Temples of Sri Lanka

නිවන් දකින්න භාවනාව වඩන්න

භාවනා කිරිම නිර්වානාවබෝදයට අත්‍යවශ්‍යය. නිවන් දැකිමට ක්‍රම කිහිපයක් නොමැත ඇත්තේ එකම මාර්ගයයි.

කාම සුකල්ලිකාම යෝගය සහ අත්තකිල මතානුයෝගය යන අන්ත දෙකම අත්හල යුතු වෙයි.
මධ්‍යම ප්‍රතාපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතු වෙයි.

මෙම මාර්ගය වැඩිම අනුසාරයෙන් දහම් ඇස, ඥාණය, ප්‍රඥා,…ආලෝකය පහල විය.ඒ අනුසාරයෙන් ඔබවද පින් පිණිස දැනුවත් කරමි.

සාමාන්‍යය දුක සහ පංච උපාදානස්කන්ද දුක ලෙස වර්ග දෙකකි.
දුකෙහි හේතුව
හේතුව නැති කිරිම
නැති කිරිමේ මාර්ගය (ආර්ය මාර්ගය)
සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍යය සම්මා දිට්ඨිය වෙයි.
චතුරාර්ය සත්‍යය සම්මා දිට්ඨිය නොමැතිව නිවන් දැකිය නොහැක.
සම්මා සංකප්ප නම් නෙක්කම්ම, අව්‍යයාපාද, අවිහින්සා වැඩිය යුතු වෙයි.
කාමයන්ගෙන් වෙන්ව නිවන්මග වැඩිය යුතු වෙයි.
වාචා, කම්මන්ත සහ ආජිවය වැඩිය යුතු වෙයි.
අකුසල් නම් නිවරණය වන අතර අකුසලයෙන් මිදිය යුතු වෙයි.
සම්මා සති නම් සතර සතිපට්ඨානය වෙයි.
කෙලෙස් නිසා සිත විසර පැවතියි.
මෙය තම අත්දැකිම් ඇසුරෙන් පමනක් ප්‍රකාශ කරනු ලැබෙයි.
සිතිමෙන් තොරව සිදු වන එකම ක්‍රියාව හුස්ම ගැනිම පමනකි.
වැඩකරන සහ කල්පනා කරන පුද්ගලයන් දෙපලෙන් කල්පනා කරන පුද්ගලයා මෙල්ල කර ගැනිම භාවනාව වෙයි.
කෙලෙස් නිසා සිත දහඅතේ දුවයි.
භාවනා නිමිත්තෙහි සිත බැද තබා ගැනිම භාවනාව වෙයි.
ප්‍රභාශ්වර සිත මතු කර ගතයුතුවෙයි.
විදුලි පන්දමෙහි උදාහරණය.
අයාලේ ගිය සිත තුලින් සතර සතිපට්ඨානය දකිිියි.
නිරය ගෙදර බඳුය.
ඇත්ත ඇති සැටියෙන් හෙවත් ත්‍රියක්ෂණය දැකිය යුතු වෙයි.
පංච උපාදානස්ක්දයෙහි අනිතය, දුක සහ අනාත්මය දැකිය යුතු වෙයි.
ගුරු ඇසුරෙන් මෙම මාර්ගය වැඩිය යුතු වෙයි.
සම්මා දිට්ඨියෙහි මුලික හේතුව සත්ධර්ම ශ්‍රවනය සහ යෝනියෝමනසිකාරය හෙවත් නුවණින් කල්පාන කිරිම වෙයි.
ධර්මය නැවත අසිය යුතු වෙයි.
පෙරහැරෙහි ප්උදාහරණය.
වාදයෙන් මෙය කල නොහැකි අතර කිරිම තුලින් අත් දැකිය යුතු වෙයි.
සම්මා දිට්ටිය අතිකර ගැනිමට කැලයට යා යුතු නොවන අතර ගෙදර සිට කර ගත හැකිවෙයි.
කාමය සහ නෙක්කාමය එක වර කර ගත නොහැක.
අල්පේක්ෂ ජිවිතයකට හුරු විය යුතු වෙයි.
කාමයන් මිල අධික වෙයි.
කරුනා සහ මෛත්‍රිය ප්‍රගුණ කර ගත යුතු වෙයි.
මානසික ආශ්වාදය සහ වාසි නිසා අකුසලයන් සිදු කරයි.
සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පද, වාචාද, කම්මන්තය සහ ආජිවය සිදු වෙයි.
අනවශ්‍ය ඉලක්ක වෙත හඹායාම තුලින් සියලු දුක් ඇති වෙයි.
මෙතුලින් පසුබිම සකසා ගතයුතු වෙයි.

නිවන් දකින භාවනාව
ආර්ය මාර්ගය වැඩිමම භාවනාව වෙයි.
චතුරාර්‍යය සත්‍ය අවබෝධය නිවන වෙයි.
සම්මා දිට්ඨිය ඇති කර ගත් පමනටම ශ්‍රධාව ඇතිවෙයි.
බන ඇසිමෙන් සෝවන් වන අතර භාවනා කලයුතු නොවන මතය.
වල්පොල රාහුල හිමියන්ගේ මතය. (ශිල, සමාධි, ප්‍රඥා වශයෙන් බෙදිමෙහි වරද)
පාතග්ජන ස්වභාවයෙහිදිම පංචස්කන්දයෙහි ඇති විම සහ නැති විම දකියි.
ප්‍රථමයෙන් නිවරණ යටපත් කර ගත යුතුවෙයි.
අද සම්මා දිට්ඨිය පිළිබඳව කථා කරයි.
භබයක්වු තමා තුලම ඇති දුකින් මිදිම සිදු කර ගත යුතු වෙයි.
සසර දුක නොදකින, ගෙදර සිට නිවන සොයන පින්වතියට දුන් උපදේශය.( 23.28)
සසර දුක නොදන්නේ නම් නිවන් මග නොවඩන්න.
තමාගේ නුවණෙහි ප්‍රමානයට සසර දුක දකියි.

සටහන :
ඉහත පින්වතිය ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි බදු උපදේශයන් නොලබා ඉහත ආකාරයේ උපදේශයක් ලැබිමෙහි හේතුව කුමක් විය හැකිද?
ප්‍රශ්නය :
උගත් යයි සම්මත මධ්‍යම පන්තික ධර්මය ගවේශනය කරන නමුත් සසර බිය නොදැකිම හේතුවෙන් ගෙදර සිට නිවන සොයන ගිහි පින්වතුන්ලාට ඔබවහන්සේගේ අත්දැකිම් ඇසුරෙයන් දිය හැකි උපදේශය කුමක්ද?
පිළිතුර :
සසර බිය නොමැති නම් බලෙන් සසර බිය ඇති කර ගතයුතු නැති අතර එය බුදු රජාණන් වහන්සේගේ දේශනයද වන අතර කම් සැප විඳගනිමින් මින් වාසය කරන්න. එසේ නොමැතිව සසර බිය දැක ගත්තා නම් එයින් මිදිමට විර්ය කරන්න.
මාගේ අත්දැකිම් ඇසුරෙන් ප්‍රකාශ කරන ලෙස ඉල්ලු බැවින්, මටද සසර බිය නොතිබු අතර බද්‍ර යොව්වනයේ බොහෝ සෙයින් කම්සැප විදින කාලයේ ධර්මය ගවේශනයට යොමුවු අතර මා තුල පැවතුන ධර්මය ගවේශනය කිරිමේ මානසිකත්වය හේතුවෙන්ම (රජ සැපද, යශෝධරාවද, අංතහංපුරයද හැර දමා අවුරුදු 29 දි සිදුහත් කුමාරයා සොයා ගිය විමුක්තිය කුමක්ද යන්තත් අවුරුදු 35 දි ප්පැමින දේශනා කරන ලද ධර්මය කුමක්ද යන්න) යොමුවු අතර සසර බියද, නිවන් දැකිමෙහි උවමනාවද නොතිබිනි.
මෙම මාර්ගයට යමෙකුට පැමිණිම සඳහා සසර බිය දැකිම හෝ ගවේශනාත්මක බුද්ධිය තිබිය යුතුය. සිද්ධාරර්ථ කුමාරයාද සසර බිය නොදැපු අතර එලියෙහි සිට දැක කල්පනා කිරිම තුලින්(ජරා , ව්‍යයාධි , මරණ, රිසිදේ නොලැබිම, නොරිසි දේ ලැබිම ආදි දන්නා දුක) මෙම මාවතට යොමුවිය.
තමාටම මෙබදු දුක් පැමිනෙන ‍තෙක් නොසිට ඔබද කල්පනා කලයුතු වන අතර මෙය සම්මා දිට්ඨිය තුලදි විග්‍රහ වන ආකාරට අනුව මේ දෙය ගැන සිතිමට මැලිකමක් දක්වන හේතුව නම් කාමයන්ගෙන් ලබන අල්පවු ආශ්වාදය වෙත ඇලි දඟලමින් සිටිම වෙයි.
සසර බිය දැකිමට නම් චතුරාර්ය සත්‍යය ධර්මය ඇසිය යුතුවන අතර මෙය බුදු වරයකු විසින්දැකිමෙන් අනතුරුව ප්‍රකාශ කිරිමෙන් පසුව කල්පනා කිරිම යෝනිසෝමනසිකාරය වෙයි.
මෙම දුක ලෝකයෙහි පවතින වෙනස් කල නොහැකි ආර්ය සත්‍යයක් වන අතර අප විසින් කල යුතු වන්නේ මෙම දුකෙන් ගැලවෙන ක්‍රම වේදය අනුගමනය කිරිම වන අතර මෙය ඔබ ලබන ඥාණයක් වෙයි.
මෙම ඥාණය කල්පනා කිරිම තුලින් පමනක් ලැබෙන අකර විශ්වාස කිරිම තුලින් නොලැබෙයි.
ධර්මය අසා නුවණින් කල්පනා කිරිම තුලි්න් සසර බිය දැකිය යුතු වන අතර එම බිය දකින ප්‍රමාණය තමා තුල පවතින කල්පනා කිරිමෙහි ණුවනෙහි ප්‍රමාණයට අනුවම සිදු වෙයි. ඉන්පසු පමනක් දුක නැතිකර ගැනිමට විර්ය කලයුතු වෙයි.
බුදු රජාණන් වහන්සේද කාමයන් සැපයෙන් තොර බව දේ්ශනා කර නොමැති අතර කාමයෙහි සැප ස්වභාවයක් පවතින අතර එම සැපය තාවකාලික , හින , ග්‍රාම්ය, පාතජ්ජනිකය, අනර්ත බවද අනාර්ය වන බවද මෙලෙස හෙලා දැක්ක කාමයන් ගොඩෙහි යමෙකුට විසිම අවශ්‍යය නම් නිවන පැත්තකට දමා වැඩක් බලාගෙන සිටිය යුතු වෙයි. කකුල දෙපැත්තෙහි තබා ගෙන සිටිය යුතු නොවෙයි.
යමෙකු මෙම මාර්ගයට පිළිපන්නහොත් හෙවත් සම්මා දිට්ඨියට පත්වුව හොත් ඉන් අනතුරුව පවතින සංකල්පයන් නෛක්කම්ම , අව්‍යාපාද සහ අවිහින්සා වෙයි.
මෙලෙස ගෙදර සිට කාමයන් විඳින ගමන් නෙක්කම්මය කෙලෙසක ප්‍රගුන කර ගත හැකි වෙයිද, කාමයන් සසර දුකට හේතුව නම් කාමයන්ගෙන් මිදිමෙන් තොරව කෙලෙසක නම් දුකෙන් මිදිය හැකිද. මෙය පුදුමය උපදවන තර්කයක් වෙයි. මෙය කිරිමට අකමැති අය වජිර බුද්ධි කැලයට යන ලෙස යෝජනා කරන ලෙස පවසමින් අපහට චෝදනා කරන අතර ගෙදර සිටම මෙම මාර්ගය වැඩිමටම උත්සුක වෙයි.
බන අසන ගමන් සෝතාපන්න වන අයද, කුඔුරු කොටන ගමන් සෝතාපන්න වන අයුරුද දේශනා කරන අය ජනප්‍රිය වන අතර මෙය බුදුන් නොවදාල අලුත් ක්‍රමයක් වෙයි.
බුදු රජාණන් වහන්සේගේ ක්‍රමය දේශනා කරන වජිර බුද්ධි වැරදි වෙයි. මෙය ඔබ විසින් තිරනය කල යුතු වෙයි.
කාමය සහ නෙක්කම්මය එකට ගමන් නොකරන අතර මෙම භවයෙහි හෝ ඕනැම භවයකදි නිවන් දැකිමට නම් කාමයන් අත්හල යුතු වෙයි.
කාමයන් ගෙන් වෙන්ව අකුසලයන් ගෙන් වෙන්ම ප්‍රථම, දෙවන, ත්‍රිතිය ධ්‍යාන වලට සමවදියි, ධ්‍යනා වලින් තොරව සතිපට්ඨානය වැඩිමක් නොවන අතර සතිපට්ඨානයෙන් තොරව විදර්ශනාවක් නොවන අතර, විදර්ශනාවෙන් තොරව නිවනක් නොමැති වෙයි.
එමනිසා සසර බිය ඇති කර ගැනිමට සත්ධර්මය ශ්‍රවනය කල යුතු වෙයි. සත්ධර්මය ශ්‍රවනය තුලින් සම්මා දිට්ඨිය ඇති කර ගතයුතු වෙයි.
එම නිසා තමාටම සිදුවන තෙක් බලා නොසිට සුදානම් වන්න. එවිට සසර දුක දැකගත හැකි වෙයි. එවිට කාමයන්ගේ හින, අල්ප ආශ්වාදයද දකියි. ඊට වඩා වන සසර බිය ද දැක ගත හැකි වෙයි. ඒයට යෝනිසෝමනසිකාරය උවමනා වෙයි. ඇති කර ගත් සම්මා දිට්ඨියට සමානුපාතවම ශ්‍රද්ධාව වැඩෙයි. ශ්‍රද්ධාව වැඩෙන විට යා යුතු මග තේරෙයි. සසර බිය බලෙන් ඇති කර ගත නොහැකි වන අතර ඒ සඳහා බුදු වරයෙකුගෙන් බන ඇසිය යුතුය.

බන අසා නුවණින් කල්පනා කිරිම තුලින් සසර බිය ඇතිවෙයි. එලෙසද බිය ඇති නොවන්නේ නම් මෙම ගමන නවතා දමන්න. අඩන්නෙ වැලපෙන්නෙ නැත්නම් මොකටද කලබල වන්නෙ!!!

හැබැයි මට අඩන වැලපෙන කාරනයක් නම් නොතිබුනි. මගේ අත්දැකිම් ඇසුරෙන් ප්‍රකාශ කරන ලෙස ඉල්ලු බැවින් ප්‍රකාශකරන අතර මම දහම සොයා ගිය කෙනෙකි. අවුරුදු 2500 කට පසුත් මිනිසුන් කතා කරන ධර්මය කුමක්දැයි සොයා ගියෙමි.

කාමයන්ට වඩා සැප
ප්‍රථම ධ්‍යානය සොයා ගියෙමි. සැපසොයන මම එය නොසොයන්නේ නම් මම මෝඩයකු බව හැගුනි.
කම්සැපයට වඩා සැප ඊලඟ සැපයට යැමට බුද්ධිමත් පුද්ගලයන් කල්පනා කල යුතුවෙයි.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

Home

You might also like
en English
X
X