ධර්මයේ පිහිට ඔබම අත් විඳින්න…
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකින්නේය
මේ වැකියේ සැඟවුණු අදහස කෙටියෙන් නමුත් පෙන්වා දීම සුදුසුය.
දහම් වැකියක් වන “ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකියි” යනුවෙන් පෙන්වා දී තිබෙන ධර්ම කොටස බොහෝ දෙනෙක් අදහස් ගෙන සිටින්නේ බාහිර වූත් භෞතික වූත් රැකවරණයක් සම්බන්ධවයි. එය නිසි ලෙසින් තෝරාගැනීම නිවීම පිණිස මෙන්ම ධර්මයෙන් ලැබෙන්නා වූ නිසි රැකවරණය තෝරාගැනීමටත් වැදගත් වෙනවා.
පසුගිය කතුවැකියකදීත් ධර්මය තුලින් ලැබෙන ආරක්ෂාවක් රැකවරණයක් ගැන විග්රහ කරගන්නට යෙදුනා ඔබට මතක ඇති. ඉතින් මේ වැකිය තුලත් ගැබ්වෙන ඒ උත්තරීතර ගැඹුරු අර්ථයන් මතු කරගැනීම වැදගත් වෙනවා.
ධර්මයේ හැසිරෙන පුද්ගලයාට සොර සතුරු කරදර හෝ වේවා මාර්ග අනතුරු හෝ වේවා ලෙඩ දුක් හෝ වේවා අකල් මරණ හෝ වේවා වෙනත් බාහිර වූත් කරදර නොපැමිණෙන ආකාරයට තමයි බොහෝ දෙනෙක් මේ අදහස තෝරාගෙන සිටින්නේ. මේ නොගැලපෙන වැටහීම නිසාම බොහෝ අවස්ථාවල අන්‍ය ආගමික පිරිස් වලින් පවා අපහාස උපහාසයට ලක්වන අවස්ථාවන්ද දක්නට ලැබෙනවා.
එපමණක් නොවේ මෙවැනි අදහස් ගෙන ධර්ම කටයුතු කරගෙන යන්නාවූ යමෙක් වේ නම් තමන්ට එවන් වූ අනතුරකට හෝ අසහනකාරී අවස්ථාවකට පත්වූ විට ධර්මය බොරු… කෝ කොච්චර කලත් මෙයින් ලැබෙන දෙයක් නෑනේ… මේ ධර්මය ඇසුරු කරලා වැඩක් නෑ… වගේ අදහස් ගෙන අන්‍යවූ ආගමක් දහමක් සොයා පිහිට රැකවරණය බලාපොරොත්තුවන අවස්ථාවන් පවා දක්නට තියෙනවා.
මුලින්ම “ධර්මයේ හැසිරීම” කුමක්දැයි තෝරාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබ සිතනවා නම් ධර්මයේ හැසිරීම ලෙසින් පවසන්නේ හුදෙක් පන්සල් යෑම, බෝධි පූජා පැවැත්වීම, මල් පහන් සුවඳ දුම් පූජා කිරීම, සිල් සමාදන් වීම ආදී දෑ ලෙසින් නම් මේ වදන තුල සැඟව ගිය ඒ ගැඹුරු අර්ථය තෝරාගැනීමට ඔබට මඳක් අපහසුවේවි.
“ධර්මයේ හැසිරීම” යනු හුදෙක් ඉහත කී වත් පිළිවෙත් තුල ක්‍රියාත්මක වීමක් නම් නෙවේ. ඒ දේ තුල ක්‍රියාත්මක වෙමින් තමන් විසින් “ධර්මයේ හැසිරෙනවාය” කියලා අදහස් ගෙන තිබෙනවා නම් වහ වහා ඔබ විසින් තම තමන්ගේ වැරදි වැටහීම ඉවත් කරගැනීමට කටයුතු කල යුතුම වෙනවා. එසේ නොවුනොත් අවාසිය පාඩුව ඔබටමයි.
කෙටියෙන් පවසනවා නම් “ධර්මයේ හැසිරීම” යනු ලෝකෝත්තර ආර්ය මාර්ගයට පත්වීම සහ ඒ තුල ක්‍රියාත්මක වීමයි. තවත් ආකාරයකට කියනවා නම් සෝතාපන්න ඵලයට පත්වූ තැන් පටන්ගෙන නිවන පූර්ණය කරගැනීම දක්වාම වූ වැඩපිලිවෙලයි. ඇයි මේ එහෙම කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. මෙහෙම තෝරාගන්නකෝ…
ධර්මයේ හැසිරෙන්න නම් හැසිරිය යුතු ධර්මය කුමක්දැයි තෝරාගත යුතු වෙනවා එහෙම නේද? ධර්මය නම් හේතු ඵල දහම් සිද්ධාන්තය තෝරාගැනීම සහ ඒ අනුව කටයුතු කරගැනීමයි. ඉතින් ඒ ධර්මය හෙවත් හේතු ඵල දහම් සිද්ධාන්තය යමෙකුට අවබෝධ වීමම තමයි සෝතාපන්න ඵලයට පත්වීම හෙවත් පළමුවෙන්ම ලෝකෝත්තර ආර්ය මාර්ගයට පත්වීම ලෙසින් ධර්මය තුල පෙන්වා දෙන්නේ.
තවත් ආකාරයකින් කියනවා නම් අන්තයන්ගෙන් මිදුණු මධ්‍යම ප්‍රතිපදාව තුල කටයුතු කරන්නට පටන්ගන්නේ සෝතාපන්න ඵලයට පත්වූ තැන් පටන්ගෙනයි. ඔන්න දැන් ඒ පුද්ගලයාට ධර්මය කුමක්දැයි වැටහෙනවා. ධර්මය කුමක්දැයි දැන ඒ තුල හැසිරෙනවා. දැන් ධර්මයේ හැසිරෙන පුද්ගලයාට ධර්මයේ රැකවරණය ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ? භෞතිකවූත් බාහිරවූත් රැකවරණයක් ගැනද මේ පෙන්වා දෙන්නේ? එහෙම දෙයක් නම් නොවේ…
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරන බව අවධානයට ගත යුතු බුදු වදනකි. ‘‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’’ – මෙවැනි පණිවුඩයක වැදගත්කම ගිහි පැවිදි දෙපිරිසටමය. ගෞතම බුදු රජාණන්වහන්සේ දේශනා කළ පරිදි ‘‘විනයෝ නාම සාසනස්ස ආයු’’ එනම් භික්ෂු විනය ශාසනයේ ආයුෂය බව දැක්විය යුතුය.
නිර්වාණය අවබෝධ කරගැනීම සාසනයට ඇතුළු වන සංඝයාවහන්සේලා ගේ ඒකායන අරමුණයි. ගිහියෝ පන්සිල් රකිති. චතු පාරිශුද්ධි ශීලය හෙවත් කෝටියක් සංවරශීලය භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරගත යුතුය. භික්ෂුභාවය ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ දර්ශනයට සෘජුවම සමීපය. එය බැදීම් හා වගකීම් වලින් ගැලවී සත්‍යාවබෝධය ඇතිකරගැනීමට තබන පියවරකි. සෝවාන්, සකෘදාගාමි, අනාගාමී සහ මහරහත් ව නිවන අවබෝධ කරගත හැකි බව බුද්ධ දේශනාවයි. සසුන් ගතවන සංඝරත්නය අනුගමනය කළ යුතු කි‍්‍රයාමාර්ග තිබේ. ත්‍රිපිටකයේ සදහන් වන කරුණු ගවේශනය කළහොත් භික්ෂු ජීවිතය ගැන අවබෝධයක් ලබා ගත හැකිය.
භික්ෂුන් වහන්සේලා තම භික්ෂුත්වය රැකගනිමින් රට ජාතිය ආරක්ෂා කිරීමට කැපවෙති. සංසාරයෙන් එතෙරවීම අරමුණු කරගෙන සාසනයට ඇතුළු වන සංඝරත්නය අතරින් ඇතැම් භික්ෂූන්වහන්සේලා පිරිසක් තම මූලික අරමුණ පසෙක ලා රට ජාතිය ආරක්ෂා කිරීමේ වගකීම භාරගෙන තිබීම විවාදාත්මකය.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood