Temples of Sri Lanka

සිල්වතෙකුවු ඔබ

සිල්වතෙකුවු ඔබ

 

පන්සිල් අරණට පිවිසි ඔබ එහි පළමු ශික්ෂාපදය ගැන තරමක් දුරට දැනුවත් වී ඇතැයි සිතමි. ඒ පිළිබඳ ලිවිය හැකි බොහෝ කරැණු ඇතත් දැනට ඔබ දැනගත් වැදගත්ම කරුණුටික තවදුරටත් ඉදිරියට යාම සඳහා ප්‍රමාණවත් වෙයි.

 

දෙවන ශික්ෂාපදයේදී කියවෙන්නේ අන්සතු හෝ තමාට අයත් නැති දෙයක් සොරසිතින් ගැනීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි යන්නයි.

 

මෙය ලෝකය තුළ පවත්නා වූ ප්‍රාණඝාතය වැනිමවු කුරිරුම වදනක් බව මා ඔබට පැහැදිලි කරදෙන්නෙමි.

 

යම් අයෙක්උපයාසපයා ගත් දෙයක් ඔහු කැමැත්තෙන් නොදුන් දෙයක් පැහැරගැනීමෙන් එය අයත් තැනැත්තාට ඇතිවන දුක මානසික වෙිදනාව කොතෙක්ද? තවත් විටෙක අවි ආයුධ පෙන්වා බිය වද්දා සමහරවිට දණ්ඩනයට පත් කර හෝ ඝාතනය කර අන්සතු වස්තුව පැහැරගැනීමෙන් තමාටද රාජ නීතියට අසුව දුක්විදිම‌ට සිදුවිය හකිය. එසේ නොවී තමා ආරක්ෂා වී සිටිය හැකිමුත් වදයට පත්වූ අය විදින දුක,වෙිදනාව,බිය,සන්තාපය ආදියේ දැඩි උණුසුම තමාට දැනෙන දවසක්ද උදාවෙනු ඇත.

 

මේවරද සිදුකර මේ ශික්ෂාපදය බිඳ දමා එය සාධාරණීකරණය සඳහා කොතෙකුත් කරුණු ඉදිරිපත් කිරීමට ඔබට හැකිවන්නටද පුළුවන.

 

එහෙත් එය කිසිදා සාර්තක නොවනු ඇත. ධම්ම පදයේ එන මේ ගාථාව කියවා බලන්න.

 

ඉධ තප්පති පෙච්ච තප්පති

පාපකාරි උභයත්ථ තප්පති

පාපං මේ කතංති තප්පති

භිය්‍යො තප්පති දුග්ගතිංගතො

 

පව් කළ තැනැත්තා කළ පව් කම්හි නරක දැක මේ ලොවෙහිද පව්කම් වල විපාක විඳිමින් පරලොවෙහිද තැවෙයි. බොහෝ සෙයින් බියට පත්ව තැවෙමින් දුකට පත්වෙයි. මේ ඉහත සඳහන් ගාථාවේ සරල අරුතයි. විමසා බලන්න

 

දේශසීමා අරගල යුධ ගැටුම්,දියෙන් ගොඩබිමින් බෝම්බ හෙලීම්,මරාගන මැරෙන ප්‍රහාර,දේශ දේශයන් යටත් කරගැනීම්,ත්‍රස්තවාදී මෙහෙයුම් ආදිය සඳහාද අන්සතු දෙය පැහැර ගැනීම “සොර සිතින්ගැනීම” හෙවත් “අදත්තාදානය” බරපතල පාපකර්මයක් වීමෙන්ම සිදුවන අයුරු සිතාබලන්න.

 

නොයෙක් රටවලින් හා පුද්ගලයන් ලබා දෙන ණය මුදල් නැවත ගෙවීමට අපොහොසත් වූ විට රටවල් සහ ජනතාව සතු ඉඩම් සහ දේපොළ ණය මුදල් වෙනුවට ලබාදුන් අය අත්පත් කරගනිති. එයද අදත්තාදානයට අයත් අකුසලයකි.

 

මේ සියල්ල මුලිකම හේතුවක් ලෙස අදත්තාදානය ක්‍රියා කරයිනම් මම එයින් වැළකීම නිසා ඒ සියල්ල නොපිට පෙරළී ලෝක සාමය,මිනිස් සිත් පුරා පැතිරුණ මානව හිමිකම් සුරැකීම,යුතුකම හා වගකීම ඉටුකිරීම සිදුවන්නේ කෙසේද? ඒ මෙසේය.

 

ඔබ යනු ලෝකයයි. ඔබ අදිටන් කරගන්න මම මෙයින් වළකිමි කිවු පරිදිම රැකීමට එසේනම් එය පූර්ණ වන අයුරු ඔබ දැනගත යුතුයි නොවැ. ඒසඳහා අංග පහක් සම්පූර්ණ වියයුතුය.

 

  1. අන්තු වස්තුවක් වීම.
  2. අන්සතු බව දැනගැනීම.
  3. සොර සිත.
  4. උපක්‍රම යෙදීම.
  5. සොරකම.

 

ඔබ සුරකින බවට පොරොන්දු වූ සිල්පදයට අනුව එය ඉටුනොකිරීමෙන්…

 

  1. දිළිඳු බවට පත්වීම
  2. බැගෑබවට පත්වීම.
  3. තමා කැමති වස්තු සම්පත් නොලැබීම
  4. අනුන් යටතේ දිවි පැවතුම් කරන්නට සිදුවීම.

 

නමුත් ඔබ ඔබේ හදවතට එකඟව පොරොන්දු වූ පරිදි මෙම ශික්ෂා පදය රැකිමෙන් ලැබෙන ආනිසංසද මෙසේ සඳහන් කරමි.

 

  1. මහා ධනවතෙකු වීම.
  2. බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම.
  3. අනන්ත වූ භෝග සම්පත් ඇත්තෙකු වීම.
  4. නූපන් වස්තුව උපදවා ගැනීමට ශක්තිය ඇති පුන්‍යවන්තයෙකු වීම.
  5. ලැබුණා වූ භෝග රැකගැනීමේ වාසනාව.
  6. කැමති යම් වස්තුවක් වේද එය වහා ලබන්නෙකු වීම.
  7. රජ,සොර,ගිනි,අප්‍රිය දරුවන්ට,යන ආදීයට විනාශ කළ නොහැකි වස්තුව ඇතිවීම.
  8. සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම.
  9. ලොව උත්තමයෙකු වීම.
  10. නැත යන වචනය අසන්නටවත් නොලැබෙන්නෙකු වීම.
  11. සැප විහරණ ඇත්තෙකු වීම.

 

මේ සියළු ආනිසංස ඇතිවන්නේ දෙවන ශික්ෂා පදය කඩ නොකරන්නෙකු වූ ඔබටමය.

 

සිල්වතෙකු ඔබ කොතරම් භාග්‍යවන්තයෙක්ද? සිතා බලන්න තවත් ඉදිරියට ඔබට මට කිවහැකි දෙය ඇති බව සිහිතබා ගන්න.

 

 

 

අභිධර්මාචාර්‍ය ඊ. ඉන්ද්‍රා විජයලතා වෙරළ

© Buddhist Brotherhood

You might also like
en English
X
X