කොයි ලොව යන්නේ මරණින් පස්සේ
දෙවියන්ටත් මිනිසුන්ටත් හිතසුව පිණිස පවත්නා ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි.බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කර වදාළ ධර්මය අප සියලු දෙනාම පැහැදිලි සේ අවබෝධ කරගත යුතුයි.
අපි පින්කම් කරනකොට පින්කම් කිරීමට පළමුව දෙවිවරුන්ටත් කියන්න පුළුවන්. පින්වත් දෙවිවරුන් වහන්සේලා ඔබ වහන්සේලාත් එකතු වන්න කියා අපේ පින්වලට… සම්බන්ධ කොටස් කාරයෝ බවට පත් කරගන්නට අපට පුළුවනි. අපි දානාදී පින්කම් ශීලාදි ගුණ දහම් රකිනවා ඒ පින් ඔබ වහන්සේලා අනුමෝදන් වෙන්න.
ඔබවහන්සේලාගේ දිව්‍ය ජීවිත තුළ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන බල දියුණු කරගන්න.ඔබ වහන්සේලාත් මේ බුද්ධ ශාසනය තුළ දිව්‍ය ජීවිත ගත කරමින් ආර්ය සත්‍යය අවබෝධ කරන්න කල්පනා කරන්න මේ ආකාරයෙන් දෙවිවරුන්ට කතා කිරීමේදී දෙවිවරුන් සතුටට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම දේශනා කරලා තිබුණා මහා පරිනිබ්බාන සූත්‍රයේ දී දෙවියන් සමඟ සම්බන්ධ වන ආකාරය…
යස්මිං පෙදෙසි කප්පෙති වාසං පණ්ඩිත ජාතියෝ සීලවන්තේ සුභෝජෙත්වා සංයුතේ බ්රහ්මචාරිකං
යාතස්ස දේවතා ආසුං
තාසං තුක්ඛිත මාදිසේ
යම්කිසි ප්‍රදේශයක නුවණැති මනුස්සයන් වාසය කරනවා නම් ,බ්‍රහ්මචාරී ජීවිත ගෙවන ඉන්ද්රිය සංවරයෙන් යුතු සිල්වතුන් වහන්සේලාට දන් පැන් පිරිනමලා ඒ ප්‍රදේශයේ යම් දෙවිවරු සිටී නම් ඒ දානය දෙනවා ඒ දානය නම් අර සිල්වතුන් ගුණවතුන් වහන්සේලාට දන් පැන් පූජා කරලා රැස් කරපු පින..
මෙහිදී මනුෂ්‍යයන් විසින් පූජා කරනු ලබන දෙවියන් මනුෂ්‍යයන්ට පුදනවා මනුෂ්‍යයන්ගෙන් ගෞරව ලබන දෙවියන් පෙරළා නැවත මනුස්සයන්ට ගෞරව දක්වනවා ගෞරව ලබන්නේ පින්වලින්…
මව් කෙනෙක් තම කුසින් උපන් දරුවන්ට ආදරය සෙනෙහස දක්වනවා වගේම දෙවියන්ට පින් දෙන කෙනාට ආදරය කරුණාව දක්වනවා..
දෙවියන්ගේ ආදරය ලැබූ පුද්ගලයා හැම කල්හි ම යහපත දකිනවා ඒ වගේම එයින් පෙනී යන්නේ දෙවියන් සමග බොහොම සම්බන්ධව පින්දහම් කළ හැකි බවයි .
අපේ ජීවිතයේ ඉතා වැදගත්ම කාරණාවක් තමයි මරණින් එහා ලෝකයේ මොන වගේ ඉරණමක් කරා යනවද කියලා අපිව දැනුවත් වෙලා සිටීම. මේ අවුරුදු දෙක තුන ඇතුළත අපේ රටේ ජනතාවට මරණය මුණ ගැසුන ආකාරය අපි නුවණින් විමසා බැලුවොත් ඉතාම ශෝචනීය ආකාරයට එක එක්කෙනාට මරණය මුණගැහුණා.අපි දන්නවා අනපේක්ෂිත වෙලාවක අනපේක්ෂිත ආකාරයට දහස් සංඛ්‍යාත පිරිසක් අනපේක්ෂිත ලෙස මරණයට පත් වුණා
මේ විදිහට දිනපතාම මිනිසා අනපේක්ෂිත විදිහට මැරෙනවා.මේ මිනිසා මැරෙන ආකාරය දිහා බැලුවහම අපට හරිම සංවේගජනකයි. මොකද හේතුව බලාගෙන සිටිද්දි මිනිසාට සිදුවන මේ විපත. සාමාන්‍යයෙන් අපට මරණය ගැන කතා නොකර සිටින්නට අවස්ථාවක් තිබුණා යම් හෙයකින් මනුෂ්‍යයා වයසට ගිහිල්ලා ස්වාභාවික ආපදාවකින් මැරෙනවා නම් ….නමුත් දැන් මනුස්සයා මරණයට පත් වන්නේ මේ ස්වාභාවික විදියට නොවෙයි. විශේෂ හදිසි අනතුරුවලින් අස්වාභාවික විදිහට. අස්වාභාවික ලෙස රෝගී වෙලා නොයෙක් ආකාරයේ රෝග ආකාරයන් රෝගවලින් පීඩාවට පත්වෙලා නොයෙක් ආකාරයෙන් අනතුරුවලින් සිද්ධිත් එක්ක. සැබෑවට අපි කතා කළ යුතුයි මරණින් එහා ලෝකය කවර අන්දමේ එකක්ද කියලා…
මරණයට පත්වෙද්දි මිනිසාගේ චුතීය හෙවත් මිනිසාගේ චිත්ත වෙන්නේ විඤ්ඤාණය. මේ විඤ්ඤාණය චුත වෙනවා කියන කාරණයේදී අපි මෙහෙම තේරුම් ගෙන සිටීම ප්‍රමාණවත්.
බුදුරජාණන් වහන්සේ ගෙන් දවසක් ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනව භාග්‍යවතුන් වහන්ස මේ විඤ්ඤාණ ආහාරය කුමකට උපකාර වෙනවා ද…?
බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂුව මේ විඤ්ඤාණ ආහාරය යළි ඉපදීමට උපකාරී වේ.නාමරූපයන්ගේ පෝෂණය ලබන විඥානය යළි උපතක් පිණිස තමයි හැමවිටම සකස් වී තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ විඤ්ඤාණය ආකාර හයකින් පවතිනවා කියලා .
ඇසේ විඤ්ඤාණය
කණේ විඤ්ඤාණය
නාසයේ විඤ්ඤාණය
දිවේ විඤ්ඤාණය
කයේ විඤ්ඤාණය
මනසේ විඤ්ඤාණය
බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මේ විඤ්ඤාණය තමයි උපතක් කරා සකස් සකස්වෙන්නේ කියලා.
විඥානය යම් වෙලාවක මේ කයෙන් බැහැර වෙනවද එවිට මේ ශරීරය වැඩකට ගන්න බැරි දරකඩක් වගේ මෙ මහපොලොවට වැටිලා අවසන් වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
මේ විඥානයත් සමඟ තමයි මේ ජීවිතය ප්‍රධානතම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ විඥානයත් සමඟ සිද්ධ වෙන මේ ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මායා කාරයෙකුගේ මායා නිර්මාණයක් වගේ කියලා.
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විඤ්ඤාණය වැඩෙන්නේ බීජයක් ආකාරයකට කියලා .
චේතනාවක් මුල්කරගෙන ක්‍රියාව මේක තමයි විඥානයක් පැල වෙන්න ඕන කරන බිම .ඒ බිමේ තමයි විඤ්ඤාණය පැළවෙන්නේ තෘෂ්ණාවෙන් තමයි ඒ බිමයි පැල යයි තෙත් කරනවා වගේ මේ ක්‍රියාවට උවමනා කරන පෝෂණය ලබා දෙන්නේ.
බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මහණෙනි කවුරුහරි කියනවා නම් මේ විඤ්ඤාණය රූපයකින් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාර වලින් තොරව චුත වෙනවා කියලා හෝ වැඩෙනවා කියලා කවදාවත් එය වෙන එකක් නොවන බව.
පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන උපාදානස්කන්ධ 5 තමයි . වෙනකොට චුත වෙන්නෙ මොන ආකාරයෙන් ද කියලා. බොහොම ලස්සනට පෙන්නල දීල තියෙනවා
බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ නිබ්බේධික පරියාය සූත්‍රයේ..
එහිදී කර්මය ගැන පෙන්වල දීල තියෙනවා කර්මයෙන් කරන්නෙ මොකක්ද ඒ ඒ තැන විපාක විඳීම පිණිස සකස් කරන එකයි . සකස් කළාට පස්සේ විඳවන්න තියෙන්නෙ නිරයේ ගිහිල්ලා නම් විඥානය චුත වෙන කොට කර්මානුරූප තිරය කරා යනවා.
විදවන්න තියෙන්නෙ ප්‍රේත ලෝකයේ ඉපදිලා නම් මෙතනින් චුත වෙනකොට කර්මානුරූපව එයා ප්‍රේත ලෝකය කරා යනවා .
විදවන්න තියෙන්නෙ තිරිසන් අපායක ගිහිල්ලා නම් මෙතනින් යනකොට කර්මානුරූපීව තිරිසන් අපාය කරා යනවා.
විදවන්න තියෙන දෙවියන් අතරට ගිහිල්ලා නම් ඒ වෙනකොට දෙවියන් කරා යනවා.
විඤ්ඤාණයේ තියෙන්නෙ මිනිස්ලොව නම් චුත වෙනකොට නැවත මිනිස් ලොව කරා එනවා මේ වගේ විපාකයට අනුව තමයි උපතක් කරා යන්නේ…
සුපිරිසිදු වූ ධර්මාවබෝධයෙන් සැමට ශාන්තියක් වේවා!!!
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood