Temples of Sri Lanka

කතකට හිමි තැන බුදු දහමෙන් ඉටු වූ වගයි

කාන්තාවක් එදා මෙදා තුර, කවදත්, කොතැනත්, පිරිමියාට වඩා අසාධාරණයට ලක්වන බව මැදහත්ව බලන කෙනෙකුට පැහැදිලි වෙනවා.

එපමණක් නොවෙයි ඇය ස්වභාව ධර්මයෙන් පවා කරුණු ගොඩකදීම පුරුෂයාට වඩා දුක්විඳි තැනැත්තියක් බව බුදුරජාණන් වහන්සේ ආවේණික දුක්ඛ සූත්‍රයෙන් පැහැදිලි කරනවා.

ලෝකයේ සියලු ආගම් හා දර්ශනයන්ට වඩා කාන්තාවගේ තත්ත්වය ඉහළට නඟමින් ආධ්‍යාත්මික විමුක්තියේ ඉහළම ඵලය වූ නිර්වාණාබබෝධය ලබා ගැනීමේ සියලුම සුදුසුකම් ඇය වෙත පවත්නා බව සනාථ කොට ඇත්තේ බුදුදහමේ පමණක් බව ප්‍රථමයෙන් ම අවධාරණය කරන්න අවශ්‍යයි .

ථෙරවාදී බුදුදහමේ ආභාෂ ලැබූ ලංකාව, බුරුමය, තායිලන්තය, ලාඕසය වැනි රටවල්හි ජීවත් වන කාන්තාව ඈත අතීතයේ පටන්ම සමාජයේ ගෞරවයට පාත්‍ර වූ පිරිමියාට සහිත වරප්‍රසාද ලැබූ තැනැත්තියක් බවට පෙරදිග සංක්‍රමණය කළ අපරදිග විචාරකයන්ගේ වාර්තාවලින් මනාව පැහැදිලි යි. ථෙරවාදී බුදු දහම පවත්නා ශ්‍රී ලංකාව තායිලන්තය, බුරුමය, වැනි රටවල කාන්තාවන්ගේ තත්ත්වය සලකා බලනවිට බෞද්ධ කාන්තාව ඉහළ වරප්‍රසාද ලබා ඇති බව පෙන්වා දී තිබෙනවා.

හියුග් බොයිඩ්, නම් වූ මහනුවර උසාවියේ රාජ්‍ය නිලධාරියා, පෙරදිග රටවල් සමග සසඳමින් ලාංකීය කාන්තාව සමාජයේ ඉහළ තත්ත්වයක සිටින බවත් ඇය නිවසේ සිරකර තැබුවේ නැතැයි ද ඇගේ මානව අයිතීන් උල්ලංගණය කොට නැතැයි ද වාර්තා කර තිබෙනවා

17වෙනි 18වෙනි සියවස්හි ලංකාවට පැමිණි යුරෝපියන් යුරෝපයේ හා ඉන්දියාව වැනි බොහෝ රටවල්හි නීතිය සසඳමින්, ලංකාව, බුරුමය, තායිලන්තය.රටවල කාන්තාවන් හින්දු, මුස්ලිම්, කාන්තාවන්ට වඩා නිදහසක් භුක්ති විඳින පිරිසක් බව වාර්තා කර තිබෙනවා.

භාරතීය කාන්තාව සෘග් වේද යුගයෙහි යම්තරමකට සමාජයේ උසස් තත්ත්වයක් හිමිකරගෙන තිබුණත් බුද්ධ කාලය වන විට ඇය පහත් තත්ත්වයකට පත්කර තිබූ බව වාර්තා හෙලි කරනවා. බ්‍රාහ්මණ පූජක පන්තිය විසින් කාන්තාව එකල පැවැති කුල ක්‍රමයේ පහත් ම තත්ත්වයෙහි ලා සැලකූ ශුද්‍රයාගේ තත්ත්වයට කාන්තාව ඇද දමා තිබුණ.

බ්‍රාහ්මණයන්ගේ වේද මන්ත්‍ර සජ්ඣායනය ශුද්‍රයාටත් කාන්තාවටත්, තහනම් වුණා. ඇයට ස්වර්ගයේ දොර විවෘත වන්නේ ස්වාමියාට අතිශයින් භක්තිමත්ව උපස්ථාන කිරීමෙන් පමණි. එය එකල සමාජ ආධිපත්‍යය හිමිකරගෙන සිටි බ්‍රාහ්මණයන්ගේ කාන්තාව පිළිබඳ ආකල්පයයි.

තාක්ෂණික වශයෙන් දියුණුවට පත්ව ඇති වත්මන් ලෝකය කාන්තාව ගැන කොතරම් අසාධාරණව ක්‍රියාත්මක වනවාද යන්නත් අපට පෙනෙන්නටම ඇති සත්‍යක්.

කාන්තාව ඉපදෙන්නට පෙර මරා දැමේ. ස්ත්‍රී කලල ගබ්සාව (ජ්ඥථචතඥ ජ්ධඥඵබඪජඪඤඥ )වර්තමානයේ උග්‍ර තත්ත්වයකට පත්වීමෙන් මෙය පැහැදිලිවේ. ස්ත්‍රියක් ගැබ් ගැනීමෙන් සති දොළහක් ගත වූ පසු ගර්භාෂයට නිකුත් කෙරෙන අති ධ්වනි තරග (උතතපචඵධභදඤ) මඟින් කුස සිටින දරුවා දියණියක් ද පුතෙක් ද යන්න දැන ගැනීමට හැකිවේ. මෙහි ප්‍රතිඵලය වූයේ ස්ත්‍රී කලලය විනාශ කිරීමයි. ඒ අනුව නිර්මාණයේ ස්ත්‍රී, පුරුෂ උපත් අනුපාතය පුරුෂයන් 120ට ස්ත්‍රීන් 100 බවට පත්වීමයි. ඉන්දියාවේ හරියානා, පන්ජාබය වැනි ප්‍රාන්තවල තත්ත්වය මීට වඩා උග්‍රය. දිල්ලිය වැනි සංවර්ධනය වූ ප්‍රදේශයක පවා පිරිමි 114වන විට ස්ත්‍රීන් 100 තත්ත්වයට පත්ව තිබෙනවා..

මෙම වාර්තාව මෙසේ වුවද ලංකාව තුළ ස්ත්‍රී කලල විනාශයක් මෙතෙක් වාර්තා වී නැත. මේ කිනම් ආශ්චර්යක් ද? බුදුදහමෙන් ලැබූ කාන්තා විමුක්තිය පිළිබඳ ස්වර්ණමය උදාහරණයක්. මෙම කාරණය දෙදහස් තුන්සියයක් පැවැති බුදුදහමේ ආභාෂය හුදෙක් බෞද්ධ කාන්තාවට පමණක් නොව ලක්දිව අන්‍ය ආගමික කාන්තාවන් කෙරෙහි ද යහපත් බලපෑමක් වී ඇති බව ගවේෂණ කරන කෙනෙකුට පසක් කරගත හැකියි.

නූතන ලෝකයේ භාරතීය කාන්තාව කෙරෙහි මෙබඳු අසාධාරණත්වයක් පවතී නම් ක්‍රි.පූ. 6වෙනි සියවසෙහි කෙබඳු තත්ත්වයක ඇය ජීවත් වුවාද යන්න අනුමාන කළ හැක. රජ පවුලක වුවද උපන්නේ දියණියක් නම් එය කනස්සල්ලට හේතුවක් විය. කෝසල රාජ්‍යයේ පසේනදී කොසොල් රජතුමා මල්ලිකා දේවිය දියණියක් බිහි කළ අවස්ථාවේ රජතුමාගේ දුක පසුතැවිල්ල දුරුකිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මැදිහත් වෙමින් කාන්තා උපත පිළිබඳ රජතුමා තුළ සාධාරණ ආකල්පයක් ඇති කළහ.

රජතුමනි, ස්ත්‍රිය ද ශ්‍රේෂ්ඨය, ඇය පෝෂණය කළ මැනවි .නැදි මයිලන් දෙවියන් ලෙස සලකන පතිවත රකින කාන්තාව උත්තම වේ. සමස්ත සත්ව ප්‍රජාව පවත්නේ ස්ත්‍රී, පුරුෂ දෙදෙනාගේ එක්වීමෙනි. මේ දෙදෙනාට වෙන්ව සත්ව ප්‍රජනනයක් බිහි කළ නොහැක. ඇය පහත් තැනැත්තියක් වීමේ සාධාරණත්වය කුමක්ද? ලෝකය මැවූ දෙවියන් විසින් මිනිසාත් ගැහැනියක් මවන ලදැයි නිර්මාණවාදී ආගම් සියල්ලේ ඉගැන්වේ. කුල වශයෙන් ස්ත්‍රී, පුරුෂ වශයෙන් වර්ගකොට බ්‍රාහ්මණ විසින් මැව් මාර්ගය සැලකෙන මිනිස් ප්‍රභවය බුදුන්වහන්සේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළහ. ඒ අනුව මිනිස් ගැහැනිය මැවූ බ්‍රාහ්මණ, වුණේ දෙමාපියන්ය.

බ්‍රහ්මාති භික්ඛවේ මාතා පිතුන්නං අධිවචනං’ මව හා පියා මිනිසා මැවූ බ්‍රහ්මයායි. එක අතකින් මිනිසාගේ මැවුම්කරු අම්මා හා පියායයි දේව නිර්මාණ වාදයේ බ්‍රහ්මත්වය දෙමාපියන්ට පවරන ගමන් බුරදධාවිය මාතා, බුරදධාවිය පිතා බෞද්ධයන්ගේ උත්තරීතර පරමාදර්ශය බුද්ධත්වය තත්ත්වයට මවත් පියාත් උසස් කොට සැලකීමෙන් පැහැදිලි වන්නේ බුදුදහම ලිංගික වෙනසක් නොතකා මවත් පියාත් සම තත්ත්වයෙහිලා සලකා ඇති බවයි.

ස්ත්‍රිය හැඳිමිටේ නුවණ ඇත්තියක් ලෙස ‘ද්වංගුල පඤ්ඤා’ ඇඟිලි තුඩු දෙකෙහි නුවණ ඇති කෙනෙක් ලෙස හඳුන්වනු ලැබුයේ බ්‍රාහ්මණ සමාජය විසිනි. පිසෙන බතක් හොඳින් පැසී තිබේද යන්න පරීක්ෂා කර බලනුයේ බත් හැලියෙන් හැඳිමිටට ගත් බත් හුලක් ඇඟිලි තුඩු දෙකෙන් තද කර බැලීමෙනි. මුළුතැන්ගෙට හිරවී බත් පිසින ඇයගේ නුවණ බමුණෝ උපහාසයෙන් දැක්වූයේ එලෙසින් වුවත් බුදු දහම ඇයට සමාන තත්ත්වයෙන් ගරු කරයි.

ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව ඇයත් පිරිමියා හා සමාන ප්‍රඥාවෙන් යුක්ත බව පිළිවෙත් පුරා නිවන් අවබෝධ කරගත් ශ්‍රාවිකා චරිතයන්ගෙන් සනාථ කොට දක්වයි.

මාතික මාතාව තිස්නමක් භික්ෂූන්ට සිව් පසයෙන් සංග්‍රහකොට උන්වහන්සේගෙන් දෙතිස් කුණප කමටහන ඉගෙනගෙන මේ තිස්නමට කලින් පංච අභිඥාවන් සහිතව අනාගාමි ඵලයට පත් වූ බව ධම්මපදයේ මාතික මාතා කතා පුවතෙහි දැක්වේ.

බුදුදහම කාන්තා විමුක්තිය හා පුරිස විමුක්තිය යනුවෙන් විමුක්ති සංකල්ප දෙකක් නොපිළිගනී. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දෙදෙනාට ම ඔවුන් මුහුකුරා ගිය ප්‍රඥාව අනුව නිර්වාණාවබෝධය ලැබිය හැකි බව බුදුදහම සනාථ කොට දක්වයි.

එසේනම් අප බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන්ට පැවිදි බව දීමට පසුබට වූයේ අකැමැති වූයේ ඇයිදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැක. මෙය පෙර අපර දෙදිග විචාරකයන් වරදවා තේරුම්ගත් අවස්ථාවකි. ඇලන් ස්පොන්බර්ග් දක්වන්නේ කාන්තාවන්ට පැවිදි බව ලබා දීමට බුදුරදුන් අකමැති වූ බව භික්ෂූන්ගේ ප්‍රබන්ධයක් බවයි. බුදුරදුන් තුන්වතාවක්ව භික්ෂුණී පැවිද්ද ප්‍රතික්ෂේප කළෝ අන් කිසි කරුණක් නිසා නොව භික්ෂුන්ගේ සාසන බ්‍රහ්ම චර්යාවට එය බාධාවක් වන බව හොඳින් දැනසිටි නිසා ය. කෙසේ නමුත් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි සසුනට ඇතුල්වීමට කාන්තාවන්ට අවස්ථාවක් ලබා දුන්නේ ‘අෂ්ට ගරු ධර්ම’ කාන්තාවන් ඉහළින් ම පිළිගැනීමෙන් පසුවයි.

අපගේ අවධානය යොමුවන්නේ කාන්තාවගේ විමුක්තිය පිළිබඳවයි..එයට බුදු දහමින් සාධාරන භාවය උදක්ම ලැබුණි.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X