භික්ෂූන් වහන්සේලාගේ ජීවිතය ආදර්ශවත් එකක්.බුදුන් වහන්සේ විසින් භික්ෂු ජීවිතය හැඩගස්වා ගැනීමට උපදෙස් දෙන ලදහ. නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත් භික්ෂූන් වහන්සේලාගේ ජීවිතයෙන් ගිහියාට ලබාගත හැකි ආදර්ශ කිහිපයකි.කරණීය මෙත්ත සූත්‍රයේ චාම් සරල ජීවිතයකට අවශ්‍ය ගුණාංග තුනක් අවධාරණය කරයි.
ලද දෙයින් සතුටු වීම
පහසුවෙන් පෝෂණය කළ හැකි වීම
සැහැල්ලු දිවි පැවැත්ම
කරණීය මෙත්ත සූත්‍රයේ ” සන්තුට්ඨි “ නමින් හඳුන්වා ඇත. ශක්ති ප්‍රමාණය තරමට, උත්සාහයේ තරමට ම, සුදුසුකම ප්‍රමාණයට තමන්ට ලැබෙන දේ ප්‍රමාණවත්, යැයි සිතා සතුටු වීම මින් අදහස් වේ. බුදු දහමේ සතුට යථාලාභ සන්තෝෂය හෙවත් ලදදෙයින් සතුටු වීම ලෙස දැක්විය හැක.
යථාලාභ සන්තෝෂය සඳහා යථා බල සන්තෝෂය යථා සාරුප්ප සන්තෝෂය යන කරුණු බලපායි.
ශක්ති ප්‍රමාණය පරිදි, තම සම්පත් දෙස බලා ඇතිකරගන්නා සතුට, බුද්ධිය ,උගත්කම, වත්පොහොසත්කම, එනම් තම ශක්තියෙන් උපයාගත් තම ධනය පිළිබඳව සතුටින් කල්ගෙවීම යථා බල සන්තෝෂය වේ.
භික්ෂුව තමාට ලැබෙන සිව්පසය ප්‍රමාණවත් නොවුවද දුකක් නොවේ. එයට අවම කර විචිත්‍ර ජීවිත ගත කරයි. එසේ භික්ෂුවට සතුට ලැබෙයි. ලැබිය යුත්තේ භාවනාවෙනි.
චාම් සරල ජීවිතයක් ගත කිරීමට භික්ෂුජීවිතයෙන් ලැබිය හැකි තවත් ගුනාංගයකි සුහාර තාවය. ළමා වියේ සිටම දෙමව්පියන් විසින් ලබාදෙන පමණටම පිළි ගැනීමට පුරුදු විය යුතුය. එසේ නොකර වැඩියෙන් බලාපොරොත්තු වීම නිසා එම පුරුද්ද වැඩිහිටියන් වූ විට ද ජීවිතය පහසුවෙන් පෝෂණය කිරීමට බාධාවක්. අනවශ්‍ය විනෝදයට හා අලංකාරයට කටයුතු කිරීමෙන් ජීවිතය පහසුවෙන් ගෙවීමට ඇති හැකියාව නැති වෙයි .තමන්ට ඔරොත්තු දෙන ප්‍රමාණයෙන් ජීවත්වීමෙන් සතුට සැනසීම උදා වෙයි.
ජීවිතය පහසුවෙන් පෝෂණය කළ නොේ පහසුවෙන් පෝෂණය කළ නොහැක්කේ දුසිරිත් වලට යොමු වීමෙන්. විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට හුරු වීම සූදුවට යොමු වීම නිසා විශාල ධනයක් ඒ සඳහා යොමු කිරීමට සිදුවෙයි. මේ නිසා තමන් උපයන ධනය ප්‍රමාණවත් නොවේ .පුද්ගලයෙකුගේ බාහිර අලංකාරය වැඩි උන තරමට අභ්‍යන්තර ගුණ පිරිහී ආර්ථිකය පිරිහේ. බාහිර අලංකාරය වැඩි බොහෝ දෙනෙකු තුළ අභ්‍යන්තර පරිහානියක් දැකිය හැකිය. චිත්ත බැඳීම් පිරිසිදු වන විට බාහිර පිරිසිදු කම නිරන්තරයෙන් ලැබෙයි. වර්තමාන සමාජයේ වුවද බුද්ධියෙන් මුහුකුරා ගිය බොහෝ දෙනා සැහැල්ලු ගති පැවතුම් වලට චාම් ජීවිතයක් ගත කිරීමට සලසවා ගන්නේ එහි ඇති වැදගත්කම දන්නා නිසාය.
කරණීයමෙත්ත සූත්‍රයේ සැහැල්ලු දිවි පැවැත්ම හඳුන්වන්නේ “සල්ලහුක වුත්ති”
නමිනි. බාහිර අලංකාර වලින් තොරව චාම් ගති පැවතුම් ඇති කර ගැනීම ජීවිත අලංකාරයට අවශ්‍ය ආභරණයකි. පැවිදි ජීවිතය තුළ වුවමනාකම් අඩු පුද්ගලයෙකු බවට පත් වේ. භික්ෂූන් වහන්සේ පක්ෂියෙකු වැනිය . පක්ෂියෙකුට ඇත්තේ පියාපත් බර පමණකි. භික්ෂූන් වහන්සේද කුමන තැනකට ගියත් ගෙන යන්නේ සිවුර හා පාත්‍රය පමණයි.
මෙයින් භික්ෂු ජීවිතයේ චාම් හා සරල බව පැහැදිලි වේ. භික්ෂු ජීවිතයේ මූලික අටපිරිකර ය. අට පිරිකරය සිවුර, තනිපට සිවුර, අඳනය, පටිය පාත්‍රය , දැලිපිහිය, පෙරහනය ඉදිකටුව කාලීන අවශ්‍යතා පරිදි හා අව්වැසි පීඩාවන් ගෙන ආරක්ෂා වීමට කුඩයක් හෝ ගොටු අත්තක්, හා සංවරය සඳහා වටා පතක් සෞඛ්‍ය ආරක්ෂාවට පා වහන් සඟළක් එකතුවෙයි.
භික්ෂූන්වහන්සේලා කිසිදිනක ආභරණ නොපළඳිති. සසඳන විට උන්වහන්සේ බොහෝ සැහැල්ලු දිවි පැවැත්මක් ගත කරන බව පැහැදිලිය. චාම් සරල පැවැත්ම ආදර්ශයට ගන්න ගිහියාද තම ජීවිතය සරල කර ගනි.
ඇඳුම් පැළදුම් තම ජීවිතයට බරක් කරගෙන නොගනී . දුම්වැටි මත් ද්‍රව්‍ය වලින් වැළකී නවීන මෝස්තර පසුපස නොයයි .භික්ෂු ජීවිතයේ ආදර්ශයට ගන්නා ගිහියා භාණ්ඩ තෝරා ගැනීමේදී එහි බාහිර ආටෝපයට වඩා ශක්තිමත් භාවය කල්පැවැත්ම සෞඛ්‍ය හිතකර බව ය.මේ පිළිබඳව සැලකිලිමත් වෙයි නම් මිනිසා අඩුම ප්‍රමානයෙන් උපරිම සතුටක් ලැබිය හැකිය.එසේම භික්ෂු ජීවිතයේ ආදර්ශන් ගැන පිහිටා ක්‍රියා කිරීම අපේ ජීවිත යහපත් වීමට බලපානු ඇත.
ඔබට යහපත් හෙටක්
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood