Temples of Sri Lanka

මොනවද මේ සම්මුති…

කැමැත්ත අකමැත්ත මත පිහිටමු …

මේ සංසාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යනවා විනා ස්වාධීනව ඉපදීමේ හෝ පැවතීමේ හැකියාවක් ඒවාට නැහැ . ඒ නිසා මෙසේ පැවතිය යුතුයි මෙසේ නොපැවතිය යුතුයි කියල හිතුවට තමන් හිතන හැටියට සිදුවන්නේ නැහැ. හේතුව ඇති හැටියටයි සිදු වන්නේ. ඒ නිසා තමන්ගේ වසඟයෙහි පවත්වන්නට බැහැ. ඇතිවෙලා නැතිවෙලා යනවා . පවත්වාගන්නට හැදුවයි කියලා පවතින්නෙත් නෑ. එපා කියලා ප්‍රතික්ෂේප කලාට ඉවත්ව යන්නෙත් නැහැ.

ඒ මනුෂ්‍යයා මට බැන්නා මම ඒකට කැමැති නෑ කැමති නැති වුණා කියලා මේ සංසාර ධර්මයෙන් මගේ ඕනෑ කමට එහා මෙහා කරන්නට පුළුවන් කමකුත් නැහැ. කරන්න බැරි දෙයක් ගැන කරදර වීම අනුවණකමක් කියලා දකිද්දී අපේ මනස සංසුන් වෙනවා.

ඊළඟට නුවණින් නිවැරදිව හේතු දැක්වීමෙන් කෙලෙස් දුරු කර ගන්නත් පුළුවන්.මුලින්ම අපි හිතනවා යමෙක් දොස් කිවුව නිසයි මේ ගැටෙන්නෙ කියලා .නමුත් අපි නුවණින් දැකිමේ දී අපට පේනවා දොස්කීම හේතුවක් තමයි. නමුත් දොස් කියලා කුපිත වුණේ මොනවද ? මනසෙ තිබුණු ක්ලේශයන්. එහෙනම් සැබෑ හේතුව ඒ දොස් කිව්ව එක නෙමෙයි.

මනසේ ප්‍රහීණ ද්වේශයයි. හදාගත්තු සම්මුති. මෙසේ නොවිය යුතුයි මෙසේ විය යුතුයි කියලා හදාගත් සම්මුති. මනසට මේ වෙහෙස ඇති කරන්නේ ඒවා .එහෙනම් සැබෑ හේතුව මෙතන තියෙන්නෙ කියලා හේතුඵල වශයෙන් දැකීම අවශ්‍යයි. ඊළඟට ඒ දොස් කියපු වෙලාවේ හිනාවෙලා හිටිය නම් ,පස්සේ මොකද මෙපමණ ද්වේශය මතුවුණේ .ඇයි ඒ වෙලාවේ හිටපු හැටියට පස්සේ ඉන්න බැරි වුනේ? මේ ගැන විවිධ විදිහට හිතපු නිසා. එහෙනම් මෙන්න මෙහෙම හිතනකොට තමයි මේ ක්ලේශය වර්ධනය වෙන්නේ .මෙහෙම හිතුවා නම් එහෙම වෙන්නෙ නෑ. අන්න හේතුඵල වශයෙන් දැකීම. එහෙම දකින්න දකින්න අර මනෝභාවයන් දුරුවෙලා යනවා

අනන්‍ය ලක්ෂණයන් වශයෙන් රාගයට ආවේණික ලක්ෂණ මොනවාද….

එය අන්‍ය ධර්මයන්ගෙන් වෙනස් වන්නේ කොහොම ද ද්වේශය ලක්ෂණ මොනවා ද? ආදී වශයෙන් දැකීම මේ අනන්‍ය ලක්ෂණ හරියට හඳුනාගන්න නම් නිහඬ මනසින් ඒ දිහා බලන්න පුළුවන් වෙන්නත් ඕනා

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X