සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම
සූර්ය කුමරා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වන බවයි🙏
බක් මහ එළඹිලා ටික දවසක් යද්දීම කොහෝ හඬින් ගීතවත් වන නව පරිසරය නැවුම් බවින් ඔද වැඩෙද්දී, ගස්වැල්වල මල් පිපී අලුත් කොළ දලු ලියලලා, රටම වසන්තයට හැඬ ගස්වද්දී, එරබදු ගස් රතට රතේ දිදුලනවා.
ගම් තුලාවේ, නගර දනව්වේ ගෙයක් ගෙයක් පාසා කැවුම් – කොකිස් ලහි ලහියේ තෙල් තාච්චිවල නටනවා.
මුලු මිනිස් සිතම මොකද්දෝ ආහ්ලාදයකින් පිරී යනවා.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම සනිටුහන් කරන්නට සිංහල වගේම දෙමළ ජනයාත් හරිම සතුටින්, සහෝදරත්වයෙන් ඔන්න ලහි ලහියේ ලෑස්ති වෙනවා.
අපි බලමුද කොහොමද අවුරුදු කුමරා පිළිගන්න ජනයා ලෑස්ති වෙන්නෙ කියලා.
නව සඳ බැලීම
අවුරුදු චාරිත්‍රවලින් මුලින්ම තියෙන්නේ නව සඳ බැලීම. සඳ බැලීම ඉෂ්ටාර්ථ සාධනයට හා සම්පත් ලැබීමට හේතුවක් වන බව හින්දු භක්තිකයෝ අදහනවා.
මෙවර මෙම චාරිත්‍රය යෙදිලා තිබුණේ මාර්තු 30 ඉරිදා.
පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම
පරණ අවුරුද්ද හමාර කොට අලුත් අවුරුද්ද සඳහා අලුත්වීමක් මෙම ස්නානය කිරීම නිසා සිදුවන බව බොහෝ අය විශ්වාස කරනවා.
පුණ්‍ය කාලය
පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද අතර ඇති සංක්‍රාන්ති සමය වන නොනගතය ඉතා වැදගත් කාල පරිච්ඡේදයක්. මේ කාලයේ සුබ නැකැත් නැහැ. එමනිසා එය ‘නොනැකතය’ එනම් ‘නැකත් නැත’ ලෙස හඳුන්වනවා. මෙම කාලච්ඡේදයේදී වැඩපළ නොකළ යුතු බව ජ්‍යොතිෂයෙහි සඳහන් වෙනවා.
එමනිසා මෙම කාලයේ පින්කම්වල නිරතවීම උචිත බවද දක්වා තිබෙනවා.
මේ වසරේ පුණ්‍ය කාලය යෙදිලා තිබෙන්නේ
අප්‍රේල් 13 රාත්‍රී 8.57 සිට අප්‍රේල් 14 උදෑසන 9.45 දක්වායි.
අලුත් අවුරුදු උදාව
සූර්යයා මේෂ රාශියට පැමිණීම තමයි අලුත් අවුරුදු උදාව. අප්‍රේල් මස 14 වනදා
උදෑසන 03.21 ට අලුත් අවුරුද්ද උදා වෙනවා.
කිරි ඉතිරවීම සහ ලිපගිනි මෙලවීම
නොනගතයෙන් පසුව මුල්ම නැකත ආරම්භ වන්නේ කිරි ඉතිරවීමේ හා ආහාර පිසීමේ අවස්ථාවෙන්. මෙය පැරණි ‘ගිනි දෙවියා පිදීමේ අවස්ථාවේ නව මුහුණුවරක් ලෙසද අර්ථකථනය කරන්නට පුළුවන්. ළිප් බැඳ ගිනි මොළවා ආහාර පිසීමේ නැකත හරහා, නව වසරේ ආහාර අහේනියක් මතු නොවී නිවෙසට සෞභාග්‍ය උදාවන බවට පැරැන්නෝ විශ්වාස කළා.
මෙවර එම නැකත යෙදිලා තිබෙන්නේ අප්‍රේල් 14
උදෑසන 04.04 ට.
දකුණු දිශාව බලා
තඹ වර්ණය හැඳගෙන එම නැකත ඉටු කරන්නේ නම් බොහෝ සුබ බව දක්වා තිබෙනවා.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය
නැකතට පිසින ලද ආහාර මුළු රටට එකම නැකතකින් අනුභව කිරිමේ චාරිත්‍රය ලොව කිසිදු රටක දක්නට ලැබෙන්නේ නැහැ. ඒ මඟින් පවුලේ සාමය හා රටේ සාමය පිළිබඳව නව සිතුවිලි ඇතිකර ගැනීමට කදිම අවස්ථාවක් උදා වෙනවා.
ආහාර අනුභවයෙන් පසුව ඊළඟට සිදුවන්නේ වැඩ ඇල්ලීම. මෙතුළින් අපේක්ෂා කරන්නේ අවුරුද්දේ සියලු කාර්යයන් සමෘද්ධිමත් වීමයි. එක් එක් අය තම වෘත්තියට ගැළපෙන ආකාරයෙන් තමන්ට අදාළ කටයුතු සුබ මුහුර්තියෙන් ආරම්භ කරනවා.
ගනුදෙනු කිරීමේ චාරිත්‍රය තුළින් අපේක්ෂා කරන්නේ ඉදිරි වර්ෂයේදී මුදල් හදල් අතින් කරදර වලින් තොරව කටයුතු කිරීමට ආශිර්වාදය ලබා ගැනීමයි.
මෙවර මේ චාරිත්‍ර සඳහා නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් 14
උදෑසන 6.44 ට.
දකුණු දිශාව බලා
මුතු හෝ සුදු පැහැය හැඳගෙන චාරිත්‍ර ඉටු කිරීම සුබයි.
හිස තෙල් ගෑම
වැදගත්, පැරණි චාරිත්‍රයක් වන හිස තෙල් ගෑමේ චාරිත්‍රය මඟින් වා, පිත්, සෙම් යන තුන්දොස් සමනය කර දීර්ඝායුෂ ලබා දෙන බව පැරැන්නෝ විශ්වාස කළා.
මෙම නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 16
උදෑසන 9.04 ට.
උතුරු දිශාව බලා
කොළ පැහැය හැඳ හිස තෙල් ගෑම ඉතා සුබයි.
රැකියා සඳහා පිටත්වීම
මෙය සිංහල අවුරුදු නැකත් සීට්ටුවෙහි අවසාන නැකතයි.
අප්‍රේල් 17
උදෑසන 9.03 ට යෙදී ඇති මෙම නැකත
උතුරු දිශාව බලා
රන්වන් පැහැය හැඳගෙන ඉටු කරන්නේ නම් සුබ වෙනවා.
ලක්දිවට පැමිණෙන අවුරුදු කුමරු බුදු දහමෙහි සහ සිංහල සංස්කෘතියෙහි ආභාසයෙන් යුතුව පිළිගනිමින්, එකිනෙකා අතර සමගිදාමයෙන් බැඳෙන සේ කටයුතු ඉටු කරමින්, සහෝදරත්වයෙන් සැමරිය හැකි නම් මේ නව අවුරුද්දෙහි එය රටට සහ ලෝකයට හොඳ පණිවිඩයක් ලබා දෙනු ඇත.
ඔබ සැමට එකසිය විස්සට දෙසීය විස්සක් ආයු වැඩෙන සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!
බෞද්ධ සහෝදරත්ව පදනම