Temples of Sri Lanka

දුරුතු උදාවේ…පින්බර පුන් පෝදා අදයි…

සුපින්වත් සිත් , සිල් සුවදින් නැහැවෙන උතුම් දුරුතු පුන් පෝ දා අදයි..

වර්ෂයේ මුල්ම මාසය මෙන්ම ලංකා වාසී අපට ඉතාමත් වැදගත්ම පොහොයක් වන්නේ බුදුන් වහන්සේ ලංකාවට පළමු වරට වැඩි දුරුතු පොහොය දිනයයි.

මහියංගනය හි පිහිටි මහානාග නම් උයනේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර අරගලයක් හටගෙන තිබුණු අතර බුදුන් වහන්සේ එහි වැඩම කොට ඔවුන් ඇමතීමට උත්සාහ දැරුවත් තමන්ගේ පරිසරයට පැමිණි අමුත්තා කරදරයක් යැයි සිතූ යක්ෂයෝ අවි අමෝරාගෙන බුදුන් වහන්සේට එරෙහිව නැගී සිටින ලදී .

යක්ශයින් දමනය ට නම් ඔවුන් බියට පත් කර සිටිය යුතු බව සිතූ බුදුන් වහන්සේ වර්ෂාව අකුණු සහ මහාමේඝයක් ඇතිකරමින් යක්ෂයින් බිය ගන්ගන්වා පසුව ඔවුන්ගේ බිය පහ කළ බව සඳහන් වෙයි.

පසුව යක්ෂයින් ගිරි දිවයිනට පලා ගිය බව ද සඳහන් වෙයි. පැමිණ සිටි සුමන සමන් දෙවියන් පූජාවට සුදුසු දෙයක් ඉල්ලා සිටි විට බුදුන් හිමියන් කෙස් මිටක් ලබා දී ඇති අතර සුමන දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ හිම එම කේශධාතු තැන්පත් කොට අඩි දහයක් උස ස්ථූපයක් කර වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි .

මේ මහියංගන චෛත්‍ය යනු එම ස්තූපය ලෙස හඳුන්වමු .බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව ලෝක සත්වයා හට දේශනා කිරීමේ මුල් පියවර දුරුතු පුන් පුන්පොහෝ දිනක, එනම් අද වගේ දිනක සිදු වන ලදී .

ඒ උරුවෙල දනව්වට වැඩම කොට අහංකාර තුන්බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා දෙමිනි.

තමා විසින් දහම් දේශනා කොට අරහත් භාවයට පත් තුන් බෑ ජටිල තෙරුන් සහ ඔවුන්ගේ පිරිවර සමඟ මගධය වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට දහම් දෙසා රජු සහ එ නුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළේ ද අද වන් වූ දුරුතු පෝ දිනකයි.

බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද මෙම පොහොය දිනයේ බව සඳහන් වෙයි .

ශ්‍රී ලංකාව තුළ දුරුතු පොහොය පින්කම් කෑම වෙහෙර විහාරස්ථානයකම පැවැත්වෙයි.

ලෝක සම්මතයක් ලෙස වසරක ආරම්භය නිසා ශ්‍රී ලංකාවේ ද නව වසර වෙනුවෙන් විවිධ ආගමික උත්සව පවත්වනු ලබයි.

විශේෂයෙන් කැලණි විහාරයේ පවත්වන දුරුතු පෝය පෙරහැර සිංහල බෞද්ධ සංස්කෘතියේ වැදගත්කම හා ජාතික හැඟීම් මැනවින් පිළිඹිබු කරවන්නකි .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X