නිවනට සැරසෙන්න, දහමෙහි රැඳෙන්න
මේ ඝෝර සසර ගමනෙහි යන්තමින්වත් අස්වැසිල්ලක් ලද්දේ නම් ඒ බුද්ධ රතනයෙන්, ධම්ම රතනයෙන්, සංඝ රතනයෙන් ලද අස්වැසිල්ල පමණෙකි.
ඉන් මෙහා පැමිණි අතිදීර්ඝ සසරෙහි දෙමාපිය සහෝදර සහෝදරියන් වෙතින් යම් පමණකට හෝ අස්වැසිල්ලක් ලැබුණේ යැයි යමෙක් පවසන්නේ නම් ඒ අස්වැසිල්ල කවර ආකාරයේ අස්වැසිල්ලක්දැයි නැවත නැවතත් පරීක්ෂා කර බැලිය යුතුය.
ඒ වෙනත් හේතුවක් නිසා නොව අතරමංව ඒ මේ අත යන සසර ගමනක අතරමං වූවෙකුට මාර්ගය දර්ශනය කළ නොහැකි බැවිනි.
දෙමාපියෝ අප ලෝකයට බිහිකොට සුදුසු අවස්ථාවේදී සිප්සතර ලබාගැනීමට උපකාර කරති. යම් පමණකට හෝ ධර්මය දන්නා දෙමාපියෝ හමුවුවහොත් ඔවුන්ගේ දැනුමට අවැසි පරිද්දෙන් ධර්ම මාර්ගය තුළ සංවර කරවති.
ඔවුන්ගේ අවබෝධයට අනුකූලව ලෝකයෙහි මග නොමග පෙන්වාලති. නමුත් එම දර්ශනය ලෝක සත්යයට කොතරම් අනුකූල වන්නේදැයි නුවණින් පරීක්ෂාකර බැලීම වටී. ඒ වෙනත් කරුණක් නිසා නොව මිත්යා දෘෂ්ටික දෙමාපියන්හට මාර්ගය පෙන්වීම කිසි ලෙසකින්වත් කළ නොහැකි බැවිනි. තුනුරුවන් නොහඳුනන තුනුරුවන් සරණාගමනයට පත් නොවූවෙකු විසින් පෙන්වන මාර්ගය සසර ගමනෙහි ඔබව කොතැනින් කොතැනකට ගෙනගොස් නවතන්නේදැයි බුද්ධිමත් ඔබ විසින් පරීක්ෂාකාරීව බැලිය යුතුය.
තමන්ද ජාති, ජරා, ව්යාධි, මරණ, සෝක, පරිදේවයන්ගෙන් අනේක වාරයක් අනේක ප්රකාරව බැටකමින් සිටියත් තමන්ද ඉන් මිදෙන මාර්ගය සොයමින් තම දරුවන්ද එම මාර්ගයෙහි පිහිටුවන්නට උත්සාහවත් වන දෙමාපියන් සමාජයේ කොතරම් විරලද?
එවැනි දෙමාපියන් හමුවීමද සසරේ මහත් භාග්යයක්ම වන්නේය. බොහෝ දෙමාපියන්ගේ එකම සිහිනය ලෞකිකව දරුවන්ගේ දියුණුව සාර්ථකත්වය දැකීම මිස ඔවුන්ට සංසාර ගමනෙන් ජයග්රහණය සඳහා මාර්ගය පෙන්වීම නොවේ. ඒ සසර ගමනේ සත්යය ස්වභාවය පිළිබඳව ඔවුන්ද අතිශය මුළාවීමට පත්ව ඇති නිසාය.
තමන්ගේ දරුවන් ධර්මයට යොමුවනවාට අකමැති දෙමාපියන් ඇති සමාජයක එය කොතරම් විරල වනු ඇත්ද? අපි අපේ අතීතය පිළිබඳව මදක් විමසා බලමු. එවිට ඔබට අප මේ කියන කාරණය පිළිබඳව මනා වැටහීමක් ඇතිකරගත හැකිවනු ඇත.
අපත් අපගේ දෙමාපියනුත් ජීවිතයේ දුක නැතිකිරීම පිළිබඳව කොපමණ සාර්ථක දැක්මකින් යුක්ත වූවාදැයි එවිට ඔබට පැහැදිලි වනු ඇත.
අධ්යාපනය හමාර කිරීමෙන් දුකින් අතමිදෙනු ඇතැයි සිතූ උසස් රැකියාවක් ලබාගැනීමෙන් යහපත් ආවාහ විවාහයන්ට පත්වීමෙන් ගුණවත් යහපත් දූ දරුවන් ලෝකයට බිහි කිරීමෙන් හා අනෙකුත් ලොකු කුඩා විවිධ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමෙන් දුකක් නැතිව වාසය කළ හැකියැයි සිතූ අපට මේ වන විට දුකෙන් යම් පමණකට හෝ මිදෙන්නට අවස්ථාවක් ලැබී තිබේද? එසේ නම් දුක පිළිබඳව හා එම දුක නැති කිරීම පිළිබඳව අපටත් අපගේ දෙමාපියන්ටත් තිබූ අවබෝධය සත්යය වශයෙන්ම නිවැරදි වූවක්ද යන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මෙනෙහි කර බැලිය යුතුය.
නමුත් සැප වෙනුවට සැපයක් යැයි සිතා දුක් විඳිනා තරම පිළිබඳව අපට ඇත්තේ නොවැටහීමක්ම පමණක්මය.
එසේ නම් කොතැනක හෝ අපට වැරදී ඇත්තේය. මේ වරද තථාගත ශ්රී සද්ධර්මය නොදන්නා දෙමාපියන්ට තමන්ගේ දූ දරුවන්ට පෙන්වාදිය නොහැක.
දෙමාපියන් අප වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළද ධර්ම මාර්ගයෙහි පිහිටවීමට ඔවුන් අසමත් වුවහොත් එම පිහිට ඒකාන්තයෙන් අහිත පිණිසම පවතින බව සැබෑවකි.
දුරාචාරී රැකියාවන්හි යෙදෙන ඇතැම් දෙමාපියන් කොපමණ ප්රමාණයක් තමන් විසින් කරන ලද දුරාචාරී රැකියාවම තමන්ගේ දූ දරුවන්ට උරුම කර දී ඇත්ද? මත්පැන් වෙළෙඳාමෙහි යෙදෙන දෙමාපියන්ගෙන් තමන්ගෙන් පසුව එයම තමන්ගේ දූ දරුවන්ගේ රැකියාව බවට පත්කර ගැනීමට අවවාද අනුශාසනා සපයන සමාජයක එම දරුවන්ට නිසි මග පෙන්වීමක් ලැබීම පවා දුෂ්කර වේ.
දුරාචාරයේ යෙදෙන ඇතැමෙක් තමන්ගේ දරුවන් එම දුරාචාර අඳුරෙහිම අතරමං කොට ඇත. මේ නිසා ධර්මානුකූල නොවන පවුල් සංස්ථාවක දෙමාපියන්ට දිය හැකි පිහිට සත්යය වශයෙන්ම පිහිටක් නොවන්නේය.
මේ පිළිබඳව ඉතා වටිනා උදාහරණයක් සුත්ත නිපාතයේ අට්ඨක වර්ගයේ එන අත්ත දණ්ඩ සූත්ර දේශනාවෙහිදී සපයා ඇත. එනම් මහා බෝධිසත්ත්වයින් වහන්සේ ප්රථමයෙන්ම සතර පෙරනිමිති දැකීමෙන් අනතුරුව ලෝක සත්ත්වයා පිළිබඳව නුවණින් විමසා බැලූ ආකාරය විස්තර කරන අවස්ථාවේදීය.
එහිදී කායික වාචසික මානසික දුසිරිත හේතුවෙන් තම තමන්ගේ ආත්මභාවය දණ්ඩනයට ලක් කරන්නා වූ ලෝක සත්ත්වයින් දිය සිඳී ගිය මඩ සහිත දිය කඩිත්තක ඒ මේ අත දඟලන මත්ස්යයන් සේ සිද්ධාර්ථ මහා බෝධිසත්ත්වයින් වහන්සේ දුටු බවත් නිරන්තරයෙන් අනිත්යාදී ලක්ෂණයන්ගෙන් යුක්ත බැවින් මේ ලෝකය හාත්පසින් නිසරු වන බවත් ආරක්ෂාව පිණිස කිසිම ස්ථානයක් නොමැති බැවින් තමන්හට සසර පිළිබඳව මහත් විරාගයක් ඇති වූ බවත් වැඩිදුරටත් විස්තර කර තිබේ.
බුදුරජාණන් වහන්සේලාට තරම් සසර ගමන පිළිබඳව වැටහීමක් පෘථග්ජන සත්ත්වයාට නැත. එම නිසා උන්වහන්සේලා අප කෙරෙහි මහා කරුණාවෙන් සරණාගමනයෙහි පවත්නා වටිනාකම පිළිබඳව නිතර නිතර වර්ණනා කරති.
සරණාගමනයට පත්වීම තබා බුදුරජාණන් වහන්සේ දැකීමම හේතුවෙන් සසර සුවපත්කර ගත්තවුන් පිළිබඳව බොහෝ කතා ධර්මයෙහි විස්තර කර දී ඇත. බුදුරජාණන් වහන්සේ දැකීමෙන් උන්වහන්සේගේ අෂ්ටාකාර බ්රහ්මස්වරයෙන් යුතු මනෝහර හඬ ශ්රවණය කිරීමෙන් උන්වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණස්කන්ධය පිළිබඳව අසා දැනගැනීමෙන් පවා සුගතිගාමීවූත් ධර්මය අවබෝධකර ගත්තාවූත් සත්ත්වයින්ගේ ප්රමාණය නිමක් නැත. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ එන වේසාලික උග්ග සූත්ර දේශනාව මේ සඳහා තවත් කදිම උදාහරණයෙකි.
විශාලා මහනුවර වාසය කරන උග්ග ගෘහපතිතුමා දිනක් යම් කටයුත්තක් සඳහා තමන්ගේ නිවසින් බැහැරට ගමන් කරන්නට විය. එසේ ගමන් කරන ගෘහපතිතුමාට තමන් ගමන්කරන මාර්ගයේ තමන්ට බොහෝ ඉදිරියෙන් වැඩම කරන භාග්යවතුන් වහන්සේ දකින්නට ලැබුණේය. එසේ බුදුරජාණන් වහන්සේ දුටු උග්ග ගෘහපතිතුමා භාග්යවතුන් වහන්සේ දැකීම් මාත්රයෙන්ම පැහැදීමට පත්විය. එසේ පැහැදීමට පත්වූයේ බුදුරඔ
මේ ධර්මය ඉගෙන ගැනීමෙන් ඔබ සැමගේ මෙලොවත් පරලොවත් නිවන් සුවය සඳහාත් මෙම පින් උපනිශ්රය වේවා ! යි මෙත් සිතින් ප්රාර්ථනා කර සිටිමු.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood