Temples of Sri Lanka

පන්සිල් අරණෙහි සැරි සරණ ඔබ…

ඔබ තුන්වෙනි ශික්ෂාපදය සමාදන් වූවා නේද… එහි අරුත පහදා දෙන්නම්. වැරදි ලෙස කම්සැප සෙවීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන්වෙමි. එය කාම මිථ්‍යාචාරයයි…

 

කාමය යනු කැමැත්තයි. පංචකාමය යනු ඇස, කණ, දිව, නාසය, ශරීරය යන මේ පසිඳුරන් පිනවීමයි. ගිහියන් වන අපට පස්කම් සැපත ලබා නොගත යුතුයැයි නිර්දේශ කර නැත. බෞද්ධ දර්ශනයට අනුව එය අපාගතවන වරදක් බවත් දඬුවම් ලැබිය යුතු බවට චක්‍රලේඛ මඟින් දැනුම් දීමක් වැනි දෙයක්ද දහම් පොත පතෙහි සඳහන් වීමක් නැත.

 

නමුත් සිහියට ගන්න. ඔබ කුඩා දරුවෙකු, තරුණයෙකු, තරුණියක හෝ මැදිවියේ පසුවන්නෙකු විය හැකිය. කුමන වයසක වුවත් ඇස, කණ, දිව, නාසය, ශරීරය යන පසිඳුරන් ගෙන් අරමුණු ගැනීම නිරතුරුවම සිදුකරමින් සිටි. එසේ වුවත් එය විනයාකූල විය යුතුය. සීමාවන් හා සමාජ සම්මතයන් උල්ලංගනය නොකළ යුතුය. එය එසේනම් කුඩා දරුවෙකු ගැන සිතන්න. ඇසට අරමුණු වන රූප නොසුදුසු හෝ නොගැලපෙන ඒවා නම් එය වරදක් නොවෙද? එසේත් නැත්නම් ඇස පිනවීම සඳහා අසීමිතව ඇබ්බැහිවී තම වගකීම්, යුතුකම්, වත්පිළිවෙත්, වැඩිහිටියන්ට කීකරුවීම්, සුවචබව, සියල්ල ගිලිහියාම සිදුනොවෙද?

 

ඇස, කණ, දිව, නාසය, ශරීරය යන මේ හැම දොරටුවලින්ම අරමුණු ගැනීමේ දී ඉහත සඳහන් කරුනු සාක්සාත් වුවොත් එය මහත් උවදුරක් නොවේද.

 

ඔබ තරුණ වියේද? ඉහත කරුණු එලෙසින්මය. එහෙත් මදක් ඉදිරියට ගියහොත් ඔබ රැකියයුතු කුමර බඹසර, කුමරි බඹසර සුරැකීම කොතරම් සුන්දරද. එසේවන විට ඔබේ ගමන් බිමන්, ඉදුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, කෑම බීම, ආදී හැම දෙයම සංවරශීලි වනු ඇත. එයින් ඔබට ඇතිවන සමාජ ගෞරවය, පැතිරෙන කීර්තිය ඔබේ අනාගතයට ශක්තිමත් පදනමක් වනු ඇත. ඔබේ හෘර්දසාක්ෂියට මහත් ආඩම්භරයක් වනු ඇත.

 

ඔබ විවාහක ගෘහජීවිතයක් ගතකරන කෙනෙක්ද? එසේත් නැත්නම් මැදි වයසේ අයෙක් වත්ද? අවිවාහකව දිවි ගෙවන්නෙක්ද? මැදිවිය ඉක්මවූ වෙක්ද?

 

එසේනම් ඔබටද මේ සිල්පදය ගැන සිත යොමුකිරීමට බොහෝ දේ ඇති නේද? ඔව් පරපුරුෂ සේවනය, පරස්ත්‍රී සේවනය, වැරදි ලෙස කම්සැප සෙවීම නිසා නොයෙක් රෝගාබාධ, දුක් කරදර, හතුරන් ඇතිවීම, වැළැක්විය නොහැකි. එය ඔබ ගැටලු රාශියකට මුහුණ දීමට මඟපාදනු ඇත.

 

ඉතින් අප කළයුත්තේ. ඔබ කළයුත්තේ කුමක්ද? මේ කටුක වදයට හසුනොවී සොඳුරු මිනිස් පදවියට උරුමකම් කීමයි.

 

මින් ලැබෙන ආනිශංස ගැනද දැන ගැනීමට ඔබට උවමනාවක් ඇති.

 

  • සතුරන් නැත්තකු වීම.
  • සියලු දෙනාම ප්‍රිය කරන්නෙකු වීම.
  • ආහාර පාන, ඇඳුම්, ඉඳුම් හිටුම් කිසිදු අඩුපාඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය වන්තයෙකු වීම.
  • සැපසේ නින්දයාම.
  • සුවසේ පිබිදීම.
  • අපාය භය නැත්තෙකු වීම.
  • අභව්‍ය තත්වයකට කිසි කළෙකත් පත් නොවීම.
  • ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම.
  • ඒ ඒ දෙය දෙස පරීක්ෂාවෙන් බලන්නෙකු වීම.
  • කරබාගත් කෙනෙකු නොවීම.
  • සැක බිය නිසා බිම බලාගන නොසිටින්නෙකු වීම.
  • ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹු සැමියන් ලැබීම.
  • පිරිපුන් ඉදුරන් ඇතිවීම.
  • පිරිපුන් ලක්ෂණ ඇති බව.
  • සැක නැති කෙනෙකු වීම.
  • මහන්සි නොවී ධනය ලැබීම.
  • සැප විහරණ ඇත්තෙකු වීම.
  • කුමක් නිසාවත් බිය නොවන්නෙකු වීම.
  • ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම.

 

තෙවන ශික්ෂාපදය සමාදන් විම ඉහත සම්පත් හිමිකර ගැනීමටත් සොඳුරු ජීවිතයක් ගත කරමින් සතුටින් සැහැල්ලුවෙන් සටීමටත් ඔබට මන් පාදයි.

 

තවත් ඔබට කියන්නට බොහෝ දේ ඇත.

 

අභිධර්මාචාර්‍ය ඊ. ඉන්ද්‍රා විජයලතා වෙරළ

Photo by Pensiri Mahasutthikul (Thailand) featuring Devnaka Porage

© Buddhist Brotherhood

 

You might also like
en English
X
X