සංසාරය බියකරුද මෙපමණ
අප සංසාරයේ තණ්හාවන් පොඳි බැඳ ගෙන ඒවා සොයා ඒ පසුපස පිපාසාවෙන් දුවන්නා වු සත්ත්වයෝය.සියල්ල ක්ෂණිකයෙන් වෙනස්ව යන මේ ලෝකයේ ඇත්ත යථාර්ථයට මුහුණ නොඳි නැවත නැවත තෘෂ්ණාව නිසා සසර ගමන් කරයි.
සියල්ල වෙනස් වෙති. සත්ත්වයෝ දුක් වෙති. එසේ වුවද සංසාර චක්‍රය ගෙවා නිම කිරීමට උත්සාහ කරන්නේ ඉතා අල්ප පිරිසකි.
අපගේ සංසාර ගමන මහත් වෙහෙසකර වු බියකරු වු දෙයකි. මිනිසා මෙලොවට උපදින මොහොතේ සිට මරණාන්තය දක්වාම විදිමින් විදවමින් ජිවත් වෙති.
ඉතා සතුටින් සිටින කෙනෙකුට ඒ සතුට නැති වීමට එක තත්ත්පරයකින් පුලුවන. ‘සංසාර ගමනේ අර්ථය එයද? මෙහි අවසානය කුමක්ද? සසර මෙතරම් බියකරු ඇයි?’යනාදි ප්‍රශ්න රාශියක් සසර ගැන සිතන විට අපගේ සිතෙහි නැඟෙයි.
අප උත්සාහ දැරිය යුත්තේ එයින් මිඳීමට වුවත් තෘෂ්ණාව නිසා සත්ත්වයා නැවත නැවත එහිම ඇලෙති.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සංසාර ගමන කෙළවර කරා යන ගමන ලෙහෙසි වුවක් නොවෙති. එයට ටිකෙන් ටික ආශාවෙන් ඇත් විය යුතුය. ඒ යථාර්ථය තේරුම් යන්නේ ඉතා අල්ප පිරිසකටයි. අන් සියලු දෙනා නැවත නැවත ඉපදෙමින් දුකෙහිම ඇලෙති. කොතරම් බණ කිව්වත්, කොතරම් බණ ඇසුවත් රටක සිදුවන දුසිරිත් නැති කළ හැක්කේ සුලු වශයෙනි. එය තමාගේ අවබෝධයෙන්ම ගමන් කළ යුතු උතුම් වු මාර්ගයකි.
සංසාරය බියකරු බව වටහා ගැනීමට, එයින් මිදිය යුතුය යන්න වටහා ගැනීමට ලෙහෙසි පහසු නොවේ. එය තේරුම් ගත් පුද්ගලයා සැනසීම සොයා ගනිති. එහිදි හමු වු බුදුන් වහන්සේගේ මාර්ගය සංසාර ගමනේ නිමාව දක්වා යාමට ඇති හොඳම මඟයි. සසර දුකෙහි ඇලෙමින්, ගැටෙමින් සිටින අප සංසාරයේ බියකරු බව වටහා ගෙන එයින් මිඳිමට සෑම විටම උත්සාහ කරමු.
ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරා ඉරා දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර ශෝභමාන මාවත කවර කෙනෙකුගේ වුවද සිත් තුළ පවතිනු ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහ යතිවරයාණන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහණ වන අරණකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළි කිරීමට අකමැති වූ උන්වහන්සේගේ මුව මඬලින් ගලාගිය අමා සදහම් දියෙන් බිඳක් අප ඔබ සිත් අභිමුව තබමු.
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු අසිරියෙන් මුළු මහත්වූ විශ්ව තලයට කොතෙක් නම් සුන්දරවීද? ඒ ශාන්ත වූත්, ප්‍රනීත වූත්, නිරාමිසවූත්, සොබා සොදුරු බුදු අසිරියෙන් සැනහී ගත්තෝ නම් බඹුන් පමණක් නොවේ. දෙවියන් පමණක් නොවේ. මිනිසුන් පමණක්‌ද නොවේ. තිරශ්චීන සත්ත්වයින් සේම ඒ අමාමෑණියන් වහන්සේගේ බුදු සිරියෙන් හිත්පිත් නැත්තාවූ අෙච්තනිකයෝද සැනහී ගත්තෝය. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහ මඟට බැස සොඳුරු සිරිපතුල් තබා වඩින විට එක හැටියේම ඝන බොල් පොළොව සැරසී නෙක මල් පිපුණේද එහෙයින්මය. එයට හේතු වූයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සංසාර දුක කෙළවර කොට ඒ බියකරු සසර සැඩ පහරින් සදහටම එතෙරවී ගැන්මම නොවේ. එමෙන්ම උන්වහන්සේ සියලු ලොවැසි සත්වයන් කෙරෙහිම පතළ මහා කරුණාවෙන්ද වැඩ විසූ සේක. ප්‍රඥාවෙන් අනන්ත, අප්‍රමාණද වූ සේක. සැකෙවින්ම පවස තොත් උන්වහන්සේගේ ජීවිතය තුළින් කුරාකුහුඹුවෙකුටවත් අබමල් රේණුවක තරම්වත් කිසිම වරදක් සිදුවූයේ නැත. උන්වහන්සෙ රහසින්වත් පව් නොකළ සේක යනුවෙන් විශ්ව සම්මතයක් ගොඩනැගුනේද එනිසාමය.
ඔබ යම් කිසිවක් සිතනවාද? ඒ අනුව ක්‍රියා කරනවාද? එහි හොඳ හෝ නරක ප්‍රතිවිපාකය ඔබ වෙනුවෙන්මය. එහි ප්‍රතිවිපාකය අන්කෙනෙකු නොපැමිණෙන්නේමය. මේ බියකරු සංසාරයෙහි ස්‌වාභාවය එලෙසමය. එහි ඒ විපාක ලැබෙන්නට තරාතිරමක ප්‍රශ්නයක්‌ද නැත. අරහත් භාවයට පැමිණියත් එහි ප්‍රති විපාක තමන් වෙතම පැමිණෙන්නේය.
මේ බියකරු සසර තුළ එයින් එතෙර වීමේ මාර්ගය සත්‍ය වූ ධර්මය තුළින්ම ඔබට වැටහේවා..
සම්මා සම්බුදු සරණයි🙏🙏🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood