මායාකාරී ලෙස අපව බැඳ තබන සිත හා සිතුවිලි
මේ සිත අපව බැඳගෙන සිටින්නේ ඉතාමත් මායාකාරී අන්දමටයි.
අපව බැඳගෙන සිටින්නේ මේ සිත නොවෙයි. මේ සිතට වසඟ වීමක්. තිබෙන්නේ…
දිනක් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ විමසීමක් කරනවා ස්වාමීනි ලෝක සත්වයා වසඟ වෙච්ච කාරණය කුමක් ද කියා
උන්වහන්සේ වදාළා මේ ලෝක සත්වයා වසඟ වුණේ සිතට බව. ඊළඟට අහනවා මේ ලෝක සත්වයා එහාට මෙහාට මේ සංසාරේ අරගෙන යන්නේ කවුද කියලා ..
එවිට උන්වහන්සේ වදාළා එයත් සිදුවන්නේ සිතට අනුරූපීව බව. මේ ලෝක සත්වයාට නිදහස් වීමට නොහැකි වෙලා තියෙන්නෙ සිතින් බව. මේ සත්ත්වයාට පත්වුණේ මේ සිත මුල් කරගෙන ගොඩ නැගුණු සිත සම්බන්ධයෙන් මනුෂ්යයා වසඟ වීම හේතුවෙන් ඇති වුණ බැඳීම් සමුදාය නිසා බව… බුද්ධිමත් කෙනා තමයි හිත නො මඟට වැටීමට ඉඩ නොදී තමන්ගේ හිත රැකගන්නේ කියා බුදුරජාණන් වහන්සේ වදාළා..
මේ හිත කියන දේ අයිතිය අවබෝධ කරගත යුතු දුක නම් වූ ආර්ය න්යායට. යම් කිසි කෙනෙක් හිත අවබෝධ කරගත්තොත් ඒ අවබෝධය නිසාම හිත හා සම්බන්ධ සියලු බැඳීම්වලින් ඒ තැනැත්තා නිදහස් වෙනවා.
බුද්ධ දේශනා වල දක්නට ලැබෙන මහා ප්රඥාවන්තයින් තමන්ගේ හිත නිදහස් කර ගත් ආකාරය ගැන අනන්ත ලක්ඛන ලක්කන සූත්රයේ තියෙනව. එම දේශනය අවසන් වන විට එය අසාගෙන සිටි පස්වග භික්ෂූන් වහන්සේලාගේ හිත ආශ්රවයන්ගෙන් මිදුනා කියලා කියනවා.ජ් ආශ්රවයන් කියන්නේ කෙලෙස් කෙලෙස කෙලෙසක යෙදුනා නම් ඒ කරුණු වලින් මිදුන හම හිත නිදහස් මේ සිත සීමා බන්ධන නොමැතිව බොහෝ දුරට ගමන් කරනවා සිතෙහි මායාකාරී ස්වභාවයක් තිබුනට ප්රකෘති ප්රභාෂ්වර බවකුත් හිතෙහි තිබෙනවා ඒ බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා
අපි හිතට කේන්තියක් ඇති වෙනකොට අකුසලයක් රාගයක් අයත් මෝහය ද්වේශය ඇති වන විට හිත හදුනා නොගත් තැනැත්තා රැවටෙන පුළුවන්.
මේ හිතේ ස්වභාවික තත්ත්වය ප්රකෘති තත්ත්වය මේ ආකාරයටමයි පවතින්නේ. මෙයින් නිදහස් වෙන්නට නොහැකි යැයි සිතිය හැකි නමුත් බුද්ධ දේශනා කියවන විට අපට පේනවා හිතේ ප්රකෘතිය එය නොවන බව යෙදෙන කරුණු අනුව හිතක රෝපණය වන දෙයක් මතයි එය සිදුවන්නේ සිත කෙලෙස්වලින් නිදහස් උනහම පුළුවන් සැනසිලිදායක ලෙස ජීවත් වන්නට
බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා දියුණු කරපු හිතක තිබෙන අසිරිමත් බව සහ නොදියුණු සිතක තිබෙන දුක්ඛිත තත්ත්වය පිළිබඳව.
සාමාන්යයෙන් අප අසනීපයක් වෙද්දි කායිකව රෝග පීඩා වැළඳෙන නිතරම එපා වෙනවා එවිට අපි කල්පනා කරනවා… මෙබඳු ශරීරයක් අසවල් දෙයකට ලැබුණාද කියලා… කුමන දෙයක් නිසා මේ ශරීරය ඇති ව මම දුක් විඳිනව ද කියලා… අපට කායිකව දුක් පීඩා වැළඳෙන කොට කය එපා වෙනවා.
නමුත් හිත සම්බන්ධයෙන් කල්පනා කරන්නේ වෙනස් ආකාරයකින්…එසේ කල්පනා කරන්නේ හිත බුධ කොටගත් නැති නිසයි ධර්මයේ හැසිරෙන අදහසක් නැත්නම් සද්ධර්මය දන්නේ නැත්තම් ශ්රද්ධාවක් නැත්නම් ප්රඥාවක් වැටෙන්නේ නැහැ.
ඒ නිසා බොහෝ කාලයක් හිත මමත්වයෙන් වැළඳගෙන සිටිනවා. සිත නිතරම අරමුණක් අත්හැරලා තවත් අරමුණක් අල්ලගන්නවා අල්ලගන්න වැඩි සිතක් ඇති තැනැත්තෙක් කෙතරම් සැපයක් බලාපොරොත්තු වුණත් දුකක් නොමැතිව ජීවත් වීමට බලාපොරොත්තු වුණත් ඔවුන් බලාපොරොත්තුවන සැපය දුකින් නිදහස් වීම සාක්ෂාත් කිරීමට නොහැකි වන්නේ හිත නොවැඩූ අයටයි
නමුත් සද්ධර්මය ඉගෙන ගන්න ධර්මයේ හැසිරෙන අයට පාලනයක් ඇති කර කර ගන්න පුළුවන්කමක් තිබෙනවා
එයට හේතුව බුදු දහමේ පරිපූර්ණ විසඳුමක් ජීවිතයට ඉදිරිපත් කර තිබීමයි ඒ පරිපූර්ණ විසඳුම සාක්ෂාත් කළ උත්තමයන් වහන්සේ තමයි රහතන් වහන්සේ
එම විසඳුම කරා යම් ප්රමාණයකට ගමන් කරන තැනැත්තන් තමයි අනාගාමී උතුමන් වහන්සේ ..ඒ විසඳුම කරා පැමිණ විසඳුම කරා ගමන් කරන උතුමන් වහන්සේ තමයි සකෘදාගාමී කියන්නේ ..ඒ විසඳුමට අවතීර්ණ වූ අයට සෝතාපන්න කියනවා. ඒ නිසා තමයි යම් තරමක හෝ ජීවිතයට විසඳුමක් ලබාගන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ම පමණක් එය කළ හැකි වන්නේ…
යම්කිසි කෙනෙක් මේ සිතේ ස්වභාවය අනාත්මයි කියලා අවබෝධ කර ගන්නවා නම් මෙය තමාගේ වසඟයේ පැවතිය නොහැකිය තමාට ඕන විදිහට නො පවතින එකක් කියා හේතු සකස් වන ආකාරයට සකස් වන ධර්මතාවයට යටත් වූ එකක්ය කියා සිත ගැන අවබෝධ කරගත් තැනැත්තා සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙනවා..
ඉන්පසු සිතේ ස්වභාවය, ජීවිතය දැක්ක ස්වභාවය, නම් අනිත්ය වූ හේතු ඵල දහමින් බලන්න උත්සාහ ගන්නවා.
දුක රහිත ජීවිතයකට උවමනා ආකාරයට තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න ඔවුන්ට හැකි වෙනවා. ඒ සඳහා අනුගමනය කරන්නට
ඕන බුද්ධ දේශනා තුළින් සමථ විදර්ශනා භාවනා ආදී මානසික අභ්යාස පුරුදු කිරීමෙනුත් ශ්රද්ධාවෙන් ධර්මයේ හැසිරීමෙනුත් පමණයි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood