Temples of Sri Lanka

කරුණා ගුන වඩවන සත්ව කරුණාව

අපේ වටපිටාවේ බොහෝ සත්තු ජීවත්වෙනවා. සමහර සත්තු අපගේ ගෙවල්වල අප ඇසුරේම සිටිනවා.

බල්ලා, බළලා, ගවයා. එළුවා වැනි සතුන් අප ඇසුරේ සිටින සතුන්. හාවා , ලේනා, කුරැල්ලන් අපෙන් ඈත්ව පරිසරයේ ම ජීවත් වන සත්තු. මේ සැම සතාට ම අප කරැණාව දක්වන්න ඕනි.ඇතැම් ගෙවල්වල ඇති කරන සතුන් ට ද හිංසා කරන හැටි අපට දකින්නට පුලුවන්.

උන්ගෙන් සිදුවන සුළු වරදටත් පහර දෙනවා. එයින් සතුන්ට තුවාල ද සිදුවනවා පමණක් නොවේ මරණයටද පත් වෙනවා.. තුවාල වෙන අසරණ සත්තු බොහෝ කාලයක් දුක් විඳිනවා. කොර ගසමින් යන සතුන් සමහර විට අපට දකින්නට ලැබෙනවා. ඒ කවුරැන් විසින් හෝ කරන ලද දඬුවමක් නිසා සිදු වූවක්.

සමහරැ විනෝදය සඳහා කරන්නේ සතුන්ට හිංසා කිරීම. එය ඔවුන්ට විනෝදයක් වුවත් අසරණ සතුන්ට මහා හිංසාවක්. අපි කුඩා කල සිට ම සතුන්ට කරැණාව දක්වන්නට අවශ්‍යයි.

සියලු සත්ත්වයෝ මරණයට බියවෙති, දඬුවමට බිය වෙති. ජීවත්වීමට පි‍්‍රය කරති. එහෙත් මාංශ පිණිස සත්ත්ව ඝාතනය සිදු කිරීම ලොව පුරා පැතිරී ඇති දෙයකි. අපි ගවයා දෙස බලමු. ගවයාගෙන් කිරි, පොහොර ආදිය ලබා ගනී. ශ්‍රමය ද ලබා ගනී. එහෙත් අවසානයේ කෲර ලෙස එම සත්වයා මරණයට පත් කර මාංශ ආහාර ට ගනී.එම පාපයන් දිට්ඨධම්මවේදනීය කර්ම වශයෙන් ඵල දෙයි.
දිනක් බුදුන් වහන්සේ මාවතේ වඩින විට ළමයින් පිරිසක් සර්පයකුට පහර දෙනු දැක දරුවනි, කුමක්දැයි කරන්නේ විමසූහ. “ස්වාමීනි මේ සර්පයා මරන්නයි හදන්නේ”. “දරුවනේ ඔබ කැමැති ද දඬුවම් විඳින්න, පහර කන්න”, “නැත ස්වාමීනි”, ඒ වගේ තමයි සතුන්ට රිදෙනවා. තුවාල වෙනවා. අපි සතුන්ට ආදරය, කරුණාව, මෛත්‍රිය දක්වමු. බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා දිනපතා සතුනට කෑම, ජලය දෙමු. ඒ සතුන් සතුටින් ආහාර ගන්නා හැටි බලා අපිත් සතුටු වෙමු.

මෙලොව ජීවත්වීමට සැම ප්‍රාණියකුට ම අයිතියක් ඇත. කුඩා කූඹියාගේ සිට මහා යෝධයා දක්වාම මේ විසල් පොළෝ ගැබ තුළ ජීවත් වෙයි. එහි දී අප සියලු දෙනා ම ප්‍රාණීන් ලෙස හැඳින් වේ. මනසින් උසස් මනුෂ්‍යයා හා මනසින් පහත් තිරිසනා ලෙස ජීවත්වීමේ අයිතිය වර්ගවාදී වී ඇත්තේ කර්මය ද පදනම්ව ය.
නමුත් උසස් මනසේ හිමිකරුවන්ට තමන්ට වඩා පහත් තිරිසන් සතුන්ට හිරිහැර කිරීමේ අයිතිය නොමැත.

ජීවිතයේ අප සියලු දෙනා ම ලබන තෘප්තිය නිදහසයි. ඒ නිදහස මිනිසාට සේ ම සත්වයාට ද එක හා සමාන ව හිමි විය යුතු ය.
අසරණ සත්වයින්ට රැකවරණය සදන මිනිසුන් ද සමාජයේ අපමණ ව වෙසෙයි. අපේ දිවිය සතුටින් පුරවාගෙන සෑම ප්‍රාණියකුට ම මෛත්‍රිය බෙදා දීමට අප හුරු විය යුතු ය. කරුණාව, මෛත්‍රිය, අවිහිංසකත්වය බෙදා දිය හැකි ශ්‍රේෂ්ඨ මනසක් හිමි මිනිසාට ම පමණකි.

එම නිසාම අප සැම සත්වයකුට ම එක හා සමාන ව කරුණාව දැක්වීම වැදගත් ය. නූතන ලෝකයේ සත්ව හිතවාදී සංවිධාන බහුල වුව ද ඒවායේ ක්‍රියාකාරීත්වය දුබල ය. අප තනි තනිව අපට හැකි අයුරින් අවශ්‍ය සියලුම ජීවීන්ට කරුණාව දැක්විය යුතු ය.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X