අපේ යුතුකම් ඉටු කරමු …….
අපේ පැවැත්ම සඳහා සමාජයෙන් යුතුකම් කොටසක් ඉටු විය යුතුයි. සමාජයක පැවැත්ම සඳහාත් අපෙන් යුතුකම් කොටසක් ඉටු විය යුතුයි.
බුදු දහම ඉන් අප සතු යුතුකම් කවරේදැයි මනා ලෙස පැහැදිලි කර දෙයි වර්තමාන සමාජයේ අයිතිවාසිකම් වරප්රසාද බලාපොරොත්තු වන නමුත් තම යුතුකම් කොටස ඉටු කිරීමට මිනිසා මැලි වෙමින් ඇත.
මේ නිසාම සමාජ අරගල ඇති වීමෙන් කරදර පීඩනය හා අසහනය සමාජය තුළ ශීඝ්රයෙන් පැතිරෙනවා. ඒ නිසාම ගොඩනැගෙන වෛරය අවිශ්වාසය පළිගැනීම හා ලේ වැගිරීම නිසා යුද්ධ පවා ඇතිවීමට මේවා හේතු වෙනවා. මේ නිසා බුදු බුදුදහම පුද්ගලයාගේ ත් සමාජයේත් දියුණුව පතා යහපත් සමාජයක් බිහිවීමට අවශ්ය උපදෙස් ලබා දෙනවා.
දානය නම් දීමයි.අනුග්රහයක් ලෙස හෝ පූජාවක් ලෙස දානය දීමට පුළුවන්. තෑගි වශයෙන් පරිත්යාග වශයෙන් ලබාදීම අනුග්රහ දීමනාවක් පූජාවක් ලෙස පින් පිණිස ලබා දෙන දානය මේ නමින් හඳුන්වනවා. රාජ පාලකයකු ජනතාවට අවශ්ය පහසුකම් සපයා දිය යුතු යි. සමාජය පැවැත්මට සෑම පුද්ගලයකු ම දාන වශයෙන් යමක් පරිත්යාග කළ යුතු යි. නොඑසේ නම් සමාජයේ පැවැත්ම බිඳවැටෙනවා සමාජ සම්බන්ධතාවයටත් වඩා අර්ථවත් වීමට සමාජ කොටස් එකමුතු කිරීමට ප්රිය වචනය අවශ්ය වෙනවා ප්රිය වචනය ඇසීමට සමාජය සියලුම දෙනා කැමති ආර්ථික කටයුතු යහපත් කටයුතු දියුනුවට හේතුවන කරුණු මින් අදහස් වෙනවා.
එසේමයි ගරුත්වයෙන් යුතුව අනුන්ට සැලකීම සමානාත්මතාව විදිහට හඳුන්වන්නට පුළුවන්. ධනය කුලය බලය ඉස්මතු කිරීම වෙනස්කම් කිරීම සමාජයේ පැවැත්මට බාධා කරනවා සමානාත්මතාවයෙන් යුතුව සමාජය කටයුතු කිරීම කාගේත් යුතුකමක් ඒ කාගේත් සතුටට හේතුවක් වෙනවා
බුදුන් වහන්සේ විසින් හඳුන්වා දුන් තවත් දෙයක් තමයි දැහැමි ලෙස ධනය රැස්කර ගත් පසු වුවත් තනිව භුක්ති විඳීම ඔහුගේ පරිහානියට හේතුවන බව ධනය පරිභෝජනය කිරීමේදී සමාජයේ අනෙකුත් අය පිළිබඳව විමසා බැලිය යුතුය. ඒ අනුව තමා විසින් උපයන ලද ධනය තමාගේ යුතුකම් හා සමාජයේ යුතුකම් ලෙස වැය කළ යුතු අංශ 5ක් ගැන බුදුරජාණන් වහන්සේ තම දහමෙන් ඉගැන්වූවා.
එක් අංශයකින් සඳහන් කළා ආගන්තුකයින්ට කරන සංග්රහ ලෙස යමෙකු බලාපොරොත්තුවෙන් හෝ එසේ නොමැතිව තමාගේ සුහදත්වය මත අමුත්තෝ ගෙදරට පැමිණෙන විට සමහර විට දින කිහිපයකින් නතරව සිට ඔවුන්ගේ සිතට සංග්රහ කිරීම සුහදශීලිව ක්රියාකරන මේ අංශය අතිති බලි යනුවෙන් හඳුන්වනු ලබනවා.
නෑයන්ට සංග්රහ කිරීම මංගල කරුණක් ලෙස බුදුරජාණන් වහන්සේ මංගල සූත්රයේදී දේශනා කරලා තියනවා නෑදෑයින් නොමැතිව ජීවත්වීම අසීරු කාරණාවක් ධනවත් වූ පසු අමතක කරන්නෝ ද සිටිනවා.
මව් හා පිය පාර්ශ්වයෙන් ඥාති සම්බන්ධය තහවුරු වන්නේ තම යුතුකම් ඉටු කිරීම තුළින් බුදුරජාණන් වහන්සේ පවා නෑයන්ට සැලකීම අමතක කලේ නැහැ තම රජ පවුලේ සියලු දෙනාටම විමුක්ති සුවය සළසා දීම පිණිස බුදු වී කිඹුල්වත් නුවරට වැඩි ගමනින් ම මේ බව පැහැදිලි වුණා බුදුන් වහන්සේ වරෙක කිඹුල්වතින් හමන සුලඟත් සැපයි යැයි පැවසුවේ තම නෑදෑයින් සිහිපත් කරමින්.
මෙම යුතුකම ඥාති බලි ලෙස හඳුන්වනවා.
මියගිය නෑදෑ හිත මිතුරන් හා ඇසුරු කලවුන් වෙනුවෙන් පිංපෙත් පැමිණවීම පුබ්බපේත බලි ලෙස හඳුන්වනවා.
පුද්ගලයකු යම් පවුලක උපත ලබා සිටි නම් කඩා හැළෙන වර්ෂාවක් මෙන් නෑදෑයන්ට යහපත උදාවන බව බුදු දහමේ පිලිගන්නවා මියගිය පුද්ගලයින්ට පෙන්වීම බෞද්ධයාගේ යුතුකමක් ඉදම්මේ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ.
මා විසින් කරන ලද මේ පින් අපගේ මියපරලොව සිටින සියලුම ඥාතීන්ට ලැබේවා ඒ පින් බලයෙන් ඒ නෑදෑයො සැපතට පැමිණේවා යැයි මෙයින් අදහස් වෙනවා. කර්මය හා පුනර්භවය පිළිගන්නා බෞද්ධයන් මියගිය අය වෙනුවෙන් පින් දහම් කර පින් අනුමෝදනා කරන්නේ කෘතගුණ පළ කිරීමක් ලෙසයි.
විදුලිය ජලය දුරකතන ජනමාධ්ය සේවා වාහන කර්මාන්තශාලා විවිධ සේවා ප්රයෝජනයට ගැනීමේ අවසරය රජයෙන් ලබාගෙන ඒ සඳහා ගෙවිය යුතු නියමිත මුදල් ගෙවීම අප සතු යුතුකමක් .
දෙවියන් වෙනුවෙන් කෙරෙන පුද පූජා සඳහා තම දායකත්වය ලබා දීම දේවතා දේවතා බලි ලෙස හඳුන්වනවා මිනිසුන් අතර විවිධ විවිධ දේව විශ්වාස පවතිනවා නිර්මාණවාදී දේව සංකල්පය බුදුසමය බැහැර කරනවා එහෙත් දේව නමින් යම් සත්ත්ව කොට්ඨාසයක් සිටිය බව බුදුදහමේ පිලිගන්නවා රතන සූත්රය ආරම්භයේ ද දේවතාවන් වෙනුවෙන් කෙරෙන පූජා ගැන සඳහන් වෙනවා. එසේම බුදුන් වහන්සේ විසින් මංගල සූත්ර දේශනා කරන ලද්දේ ද දේවතාවකු ගේ පැනයට පිළිතුරක් ලෙසයි මේ අනුව දහමින් දෙවියන් සඳහා පින් දීම ආදිය පිළිගන්නා කරුණක්.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood