Temples of Sri Lanka

වයස් භේදයකින් තොරව දහමෙහි රැඳෙමු…

කල්පනා කිරීමේ හැකියාව ලොකු පුංචි හැම කෙනෙකුටම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සක්මන් කරගෙන ඉන්න වෙලාවක දවසක් අවුරුදු හතක් වයස චූටි රහතන් වහන්සේ නමක් කුටියෙන් එළියට ඇවිත් බුදුරජාණන් වහන්සේ සක්මන් කරන දිහා බලාගෙන ඉඳලා….බුදුරජාණන් වහන්සේ සක්මන් කරන විදිහටම ගමනේ යෙදෙන්න පටන් ගත්තා .ඒ ඔබ අප කවුරුත් හඳුනන පුංචි සෝපාක රහතන් වහන්සේ .සක්මන් කරලා අවසන් වුණාම බුදුරජාණන් වහන්සේ මනරම් ප්රශ්නයක් ඇහුවා උන්වහන්සේගෙන්…

 

එක කියන්නේ මොකක්ද? කියලා කියන්න කියලා….
මේ පොඩි රහතන් වහන්සේ උත්තර දුන්නා සියලු සත්ත්වයෝම ආහාර නිසයි ජීවත් වෙන්නේ ඒක තමයි එක කියලා .

 

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා හොඳයි එහෙනම් කියන්න බලන්න
දෙක කියන්නේ මොකක්ද?… කියලා
මේ රහතන් වහන්සේ කියනවා දෙක කියන්නේ නාමරූප කියලා.

 

ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් කියන්න බලන්න 3 කියන්නේ මොකක්ද කියලා මේ චූටි රහතන් වහන්සේ පිළිතුරු දෙනවා තුන කියන්නේ සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව කියන වේදනා තුනට කියලා …
පුංචි වුණත් වයස අවුරුදු හතක් වුණත් හිත කොයි තරම් මෝරලා ද කියලා…
අපට පැහැදිලියි…
එනිසා වයස් භේදයකින් තොරව බුද්ධ ශාසනය තුළ අවශ්ය දේ උකහා ගත හැකියි කියන එක.
ධර්මය තේරුම් ගන්න නම් හොඳට මෝරපු කල්පනාවක් තියෙන්න ඕන බොළඳ වෙලා ධර්මය අල්ලා ගන්නට බැහැ .
ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පොඩි රහතන් වහන්සේගෙන් අහනවා හතර කියන්නේ මොකක්ද ?…කියලා
උන්වහන්සේ පිළිතුරු දෙනවා හතර කියන්නේ චතුරාර්ය සත්යයට කියලා.

 

බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් බලන්න පහ කියන්නේ මොකක්ද..? කියලා
රහතන් වහන්සේ පිළිතුරු දෙන මා පංච උපාදානස්ඛන්ධයට කියලා …
බුදුරජාණන් වහන්සේගේ හය කියන්නේ කුමක් ද යන ප්රශ්නයට මේ පොඩි රහතන් වහන්සේ පිළිතුරු දෙනවා හය කියන්නේ මේ ඇස කණ නාසය දිව කය මනස කියන ආයතන පහට කියලා .
ඊළඟට 7 කියන්නේ මොකක්ද කියලා අහන ප්රශ්නෙට පුංචි සෝපාක රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා සප්ත බොජ්ඣංග වලට කියලා කියලා කියන්නේ මොකක්ද කියන ප්රශ්නෙට උන්වහන්සේ පිළිතුරු දෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා
9 කියන්නේ මොකටද කියල ඇහැව්වාම 9 කියන්නේ සත්ත්වයින් උපදින සත්ත්වයින් ගේ වාසස්ථාන නවයක් වන නව සත්තාවාස වලට කියලා පිළිතුරු පිළිතුරු දෙනවා .

 

ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ප්රශ්නය වූයේ 10 කියන්නේ මොකක්ද කියන එක මේ චූටි සෝපාක රහතන් වහන්සේ පිළිතුරු දෙන්නේ 10 කියන්නේ අංග 10 කින් යුක්ත රහතන් වහන්සේට කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා ඉතාමත් හොඳයි මේ ප්රශ්න 10ටම පිළිතුරු දුන්නා ඒ පිළිතුරු හරියටම හරි. අන්න ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළා උපසම්පදා තත්ත්වයේ උන්වහන්සේ ඉන්නා බව.
හේතුවත් එක්ක කල්පනා කරනකොට පුංචි වුණත් කොයිතරම් මෝරපු කල්පනාවක් උන්වහන්සේ සතු උනාද කියන එක අපට පැහැදිලියි.
එනිසා වයස් භේදයකින් තොරව ධර්මය තුළ ජීවත් වෙන්න හැසිරෙන්න ඉගෙන ගන්නට ඕන .
කෙනෙකුගේ ධර්මය අවබෝධය කියන එක වයසකත් එක්ක ලැබෙන දෙයක් නොවේ.
මෝරපු කල්පනාවක් එක්කයි ධර්මාවබෝධය කරා යන්නේ. මෝරපු කල්පනාවක් තියෙනවා නම් වයස් භේදයකින් තොරව අවබෝධ කරගන්නට සියල්ල පුළුවන් .කල්පනාවක් නැත්නම් කොච්චර කිව්වත් ඒ දහම් කරුණු අවබෝධ වෙන්නේ නැහැ .
යථාර්ථය අවබෝධ වෙන විදිහට ගැඹුරින් හිතන්න පුළුවන් වුනොත් මේ ජීවිතය තුළදී ම චතුරාර්ය සත්යය අවබෝධ කරගෙන ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන්නට අපට පුළුවන්.

 

මේ ඇස කණ නාසය දිව කය මනස කියන ආයතන හයට නොබැඳී ජීවත් වෙන්නට නම් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ .මේ සියල්ල අනිත්යයි දුකයි කියලා තේරුම් ගන්න ගන්නට අවශ්යයි. මේදුක සහිත දේ තමාගේ වසඟයේ පවත්වන්න බැහැ කියලා තේරුම් ගැනීම අවශ්යයි. අවබෝධයකින් යුතුව යථාභූත ඥානයක් ඇතිව ඉන්න කෙනා තමයි බැඳීමකින් තොරව ජීවත් වන්නේ .මේ සත්යය අවබෝධ කරගෙන සත්ය සනිටුහන් කරගෙන නොබැඳි ඉන්න උත්සාහ කරන පුද්ගලයා මේ ගැන අවබෝධයෙන් ගොඩනඟා ගන්නවා .එයා ජීවත් වෙන්නෙත් මේවත් එක්ක එකතු වෙච්ච සිතින්මයි .

 

අද කාලේ මරණයට කිට්ටු වෙන බොහෝ පුද්ගලයින්ටත් ධර්මය අහන්න වාසනාවක් නැහැ.
මේ හේතුව නිසාම අපට පුළුවන් කමක් තියෙන්න ඕන ඒ අයට ධර්මය කියලා දීලා ධර්මය තුළ සිහිය පිහිටුවන්න.
නමුත් වර්තමානයේ මැරෙන බොහෝ දෙනෙකුට ධර්මය අහන්න වාසනාවක් නෑ. සුගතියක හිත පිහිටුවාගන්න වාසනාවක් නෑ. එයාව එක්කරගෙන ගිහිල්ලා කාත් කවුරුත් නැති රෝහලකට දාලා ඊට පස්සෙ හතර වටෙන්ම කතා මැද්දේ මරණයට පත් වෙනවා.
මරණාසන්න වෙච්ච පුද්ගලයාට ධර්මය කියලා දීලා හිත සනසලා සුගතියක හිත පිහිටුවන්න උත්සහ කරන්නේ නැහැ.ඒක අපි අතර පවතින බොහෝ වරදක් .

 

මේ ක්රමය හැදිලා තියෙන්නේ පුද්ගලයකුගේ අධ්යාත්මික ජීවිතය සුවපත් කරන්න උත්සාහ කරන විදිහට නෙමෙයි. හැම තිස්සේම බලන්නේ මොකක් හරි වෙච්ච ගමන් ඉස්පිරිතාලෙට දුවන්න.
අපි දන්නවා සමහරුන් හොඳ කරන්න අමාරුයි කියලා . රෝහලට ගියා කියලා ලෙඩේ සනීප වෙන්නේ නැහැ කියලා. එහෙම වුණාම ඒ අයට ධර්මය කියලා දීලා සුගතියක හිත පිහිටුවන්න එයාගේ පරලොව ජීවිතේට ආරක්ෂාවක් සපයන්න උත්සාහ ගන්න බවක් පේන්නේ නෑ.

 

කළ යුතුම දෙය අත් හැරිලා ගිහිල්ලා. මේ නිසා ලොකු පොඩි බේදයකින් තොරව ධර්මයේ පිහිටුවීම තුළ අපේ ජීවිතයට සාක්ෂාත් කරගත හැකි ඉරණම වෙනස් කිරීමට අපට හැකියාව තියෙනවා.
එ නිසා අවශ්යම දෙය තෝරා ගැනීම අප සතු වගකීමක් සහ බුද්ධිය මෙහෙයවා කටයුතු කරන අවස්ථාවක මග පහදා ගැනීමක් …

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X