහන්සේ කිසි විටෙකත් අනුමත කළේ නැහැ …
අසාගෙන පවත්වාගෙන ආ පමණින් නොපිළිගන්න, පරපුරෙන් ආ පමණින් නොපිළිගන්න, මෙසේ වූයේ ය යන ආරංචියෙන් නොපිළිගන්න, පොතෙහි වූ පමණින් නොපිළිගන්න, තම තර්කයට ගැළපෙන පමණින් නොපිළිගන්න, තම දෘෂ්ටිය ගැලපුන පමණින් නොපිළිගන්න, යෝග්ය සේ පෙනුණ පමණින් නොපිළිගන්න, ගුරුවරයා කියූ නිසාම නොපිළිගන්න, මෙම වැරදි පසෙකලා යමක් වැරදි ද නිවැරදි ද නුවණැත්තන්ගේ පැසසුමට ලක් විය ද ජරාවට ලක්වේද මෙහි ප්රතිඵල හොඳද නරකද ගැන කරුණු තමන් විසින්ම විමසා බලා…. යමක් පිළිගැනීම හෝ ප්රතික්ෂේප කිරීම හෝ කළ යුතු බව බුදු රජාණන් වහන්සේ ඉගැන්වූවා….

 

උන්වහන්සේ ගුරු මුෂ්ටි වශයෙන් කිසිවක් සඟවා තබා ගෙන නැති බව වදාලා. උන්වහන්සේ පරිනිර්වාණයට ආසන්න අවස්ථාවේ ශ්රාවක සංඝයාට වදාළේ සැකයක් විමතියක් ඇතොත් විචාරා දැන ගන්නා ලෙසයි. අනාගතයේ දී ධර්මය පිළිබඳව සැක විමති මතුවූ විට ඒවා දුරු කර ගැනීමට අවශ්ය මඟ පෙන්වීම ද උන්වහන්සේ අතින් සිදුවුණා .
යම් ධර්ම කරුණක් පිළිගැනීමට හෝ ප්රතික්ෂේප කිරීමට හෝ ප්රථම ධර්ම විනය හා සඳහා බලා තීරණයට බැසිය යුතු බව උන්වහන්සේ ප්රකාශ කළා …

 

විචාර බුද්ධියෙන් තොරව වැරදි දෘෂ්ටි වලට ඉඩක් නැහැ ධර්මය දෙස බැලීම සර්පයකු වැරදි තැනින් අල්ලා ගැනීම ඒ හා සමකොට උන්වහන්සේ දැක්වූවා.
සර්පයාගේ සිරුරේ වැරදි තැනකින් ඇල්ලූ කළ ඌ දෂ්ට කරනු නියතයි .එසේම වැරදි දෘෂ්ටි වල එල්බී ධර්මය දෙස වැරදි ලෙස බැලීමෙන් පුද්ගලයා විපතෙහි වැටෙන බව උන්වහන්සේ උදක් ම ප්රකාශ කර සිටියා ..
සහෝදරත්වයෙන් එක්වෙමු!

 

© Buddhist Brotherhood

You might also like
en English
X
X