මෙන්න … දියුණුවේ ලක්ෂණ…
මෙලොව සහ පරලොව යන දෙලොවම දියුණුව ලබා ගත යුතු ආකාරය බුදු දහමෙහි මනා ලෙස ඉගැන්වෙනවා ඒ අතර මෙලොව දියුනුවට මුල් තැන ලැබෙනවා
මංගල සූත්‍රයෙහි ඉගැන්වෙන කරුණු පිළිබඳව සලකා බලන විට දියුනුවට හේතුවන කරුණු මේ ලෙස හඳුන්වා දී තිබෙනවා
අධ්‍යාපන දියුනුවට හේතුවන කරුණු
චර්යාමය දියුනුවට හේතුවන කරුණු
අධ්‍යාත්මික දියුණුවට හේතු වන කරුණු
සාමාජීය දියුනුවට හේතු වන කරුණු
යනුවෙන් ඒවා කොටස් කරන්නට පුළුවන්
බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව බහුශ්‍රැත භාවය යි .බහුශ්‍රැතභාවය වෙත අතීතයෙහි අධ්‍යාපනය ලැබුවේ ගුරු බසට සවන් දීමෙන් .එකල පොතපත සුලබ නොවූ අතර ගුරුවරයා වෙතින් බොහෝ දේ අසා දැන ගත්තා.
මනුස්සයෙක් බහු ශ්‍රැතයෙක් බවට පත් වුණේ ඒ ආකාරයටයි .පොතපත කියවීමේ දැනුම ලබා ගන්නට පුළුවන් මෙයින් දැක්වෙන්නේ මෙලොව දියුණුව සඳහා ශාස්ත්‍රීය දැනුම ලබාගැනීමේ අවශ්‍යතාව යයි දියුණුව සලසා ගැනීමේ දී කිසියම් ශිල්ප ඥානයක් ලබන්නට අවශ්‍යයි. යම් කලා ශිල්ප ආදිය පිළිබඳව දෑතේ හුරුව ප්‍රායෝගික වෘත්තිය පුහුණුවක් ලැබීම මෙයින් අපේක්ෂිතයි අද්යාපන දියුණුව සාර්ථක කර ගැනීමට නම් චර්යාමය දියුණුවක්ද ලබා ගන්නට අවශ්‍යයි.
මනා හික්මීමකින් විනය පවත්වා ගැනීම යහපත් වචන කතා කිරීම නිරවුල් කර්මාන්තවල යෙදී ම ධර්මයෙහි හැසිරීම නිවැරැදි ක්‍රියාවන්හි යෙදීම පව් වලින් ඈත්වීම මත්ද්‍රව්‍ය නොගැනීම නොගැනීම සුදුසු වෙලාවෙහි බණ ඇසීම සුදුසු වෙලාවෙහි ධර්ම සාකච්ඡා ලද දෙයින් සතුටුවීමපෙර කළ පින් ඇති බව…යන මේ හැම කරුණක්ම අපේ කය වචන සිත යන තුන් දොරින් සිදුවිය හැකි දුසිරිත් වලින් ඈත් කරමින් සුචරිතයෙහි යොදවා චර්යාව දියුණු කිරීමට ඉවහල් වෙනවා
තවුස් දම් පිරීම බඹසර හි යෙදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම නිවන් අවබෝධය අට ලෝ දහමෙහි කම්පා නොවීම ශෝක නැති බව කෙලෙස් නැති බව කෙලෙසුන්ගෙන් සිත නිදහස් වීම කුසල දහම්හි නොපමා බව යන අධ්‍යාත්මික දියුණුව සලසන මෙම කරුණු සිත දියුණු කරගෙන චතුරාර්ය සත්‍යය අවබෝධ කොට නිවන් දැකීම තෙක් වූ අධ්‍යාත්මික දියුණුව ලබා ගැනීමට ඉමහත් ලෙස බලපානවා.
සමාජීය දියුණුව සලසන කරුණු අතර මෝඩයින් ඇසුරු නොකිරීම නුවණැත්තන් ඇසුරු කිරීම පිදිය යුත්තන් පිදීම සුදුසු පෙදෙසක වාසය කිරීම මවුපිය උපස්ථානය අඹු දරුවන්ට සැලකීම වීම
නෑයන්ට සැලකීම ගරු කළ යුත්තන්ට ගරු කිරීම නිහතමානී බව කෙළෙහි ගුණ සැලකීම ඉවසීම සුවච කීකරු බව භික්ෂූන් වහන්සේලා දැකීම යන මංගල කරුණු සමාජයේ ජීවත්වන විවිධ සමාජ කොටස් සමග දැහැමි සම්බන්ධතා පවත්වා ගැනීමට ඉවහල්ඔපුද්ගලයෙකුට පුද්ගලයකුට සාට අනුව මෙලොව දියුණුව සඳහා ඉවහල් වන කරුණු පිළිබඳව මෙහි ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා උට්ඨාන සම්පදා ආරක්ඛ සම්පදා කල්‍යාණ මිත්තතා සමජීවිකතා යනු එම කරුණු හතරයි
උට්ඨාන සම්පදා
ආරක්ඛ සම්පදා
කල්‍යාණ මිත්තතා සමජීවිකතා
යනු එම කරුණු හතරයි
පුද්ගලයෙකුට සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් ධනයක් උපයා ගත යුතුයි උට්ඨාන සම්පදා යනු ඒ සඳහා අවශ්‍ය නොපසුබට උත්සාහය යි
උත්සාහ සම්පන්නව යෝග්‍ය වෘත්තියක යෙදෙමින් ධාර්මිකව ධනය ඉපයූ ඉපයීම ධනයට සොර සතුරු උවදුරු පැමිණෙනවා ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය රැකවරණය සලසා ගැනීම ආරක්ෂා සම්පදාව ලෙස හඳුන්වනවා
උපයාගත් ධනය ක්‍රමවත් ලෙස පරිභෝජනය කරන්නට අවශ්‍යයයි
අය වැය සමව පවත්වා ගනිමින් ධනය පරිභෝජනය කිරීම සමජීවිකතාවයි
චරිත සංවර්ධනයෙන් තොර ව ධනවත්කම හානිදායක වෙනවා යහමග පෙන්වන මිතුරන් ඇසුරු කිරීම ඒ සඳහා අවශ්‍යයි එබඳු කරන මිතුරන් ඇති බව කල්යාණමිත්තතා ව යයි
දැන පරිහානියට හේතු වන දොරටු ලෝකයෙහි විවෘත ව තිබෙනවා ඒවා වසා ගැනීමට ධනය උපයන ගිහියා විසින් කළ යුතු දෙයක් එනම් නීති විරෝධී ලෙස කම්සැප සෙවීම මත්ද්‍රව්‍ය ගැනීම සූදුවෙහි යෙදීම පවිටු මිතුරන් ඇසුරු කිරීම යන කරුණුයි ම පුරුදු වුණ හොත් කෙතෙක් දන ඉපයා ගත් පලක් වන්නේ නැහැ මෙසේ පරිහානි වලින් ඈත්වෙලා මේ ලෝකයේ සැප විඳින ගිහියා පරලොව සැපය පිණිස පවත්නා සම්පත් 4 ක් රැස්කර ගත යුතුයි
සද්ධා සම්පදා
සීල සම්පදා
වාග් සම්පදා
පඤ්ඤා සම්පදා
මෙම ව්‍යග්ගපජ්ජ සූත්‍ර වලින් පුද්ගලයෙකුගේ ලෞකික දියුණුවට අවශ්‍ය අධ්‍යාපන ප්‍රගතිය චරිත සංවර්ධනය ආර්ථික සමෘද්ධිය සාමාජීය දියුණුව සලසා ගැනීමට මග පෙන්වන අතර ම අධ්‍යාත්මික දියුණුව සඳහා ද උපදෙස් ලැබෙනවා එබැවින් බුදුදහම මෙලොව පරලොව දියුණුව මුල්කරගෙන දේශනා කරන ලද්දක්..
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood