Temples of Sri Lanka

නිකිණි පෝදා සිල් සුවඳින් හදවත් ඒකාලෝක වේවා

බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ විසූ කාලයේ නිකිණි මාසය හෙවත් අගෝස්තු මාසය වස්සාන සෘතුවේ දෙවන මාසය බවට පත්වුණා.

වෙසක් පොසොන් වැනි මාස වල තද වැසි නොලැබුනත් ඇසළ නිකිණි මාස වැසි ලැබෙන මාස බවට පත්වුණා.
තද වැසි ලැබී මහපොළොව මොළොක් වුණා .ඉදිරියේ එන බිනර වප් මස වල සිට පටන් ගන්නා ගොවිතැනට මහපොළොව සූදානම් වුණේ ඒ ආකාරයට .
කෘෂි ජීවිතය හා බැඳුණු නිකිණි මාසයේ ස්වභාවය එය වුණත් බෞද්ධ ශාසන ඉතිහාසය හා බැඳුණු නිකිණි මාසය පිළිබඳ දත යුතු තවත් බොහෝ දේ තිබුණා.

මේ කාලයේ සූර්යයා සිංහ රාශියේ ගමන් කරන බව ජ්‍යෝතිෂ්‍ය මතය බවට පත්වුණා.

මිනිසා ගහ කොළට ආදරය නොකිරීම නිසාත් පරිසරය පෝෂණය නොකල නිසාත් පසු කාලයේ මේ සුන්දර මාසය මාසය “කිණි” හෙවත් වැස්ස,”නි” හෙවත් නැති මාසය බවට පත්වුණා.

ගංගා වැව් පොකුණු ඇළ දොළ බොහෝ විට සිඳී ගියා.

වැව් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව වැව් අලුත්වැඩියා කිරීම වැව් මාළු අල්ලා වේලා ගැනීම ආදියට මේ මාස යොදා ගත්තේ ඒ නිසයි.

ඉන්දියාවේ හේමන්ත, ගිම්හාන හා වස්සාන වශයෙන් ඉතා පැහැදිලිව සෘතු තුනක් දක්නට ලැබේ. ඒ අතුරෙන් වස්සාන සෘතුව ආරම්භ වීමත් සමඟ කුඩා පැළෑටි මෙන්ම ගස් වැල් ද දළු දා වැඩීම පටන් ගනී. ඒ කාලයෙහි දේශගුණයේ ඇති අයහපත් තත්ත්වය නිසාත්, ඒකීන්ද්‍රීය ජීවීන් වූ පැළෑටි මැඩගෙන ගමන් කිරීම සතුන් විනාශ කිරීමක් සේ ජෛන ආගමිකයන් ඇතුළු සමහර අය සැලකූ නිසාත්, හැකිතාක් ඇවිදීමෙන් තොරව වාසය කිරීමට බොහෝ අය පුරුදුව සිටියහ. එහෙත් මේ තත්ත්වය නොසලකා බෞද්ධ භික්ෂූන් ක්‍රියා කිරීම නිසා ජෛන ආගමික අනුගාමිකයෝ මහත් සේ චෝදනා කරන්නට වූහ. මේ පිළිබඳව සලකා බැලූ බුදුහු තම ශ්‍රාවකයන් වඩාත් පිළිවෙතට යොමු කිරීම සඳහා වස්සාන සෘතුවේ වස් එළඹීම කළයුතුයයි නියම කළහ.

දොළොස් පොහොය අතුරින් නිකිණි පොහොය ද ඉතා වැදගත් පොහොයක්.

බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් තෙකොටස කි. එයින් වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි. භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘන් වන්නේ මේ පර්යාප්තියයි. ඒ බව බුදුරදුන් කීප අවස්ථාවක පැහැදිලිව දක්වා තිබේ. මේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දවසේ ය.

නිකිණි පොහොය යනු මිනිස්සු තමන්ගේ දෛනික කටයුතු වලින් වෙන් වී තමන් අදහන ආගම දහම අනුව දැහැමි කටයුතු වල යෙදුණු දවස විය. පොහොය දවස පාලියෙන් හඳුන්වන්නේ උපෝසථ නමිනි. උපෝසථය යනු පෙහෙවස් සමාදම් වීමයි. බුදුදහම නොතිබුණු අවධියේ මහාමායා දේවියද පෙහෙවස් සමාදම්ව සිටි බව බුදුසිරිතේ සඳහන් වේ.

එසේ පෙහෙවස් සමාදම් වීමට හා ආගමික කටයුතු කිරීමට යොදා ගත්තේ හොඳින් සඳ පායා ඇති දවසයි. දින දර්ශන ආදිය නොතිබුණු ආදියේ මිනිස්සු පුන්සඳ ඇති දවස මේ සඳහා යොදා ගත්හ. පොහොයේ ආරම්භය එසේ විය. හොඳින් සඳ පායා ඇති රාත්‍රිය රජවරු ද ධර්ම සාකච්ඡා කිරීම සඳහා යොදා ගෙන ඇති බව ජාතක කතා කිහිපයකම සඳහන් වේ. අජාසත්ත, මිලින්ද ආදී රජවරු ද මෙසේ කර ඇත. පසු කාලයක දැනුම දියුණු වී ගණිත ශාස්ත්‍රය පුළුල් වී මාස දොළහක් වී පොහොය දොළහක් වූ බව සිතන්නට ඉඩ තිබේ. පොහොය දොළහ යනු පුන්සඳ ඇති රාත්‍රී දොළහයි.

මේ දොළොස් පොහොය අතුරින් නිකිණි පොහොය ද ඉතා වැදගත් පොහොයකි. බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් තෙකොටසකි. එයින් වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි.

භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘන් වන්නේ මේ පර්යාප්තියයි. ඒ බව බුදුරදුන් කීප අවස්ථාවක පැහැදිලිව දක්වා තිබේ. මේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දවසේ ය. පළමුවන ධර්ම සංගායනාව ආරම්භ කළේ බුදුරදුන් පිරිනිවී තෙමසිනි. බුදුරදුන් පිරිනිවන් පෑවේ වෙසක් පුර පසළොස්වක දවසේ ය. එයින් තෙමසකට පසුව කියන්නේ නිකිණි මාසයයි. ඒ අනුව පර්යාප්ති සාසනය චිරස්ථායී කිරීම සඳහා අඩිතාලම දැමූ පොහොය නිකිණි පොහොයයි.

එමෙන්ම මේ සංගායනාවට අත්‍යවශ්‍යම පුද්ගලයා වූයේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝයි. ආනන්ද හාමුදුරුවෝ අරහත් මාර්ගයට පිවිසියේ ද නිකිණි පසළොස්වක දවසේ ය. ඒ මගින්ද නිකිණි පොහොය වැදගත් වේ. දඹදිව වර්ෂා සමය තුළ ඉතා තදින් වැස්ස වසී. මෙම වැසි කාලය තුළ කුරුල්ලෝ ද කූඩුවලට වී සිටිති. සිව්පාවෝද තම තමන්ගේ වාසස්ථාන වලට වී සිටිති.

ඇවිදින්නට නොයති. එකල සිටි අන්‍ය තීර්ථකයෝද ගමන් බිමන් නවතා එක් තැන් වී සිටිති. එහෙත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ (භික්‍ෂූහු) දහම් දෙසමින් ඇවිදිති. මේ පිළීබඳව ජනයාගේ විරෝධය විවේචනය පැන නැඟූහ.ඒ බව දත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට වර්ෂා කාලයේ එක් තැන්ව වසන ලෙස නියෝග පැනවූහ. මේ නියමය පනවන්නට මිනිසුන් කෑගහන තෙක් සිටියේ මන්දැයි ඔබ සිතනු ඇත. තාථගතයන් වහන්සේ කිසිම විනය නීතියක් හේතුවක් නැතිව හේතු රහිතව පනවන්නේ නැත. හේතුවක් ඇතිවන තෙක් සිටීම එක් කරුණකි. දෙවැන්න තථාගතයන් වහන්සේ මහජන බසට කන් දීමයි.බුදු සිරිතේ බොහෝ තැන්වල මෙම ප්‍රජාතන්ත්‍රවාදී මාවත පෙනේ. මේ අනුව භික්‍ෂූන් ඇසළ පසළොස්වක දවසේ පොහොය කිරීම නම් වූ විනය කර්මය කොට පසුවදා වස් විසීමට නියම කළහ. වස් විසීමට නියම කිරීමේ, නැතිනම් වස් විසීමේ ශාසනික අංශය මෙයට වඩා බලවත් ය.

වස් විසීමෙන් අදහස් කළේ ධාරානිපාත වැස්සට නොතෙමී සිටීම පමණක් නොවේ. ඒ කාලය තුළ වීර්යය වඩා මාර්ග ඵල ලබා ගැනීමය. වස් විසීමට පෙර එකල භික්‍ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේ වෙත පැමිණ කමටහන් ලබාගනිති. උන්වහන්සේ ඒ ඒ අයගේ චරිතයන්ට ගැළපෙන කමටහන් දෙති. මෙසේ කමටහන් ගෙනයන භික්‍ෂූහු වස් කාලය තුළ කමටහන් වඩා සතරමඟ සතර ඵල වලට පැමිණ වස් පවාරණය කොට නැවත භාග්‍යවතුන් වහන්සේ දකින්නට එති.මෙසේ භික්‍ෂු ශාසනය ප්‍රතිවේධ ශාසනයක් වීමේ පසුබිම සකස් වූයේ වස් කාලය තුළ ය.

වස්වැසීම වකවානු දෙකකට සීමාකොට පනවන ලදී. පෙරවස් සහ පසුවස් වශයෙනි.ඇසළ මස පුර පසළොස්වක දිනට පසුදා පෙරවස් විසීමද, පෙරවස් විසීමට නොහැකි වූ භික්‍ෂුවකට නිකිණි පොහොයදා පොහොය කොට ඊට පසුදා පසුවස් විසීමට ද පැනවීය.ඒ අනුව පසුවස් විසීමේ දිනය වශයෙන් ද නිකිණි පොහොය වැදගත් ය.

ඇසළ මාසය දඹදිව කෙළිදෙලෙන් පසුවන උත්සව සමයයි. දුප්පත් පොහොසත් හැම පුරවැසියෙකුම දඹදිව ඇසළ උළෙල සමරති.සුද්ධෝදන රජ පවුලට ද එයට සූදානම් වූ බව සඳහන්ව ඇත.මේ උත්සව සමය නිසා ඇසළ පොහොයට වස් විසීමට තථාගතයන් වහන්සේ නියම කිරීම ගැන සේනිය බිම්බිසාර රජු කැමැත්ත දැක් වූයේ නැත.

එබැවින් වස් සමාදම් වීම මාසයකින් පසු කරන ලෙස බිම්බිසාර රජු බුදු රදුන් වෙතින් ඉල්ලා සිටියේ ය. මේ ඉල්ලීම භික්‍ෂූන්ගෙන් දැනගත් බුදුරදුන් භික්‍ෂූන්ට නියම කළේ ‘රාජා අනුවත්තිතුං’ යනුවෙනි.

රජුගේ කැමැත්ත පරිදි ක්‍රියා කරන්න යනුවෙනි. එසේ භික්‍ෂූන්ට නියම කොට තථාගතයන් වහන්සේ මගධයෙන් සැවැත් නුවරට වැඩමවා තිබේ. මගධයේ භික්‍ෂූන් ඒ අනුව වස් වසා ඇත්තේ නිකිණි මාසයේ ය. පසු කලෙක මෙය වෙනස් වී ඇසළ මාසයම සම්ප්‍රදාය ගත වී ඇති බව පෙනේ. ඒ අතින්ද නිකිණි මස පොහොය අනුස්මරණීය කළ යුතු ය.කාවන්තිස්ස රජු එකසිය තිස් අටක් විහාර කර වූ බවත් එයින් එක් විහාරයක් සේරුවිල මංගල විහාරය බවත් සඳහන් ය.සේරුවිල මංගල චෛත්‍යයේ ධාතු නිධානය හෝ වැඩ අවසන් වී නිකිණි මස සිදු වූ බව සිතන්නට ඉඩ ඇත.

කකුසන්ධ නම් මහ තෙර කෙනෙකුන් විසින් රචනා කරන ලද ධාතු වංශය නම් ග්‍රන්ථයේ (1890) සඳහන් වන්නේ භාග්‍යවතුන් වහන්සේ අතින් තපස්සු භල්ලුක යන වෙළඳුන් දෙදෙනා ලබාගත් කේශධාතු නාග ලෝකයේ තිබුණු බවත්,ශිව නම් මහ රහතන් වහන්සේ නාලොවට ගොස් නාලොවින් ඒ කේශධාතු ගෙනැවිත් කාවන්තිස්ස රජුට දුන් බවයි.

මානුෂික හැඟීම් මතු වීමට නිකිණි පොහොය හොඳම භූමිකාවකි. පරිශ්‍රයක උදවුවට භාජනය වූ පුද්ගලයා එම ගුණ නිරන්තරයෙන්ම මෙනෙහි කිරීම මිනිස්කමකි. මෙතනදී උදවු කළ තැනැත්තාට හෝ තැනැත්තියට එහි ඵලවිපාක අත් වේ. දත් මැදලා දමන දැහැටි දඬු මෙන් ප්‍රයෝජන ගෙන අමතක කිරීම ඉවතට වීසි කිරීම අසත්පුරුෂයන් කෙරෙහි පවත්නා දුර්ගුණයකි. මේවා අපට අවබෝධ කොට දෙන්නේ නිකිණි පො‍හෝ දින පන්සලට ගිය විටය.

ආනන්ද හිමියන් රහත් වූයේද නිකිණි පුන් පො‍හෝදාකය. නිකිණි පුන් පොහොය දින වෙනත් පොහොය දින මෙන් සිද්ධි සමුදායක් සිදු නොවුණ ද පුද්ගලයාගේ සසර ගමන කෙටි කර ගැනීමට සිත එකඟ කරගෙන මෝක්ෂ මගට පිවිසීමට හේතු වන කරුණු සමුදායයකට මේ පොහොය දිනදී දොරටු විවර විය.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X