චාම් සරල දිවි පැවැත්මක අගය
තෙරුවන් සරණ යන බෞද්ධ දරුවන් තම ජීවිතය සකස් කර ගන්නේ බුදු දහමට අනුකූලවයි.එමගින් මෙලොව දියුණුව පමණක් නොවෙයි පරලොව දියුණුව සලසා ගන්නටත් පුළුවන්. එසේ ම එදිනෙදා කටයුතුවල නිරත වන්නේ ද සසර දුකින් මිදී නිවන් සුවය ලබා ගැනීමේ අරමුණු මූලික කරගෙන සහ සිත්හි තබාගෙනයි…
සෑම බෞද්ධ දරුවෙක්ම සරල ජීවිතයකට අවශ්ය කරන ගතිපැවැතුම් කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කරගත යුතුයි චාම් සරල ජීවිතයක් සඳහා ඇතිකරගත යුතු ගුණාංග තුනක් කරණීයමෙත්ත සූත්රය තුළ දැක්වෙනව භාවනා කරන්නකු තුළ තිබිය යුතු මෙම ලක්ෂණ කවරෙකු තුළ වුවත් ඇති කර ගැනීම ඉතාමත් ප්රයෝජනවත් සහ කාලෝචිතයි පහත දැක්වෙන්නේ එම ගුණාංග තුනයි.
සන්තුස්සක – ලද දෙයින් සතුටුවන්නකු වීම.
සුහර – පහසුවෙන් පෝෂණය කළ හැකි තැනැත්තෙක් බවට පත්වීම.
සල්ලහුක වුත්ති – සැහැල්ලු පැවතුම් ඇති අයකු වීම.
සන්තුස්සක නමින් හැඳින්වෙන්නේ ලද දෙයින් සතුටු වීමේ ගුණය ඇති කර ගැනීමයි යමක් ලද විට තම ශක්ති ප්රමාණය හැටියට ,ගත් උත්සාහයේ තරමට, ලබා ඇති සුදුසුකම් අනුව, මෙය ප්රමාණවත් යැයි සිතමින් සතුටුවන්නේ සන්තුෂ්ටි ගුණය ඇති විටයි. මේ ගුණය නැති අයට සරල චාම් ජීවිතයක් ගත කිරීමට නොහැකියි. මවුපියන් තම දූ දරුවන්ට ඇඳුම් පැළඳුම් පාසල් උපකරණ වැනි අවශ්යතා සපයා දෙන්නේ ඔවුන් ඔවුන්ගේ හැකියාවට අනුවයි එසේ වුවත් ඇතැම් අය ලදදෙයින් සෑහීමට පත් නොවී ක්රියා කරන අවස්ථා එමට අප දැක ඇත
එයින් මවුපියන්ට ඇති වන්නේ අසහනකාරී පීඩාවකි.ලද දෙයින් සතුටු වීමේ ගුණය ඇති අයගෙන් එවැන්නක් සිදු නොවේ
ඥානවන්ත දරුවා කොතෙකුත් අපහසුකම් මැද ඉගෙන ගැනීමේ කටයුතු කරගෙන යන්නේ උසස් ප්රතිඵල ලබා ගැනීමේ අදහසින් ඒත් බලාපොරොත්තු වූ තරමට ප්රතිඵල නොලැබී යන අවස්ථා ද ඇත එවිට පසුතැවිලි වීම හෝ දුක් වීම වෙනුවට කළ යුතු වන්නේ ලැබී ඇති ප්රතිඵල වලින් සෑහිමකට පත් වෙමින් තවදුරටත් වීර්ය වඩවා ගැනීමයි
එසේ කළ හැකි වන්නේ ලද දෙයින් සතුටු වීමේ ගුණය හෙවත් සන්තුෂ්ටි ගුණය පිහිටා තිබුණොත් පමණයි තමන්ගේ අසතුට අනුන් වෙත පවරමින් කලකෝලාහල කිරීම හෝ තමන්ටම දඩුවම් පමුණුවා ගැනීම අනුවණ ක්රියාවක්
සුදුසුකම් අනුව තමන්ට ලැබෙන රැකියාවෙන් පවා සතුටට පත් නොවන අය බොහෝ සිටී ඔවුන්ට තම ජීවිත කාලයම කලකිරුණු ස්වභාවයකින් ගත කිරීමට සිදුවන අතර ම ඇසුරු කරන්නන් ගේ ද අප්රසාදයට පත්ව යම් යම් අමනාපකම් පවා ඇතිවීමට ඉඩකඩ ඇත දැනට මේ ඇති යැයි සිතා ගෙන ඉදිරි කටයුතු සඳහා වීර්ය වැඩීම නුවණැති ක්රියාවක්
අනවශ්ය අන්දමින් දුක් වීමෙන් හෝ පසුතැවිලි වීමෙන් නැතහොත් අමනාප වීමෙන් ප්රයෝජනයක් අත් නොවන බව වටහා ගත යුතුයි ලද පමණ තෘප්තිමත් වීමේ සන්තුෂ්ටික ගුණය ඇති සරල ජීවිතයකට හුරු වීම ඊට වඩා ඉතා වැදගත් ඒ මගින් තමා සතුටු වෙමින් තමන් ඇසුරු කරන සමාජයක් ප්රසන්න තැනක් බවට පත් කරගන්නට පුළුවන්
පහසුවෙන් පෝෂණය කළ හැකි බව හෙවත් සුහර තත්ත්වය අවබෝධ කර ගනිමු අන්යයන්ට කරදරයක් අපහසුවක් නොවන ලෙස තැනට ගැළපෙන ලෙස ජීවත් වීමට කුඩා කල සිටම අප පුරුදු පුහුණු විය යුතුයි ඇතැම් අය තම මවුපියන්ගෙන් ලැබෙන දේ අගය නො කොට ඒවායේ අගුණ කියන්නට පෙළඹෙනවා නිතර අඩුපාඩු පෙන්වමින් ඔවුන්ට කරදර හිරිහැර කරනවා බාහිර සමාජයේ හැසිරෙන්නෙ අන් අයට බාධා වන පරිදි මවුපියන් උපයන ධනය වියදම් කරන්නෙත් තම විනෝදය අලංකාරය හා වෙනත් අනවශ්ය දේවල් සඳහා ඔවුන් නිතර පෙළඹෙන්නේ දැරිය නොහැකි වියදම් වලට හා වියදම් කරවීමටයි ප්රධාන හේතුව වන්නේ එබඳු අය තුළ සුහර ගුණය නොමැතිකමයි
මත්ද්රව්යවලට හා දුසිරිත් වලට පුරුදු වූ අයත් පහසුවෙන් පෝෂණය කළ නොහැකි සුහර ගුණය නැත්තවුන්ටයි. සුහර ගුණය නොමැති තැනැත්තාට තමා උපයන ධනය හා දෙමව්පියන්ගෙන් ලද ධනය තම වියදමට පවා ප්රමාණවත් නො වේ
එබැවින් මවුපිය ගුරුවර ආදීන්ට මෙන්ම සමාජයට බරක් නොවි මෙන් පහසුවෙන් පෝෂණය කළ හැකි අය වීමට උත්සාහ ගන්නේ නම් එය මැනවි
එමගින් සුහර ගුණය ඇති සරල චාම් ජීවිතයකට හුරු වීම ඉතා වැදගත් බව පෙනේ
සැහැල්ලු පැවතුම් ඇති යන අදහස ඇති සල්ල සල්ලහුකවුත්ති පැවතුම පිළිබඳව බලමු
සරල ජීවිතයකට අවශ්ය කරන ගුණාංගයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන් බාහිර පුහු ආටෝපයෙන් ගෙන් තොර චාම් ගති පැවතුම් ඇති කර ගැනීම ජීවිතය අලංකාර කරන ආභරණයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්
සැහැල්ලු ගති පැවතුම් ඇති අය වටිනා ඇඳුම් පැළඳුම් හා සුවඳ විලවුන් කෙරෙහි දක්වන්නේ අඩු සැලකිල්ලක්
එසේම තමා වැඩියෙන් ප්රිය කරන මිල අධික ආහාර දිනපතා ලබා ගැනීමට උනන්දු නොවී තමන් සතු භාණ්ඩ පරිහරණය කරන්නේත් ප්රයෝජනය හා පිරිසිදුකම ගැන සලකා බලා මිස පුහු ආටෝපය ගැන සලකා නොවෙයි මේ අන්දමින් සරල චාම් ජීවිතයකට අවශ්ය කරන සැහැල්ලු ගති පැවතුම් ඇති කර ගැනීමට උත්සාහ ගත යුතුයි
බෞද්ධයන් අතීතයේ සිටම ගත කළේ සරල චාම් ජීවිතයක් ඒ සඳහා අවශ්ය මග පෙන්වීම සිදු කෙරුණේ ගමේ පන්සලෙන්
එය චාම් බව පෙන්නුම් කරන ආදර්ශවත් ස්ථානයක් එහි වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේ ගත කළේ කළේ චාම් සරල ජීවිතයක් පන්සලත් එහි වැඩ සිටින ස්වාමීන් වහන්සේගේ ජීවිතයත් බෞද්ධයන්ට මහඟු ආදර්ශයක් බවට පත්වුණා මේ නිසා බෞද්ධ ජීවිත වලට වගේම බෞද්ධ නිවෙසටත් චාම් සරල බව ඇතුළත් වී තිබුණා
විහාරස්ථාන වලට පැමිණෙන සැදැහැවතුන් සිල් සමාදන් වන සැදැහැති උපාසක උපාසිකාවෝ වර්ණවත් ඇඳුම් ඇඳීමත් හෝ ආභරණ පැලඳීම හෝ කළේ නැහැ සුවඳ විලවුන් ගැල්වීමෙන් වැළකුණා
අඳින්නෙ චාම් බව රැකෙන පිරිසිදු ඇඳුම් බෞද්ධ උත්සව වල දී මෙන්ම අවමංගල අවස්ථාවලදී චාම් බව රැක ගැනීම ඉතා වැදගත් අතීතයේ සිටම පන්සල ඇසුරෙන් පුරුදු පුහුණු කරගත් සරල බව අප විසින් රැකගත යුතුව තිබෙනවා එබැවින් කුඩා අපි චාම් සරල ජීවිතයක් ගත කිරීමට අවශ්ය මෙවැනි ගුණාංග වැඩිදියුණු කරගැනීමට ඉටා ගනිමු…
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood