The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 12
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති
ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ
ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ
කිරි නම් ඉක්මනට මිදෙනවා තමයි. නමුත් ඒ විදිහට කෙනෙක් කරපු පාප කර්මය ඉක්මනට විපාක දෙන්නෙ නෑ. අළු යට සැඟවෙලා තියෙන ගිනි පුපුරු වගේ තිබිල, නියම වෙලාවට ඒ පාපී පුද්ගලයාව පුච්චමින් පස්සෙන් ලුහුබඳිනවා.
(වේළුවනයේදී ප්‍රේතයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)