Temples of Sri Lanka

සතුට සොයා ගමනක් 

සෑම දෙයකම ඇති අස්ථිර ස්වභාවය පිළිබඳ අදහස, බුද්ධිමය ඥානයකින් පිළිගැනීම සහ එය අව‍බෝධාත්මක ඥානයකින් ප්‍රඥාවට හසුකර ගැනීම අතර ඇති වෙනස අහස පොළොව මෙන්ය.

ආගමික පසුබිම කුමක් වූවත්, සංස්කෘතික පදනම කෙසේ වූවත්, දේවල් වල ස්වභාවය වෙනස් වන බව පිළිගැනීමට මෙලොව වසන කිසිවෙකු මැලිවනු ඇතැයි සිතිය නොහැකිය.

පිග්මිවරු, එස්කිමෝවරු, ආසියාතිකයින්, බටහිර ජාතීන් මේ සියල්ලෝමද, දේවල් වෙනස්  වීමට භාජනය වන බව එකහෙලා පිළිගනිති. වෙනස් වීම පිළිබඳව මතුපිටින් ඇති කර ගන්නා බුද්ධිමය ඥානයට වඩා ගැඹුරින්,  වෙනස් වීම පිළිබඳව හදවත සංඥාණනය කර ගන්නා ආකාරයේ පෙරලියක් මගින් සිදු වන්නේ ඔබ තුළ බලගතු වෙනසක් ඇති වීමය.

මේ තත්ත්වය ඇති වන්නේ පුහුණු වීම තුළින්ය. ඒ, ස්ථිරව නොපවතින දේ ඇසුරෙන් සතුටක් බලාපොරොත්තු වෙමින් අපි කොතෙක් දුරට ඒවාට ඇලී ඇත්දැයි අවබෝධ කර ගැනීමෙන්ය. එහි ඇති වරද නොදුටුවා සේ සිටීමට අපට ඇති කැමැත්තත්, එය දුටුවත් ඒ දුටු දේ නැවත මතක් කර නොගන්නා නිසාත් අපි මෙතැනදී පොට පටලවා ගෙන ඇත්තෙමු. එවැනි ඇලීමක් මට නැතැයි යන හැඟීමෙන්,  සුළුවෙන් හෝ බලාපොරොත්තුවක් කොනක ඉතිරි කර ගැනීමට, යට ගසා ගැනීමට අපි කැමැත්තෙමු. ඒ බලාපොරොත්තුව සම්පූර්ණ වශයෙන්ම අත්හැර දැමීමට අප කිසිසේත්ම සූදානම් නැත.

‘සුෆි’ වත රකින මුණුවරයෙකු වටා ගෙතුනු රසවත් කථා බොහොමයක් ඇත. මුල්ලා නසුරුදීන් පිළිබඳ එක් රසවත් කථාවක් මෙසේය. දිනක්, කඳුළු වගුරුවමින් අත දමාගෙන මල්ලකින් මිරිස් ඇහිඳ කමින් සිටින මුණිවරයාගෙන් ඊට හේතුව විචාල විට ඔවුගේ පිළිතුර වූයේ “කෝ තවමත් නැහැනෙ මට පැණිරස මිරිස් කරලක් අහුවුනේ. මෙහෙම කාගෙන යන කොට කොහොම හරි එකක් ලැබේවි.” අපත් ඒ වගේ නේද? ඔව්! කවද හරි අපටත්
රසවත් මිරිස් කරලක් ලැබේවි.

අප මෙතෙක් විඳ ඇති වෙනස් වන තත්ත්වයන්ට වඩා, වෙනස් නොවෙන තත්ත්වයක් කවද හරි උදාවේවි. තර්කානුකූල පැත්තෙන් මනස “නෑ, ඒක වෙන්න බැරි දෙයක්” බව කියා සිටියත්, මේ හැඟීම් බර මනස ඒ බලාපොරොත්තුව අත්හරින්න දක්වන්නෙ බොහොම මැලි කමක්.
සඳ ඇති රැයක ඔරු පදිමින්, ආදරයෙන් වෙලී ඉන්න තරුණ යුවලක් කියා ගන්නව, “අපි ගත කරන මේ මොහොතෙ සතුට, කවදාවත්ම නැති වෙන්නෙ නෑ. මුළු ජීවිතය පුරාම පවතිනව.” නමුත්, ඔවුන් එහෙම කියා ගෙන, බලාපොරොත්තු වුනත් ඒ සතුට හැමදාම පවතීය කියල, ඔවුන් දන්නව ඒක එහෙම නොවෙන බව. ඇත්තටම හිතල බැලුවොත්, ඒක එහෙම වුනොත් මහ කරදරයක් නේද ඒක? මේ අය හිතා ඉන්නෙ, සතුට කියන එක හැමදාම එක දිගට පවතින දෙයක් වූනොත්, අනේ ඒක මොනතරම් හොඳද කියලයි. නමුත් සතුට ඒ විදියට ලැබෙන්නෙ නැහැ. ලැබෙනවද? ඒ ඔරු පැදීම මුළු ජීවිත කාලය පුරාම පැවතුනොත් කොහොමට හිටීද? ටිකෙන්ටික ඒක එපා වෙනව, ශරීරය වෙහෙසට පත් වෙනව, හිත කලබල කරන හැඟීම් මනස විඩාවට පත් කරනව. ඔබට බැහැ කොයි දේක වූනත් රසය එක දිගටම විඳ ගෙන යන්න. පුළුවන්ද? වෙලාවක් එනව ඒක නීරස වන.

ප්‍රඥාවක් නැති පුද්ගලය, හරියට අර දියේ ගිලෙන්න යන මිනිහ පිදුරු ගහක වූනත් එල්ලෙන්න හදනව වගේ, සදාකාලික සතුට සොයන පුද්ගලයා යන්තම් හරි සතුටක් පේන්න තියෙන සෑම දේකම එල්ලී ගන්නව. නමුත් කිසි දෙයක් හුඟ වෙලාවක් පවතින්නෙ නැහැ, වෙනස් වෙනව. සදාකාලික සතුට පැතීමෙන් වැඩක් නැහැ. දිව්‍යලෝක වලත් සදාකාලිකත්වයක් නැහැ. මල් එකතු කරකර, මල් මාලා වලින් ඔබ සරසමින්, ඔබ වටකර ගෙන ඉන්න දිව්‍යාංගනාවන් පන්සිය ගණනාවත් එක්ක, මුළු ජීවිතයම එකම සම්භාෂනයක් කර ගෙන කල්ප ගණනාවක්ම පුදුම සතුටක් විඳින්න පුළුවනි. ඒ වුනත්, හිටි ගමන් මල් පරවෙන්න පටන් ගන්නව. ඔබේ කාලය ඉවරයි.

බුදු වීමට කලින් මේ දේවල් ගැන බුදුරජාණන් වහන්සේ මෙහෙමයි සඳහන් කරල තියෙන්නෙ: “බුද්ධත්වය ලැබීමට පෙර; ඉපදීම, මහළු වයස, මරණය මා හමුවෙ තිබියදීත් මම සතුට සෙව්වෙ ඉපදීම, මහළු වයස, මරණය උරුම කර ගත්තු දේවල් මතමයි.” ඒ ආකාරයට සතුට සොයා යාම බුද්ධිමත් කෙනෙකුට නුසුදුසු බව, අනර්ථවත් බව උන්වහන්සේ වටහා ගත්ත.

ඉන්අනතුරුවයි, උන්වහන්සේ විමුක්තිය සොයා යාම ආරම්භ කළේ.

ඔබටත් ඊට එක සිතින්ම ආරාධනා….

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X