Temples of Sri Lanka

දහම් මගට ප්‍රවිෂ්ට වීමට, නිවමු භව ගිමන්

පිරිසක් සමඟ එකට වාසය කිරීමෙන් තමයි අපේ අකුසල් රැස් මතු වෙලා පේන්නෙ. පිරිස සමග වාසය කරනකොට එකිනෙකා කෙරෙහි ඉරිසියාව මතුවෙලා එනවා පේනවා. කුහකකම ගැටෙන ගතිය මතු වෙලා පේනවා. අඩුපාඩු හොයන ගතිය මතු වෙලා පේනවා .කම්මැලිකම මතුවෙලා එනවා. මේ කටයුත්ත තව කෙනෙක් කරපුවාවේ මම කරන්න ඕන නෑ… කියන මගහරින ගතිය සට කපට මායා ගතිය මතු වෙලා පෙනෙන්න ගන්නවා.

ඒවා දකින්නට පුළුවන් වෙන්නේ පිරිසක් එක්ක ඉන්නකොට .

හැබැයි ඒ සඳහා අපි සිත පිරිසිදු වීම පිණිස ඇති කරගත් ඉලක්කයක ඉන්නට ඕන.

කැලයක් කපන්නට යනකොට නේද කටු ලඳු ඔක්කොම අහුවෙන්නේ. නැත්නම් ඈතින් කැලේ බල බලා යනකොට හිතෙනව හරි ලස්සනයි කුරුල්ලා ඇති… ඈතින් යනවා අන්න උන් ගිහින් කැලේ වහනවා කියලා ..නමුත් කැලේ කපන්ට යනකොටයි පේන්නේ කටුපඳුරු ඔක්කොම .

ඒ නිසා අපි පිරිසුදු වෙන්න ඕන කියන අදහසින් පිරිස සමඟ වාසය කරන්නට ඕන.

අන්න එතකොට එයා තුළ අපිරිසුදුකම ඇති කරන්නා වූ කරුණු මතු වෙලා පෙනෙන්න ගන්නවා එතකොට එයාට ඒවා දුරු කරගන්නට අවස්ථාවක් ලැබෙනවා එනිසා පිරිසෙන් වෙන්ව යෑම අකුසල් දුරු කරගන්නට උපකාර වෙන එකක් නෙවෙයි. පිරිසෙන් වෙන්ව යෑම වෙන්ව සිටීම කියලා කාරණයකුත් ධර්මයේ තියෙනවා ඒකෙන් කියන්නේ හුදෙක් තනි තනිව ඉදීම නෙවෙයි එකෙන් අදහස් කරන්නේ පිරිස සමග ඉඳිමින් එකිනෙකාට උපකාර කරමින් තනි තනිව අකුසල් දුරු කරගන්න කල්පනා කළ යුතුයි කියන අදහසයි..

බුදුන් වහන්සේ චුල්ල ගෝසිංහ සූත්‍රයෙන් අනුරුද්ධ මහ රහතන් වහන්සේගෙන් මෙන්න මේ විදිහට අහනවා …

කොහොමද සමගිය එහෙම ? සමගිව සතුටින් වාද විවාද නැතිව ඉන්නවා නේද? එකිනෙකා කිරියි වතුරයි වගේ ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවා නේද? කියලා..

බුදුරජාණන් වහන්සේගේ මේ අවවාදය ඔබ තරයේ හිතට ගනිත්වා කියල අපි කල්පනා කරනවා.

මේ අවවාදය අපේ එකක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේගේ එකක් අපි කළේ සිහිපත් කරල දීම විතරයි. ඒ වාදය හිස් මුදුනින් පිළිගත්ත කෙනා පිරිස් අතර ප්‍රිය මනාප වාසය කරනවා ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරනවා එය ඉටු කරන්නට බලාපොරොත්තු වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අපේක්ෂාව භාග්‍යවතුන් වහන්සේ කැමැති වුණේ යමක්ද ඒක ඉටු කරන්නට යා කැමතියි එයාට කුසල් වැඩෙනවා

ඒ සඳහා අනුරුද්ධ රහතන් වහන්සේ මෙන්ම මේ ආකාරයෙන් පිළිතුරු දෙනවා..

ඇත්තෙන්ම ස්වාමීනි අපි සමගියෙන් ඉන්නවා අපි සමගියෙන් සතුටු වෙනවා වාද විවාද කරන්නේ නෑ කිරියි වතුරයි එකතු වුණා වගේ එකිනෙකා කෙරෙහි ප්‍රිය ඇසින් බලමින් තමයි වාසය කරන්නේ භාග්‍යවතුන් වහන්සේ විමසනවා පින්වත අනුරුද්ධ ඔබ කොයි විදිහටද සමගිව ඉන්නේ කා සමග සතුටු වෙන්නේ වාද විවාද නැතිව ඉන්නේ කිරි වතුරයි එකතු වුණා වගේ එකිනෙකා ප්‍රිය ඇසින් බලමින් ඉන්නේ කොහොමද කියලා

උන්වහන්සේ ඒ වෙනුවෙන් ප්‍රකාශයක් කරනවා ස්වාමීනි මට මේ විදියටයි හිතෙන්නේ.. ඇත්තෙන්ම මට ලාභයක් ඇත්තෙන්ම මට යහපතක් ලාභයක් මේ වගේ උතුම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා එක එකට වාසය කරන්නට ලැබුණේ කියලා ස්වාමීනි ඒ ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ වැඩ හිටියත් නැතත් මෛත්‍රීසහගත වැඩ කටයුතු වලින් යුක්ත වෙලයි මම ඉන්නේ ඒ වගේම ඒ ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ හිටියත් නැතත් මෛත්‍රී සහගත කතාබහෙන් ඉන්නේ ඒ වගේම ඒ ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ හිටියත් නැතත් මෛත්‍රී සහගත අදහස් වලින් ඉන්නේ …මට මෙහෙමත් හිතෙනවා මගේ හිත අයින් කරලා උන් වහන්සේලාගේ ස්වභාවය මං ඇති කරගන්නවා කියලා ඉතින් ස්වාමීනි මං මගේ හිත පැත්තකින් තියෙනවා මේ ආයුෂ්මතුන් වහන්සේලා හිතන විදියටම හිතනවා එතකොට ස්වාමීනි අපි වෙනස් වෙන්නේ සිරුරුවලින් විතරයි අපි හදවත් වලින් එකයි

දැක්කා ද නිවන් මගට බහින තැන නිවන පිණිස පිවිසෙන තැන සංසිඳීම ඇති කරවන තැන භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය ඉටු කරන්නේ කොහොමද කියන කාරනාව… එහෙම නැතුව මට මේ ගොල්ලෝ එක්ක ඉදලා හරියන්නේ නෑ කියල උන්වහන්සේ කල්පනා කළේ නෑ…

කිසියම් පුද්ගලයෙක් මේ විදියට කල්පනා කළොත් එයා භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවා භාග්‍යවතුන් වහන්සේ යම් ඉලක්කයක් පෙන්නු වා නම්.. එයාව ඉලක්කය කරා යන කෙනා විදියට සලකන්නට පුළුවන්..

ශ්‍රාවකයෙක් භාග්‍යවතුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කරන ශ්‍රාවකයෙකුට යමක් ලැබෙන්නේ අන්න ඒ ප්‍රතිලාභ නිසායි.

එනිසා අප සියලු දෙනාටම සිහිකරලා දෙන්නේ නිවන පිණිස පුහුණු කළ කළ යුතු වැඩපිළිවෙලක් භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන්නා නම් ඒ විදියට ඒ වැඩපිළිවෙළ ආරම්භය සිද්ධ වෙන්න ඕනෙත් මේ ආකාරයෙන් කියන එකයි.

භාග්‍යවතුන් වහන්සේ උදෙසා යම් කෙනෙක් මේ ශාසනයේ පැවිදි වුණා නම් ඒ අය රාග ද්වේශ මෝහ දුරු කරන්නට ඕනෑ කියන අදහස ඇති කරගෙනයි පැමිණෙන්නේ.

ඒක ඒ අය තුළ තියෙන ගුණයක් ද නැද්ද ගුණයක් නමුත් ඒ අදහස තිබුණ කියල ඒ අය තුළ රාගය ඉස්මතු නොවෙයිද…

ද්වේශයෙන් ඉස්මතු නොවෙයිද….

මෝහය ඉස්මතු නොවෙයිද….

එසේ වන්නේ නැහැ. ඉස්මතු වීම සිද්ධ වෙනවා. එහෙනම් ඒ පිරිස තුළ රාගය ඉස්මතු වීම ද අපි නරක විදිහට කල්පනා කළ යුත්තේ රාගය දුරු කරන්නට ඕන කියන හැඟීම ද හොඳ දෙයක් විදිහට කල්පනා කළ යුත්තේ?

ඒ පුද්ගලයා මැනිය යුත්තේ කොයි කාරණයෙන් ද බලන්න යම් කෙනෙක් ශාසනයට ඇතුළු වෙනවා නම් ඒ බහුතරයක් දෙනා රාග ද්වේශ මෝහ දුරු කරන්නට ඕන කියන අදහසින් එන්නේ එහෙනම් අන්න ඒ අදහසින් ඒ පුද්ගලයා මැන ගන්න එකද හොඳ නැතිනම් එයා තුළ රාගය මුල් වෙලා යම් කටයුත්තක් සිදු වුණොත් ඒක මුල් කරගෙන මනින එකද හොඳ…

යමෙක් තුළ ශ්‍රේෂ්ඨ අරමුණක් තියෙනවා නම් අන්න ඒ අරමුණ මුල් කරගෙන ඒ අයට ගරු කරන්න පුරුදුවෙන්න.

රාගය තියෙන නිසානේ එයාලගේ දුරු කරන්නට කල්පනා කරන්නේ ඒ වගේම ද්වේශය තියෙන නිසානෙ ඒකත් දුරු කරන්නට කල්පනා කරන්නේ.. මෙන්න මෙයාට කේන්ති යනවා කියලා වයින් කලහම හරියන්නේ නෑ ඒ නිසා අපි දැනගන්න ඕන එයාට කරුණාවෙන් උපකාර කරන්න .

එතකොට එයා ඒක නැති කරගන්න උත්සාහ කරන්නේ එහෙම නැතිව මෙන්න මේ අයට තරහ යනවා කියලා ඒගොල්ලෝ මෙහෙමයි කියලා අපි ඒ අයට නිගා කරන එක සුදුසු නෑ.

අපි කල්පනා කරන්න ඕන ඒ අය තුළ තියෙන රාග ද්වේශ මෝහ දුරු කරන්නට ඕන කියන අපේක්ෂාව ගැනඒ අපේක්ෂාව ඒ අයට නැත්නම් ඒ අය එහි සමාදන් කරවන්නට අප මූලික විය යුතුයි.

ඒ නිසාමයි සියලුම පුද්ගලයින් මේ ලාමක ඇසුර අයින් කරලා භාග්‍යවතුන් වහන්සේ අපේක්ෂා කළ විදිය ඇසුරක් ඇති කරගන්න මේ ධර්මය පුරුදු කර ගන්න ඕන කියන්නේ අන්න එතකොට එකිනෙකාට ගරු සරුව ඇති අය බවට පත්වෙලා පත් වෙලා ඊට පස්සේ ඒ පිරිස කල්‍යාණ මිත්‍රයන් ට නැඹුරු වෙලා වාසය කරන්නට පටන් ගන්නවා

අන්න එතකොට කල්‍යාණ මිත්‍රයා යමක් කිව්වහම ඇහුම්කන් දෙන්න කැමතියි කැමැතියි ඒ ඇගේ හිතට මේ ධර්මය යනවා ඒ අය සංසිඳෙනවා එකිනෙකාට කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් උපකාර කරනවා අන්න ඒ අය තුළ සංසිඳීම හටගන්නවා එය තුළ සේඛ ධර්ම හටගන්නවා ඒ අය සේඛ ධර්ම පුරුදු වෙනවා අන්න ඒ අය තුළ ටිකෙන් ටික සීලය රැකෙන්නට පටන් ගන්නවා දැන් ඒ අය සේඛ බල සහිතව සීලය රකින නිසා සිල්පද කැඩෙන්නෙ නැහැ නොකැඩී තියෙන තියෙනවා යම් කලකදී ඒ එය අවබෝධයෙන් සීලය රකින අවබෝධයෙන් ඉන්න කෙනා සීල විශුද්ධිය කරා ගමන් කරනවා

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X