Temples of Sri Lanka

අරුම පුදුම ගල් වඳුරා….

වර්ෂ ගණනාවකට පෙර ඈත අතීතයේ මහා නැගෙනහිර මුහුද මධ්යයේ පිහිටි රමණීය ස්ථානයක “මල් පල ශිඛරය ” නමින් හැඳින්වූ දූපතක් වුනා.
මෙහි විශාල ගල්කුලක් පිහිටියා.විශ්වාසයේ හැටියට නම් ලෝකය ආරම්භ වූ කාලයේ ඉඳන්ම මෙම ගල් කුල ඉර.. හඳ.. මහපොළොව සහ දෙව්ලොව යන සියලුම රහසිගත බලවේගයන් අවශෝෂණය කරගෙන තිබුණා.
දිනක් මෙම ගල් කුළ දෙකට පැලී ගියා ඒ තුළින් පිටතට පැමිණියේ ඉතාමත් අරුම පුදුම බිත්තරයක් මොහොතකට පසු බිත්තර බිඳී ඉන් එළියට පැන ආවේ කුඩා ගල් වඳුරෙක් උතුර දකුණ නැගෙනහිර සහ බටහිර යන සිවු දිසාවන්ට ප්රථමයෙන්ම මේ ගල් වදුරා නමස්කාර කළා ඉන්පසු ප්රීතියෙන් ඉපිලෙමින් ඉවතට පැන දිව ගියා.

 

ගල් වදුරා වැඩුණේ ශක්තිමත් සහ හිතුවක්කාර වඳුරෙක් ලෙස දූපතේ විසූ අනෙක් වඳුරන් හා සෙල්ලම් කරන හැම වතාවකදීම ඌ පෙරමුණ ගත්තා දිනක් අනෙක් වඳුරන් ද සමඟ නිල් දිය පිරි පොකුණක පිහිනීමට ගියා.එවේලේ මහා හඬක් ඇසී ඒ කුමක්දැයි හිස ඔසවා බැලූ විට ඔවුන් දුටුවේ ඉහළ ගල් කුලක සිට පොකුණට කඩා හැලෙන දිය ඇල්ලක්…
බලන්න අර දියඇල්ල දිහා එක වඳුරෙක් කෑ ගැහුවා අර දියඇල්ල හරහා යාමට සමත් වන්නා අපේ නායකයා බවට පත් වෙයි ..එක් අයෙක් මෙසේ පවසද්දී”මට පුළුවන් ඒක කරන්න”යි ගල් වඳුරා පැවසුවා…

 

මෙලෙස පවසමින් ගල්කුල මුදුනට පැන ගිය ඔහු හිතට ශක්තිය අරගෙන දෑස් පියාගෙන හිමින් පෙමින් පහතට කඩා හැලෙන දියඇල්ල තුළට පැන්නා ඔහු ඇස් අරින විට දුටුවේ තමන් ඉදිරියේ යකඩ පාලමක් ඇති බව
පාලමට එපිටින් තිබුණේ කාන්තිමත් ප්රභාව කින් යුත් මනරම් ගල් ගුහාවකට පිවිසෙන දොරටුවක් එය ඉතාමත් විශාලයි ඇතුළත තිබුණේ නේක වර්ණයෙන් දිදුලන පාෂාණමය සැකසීම්… මෙය දිව්ය ගුහාවක් ලෙසින් හැඳින්වුණා…

 

ගුහාව හොඳින් නිරීක්ෂණය කලා ට පසුව ගල් වඳුරා නැවතත් පාලම කරා ගියා ඉන්පසු තිරයක් සේ ගලා හැලෙන ඇල්ල තුළින් නැවතත් අනෙක් වදුරන් සිටි තැනට පැනගත්තා ගල් වදුරා පැවසූ තතු ඇසූ අනෙක් වඳුරෝ නොඉවසිල්ලෙන් කෑ ගැහුවා. තමන්ද ගුහාවට කැඳවාගෙන යන ලෙස ඉල්ලා සිටියා
මා පසුපසින් එන්න ඔහු කෑ ගැසුවා…
ඉන්පසුව නැවතත් දියඇල්ල තුළට ඔහු පැන්නා ඔහුගේ මග පෙන්වීම යටතේ එලෙස පැනීමට අනෙක් වඳුරොත් ධෛර්යය උපදවාගෙන ගල් වඳුරා පසුපසින් එකා පසුපස දියඇල්ල තුළට පැන්නා ඉන්පසු පාලම තරණය කළ ඔවුන් ගල් ගුහාවට ඇතුල් වුණා..
මේ ආකාරයට ගල් වඳුරා වඳුරා රැලේ නායකයා බවට පත් වුණා ඔහු සහ ඔහුගේ අතවැසි වඳුරෙක් දිව්ය ගුහාවේ වසර තුන්සීයකට වැඩි කාලයක් සතුටින් සැනසීමෙන් ජීවත් වුණා..

 

මේ කාලේ දී ගල් වඳුරා බොහෝ දේවල් අලුතින් ඉගෙනගත්තා මිනිසකු තරමටම බුද්ධිමත් වන තුරු ඔහුගේ බුද්ධිය වැඩී ගියා වඩවඩාත් බුහුටි වූ ඔහුගේ කුතුහලය ඒ තරමටම වැඩි වෙලා තිබුණා ඉක්මනින්ම තව තවත් අලුත් දැනුම රැස්කර ගැනීමට ඔහු පෙළඹුනා පමණක් නෙමෙයි විවිධ ප්රාතිහාර්ය මය බලයන් 72කට අධිපතියා බවට පත්වීමට ඔහුට වැඩි කාලයක් ගියේ නැහැ.
මිනිස්, සත්තු, ශාක, සහ වෙනත් ඕනෑම වේශයක් ගැනීමට ඔහු සමත් වුණා අශ්වයෙක් පිට යන්නාක් මෙන් වළාකුළු මත නැගී යාමට තරම් ඔහු නිපුණයකු බවට පත් වුණා කිසිවෙකුට හෝ කිසිවකට ඔහු බිය වුණේ නම් නැහැ.
මේ සියල්ලම යහපත් වුවත් ගල් වඳුරා ඔහුගේ බලය ප්රයෝජනයට ගත්තේ තමාගේ සතුට සහ කීර්තිය වෙනුවෙන් පමණයි ඔහුගෙන් අන් අයට වන කරදර පිළිබඳව ඔහු කිසිම විටෙක ගණන් ගත්තෙ නැහැ

 

මේ වන විට ගල් වඳුරාට මායාකාර කඹයක් තිබුණා ඒක ඔහු මුහුද යට රාජධානියේ මකර රජුගේ මාළිගයෙන් සොරකම් කරන ලද එකක් මෙම කඹේ ඉතා බලසම්පන්නයි.පොළොව යට පිහිටි මරණයේ රාජධානියට යාමට මග පාදා ගැනීමට ඔහු එය භාවිතා කළා. එහිදී ජීවිතය හා මරණය නැමැති ග්රන්ථය තමාට ලබා දෙන ලෙස මළවුන්ගේ කුමාරවරු දස දෙනාට ඔහු බල කර සිටියා
ලෝකයේ ජීවත්වන සෑම සත්වයකු ගේම නම සහ ජීවත්වන අවුරුදු ගණන එහි සටහන් කර තිබුණා නම සටහන් කර ඇති පිටුව සොයමින් ගල් වදුරා පොත පෙරළුවා
ඉන්පසු එම පිටුව ඉරා පොඩි කරකර දැම්මා දැන් ගල් වඳුරා කවදාවත් මිය යන්නේ නැහැ මෙය තවත් තහවුරු කරගන්නට ලාඕ ට්සු ඉසිවරයා විසූ බටහිර දෙව්ලොවට හොර රහසේම ඇතුල් වී ආදරණීයත්ව ඖෂධය පිළිබඳ මෙම ඉසිවරයා වෙතින් තොරතුරු ලබාගත්තා

 

මෙම ඉසිවරයා ඉතා ඥානාන්විතයි. අමරණීයත්වයේ ඖෂධය ඉතා ස්වල්ප ප්රමාණයක් පෙරීමට ඔහුට බොහෝ කාලයක් ගත වුණා ඒ වගේමයි සදාකල් ජීවත් වීමට මෙයින් එක් බින්දුවක් පමණක් පානය කිරීමත් ප්රමාණවත් වුණා
ලබු කැට පහක පුරවා තිබූ ඖෂධය ගල් වඳුරාට හමුවුණා ඔහු සියල්ලම එහි හිස් කර දැම්මා දැන් මම සදාකල්හිම ජීවත්වන බව සිකුරුයි. ඔහු සතුටින් කෑ ගැහුවා .දේව උදහසින් බේරීම සඳහා අදිසි වෙසක් මවා ගත් ඔහු දෙව්ලොව බටහිර ද්වාරයෙන් රිංගා පලාගියා.

 

දැන් මම මහ පොළොවට ගිහින් රජකම් කරනවා ඔහු තමාටම කියාගත්තා
එක් අවස්ථාවක ඔහු සුරඟනන් ගේ මව් සුරඟනගේ පීච් ගෙඩි හොරකම් කලා මෙම බීච් සාමාන්ය ආකාරයේ ඒවා වුණේ නෑ මං සුරංගන ගිය උද්යානයේ මෙම ගෙඩි හටගත්තේ සෑම වසර 3000 කට වරක් හැම වසර 3000 කට වරක් පීච් ගස් පලබර වූ විට මව් සුරංගන සියලුම දෙවිවරුන්ට හා සුරංගනා මේ අපූරු peach රසවිඳීමට සිය උද්යානයට ඇරයුම් කරනවා
මේ වරත් මව් සුරංගන සිය pets සංග්රහය පවත්වනු දිනයේ හොර රහසේම උද්යානයට කඩා වැදුණු ගල් වදුරා සියලුම peach ගෙඩි ටික කා දැම්මා
සියල්ල අවසන් උනාට පසු කෙතරම් උගේ බඩ පිරී තිබුණේ ද යත් ඔහුට සිදුවූයේ එහි ම වැටී නිදා ගැනීමයි මව් සුරගන…. අමුත්තන් පැමිණිය හොත් මට බේරී පලා යා නොහැකි වනු ඇත යයි සිතා එබැවින් ඔහු ඉතා කුඩා peach පණුවෙක් ලෙස වෙස් මාරු කර ගත්තා .

 

ඉනික්බිතිව පීච් ගසක පොත්තක් ඇතුළට වී සුවසේ නින්දට වැටුනා මව් සුරංගන සහ ඇගේ අමුත්තෝ සංග්රහය විනාශ කොට ඇති ආකාරය දැක්කා ඔවුහු සෑම අතකම සොරා සොයන්නට පටන් ගත්තා නමුත් ගස තුල නිදා සිටි කුඩා peach පනුවා ගැන කිසිවෙක් සැක කළේ නැහැ
මේ වන විට සත් දෙව් රද ගල් වදුරා ගැන සෙවිල්ලෙන් සිටි අතර උගෙන් අන් අයට වන කරදරය දුටුවා මෙය නතර කළ යුතු යැයි ඔහු සෑම විටම සිතුවා
ඔහු ඉතා ඥානවන්තයි. දක්ෂයි. බොහෝ මායා බලපරාක්රමයන් රැසක් දැනගෙන සිටි ඔහු පාලනය කිරීම අපහසු කටයුත්තක් වුණා. ඔහු හීලෑ කරගත හැක්කේ බුදු රජාණන් වහන්සේට පමණයි සක්දෙවිඳු තීරණය කළා.
මහපොළොවෙ සහ දෙව්ලොවේ ගල් වඳුරා කරන විනාශය නවතා දෙන ලෙස පණිවුඩකරුවකු යවමින් සක් දෙවිඳු බුදුරජාණන් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියා

 

බුදුරජාණන් වහන්සේ දුටු ගල් වඳුරා කෑගැසුවා මට බාධා කරන්නට පැමිණෙන ඔබ කවරෙක්ද ….කවරෙක් ද ….උන්වහන්සේ සන්සුන් ගල් වඳුරා දෙස බැලුවා මම බුදුන් වෙමි මම මෙහි පැමිණියේ ඔබව දමනය කිරීමටයි උන්වහන්සේ එසේ පිළිතුරු දුන්නා
නුඹ මේ කතා කරන්නේ කාටද දැයි උඹ දන්නවාද අහංකාරම වූ උඩගු ගල් වදුරා විමසුවා
මම ගල් වඳුරෙක්. මම රජ කෙකෙනෙක්. මටද රහස් යානය තිබෙනවා හැත්තෑ දෙකක් වූ මායාමය බලයකට අධිපති මම එසේම මම අමරණීයයි කාටවත් බය නෑ ඔබට කොහොමත් බය නෑ යනුවෙන් ගල් වඳුරා කියා සිටියා..

 

මට ඕනෑම දෙයක් කළ හැකියි. ගල් වඳුරා කෑ ගැසුවා අනතුරුව කරනම් ගසමින් අහසේ ඈතට යන්නට පටන් ගත්තේ ඉතා වේගයෙන්.
කරකැවෙමින් කරනම් ගසමින් ඔහු සුළි සුළඟක් මෙන් අහසේ ඉහළ වලාකුළු වලටත් ඔබ්බට ගිය සෑම කරනමක් පාසා ඉතා දිගු දුරක් ගෙවමින් බොහෝ වාරයක් පාසා ඉතා දිගු දුරක් ගෙවමින් බොහෝ වේලාවක් තිස්සේ සිය කාර්යය කරගෙන ගියා .
අන්තිමේදී අහසේ කෙළවර යැයි සිතන ලද කිසියම් ස්ථානයකට පැමිණියා පැහැයට හුරු වූ කිසියම් කරුණු තුනක් එහි තිබෙන ගල් වඳුරා දුටුවා ඒවා කෙතරම් දැයි කිවහොත් ඉහළ අහසේ නොපෙනෙන දුරක් දක්වා විහිදී තිබුණ දෙයියනේ මම මේ ලෝකෙ අන්තයටම ඇවිල්ලා යි කියමින් ගල් වදුරා සිතුවා.
තමා ගැන මහත් ආඩම්බරයක් දැනුන ඔහු එහි පැමිණි බව දැන්වීම සඳහා මැද පිහිටි කුළුණ මතට කරණම් ගැසූ ඔහු සිය සලකුණ තැබුවා පසුව ඔහු තමා සිටි ස්ථානයට නැවත කරනම් ගසමින් පැමිණ බුදුරජාණන් වහන්සේකළු වඳුරා එනතුරු බලා සිටියා
හැතැප්ම දහස් ගණනක් දුරට එක කරණමක් ගහන්න විතරක් නෙවෙයි මට පුළුවන් ලෝක කෙලවරටම යන්නත් ගල් වදුරා පුරසාරම් දෙඩුවා. ඔබ මා විශ්වාස නොකරනවා නම් ඔබට පුළුවන් ගිහින් බලන්න එහි එක් කුලුනක මගේ සලකුණ තබා ඇති
සැබවින්ම ඔබ මේ දෙස බැලුවොත් හොඳයි සිය අත දිගු කරමින් උන්වහන්සේ කියා සිටියා බුදුරජාණන් වහන්සේගේ අතේ

 

මැදඟිල්ලේ තිබෙනු ගල් වඳුරා දුටුවේ තමා ලෝක අන්තයට ගොස් කුලුනේ තැබූ සලකුණයි.
ගල් වඳුරා මහත් විමතියට මෙන්ම බියට ද පත් පත් වුණා මේ මුළු කාලය තුළම මා කරනම් ගසා තිබුණේ බුදුරජාණන් වහන්සේගේ අත්ල මතයි
තම සැමියා මුණගැසුණු බව වටහාගත් ගල් වඳුරා පැන යන්නට උත්සාහ කළා නමුත් බුදුරජාණන් වහන්සේ සිය හස්තය ගල් වදුරාගේ සිරුර මත තැබුවා
ඉන්පසු බුදුන් වහන්සේ ලොව මූල ධාතුව වන ජලය ගින්දර දැව සහ යකඩ වලින් කන්දක් මවමින් එය ගල් වඳුරාගේ සිරුර මතින් තැබුවා තමන් දන්නා සියලුම උපක්රම භාවිත කළත් ඉන් බේරී යාමට ගල් වඳුරාට නොහැකි වුණා නොහැකිවුනා අන්තිමේ දී පොළොව මෙන් ම දෙලොව ද උගේ දඩබ්බරකම් වලින් ආරක්ෂා
වසර දහස් ගණනක් එම කන්ද යට සිටි ගල් වඳුරා නැවතත් දූපතට පැමිණි බව වඳුරෝ කියනවා එම කාලය තුළ ගල් වඳුරාගේ සිතත් වෙනස් වී තිබුණා අද පවා ඌ මහත් සේ විනෝද වන නමුත් සිය ඥානය සහ බලය යොදවා අනෙක් අයට උදව් කිරීමට පුරුදු වෙලා සිටියා…

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X