කුමක්ද මේ…සම සතලිස් කර්මස්ථාන ?
බුදු දහම මුලික ලෙස භාවනා වර්ග දෙකක් ගෙන හැර දක්වයි. එනම් සමථ භාවනා හා විදර්ශනා භාවනා වශයෙනි. සරල වශයෙන් අර්ථය පහදතොත් සමථ භාවනාවෙන් කරණුයේ තැන් තැන් වල විසිරි (වික්ෂිප්තවී) අරමුනෙන් අරමුනට පැන යන සිත සන්සුන් කිරිමයි. එක අරමුනකට ගෙනවිත් ශාන්ත කිරිමයි.
මෙම භාවනා දියුනු තියුනු තත්වයට පත් කිරිම මගින් ධ්‍යාන වැනි තත්වයන්ට සිත පත්කල හැකියි. තවත් දියුණු කිරිමෙන් අභිඥා ආදිය ලැබිය හැකියි. මෙම සමථ භාවනා කමටහන් 40 ක් බුදුදහම තුල බුදුපියාණන් විසින් විස්තර කොට ඇත. කමටහන් ලබා දෙන පුද්ගලයා විසින් එම උපදෙස ලබා ගන්නා පුද්ගලයාගේ පුද්ගල චරිතය සයාකාරය අනුව ලබා දේ. එනම් රාග චරිතය, ද්වේෂ චරිතය, මෝහ චරිතය, ශ්‍රද්ධා චරිතය, බුද්ධි චරිතය, විතර්ක චරිතය යනාදිය අනුවයි.
කමටහන් (භාවනා අරමුණු අනුව)
කසිණ භාවනා (10)
1. පථවි කසිණ භාවනාව (පෘථිවිය අරමුණට ගැනිම)
2. අපෝ කසිණ භාවනාව (ජලය අරමුණට ගැනිම)
3. තේජෝ කසිණ භාවනාව (ගින්න අරමුණට ගැනිම)
4. වායෝ කසිණ භාවනාව (වායුව අරමුණට ගැනිම)
5. නිල කසිණ භාවනාව (නිල් පැහැය අරමුණට ගැනිම)
6. පිත කසිණ භාවනාව (කහ පැහැය අරමුණට ගැනිම)
7. ලෝහිත කසිණ භාවනාව (රතු පැහැය අරමුණට ගැනිම)
8. ඔදාත කසිණ භාවනාව (සුදු පැහැය අරමුණට ගැනිම)
9. ආලොක කසිණ භාවනාව (ආලොක්ය අරමුණට ගැනිම)
10. ආකාස කසිණ භාවනාව (අවකාශය අරමුණට ගැනිම)
අසුභ භාවනා (10)
11. උද්ධුමාතක භාවනාව (ඉදිමි ගිය මළ සිරුර පිළිබද කමටහන)
12. විනීලක භාවනාව (ඉදිමි නිල් පැහැ ගැනුන මළ සිරුර පිළිබද කමටහන)
13. විපුබිබක භාවනාව (සැරව වැගිරෙන මළ සිරුර)
14. විචිඡිද්දක භාවනාව (සිදුරුවි ගිය මළ සිරුර)
15. වික්කායිතක භාවනාව (සතුන් විසින් කඩා කෑ මල සිරුර)
16. වික්ඛිත්තක භාවනාව (සතුන් විසින් ඇද විසිරැණ මළ සිරුර)
17. හතවික්කිත්තක භාවනාව (කැබලි කැබලි තැන තැන විසිරි ගිය මල සිරුර)
18. ලොහිතක භාවනාව (ලේ සැරව වැගිරෙන මළ සිරුර)
19. පුලවක භාවනාව (පනුවන් වැසු මළ සිරුර)
20. අටිඨික භාවනාව (ඇටසැකිල්ල පමණක් ඉතිරිවු මල සිරුර)
අනුස්සති භාවනා (10)
21. බුද්ධානුස්සති භාවනාව (බුදු ගුණ අරමුණු කිරිම)
22. ධමිමානුස්සති භාවනාව (දහම් ගුණ අරමුණු කිරිම)
23. සංඝානුස්සති භාවනාව (සංඝයාගේ ගුණ අරමුණු කිරිම)
24 සීලානුස්සති භාවනාව (තමා රැකි සීලයේ ගුණ අරමුණු කිරිම)
25. චාගානුස්සති භාවනාව (තමා දුන් ත්‍යාගයේ (දානයේ) ගුණ ආනිසංශ අරමුණු කිරිම)
26. දේවතානුස්සති භාවනාව (දෙවියන් දෙවි බව ලැබිමට ඔවුන් කල යහ ගුණ අරමුණු කිරිම)
27. උපසමානුස්සති භාවනාව (නිවනෙන් සියලු දුක් කෙලවර වන බව අරමුණු කිරිම)
28. මරනානුස්සති භාවනාව (මරණය පිළිබදව අරමුණු කිරිම)
29. කායගතාසති භාවනාව (ශරිරයේ දෙතිස් කුනුප සිහිකිරිම) (පිළිකුල් භාවනාව)
30. ආනාපානසති භාවනාව (ආශ්වාස ප්‍රශ්වාසය අරමුණු කිරිම)
බ්‍රහ්මවිහාර භාවනා (04)
31. මෙත්තා භාවනාව (සත්වයන් හට මෙත් පැතිරවිම)
32. කරුණා භාවනාව (දුකට පත්වු සත්වයන් කෙරෙහි කම්පා වන ස්වභාවය)
33. මුදිතා භාවනාව (සතුටට පත් සත්වයින් දැක සතුටු විමේ ස්වභාවය)
34. කිර උපෙක්ඛා භාවනාව (දුක්-සැප දෙකෙහි මධ්‍යස්ථ ස්වබාවය මෙනෙහි කිරිම)
ආරැප්ප භාවනා (04)
35. ආකාසානඤ්චායතන භාවනාව (ආකාශය අන්ත යැයි අරමණු කිරිම)
36. විඤ්ඤාණඤ්චායතන භාවනාව (විඤ්ඤානය අරමුනු කිරිම)
37. ආකිඤ්චඤ්ඤායතන භාවනාව (කිසිවක් නැතැයි අරමුණු කිරිම)
38. නේවසඤ්ඤානාසඤ්ඤායතන භාවනාව (සංඤාවක් ඇති නැති බව අරමුණු කිරිම)
ආහාරයේ ප්‍රතිකූල සංඥාව (01)
39. අප ශරිරය පෝෂනය සදහා ගන්නා කැබලිකාර වු ආහාරයේ පිළිකුල් බව මෙනෙහි කිරිම
චතුධාතු වවත්ථානය (01)
40. ජිවි වුත් ආජෛව වුත් සියල්ල පථවි, අපෝ, තේජෝ, වායු, ආකාශ යන කොටස් වලට බෙද බෙදා බැලිමයි.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood